Sri Dharmapala Dhamma School - IDH

Sri Dharmapala Dhamma School - IDH 72 වසරක ප්‍රෞඪ ඉතිහාසය සමගින් ඉදිරියටම.....

2026.07.19 දින දහම් පාසල් දරුවන් සදහා දහවල් ආහාර වේල සුමනලතා ගෝමස් මහත්මිය විසින් කටයුතු කරන ලදී. අප දහම් පාසලේ ආදි ශිෂ්...
01/08/2026

2026.07.19 දින දහම් පාසල් දරුවන් සදහා දහවල් ආහාර වේල සුමනලතා ගෝමස් මහත්මිය විසින් කටයුතු කරන ලදී.

අප දහම් පාසලේ ආදි ශිෂ්‍යයකු වන ඇයගේ පුත් අකිල ප්‍රසන්න මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම සද්කාර්යය සිදුකරන ලදී.

දම් පියසේ දරුවන්ගේ පෝෂණ සත්කාරය වෙනුවෙන් සහසම්බන්ධ වුනා වූ ඔබ සියළු දෙනාට බෙහෙවින්ම ස්තූතියි. 🙏

පින්බර ඇසළ පොහොය දිනය අදයි🙏💐සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීමට මහමායා දේවියගේ කුස ප...
29/07/2026

පින්බර ඇසළ පොහොය දිනය අදයි🙏

💐සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීමට මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම.

💐සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කළකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම.

💐රාහුල කුමරුගේ උපත සිදුවීම.

💐ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

💐උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කිරීම . (පෙර වස් විසීම)

මේ ආදී සිදුවීම් රැසක් සිදු වූ උතුම් පොහොය දින කුසල් රැස් කරගන්නට ඔබත් අධිෂ්ඨාන කරගන්න.

26/07/2026

සිසු අභිසෙස් මංගල්‍යය 2026🔥💐

ශිෂ්‍ය නායක නායිකා නිළ ලාංජන පැළඳවීමේ උත්සවය

2026/27 වර්ෂය සඳහා අභිනවයෙන් පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය "සිසු අභිසෙස් මංගල්‍යය 2026" පස...
25/07/2026

2026/27 වර්ෂය සඳහා අභිනවයෙන් පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය "සිසු අභිසෙස් මංගල්‍යය 2026" පසුගිය ඉරුදින (ජූලි 19) පැවැත්විණ.

එහිදී 2025/26 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස කටයුතු කළ දරුවන් සඳහා කළ සේවය අගයමින් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදුවිය.

දම්පිස පෝෂණ සත්කාරය2026/07/12
18/07/2026

දම්පිස පෝෂණ සත්කාරය

2026/07/12

12/07/2026

දහම් පාසලේ දරුවන් සඳහා විවේක කාලයේදී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන "දම් පියස පෝෂණ සත්කාරය" නමින් පසුගිය ඉරුදින ආරම්භ විය.

ඒ අනුව සෑම ඉරු දිනකම විවේක කාලයේදී දරුවන්ට පෝෂදායී ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණයි.

දහම් පාසලේ දරුවන් සඳහා විවේක කාලයේදී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන "දම් පියස පෝෂණ සත්කාරය" නමින් අද දින ආරම්භ විය.ඒ අනුව සෑ...
05/07/2026

දහම් පාසලේ දරුවන් සඳහා විවේක කාලයේදී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන "දම් පියස පෝෂණ සත්කාරය" නමින් අද දින ආරම්භ විය.

ඒ අනුව සෑම ඉරු දිනකම විවේක කාලයේදී දරුවන්ට පෝෂදායී ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණයි.

අප දහම් පාසලේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන,

📍කමල් පුෂ්පකුමාර
📍චමීර වසන්ත
📍සකුනිකා කාවින්දි
📍ශෙහාන් ඉසුරු බුද්ධික
📍මහේෂි සම්මානි
📍ධනුෂි සංජානි
📍අසංග සමරවික්‍රම
📍කුෂාන් සංජය පෙරේරා
📍පුන්සලා ධනංජනී
📍යසිරු සාගර විදානපතිරණ

යන අය මේ සඳහා මූල්‍යමය දායකත්වය දරුනු ලබනවා.

ඒ සියලු දෙනාගේම ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා.🙏

විවේක කාලයේදී දහම් පාසල් දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන "දම්පියස පෝෂණ සත්කාරය" හෙට දින සිට නැවත ආරම්භ වේ...
04/07/2026

විවේක කාලයේදී දහම් පාසල් දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන "දම්පියස පෝෂණ සත්කාරය" හෙට දින සිට නැවත ආරම්භ වේ...

උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ ලංකාද්වීපයට දායාද වූ පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.🙏💐මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු...
28/06/2026

උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ ලංකාද්වීපයට දායාද වූ පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.🙏💐

මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස අනුරාධපුරයේ මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කළ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමවරට සවනක් බුදුරැස් විහිදීම.

දෙවන පෑතිස් රජු ඇතුළු හතළිස් දහසක පිරිසක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසකවරයාගේ මහණ උපසම්පදාව සිදුවීම.

යනාදී සුවිශේෂීත්වයන් රැසකින් යුත්තා වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව යමින් සුපින්බර වූ සැදැහැ සිතින් සමරමු.🙏🙏

09/06/2026

වෙසක් පුන් පොහොයට සමගාමීව, ශ්‍රී ධර්මපාල දහම් පාසලේ දරුවන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි යොමු කරනු වස් පැවැත්වූ සීල සමාදාන වැඩසටහන පසුගිය මැයි මස 24 දින ශ්‍රී ඤාණවිමලාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

Address

Kotikawatta

Opening Hours

07:30 - 12:30

Telephone

+94729044985

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dharmapala Dhamma School - IDH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Dharmapala Dhamma School - IDH:

Shortcuts

Share