Sri Rahula

Sri Rahula

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rahula, School, siri perakumba pirivena, Kotte.

03/11/2023
Photos from Ven. Aludeniye Subodhi Thero's post 30/12/2022
30/12/2022

ගන්තලාවේ අඬන අකුරු - කන්තලේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මතිලක මහතා පසුගිය දිනක මා බැහැදැකීමට සේරුවිල පන්සලට පැමිණ එදින කන්තලේ අධ්‍යාපන කලාපයේ එක්තරා පාසලක සිදු වූ අතිශය සංවේදී සිදුවීම් දෙකක් මා හා පැවසීය. මෙම ගැටළු සඳහා පිළිතුරක් නොලැබෙන්නේ නම් එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව ද මෙම ගැටළු සඳහා කුමන හෝ විසඳුමක් සලසා ගැනීමේ අටියෙන් මා සොයා පැමිණි බව ද එතුමා සංවේදීව සැලකළේය. ඉන්පසු එතුමාගේ දුරකථනයෙන් ම මා එම විදුහල්පතිතුමා ඇමතීමි. එම ගැටළු සැබැවින් ම සංවේදී ය. දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් නැගෙනා විට විදුහල්පතිවරයෙකුගේ හෘද සාක්ෂිය කොතරම් දුරට ඒ සඳහා සංවේදී වේ දැයි මේ ගැටළුවේ දී මාහට හොඳින් ම වැටහුනි. කෙසේ හෝ එම ගැටළු සඳහා පිළියම් ලබා දීමට අදිටන් කළෙමි.

ඒ කන්තලේ මොල්ලිපොතානේ ගන්තලාව මහා විද්‍යාලය යි. එහි විදුහල්පති පද්මසිරි කොට්ටේගොඩ මහතා යි. එයින් පළමු ගැටළුව උසස්පෙළ විද්‍යා අංශයේ සහ පාසලේ පවතින උග්‍ර ගුරු ගැටළුව යි. සිසු දරුවන් 641ක් ඉගෙනුම ලබනා එම පාසලේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයයට එකම ගුරුවරයෙකු හෝ නොමැත. සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරුන් 3 දෙනෙකු අවශ්‍ය වුව ද සිටින්නේ ගණිත ගුරුවරුන් එක් අයෙකු පමණි. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් තුන සඳහා මේ වන විට එකම ගුරුවරයෙකු හෝ නොමැත. (ජීව විද්‍යා ගුරුවරයා පමණක් සිය මාරුවීමට අදාළ අනෙකුත් කටයුතු පූර්ණය වනතුරු ටික කලක් රැදී සිටියි.) එනම් උසස්පෙළ ජීව විද්‍යා අංශය මුළුමණින් ම අඩපනය. උසස්පෙළ ගණිත අංශය සඳහා සිටින්නේ සංයුක්ත ගණිතය විෂයය සඳහා ගුරුවරයෙකු පමණක් වන අතර භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයයට ගුරුවරුන් නොමැත. ඉංග්‍රීසි භාෂාව සඳහා ගුරුවරුන් තුන් දෙනෙකු අවශ්‍ය වුව ද 2018 වසරේ සිට පාසලේ සිටින්නේ ගුරුවරුන් දෙදෙනෙකු පමණි. මේ සෝමාලියාවේ හෝ ඉතියෝපියාවේ ඇති පාසලක් නොවේ. මේ අපේම රටේ එක් කෙළවරක තිබෙනා තවත් පාසලක වර්තමාන තත්ත්වය යි. මෙම ප්‍රදේශයේ දරුවන්ට සිය මව්පියන් සිදුකරනා ජීවන අරගලයෙන් අත්මිදීමට ඇති ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය යි. නමුත් මේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා තිබේ ද? ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යය දරුවන් සඳහා සිදුවන මේ ‘වෙනස්ව සැළකීම’ අවසන් වන්නේ කවදා ද?

මෙම පාසලේ මේ වසර දක්වාම සිටි උසස්පෙළ ජීව විද්‍යා සහ භෞතික විද්‍යා ගුරුවරුන් දෙදෙනා ම බලධාරීන් විසින් අනුප්‍රාප්තිකයන් නොමැතිව නිදහස් කොට තිබේ. එයින් භෞතික විද්‍යා ගුරුවරයා මේ වන විට නික්ම ගොස් ඇති අතර ජීව විද්‍යා ගුරුවරයා තවත් ටික දිනකින් මාරුවීමේ අදහසින් සිටියි. ගුරුවරුන්ගේ පසින් ද ඒ සඳහා සාධාරණ සහ සංවේදී කරුණු තිබිය හැකිය. එබඳු අවස්ථාවන්හි දී ඔවුන් වෙනුවෙන් සුදුසු අනුප්‍රාප්තිකයන් ලබා දී මාරුවීම් සිදු කළ යුතු නොවේ ද? මෙසේ මාරුවීම් ලබාදෙන නැගෙනහිර පළාත් බලධාරීන් එසේ වගකීම් විරහිත ලෙස අනුප්‍රාප්තිකයන් රහිතව ගුරුමාරු සිදු කරන්නේ ඇයි? එවිට එම ගුරුවරුන් සහ පවතින අධ්‍යාපන ක්‍රමය විශ්වාස කොට තම ජීවිතයේ ප්‍රධානතම කඩයිම වන උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත විෂයයන් තෝරාගත් දරුවන්ට අත්වන ඉරණමට වගකියන්නේ කවුද? සාමාන්‍ය පෙළ සඳහා එකම විද්‍යා ගුරුවරයෙකු හෝ නොමැතිව දරුවන් 641 දෙනෙකු අඩුම තරමේ සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් වන්නේ කෙසේ ද? මෙම තොරතුරු ශ්‍රවනය කළ විට අප හද තුළ නැගෙනා ප්‍රශ්න රාශියකි. මේවාට පිළිතුරු කොයින් ද?

ප්‍රදේශයේ දරුවන් තුළ විද්‍යා විෂයයට නැඹුරුවක් ඇති කරනු පිණිස පසුගිය දා සේරුවිල මංගල රාජමහා විහාරයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය හා එක් වී අප විසින් සංවිධානය කළ ‘සේරුවිල තාරකා විද්‍යා රාත්‍රිය සහ අහස නිරීක්ෂණ කඳවුරට’ මෙම පාසලේ උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරන දරුවන් ද පැමිණ සිටි අතර මා ඔවුන් හා සංවාදයක යෙදුන අයුරු මා හට සිහිවිය. ඒ බොහෝ දරුවන් ප්‍රබල ආර්ථික ස්ථාවරයක් ඇති දරුවන් නොවේ. නමුත් ඔවුනට ද අනාගතය ගැන සිහින ඇත. ඔවුන් ද අප රටේ ම සිටිනා අපේ ම දරුවන් ය. ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප සියළුදෙනා එක්විය යුතුය. මෙම පාසලේ ගුරු ගැටළුව පියවීමට නම් උසස්පෙළ අංශය සඳහා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව විෂයයන් සඳහා ගුරුවරුන් තුන්දෙනෙකු සහ සාමාන්‍යපෙළ විද්‍යාව සඳහා ගුරුවරුන් තුන්දෙනෙකු ද සාමාන්‍යපෙළ ගණිතය විෂයය සඳහා ගුරුවරුන් දෙදෙනෙකු ද සාමාන්‍යපෙළ ඉංග්‍රීසි විෂයය සඳහා එක් ගුරුවරයෙකු ද සේවයේ යෙදවීමට අවශ්‍ය වේ. එනම් අවශ්‍ය සමස්ත ගුරු සංඛාව 9කි. ඒ සඳහා උපාධිධාරී ගුරුවරයෙකුට නම් මසකට රුපියල් 25,000ක මුදලක් ද උසස් ජාතික ඩිප්ලෝමාධාරී (HND) ගුරුවරයෙකුට නම් රුපියල් 15,000ක් ද අවම වශයෙන් වැටුප් ලෙස ගෙවා සේවයේ යෙදවීමෙන් මේ දරුවන් උදෙසා වන ගුරු හිඟය පියවිය හැකිය. මේ සඳහා පෙරමුණ ගැනීමට අප සූදානම් අතර මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මාසිකව එවන් මුදලක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් 9 දෙනෙකු ඉදිරිපත් වේ නම් කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ ගුරු හිඟය මුලුමණින්ම දුරු කළ හැකිය. මෙය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම් ඵල ලැබූ ඔබට ඒ සඳහා මව්බිමට ඔබේ කෘතවේදීත්වය ඵල කළ හැකි මහඟු අවස්ථාවක් වන අතර මේ උතුම් සත්කාරය හා එසේ ගුරුවරයෙකු සඳහා දායකත්වය දැරීමට ඔබත් කැමති නම් 0717465409 දුරකථන අංකය වෙත වට්ස්ඇප් පණිවිඩයක් මාර්ගයෙන් හෝ [email protected] ඊමේල් ලිපිනයට පණිවිඩයක් තබන්න. මේ අයුරින් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුහිඟය පියවමින් අප විසින් සේරුවිල විහාරස්ථානය මුල් කොට මේ වනවිට ගුරුවරුන් 16 දෙනෙකු වැටුප් ගෙවමින් සේවයේ යොදවා තිබේ. දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප සියළුදෙනා අත්වැල් බැඳගත යුතුය.

එසේම උසස්පෙළ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව විෂයයන් සහ සාමාන්‍යපෙළ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි විෂයයන් ඉගැන්විය හැකි ගුරුවෘත්තියට කැමති උපාධිධාරීන් හෝ උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් (HND) සිටිත් නම් ඔබේ අයදුම්පත් හැකි ඉක්මණන් [email protected] ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.

මේ පිළිබඳ විස්තර ලිඛිතව මා වෙත දන්වමින් ගන්තලාව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් යොමු කළ ලිපියෙන් කොටසක් එතුමාගේම වචන වලින් පහත උපුටා දක්වමි.
“1955 වර්ෂයේ ආරම්භ කළ අප විද්‍යාලය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ කළ පළමු පාසල යි. දැනට 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති වල ඉගනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 641කි.
01. අප විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය කාලච්ඡේද සතියකට 120ක් ඇත. 2018 වර්ෂයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු විශ්‍රාම ගිය පසු දැනට සිටින ඉංග්‍රීසි ගුරුවරුන් දෙදෙනා සතියකට කාලච්ඡේද 80ක් ගැන්වීම කරයි.
02. උසස් පෙළ විද්‍යා ගණිත ගුරු භවතුන් 04ක් හා සාමාන්‍ය පෙළ විද්‍යා ගණිත ගුරුභවතුන් 6ක් අනුමත සේවක සංඛ්‍යාව වේ. 6-11 පන්ති සඳහා සතියකට විද්‍යා කාලච්ඡේද 85ක් ඇත. විද්‍යා ගුරුවරු කිසිවකු පාසලේ නැත. 6-11 පන්ති සඳහා සතියකට ගණිත කාලච්ඡෙද 85ක් ඇත. ගණිත ගුරුවරු එක් අයෙක් සිටින අතර ඔහු සතියකට උගන්වන කාලච්ඡෙද ගණන 40කි.
03. උසස්පෙළ රසායන විද්‍යා ගුරු භවතා අගෝස්තු 14 දින සිට අසනීප බව දන්වා සේවයට නොපැමිණි අතර සේවය අතහැර විදේශ ගතවන බවත් වාචික ව ප්‍රකාශ කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයා 2022.06.27 දින සිට පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අනුප්‍රාප්තිකයෙකු රහිතව අම්පාර දිස්ත්‍රික්කයට නිදහස් කර ඇත. (ඇමුණුම 01)
04. උසස් පෙළ ජීව විද්‍යා ගුරුවරයා ද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කර ඇත.
05. මෙම ගුරුවරුන් තිදෙනා උසස් පෙළට අමතරව සා.පෙළ විද්‍යාව ගණිතය ඉගැන්වූ අතර මේ හේතුවෙන් සා.පෙළ හා උ.පෙළ දරුවන්ට විද්‍යාව, ගණිතය, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව අහිමි වී ඇත.
06. උසස් පෙළ සංයුක්ත ගණිතය පමණක් ඉගැන්වීම සිදු වන අතර මේ නිසා පාසල කෙරෙහි බලාපොරොත්තු තබා උසස් පෙළට පැමිණි සියලු ම සිසුන්ට නුවර කුරුණෑගල නගරවලට අතිරේක පන්ති වලට යාමට සිදුවී ඇති අතර අධික පන්ති ගාස්තු හා ගමන් වියදම් දරා ගැනීමට අපහසු දරුවන් හා දෙමාපියන් දැඩි අපහසුතාවකට පත්ව ඇත. මේ තත්ත්වය යටතේ උසස් පෙළ විද්‍යා ගණිත සිසුන්ගේ පාසල් පැමිණීමද ඉතා දුර්වල තත්ත්වයක පවතී.
'මාගේ දරුවන් මා විදුහල්පති ධුරය දරන පාසලේ අධ්‍යාපනය ලැබිය යුතුය.' යන ප්‍රතිපත්තිය තුළ මා තිස් දෙවසරක් ගුරු - විදුහල්පති ධුරයේ කටයුතු කළෙමි. නමුත් උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් මෙම පාසලේ 12ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මාගේ දරුවා දැනට ඉගෙන ගන්නේ සංයුක්ත ගණිතය පමණි. මාගේ දරුවාට ඉගැන්වීමට ගුරුවරු නැති පාසලට ගමේ දරුවන් කැදවා අධ්‍යාපනයේ අවතැන් කිරීම මාගේ හදවතට වද දෙන කරුණක් නිසා 23 වසරක විදුහල්පති ධුරයෙන් සමු ගැනීමට අදහස් කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ද වාචික ව දැනුවත් කළ බව කාරුණිකව දන්වමි.
මා 1986 වසරේ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා පන්තියට ඇතුළත් වන විට එම පාසලේ සිටියේ රසායන විද්‍යා ගුරුවරයා පමණි. සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාව විෂයයන් සඳහා ගුරුවරුන් සිටියේ නැත. 2021 උසස් පෙළ ගණිත පන්තියට ඇතුළත් වූ මාගේ දරුවාට ඉගැන්වීමට ගුරුවරුන් සිටින්නේ සංයුක්ත ගණිතය විෂයයට පමණි.
හෙට දිනයේ දී ප්‍රදේශයේ විද්‍යා ගණිත සිංහල මාධ්‍ය උපාධිධාරියකුවීම අසරණ දරුවෙකුට සිහිනයකි.
40 වසරක නොවිසදුනු විද්‍යා ගණිත ගුරු ගැටලුවට විසඳුමක් ලෙස ගුරුවරුන් ලබා දෙමින් හා විද්‍යා විෂය දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරමින් ඔබ වහන්සේ කරන කැපකිරීම පුණ්‍යානුමෝදනා පූර්වකව අගයමි.”

මේ පාසලට උපකාර කළ හැකි ඔබේ මිතුරන් සමඟින් මේ සටහන share කරන්න. අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු.

30/12/2022
30/12/2022

විශේෂ සද්ධර්ම දේශනය සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය.. දෙසැම්බර් 31 සෙනසුරාදා සවස 5 සිට පසුදා පහන් වනතුරු කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්වේ. පින්වත් ඔබට ආරාධනා!

Want your school to be the top-listed School/college in Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Siri Perakumba Pirivena
Kotte