23/12/2021
❤️
හමුදාවේ කොල්ලෙක් ගෙ පෙම්වතිය කියන්නේ
ඒ ආදරේ වෙනමම එකක්..
ඔව් ඒක පිස්සුවක්..
නිකමට හිතිලා තියෙනවා ද
ඒ ඉවසීම, කැපකිරීම, දරාගැනීම, බලාහිඳීම ගැන
ඔව් ඒක අනන්තයක්..
හිතෙන වෙලාවට කතා කරන්න නෑ, මූණ දකින්න නෑ..
නිවාඩුවක් එන්නෙත් මාස ගානකින්..
සමහර වෙලාවට එහෙම ඉඳලත් මුණ දකින්නෙ
අවුරුද්දට ම හතර පස් වතාවයි..
වෙන කෙල්ලෝ කොල්ලෝ අත් අල්ලන් යනවා දකිද්දී,
සතියක් ගානේ තමන්ගේ කොල්ලව හම්බෙන හැටි කියවද්දි..
අවුරුද්දකින් හරි මූණ දකිනකම් සෙබළ පෙම්වතියකගෙ ඉවසීම නම් පුදුමයි..
කෝල් එකක් ගත්තොත් විනාඩි දහයක් සර්ලා එක්ක
තව විනාඩි දහයක් යාළුවෝ එක්ක
ඉතුරු වෙලාවෙනුත් ටිකක් තමයි කතාවට ලැබෙන්නේ..
නිදියන්න පුළුවන් කම තියෙද්දිත්
උදේම නැගිටලා කොල්ලව ඇහැරවන හැටි..
දවල්ට කෑමට එන වෙලාව මතක තියන් මොන තරම් බඩගිනි උනත් එයා ඇවිත් යනකම් නොකා ඉන්න හැටි...
කතා කරන්න රූම් එකට එනකම් බලාගෙන ඉන්න හැටි..
ආවත් මැණික වොෂ් කරලා ගන්නම්..
කිට් එක අයන් කරලා ගන්නම්..
සපත්තු පොලිෂ් කරලා ගන්නම්..
කාලා ගන්නම් කියද්දී සද්දෙ නැතිවම හා කියන හැටි..
එහෙම පෙරුම් පුරලා ගන්න කෝල් එකෙත් විනාඩි දහයෙන් ඇස් පිය වෙද්දී දුකට පුංචි නෝක්කාඩුවක් කියවලා සද්දෙ නැතිව ඉන්න හැටි..
මැණික 2 ට ඩියුටි 1.30 ට ඇහැරවන්න කීවාම නින්ද යයි කියලා බයට 1.15 ඉඳන් එලාම් තියන් ඇහැරෙන හැටි..
මහ රෑ කීයට වැඩ ඉවර උනත් ඒ වෙනකම් ඇහැරන් ඉන්න හැටි..
නිවාඩු ඉවර වෙලා යන්න කලින් දවසේ රෑ හැමෝටම හිනා වෙලා තනියම කොට්ටෙ කදුළු වලින් පුරවන හැටි..
උපන්දිනේකට, ඇනිවසරි එකකට, විශේෂ දවසකට සතුටු වෙන්න එයා ළඟ නැති වෙද්දී දරාගෙන හිතින් ඉවසන හැටි..
ඉතිං,
මේ බලාහිඳීම, කැපකිරීම, ඉවසීම, දරාගැනීම, දකිද්දී
ඇත්තටම මට නම් හිතෙන්නේ
සෙබළ පෙම්වතිය කියන්නෙම
ශක්තිමත් මහා පර්වතයක්..!❤
🍁
🔖