Iskole Api ඉස්කෝලේ අපි

Iskole Api ඉස්කෝලේ අපි පාසල හා ප්‍රජාවේ සාමාජිකයන් වන ගුරු ස?

"ඉස්කෝලේ අපි " මෙම you tube අවකාශය පාසල කේන්ද්‍ර කොටගෙන සේවය කරන හා සේවය ලබන මුළුමහත් ලංකාවාසී ගුරු - සිසු හා ප්‍රජාවේ අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙයි.
ගුරු
වෘත්තීය ගුරු භූමිකාවේ සංවර්ධනයට අවශ්‍ය චක්‍රලේඛ, ව්‍යවස්ථා, කාලීන යාවත්කාලීන කිරීම් වඩාත් සමීප ආකාරයෙන් ගුරුවරයා වෙත ගෙන ඒම ප්‍රධාන අරමුණයි. පාසලක කළමනාකරණයට අදාළ ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමටද පාසලකට අනන්‍ය පැතිකඩ අධ්‍යයනයන් තුලින් අද්දැකීම් සමීප කරවීමද අරමුණකි.
සිසු
පාසලේ වටිනාම සම්පත එහි ඉගෙන ගන්නා දරුවන් ය. දරුවන්ගේ ජීවිතයට ද වටිනාකම එකතු කිරීමට බලාපොරොත්තු වන්නෙමු. දරුවන්ගේ ළමා ලොව වනසාලන මත් ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමට දැනුවත් කිරීම් හා ඇබ්බැහි වීම තුළ ජීවිතය වරද්දාගත් වටරැක බන්ධනාගාරගත සුනිත පාසලේ දරුවන්ගේ අමිහිරි ජිවන අත්දැකීම්ද ඔබට සාරවත් ජිවිතයක් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කිරීමට බල පොරොත්තු වෙමි.
ප්‍රජාව
පාසලේ තෙවැනි පාර්ශවය ප්‍රජාවයි. දෙමාපියන් ආදිශිෂ්‍යයන් සුභපතන්නන් හා අධ්‍යාපන නිලධාරින්ද මෙහිලා සලකමි. පාසලේ ශක්තිය වන මෙම පිරිස පාසල පිලිබදව අවධියෙන් පසුවීම ඉතා වැදගත්ය. ඔවුන්ටද මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වෙමි.


පාසල ගැන කතා කරන නිසාවෙන් "ඉස්කෝලේ" යන නම යෙදු අතර සම්බන්ධවන පාර්ශවයන් සලකා "අපි" යන වදන යොදා ගත්තෙමු.
අපව subscribe කර දිගටම එකතු වන්න. admin@Iskole Api
email: [email protected]
Youtube|https://youtube.com/channel/UCVrktI3NDeqBJDPsc9MJ6BA
contact : 0768859082

බන්ධනාගාර ගතව සුනීත පාසලේ ඉගෙන ගන්න දරුවෙක් අම්මට ලියූ සංවේදී ලියුම
26/09/2026

බන්ධනාගාර ගතව සුනීත පාසලේ ඉගෙන ගන්න දරුවෙක් අම්මට ලියූ සංවේදී ලියුම

24/09/2026

Grate idea

16/09/2026
26 වෙනිදාට නියමිතව තිබූ විදුහල්පති විභාගය දින නියමයක් නොමැතිව කල් යයි.
24/04/2026

26 වෙනිදාට නියමිතව තිබූ විදුහල්පති විභාගය දින නියමයක් නොමැතිව කල් යයි.

15/04/2026

හිස තෙල් ගෑමේ චාරිත්‍රය
උඩුකුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේදී.

20/12/2025
එදා මට ලැබුණු අන්තිම "හයර්" එක තිබුණේ රෑ 11ට විතර. මම ඒ දිරා ගිය පුංචි ගෙදර ඉස්සරහට ගිහින් හෝන් එක ගැහුවා. විනාඩියක් විත...
19/12/2025

එදා මට ලැබුණු අන්තිම "හයර්" එක තිබුණේ රෑ 11ට විතර. මම ඒ දිරා ගිය පුංචි ගෙදර ඉස්සරහට ගිහින් හෝන් එක ගැහුවා. විනාඩියක් විතර ගියත් කවුරුත් ආවේ නෑ. මට හිතුණේ ආපහු යන්න. ඒත් මොකක්දෝ හැඟීමක් නිසා මම කාර් එකෙන් බැහැලා ගිහින් දොරට තට්ටු කළා.

"පොඩ්ඩක් ඉන්න පුතේ..." වයසක වෙව්ලන කටහඬක් ඇහුණා.

විනාඩි කිහිපයකට පස්සේ දොර ඇරුණා. එතන හිටියේ අවුරුදු 80ක් විතර වයස පුංචිම පුංචි අම්මා කෙනෙක්. එයා ඇඳගෙන හිටියේ 1950 ගණන්වල විලාසිතාවක ගවුමක්. අතේ තිබුණේ පුංචිම පුංචි රෙදි බෑග් එකක් විතරයි.

ගෙදර ඇතුළ හරියට පාළුවට ගිය සොහොනක් වගේ. බඩු මුකුත්ම නෑ. කොනක පෙට්ටියක් විතරක් තිබුණා.

"පුතේ, මගේ මේ බෑග් එක කාර් එකට දාන්න උදව් කරනවද?" ඇය ඉල්ලුවා.

මම බෑග් එක අරන් ඇයව හරිම පරිස්සමට කාර් එකේ ඉස්සරහ සීට් එකෙන් ඉන්දෙව්වා. ඇය මට ස්තූති කළා.

"අපි කොහෙද යන්න ඕන අම්මේ?" මම ඇහුවා. ඇය පොඩි කොල කෑල්ලක තිබුණු ලිපිනයක් දුන්නා. ඒ නගරයෙන් ඈත තියෙන වැඩිහිටි නිවාසයක් (Hospice).

"අම්මේ, ඒ පාරෙන් ගියොත් විනාඩි 20යි යන්නේ..." මම කිව්වා. "නෑ පුතේ... මට හදිස්සියක් නෑ. අපි නගරේ මැදින් යමු." ඇය කිව්වා.

"ඒත් අම්මේ, ඒක ලොකු රවුමක්නේ..."

ඇය මගේ දිහා බලලා හරිම දුක හිතෙන හිනාවක් දැම්මා. "පුතේ... මම මේ යන්නේ මගේ අන්තිම ගමන. දොස්තර මහත්තුරු කිව්වා මට තව ජීවත් වෙන්න තියෙන්නේ දවස් කිහිපයයි කියලා."

මම හොරෙන්ම මීටරය දිහා බලලා, ඒක "OFF" කළා.

ඊළඟ පැය දෙකම අපි නගරේ වටේ රවුම් ගැහුවා. ඇය මට එක තැනක් පෙන්නලා කිව්වා "ඔන්න ඔතන තමයි මම ඉස්සර ලිපිකාරිනියක් විදියට වැඩ කළේ..." කියලා. තව ගෙයක් පෙන්නලා කිව්වා "මම කසාද බැඳපු දවසේ අපි පදිංචි වුණේ මේ ගෙදර..." කියලා. සමහර තැන් පහු කරනකොට ඇය මොකුත් නොකියා ජනේලෙන් එළිය බලන් හිටියේ කඳුළු පිරුණු ඇස් වලින්.

පාන්දර වෙද්දී අපි අර වැඩිහිටි නිවාසයට ආවා. හෙදියන් දෙන්නෙක් රෝද පුටුවක් අරගෙන එළියට ආවා.

මම ඇයව වඩාගෙන ගිහින් රෝද පුටුවේ තිබ්බා. "පුතේ, ගාණ කීයද?" ඇය ඇහුවා.

"සල්ලි එපා අම්මේ..." මම කිව්වා. "එහෙම බෑනේ පුතේ, ඔයා රස්සාවක්නේ කරන්නේ." "මට තව හයර් තියෙනවා අම්මේ. මේක කමක් නෑ."

මම එහෙම කියලා පහත් වෙලා ඒ අම්මාව බදාගත්තා. ඇය මගේ බෙල්ල වටේ අත් යවලා මාව තදින් බදාගත්තා.

"බොහොම පින් පුතේ... ඔයා අද මේ නාකි අම්මාගේ පාලු හිතට ලොකු සතුටක් දුන්නා..." ඇය ඇඬුවා.

මම ඇයව එතන තියලා ආපහු කාර් එකට ආවා. එදා දවසෙම මම වෙන කිසිම හයර් එකක් ගියේ නෑ. මම පාක් එකකට වෙලා කල්පනා කළා.

මම එදා හෝන් එක ගහලා නිකන් ගියා නම්? ඇය එදා රෑ වෙන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගියා නම්?

❤️අපි ජීවිතේ ලොකු ලොකු දේවල් පස්සේ දුවනවා. ඒත් ජීවිතේ වටිනම දේවල් රැඳිලා තියෙන්නේ අපි නොහිතන පුංචි තැන්වල.

❤️අපිට හමුවෙන සමහර මිනිස්සු ඉන්නේ එයාලගේ කතාවේ අන්තිම පරිච්ඡේදයේ වෙන්න පුළුවන්. එයාලට අපි වෙනුවෙන් දෙන්න දෙයක් නැති වෙන්න පුළුවන්.

❤️ඒත් ඔබේ කාරුණික වචනයකට, පුංචි ඉවසීමකට පුළුවන් ඒ මනුස්සයාගේ අන්තිම මොහොත ලස්සන කරන්න.

❤️ මනුස්සකම කියන්නේ මීටරේට වැඩ කරන එක නෙවේ, වෙලාවකට මීටරේ ඕෆ් කරලා හදවත ඔන් කරන එකටයි.

18/12/2025
නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන...අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහ...
18/12/2025

නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන...

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත.

Address

Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when Iskole Api ඉස්කෝලේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Iskole Api ඉස්කෝලේ අපි:

Shortcuts

Share

Category