31/03/2017
කලින් ලිපි දෙකෙහිම බුදුරජානන් වහන්සේගේ සෘධි ප්‍රාථිහාර්‍ය ඥානය පිළිබදව කරැණු ඉදිරිපත් කලා ඔබට මතක ඇති. අද ලිපියෙන් කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ යමා මහා පෙලහර පිලිබදවයි. යමා මහ පෙළහර එසේත් නැත්තමි යමක ප්‍රාතිහාර්‍ය යනු ලොවිතුරා බුදුවරයානන් වහන්සේ කෙනෙකුට පමනක් පැමෙ හැකියාව ඇති එක් විශේෂිත වු සෘධියක්.
තථාගත බුදු පියානන් වහන්සේ බුද්ධත්වයෙන් පළමුවන සතියේ ලොව බුද්ධ රත්නය පහල වු බව දක්වමින් යමා මහ පෙළහර පෑ බව සදහන්, කිඹුල්වත් පුර සිය ඥාතින්ට ධර්මයෙන් සංග්‍රහ කිරිමෙදී ශාක්‍යයන්ගේ මානය දුරැ කිරිම සදහා ඉහත රතනචක්ඛමන කාණ්ඩයේ දක්වන ලද සෘධි ප්‍රාතිහාර්‍ය කරමින්ම යමාමහ පෙලහර පානා ලදි. මෙ ආකාරයට බුදු වරයානන් වහන්සේලා යමා මහා පෙලහර පානුයේ, එය බුද්ධත්වය පිළිබද අනන්‍ය සලකුණක් වන බැවිනි. මෙ ආකාරයට බුදු රජානන්වහන්සේගේ පන්සාලිස් වසරක බුද්ධත්ව කාලය තුල නොයෙක් සුවිශේෂ අවස්ථා රැසකදී යමක මහා ප්‍රාතිහාර්‍ය පානු ලැබු සේක. බුද්ධත්වයෙන් පළමු සතිය, කිඹුල්වතට වැඩම විම, තිර්ථකයන් දමනය කිරිම ආදිය මින් ප්‍රසිද්ධ අවස්ථාවන් වෙ.
බුදු රජාන්වහන්සේ ගේ ප්‍රාතිහාර්‍ය යනු ඇස් බැදුමි නොව සත්‍ය වශයෙන්ම සිදුවනු ලබන සංසිද්ධියකි. මෙය ඇස් බැන්දුම කින් වෙනස් හදුනාගත යුතුය. ඇස් බැන්දුමි යනු සත්‍ය වශයෙන් නැති නමුත් එසේ ඇත්තා මෙන් මිනිස් ඇසේ දුර්වල බව නිසා පෙනෙන්නාවු සන්සිද්ධියකි. හරියට ලිදක පතුල දිහා බැලුවිට එයින් නියම ගැඹුර නොපෙනි අඩු ගැඹුරක් පෙනනේනාක් මෙන් ඇසේ දෝශයකින් සිදුවන සංසිද්ධියකි. නමුත් බුදු සමසේ ප්‍රාතිහාර්‍ය මෙසේ ඇස් බැන්දුමි නොව සත්‍ය වශයෙන්ම පවතින ආශ්චර්‍යමත් සංසිද්ධියක් වෙ. මෙ පිළිබදව වැඩි දුර විස්තර දිඝ නිකාය කේවටිට සුත්‍රයේ අන්තර් ගතයි. එය මතුවට ඉදිරිපත් කරනු ලැබෙ.
නමුත් අද මාතෘකාව යමා මහ පෙළහර බැවින් ඒ පිළිබද විස්තර අනාගත වංශයේ සදහන් කර ඇති ආකාරයෙන් සරල බසින් පහතින් දක්වනු ලැබෙ. අනාගත වංශය හෙවත් මෙතේ බුදු සිරිතද, බුද්ධ වංශය අවසානයේ කරණ ලද දේශනාවක් වශයෙන්ම සැලකෙනු ලබයි, මෙහි යමක පාතිහාර්‍ය පෑම රැවන් සක්මනේ සිටම තථාගතයානන් වහන්සේ සිදු කරණ ලදි.
එය මෙසේය,
ඌර්ධව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, අධඃ ශරිරයෙන් දියකදක් පවතින්නේය, අධඃ ශරිරයෙන් ගිනිකදක් පවතින්නේය, ඌර්ධව ශරිරයෙන් දියකදක් පවතින්නේය. පුර්ව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, පස්චිම දියකදක් පවතින්නේය,පස්චිම ගිනිකදක් පවතින්නේය, පුර්ව ශරිරයෙන් දියකදක් පවතින්නේය. දකුනැසින් ගිනි කදක් පවතින්නේය, වමැසින් දියකදක් පවතින්නේය,වමැසින් ගිනිකදක් පවතින්නේය, දකුණැසින් දියකදක් පවතින්නේය. වමි කන් සිදුරෙන් ගිනි කදක් පවතින්නේය, දකුණුකන් සිදුරෙන් පවතින්නේය,දකුණුකන් සිදුරෙන් ගිනිකදක් පවතින්නේය, වමි කන් සිදුරෙන් දියකදක් පවතින්නේය. වමි නාසිදුරෙන් ගිනි කදක් පවතින්නේය, දකුණුනා සිදුරෙන් දියකදක් පවතින්නේය,දකුණුනාසිදුරෙන්ගිනිකදක් පවතින්නේය, වමි නා සිදුරෙන් දියකදක් පවතින්නේය. දකුණු දසරැවෙන් ගිනි කදක් පවතින්නේය, වමි දසරැවෙන් දියකදක් පවතින්නේය,වමි දසරැවෙන් ගිනිකදක් පවතින්නේය, දකුණු දසරැවෙන් දියකදක් පවතින්නේය. දක්‍ෂිණ හස්තයෙන් ගිනි කදක් පවතින්නේය, වාමහස්ථයෙන් දියකදක් පවතින්නේය, වාමහස්ථයෙන්ගිනිකදක් පවතින්නේය, දක්ෂිණ හස්ථයෙන් දියකදක් පවතින්නේය. දකුණැලයෙන් ගිනි කදක් පවතින්නේය, වමැලයෙන් දියකදක් පවතින්නේය,වමැලයෙන් ගිනිකදක් පවතින්නේය, දකුනැලයෙන් දියකදක් පවතින්නේය. දකුණු පයින් ගිනි කදක් පවතින්නේය, වමි පයින් දියකදක් පවතින්නේය,වමි පයින් ගිනිකදක් පවතින්නේය, දකුණු පයින් දියකදක් පවතින්නේය. ඇගිල්ලක් ඇගිල්ලක් පාසා ගිනි කදක් පවතින්නේය, ඇගිලි අස්සක් ඇගිලි අස්සක් පාසා දියකදක් පවතින්නේය,ඇගිල්ලක් ඇගිල්ලක් පාසා ගිනිකදක් පවතින්නේය, ඇගිලි අස්සක් ඇගිලි අස්සක් පාසා දියකදක් පවතින්නේය. රෝමයක් රෝමයක් පාසා ගිනි කදක් පවතින්නේය, රෝම කුපයක් රෝමකූපයක් දියකදක් පවතින්නේය,රෝම කූපයක් රෝම කූපයක් ගිනිකදක් පවතින්නේය, රෝමයක් රෝමයක් පාසා දියකදක් පවතින්නේය. බුදු රජානන්වහන්සේ වැඩහිටිනා සෙක්නමි නිර්මිත බුදුරජානන්වහන්සේ සක්මන් කරණසේක. නැතහොත් සැතපෙත සේක නැතහෝත්, සිටිනා සේක. බුදු රජානන්වහන්සේ සැතපෙන සේක්නමි, නිර්මිත බුදුරජාණ්න්වහන්සේ සක්මන් කරන සේක නැතහොත්, වැඩ සිටින සේක නැතහොත සක්මන් කරන සේක, නැතහොත් සිටින සේක.
තේජෝ කසින සමාපත්තියට සමවැදිමෙන් ඌර්ධව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, අපෝ කසින සමාපත්තියට සමවැදිමෙන් අධඃ ශරිරයෙන් දියකදක් පවතින්නේය,තේජෝ කසින සමාපත්තියට සමවැදිමෙන් අධඃ ශරිරයෙන් ගිනිකදක් පවතින්නේය, ඌර්ධව ශරිරයෙන් දියකදක් පවතින්නේය. මෙහිදි ගිනි කද හා දිය කද මිශ්‍ර නොවන්නේය ෂඩිවර්ණ ඝණ බුද්ධ රශ්මින් අතරින් දෙවනු දෙවනුව ඇතිවන රෂ්මින් පළමු පළමුව ඇතිවන රෂ්මින් හා යුවල යවල වුවාක් මෙන් අතරක් නොමැතිව පවතින්නේය. දෙසිතක් එක විට උපදින්නේ නැත. එය එසේමය. එසේ වුවද, තථාගතයානන් වහන්සේගේ භවාංග චිත්තයේ පරිවර්ථනය කෙටි බැවින් හා පස් ආකාරයකින් පුරැදු කරන ලද්දාවු සිත් ඇති බැවින් සවණක් රැස් එක් ෂණයකදිම පවතින්නේය. ඒ ඒ එක් එක් රශ්මිය සදහා ආවර්ජන, පරිකමිමය, අධිශ්ඨානය යන සියල්ලද වෙන වෙනම වන්නේය. භාග‍්‍යවත් වු සර්වඥයන්වහන්සේ නිල රෂ්මිය සදහා නිල කසින් සමාපත්තියට සමවදිනා සේක. රන්වන් රැස් සදහා පිත කසින සමාපත්තියට සමවදිනා සේක. රක්ත වර්ණ වු රැස් විහිදුවිම සදහා ලොහිත කසින සමාපත්තියට සමවදිනා සේක. සුදු රැස් විහිදවනු සදහා ඔදාත කසින සමාපත්තියට සමවදිනා සේක.මෙසේ තථාගතයානන්වහන්සේ යමාමහ පෙළහර පානා විට දී දස දහසක්සක්වල නොයෙක් සරසිමෙන් සරසන්නාක් මෙන් විචිත්‍ර විය.
මෙ තථාගතයානන්වහන්සේගේ යමා මහ පෙළහර විසිතුරැ බව විස්තර කර ඇති ආකාරයකි. මාගේ සිතුවිල්ලේ ආකාරයට මෙම ආශ්චර්‍යමත් සිදුවිම විස්තර කිරිමට ලොව කිසිදු භාෂාවක වචන වදන් නැතිවා විය යුතුය. කෙසේ වුවද යමි අදහසක් ලබා ගැනිමට මෙය ප්‍රමාණවත් වනු ඇත.මෙම මවනු ලබන්නාවු ගිනි හා දිය යන සියල්ල සත‍්‍ය වශයෙන්ම පවතීම මෙහි ඇති විහේෂත්වයයි. එනමි කලින් කියු පරිදි මෙය ඇස් බැන්දුමක් නොවෙ.
කසිනාදි සමථ භාවනාවන් පුරැදු පුහුනු කර සමාපත්තින්ට සමවැදිමට හැකි අයවළුන්ට මෙම මැවිමි කල හැක. තථාගථයානන්වහන්‍සේ මෙහි අන් කිසිවෙකුට උත්කෘෂ්ඨ ප්‍රවිණතාවයක් නැත. තථාගතයන් වහන්සේට දෙවනි වුවත් බුදු සසුන තුල සෘධි ලාබින් අතර අගතැන් පත්වු මුගලන් මහ රහතානන්වහන්සේ විසින් පානා ලද විශ්මයන් රැසක් ත්‍රිපිටකයෙන් සොයගෙත හැක.
අමතර කරැණක් විවෙචනයක් නොවෙ. කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේ ජලය මිදියුශ බවට පත්කිරිමෙ ප්‍රාතිහාර්‍ය පැවා යැයියි ද ගොළ මුහුද මත ඇවිද්දා යැයිද එය මහත් උසස් කොට සලකයි. ඔවුන් එය බැතියෙන් විශ්වාස කරයි. තථාගතයාන්වහන්සේගේ යමක ප්‍රාතිහාර්‍ය ඥානය හා සන්සන්දනය කිරිමෙදි බෞද්ධයන්ට කෙතරමි බුද්ධාලමිබන ප්‍රිතියක් ඇතිවිය යුතු දැයි මෙතනදි මුතුවෙන් කිවයුතු වන්නේ නැත. ඒ අමතර කරැණක්.
කසිණ පිළිබදව මෙහි සදහන් වු නිසා විශුද්ධි මාර්ගයේ දක්වා ඇති පරිදි කසිණ ඵල දැන ගැනිම පිනිස මෙහි දක්වනු ලැබෙ. කසිණ ඵල යනු කසිණ භාවනා කිරිමෙන් පස් ආකාරයෙන් පුරැදු පුහුණු කිරිම තුලිනුත් සමාපත්තින්ට සම වැදිමෙන් කල හැකි වන්නාවු ප්‍රාතිහාර්‍යන් වෙ.
කසින භාවනා 10 ක් බුදු සමයේ ඇත.
01)පථවි කසිනය
එක් අයෙක් බොහො දෙනුකු විම. අහසෙහි හෝ ජලයෙහි පොළොව මවා එහි පයින් යෑම, ඉදිම සිටිම ඉරියවි පැවැත්විම, අප්‍රමාණ වශයෙන් අභිභායතනය ලැබිම.
02)ආපෝ කසිණය
පොලවෙන් මතුවිම, පොලවෙ කිමිදීම, ජලය හා වැස්ස උපදවීම, ගංගා හා මුහුදු මැවිම, පෘථිවි, පර්වත ප්‍රාසාද ආදිය සෙලවිම.
03)තේජෝ කිසිණය
දුමි ඇතිකිරීම, දිලිසිම, අගුරැ වැසි ඇති කිරිම, තමාගේ තේජසින් අන්‍යාගේ තේජස ක්ෂය කිරිම, කපු පුළුන් දර ආදිය ඇති විට කැමති දේ දැකිවිමට සමත් විම (මෙය කැමති පරිදි ගිනි ඇති කිරිම විය යුතුයි) දිවැසින් රැප දකිණු පිනිස ආලෝකය ඇති කිරිම, පරිනිවන් සමයේ ත්ජෝ ධාතුවෙන් ශරිරය දවාලිමට හැකි විම.
04)වායෝ කසිණ.
වාතයක් මෙන් සිඝ්‍රයෙන් ගමන් කිරිම, වායු වැසි උපදවිම.
05)නිල කසිණ
නිල් රැප මැවිම, අන්ධකාරය ඇති කිරිම, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය ලැබිම.
06)පිත කසිණ
රන්වන් රැ මැවිම, රන් පැහැය ඇති කිරිම, සුභ විමොක්ෂය, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය
07)ලෝහිත කසිණ
රතු රෑප මැවිම,සුභ විමොක්ෂය, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය
08)ඔදාත කසිණය
සුදු වන් රැප මැවිම, ථින මිද්ධය දුරැ කිරිම, අන්ධකාරය දුරැ කිරිම, දිවැසින් රැ දැකිමට ආලොකය මැවිම.
09)ආලෝක කසිණය
ආලෝකමත් රැප මැවිම, ථින මිද්ධය දුරැ කිරිම, අන්ධකාරය දුරැ කිරිම, දිවැසින් රැ දැකිමට ආලොකය මැවිම.
10)ආකාස කසිණය
ආවරණය වු වස්තු නිරාවරනය කිරිම, ප්‍රථිවි පර්වත ආදිය ආදියේ ආකාසය මවා එහි ඉරියවි පැවැත්විම, බිත්ති ආදිය හරහා ගමන් කිරිම.
මෙ දක්වනු ලැබුවෙ විශුද්‍ධි මාර්ගයේ කසින ඵල දක්වා ඇති ආකාරයයි. සමාජය දෙස මදක් විපරමි කල බැලුව හොත් අදද අභිඥා ලාභින්, අභිභායතන ලාභින් හා සෘධි ලාබින් ඇති බව ඔබට පෙනි යනු ඇත. එවිට සැකයක් ඇතහොත් එය දුරැකර ගනු හැකි වනු ඇත.
මින් පෙර ලිපි 03 හිම කරැණු ඉදිරිපත් තථාගතයානන්වහන්සේගේ සෘධි ප්‍රාහිහාර්‍ය ඥානය පිළිබදවයි. මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ තථාගතයානන්වහන්සේ විසින් සෘධි ප්‍රාතිහාර්‍ය සමිබන්ධයෙන් දක්වන ලද ආකල්පය පිලිබදවයි. මෙ පිලිබදව තොරතුරැ අන්තර්ගත වන්නේ දිඝ නිකායේ 11 වෙනි කේවටිට සුත්‍රයෙය්. දීඝ නිකායේ සුත්‍ර, වචනාර්ථයෙන්ම දිර්ඝ වන බැවින් මෙහි එම සුත්‍රයේ සාරංශය පමණක් ඉදිරිපත් කරමි.
දිනක් කේවටිට නමි ගෘහපති තෙමෙ තථාගත බු පියානන් වෙත පැමිණ,
"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.
"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි.
මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි ප්‍රාතිහාර්ය කරව" යි කියාය.
දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.
එවිට තථාගත බුදුපියානන්වහන්සේ විසින් කේවටිට ගෘහපති තෙම වෙත කරණ ලද දේශනයේ සාරංශය පහතින් දක්වනු ලැබෙ.
"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි
01)නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය,
02)අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය,
03)අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය යන තුනයි.
සෘධි ප්‍රාතිහාර්යය
"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."
ආදේශනා ප්‍රාතිහාර්යය
"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි.
මෙ දක්වනු ලැබුයේ මෙ ශාසනයේ භික්ෂුන් විසින් දක්වනු ලබන්නාවු ප්‍රතිහාර්‍යයන් වෙ. මෙලෙස භික්ෂුන් විසින් ප්‍රතිහාර්‍ය දක්වන විට දී එම භික්ෂුන් කෙර් පැහැදුනා වු සැදැහැති ජනයා එම ප්‍රාතිහාර්‍ය ගැන ශ්‍රද්ධාව නොමැත්තාවුත් බුද්ධ ශාසනයේ පැහැදිමක් නැත්තාවුත් ජනයා වෙත මෙම කරැණු කියයි.
එහිදි තථාගතයානන්වහන්සේ,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය.
"පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි"
"කේවටිටය, මම සෘධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. සෘධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."
"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.
ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
මෙයින් කියවෙන්නේ උන්වහන්සේගේම වදනින් තථාගතයානන්වහන්සේ සෘධි ප්‍රාතිහාර්‍ය හා ආදේශනා ප්‍රාතිහාර්‍ය අසුචි මෙන් පිළිකුල් කල බවයි.
එසේනමි තථාගතයානන්වහන්සේ විසින් අනුමත කරන ලද ප්‍රාතිහාර්‍ය කුමක්ද?
එය අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය ලෙස හදුන්වනු ලැබෙ.
"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවි" කියාය. මෙයට කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය,
අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය: අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".
"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියාය.
මෙ දක්වනු ලැබුයේ තථාගතයානන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යයයි. තිලොක රාජ වු බුදුපියානන්වහන්සේ ජිවමානව වැඩසිටි සමයෙත් උන්වහන්සේගේ මහා පරිනිර්වානයෙන් පසුවත් යමෙක් තථාගතයානන්වහන්සේගේ සසුනේ පැවිදි වන්නේ නමි පැවදි වන්නේ උන්වහන්සේගේ අනුසාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. සිත පහදවා ගන්නේ නමි සිත පහදවා ගන්නේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. තිසරණ සරණ යන්නේ නමි තිසරණ සරණ යන්නේ උන්වහන්සේගේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය.
තථාගතයානන් වහන්සේ සංඝරත්නය විසින් මෙසේ කල යුතුය මෙසේ නොකල යුතුයැයි දේශනා කරනුයේද තථාගතයානන්වහන්සේ කරණ ලද දේශනාවමය. ධර්මය වනාහි තථාගතයානන්වහන්සේ විසින් උන්වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් පසක් කර දුන් පසු. එම ධර්මයට අනුව භික්ෂුන් වහන්සේ හා අන් සැම බෞද්ධයෙකුම කරනු ලබන දේශනා අනුශාෂනා ප්‍රාතිහාර්‍යම වන්නේය.
මෙසේ තතථාගතයානන්වහන්සේගේ ධර්මයේ පැහැදුනාවු සැදැහැති කුලපුත්‍රයන් විසින් උන්වහන්සේ විසින් දේශනා කර වදාල ශිල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේය. එකි ශිලයේ පිහිටා. විවෙකී සුවයෙන් නිර්වානය අරමුනු කර භාවනාවට සිත යොමන්නේය පංච නිවරණ දුරැ කරන්නේය. මෙසේ භාවනා කොට ප්‍රථම ධ්‍යානයට,දෙවන ධ්‍යානයට,තෙවන ධ්‍යානයට,සිවිවන ධ්‍යානයට සිත පත් කරන්නේය, පංචස් කන්ධයේ දොස් දකිමින් නේවසංඤානාසංඤායතන ආදියට සිත පත්කරන්නේය.
ක්‍රමයෙන කලින් කි පරිදි සෘධි ප්‍රාතිහාර්‍ය ඥාන, ආදේශන ප්‍රාතිහාර්‍ය ඥාන, අභිඥා ඥාන උපද වන්නේය. අභිඥා ඥාන උපදවා
"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝයැයි දකියි. මෙයින් විචිකිචිචාව දුරැ කොට
"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,
මෙසේ දැක සිත සිත නිවන කරා යොමු කරයි.
ඉන් අනතුරැව මෙම සුත්‍රයේ සදහන් වන්නේ තතාගතයානන්වහන්සේ විසින් විසින් දේශිත පෙරවු එක්තරා සිද්ධියකි.
කේවටිටය. පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය.
"පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.
එනමි මෙ භික්ෂුවට හටගත්තාවු ගැටලුව වුයේ මෙ සසර පිළිබද ගැටලුවයි. නැතහොත් සංස්කාර පිළිබද ගැටලුවයි.
මෙම භික්ෂුව භාවනා කොට දිව්‍ය ලොවට යා හැකි වනනාවු සෘධියක් උපදවන ලදි. ක්‍රමයෙන් සදෙවි ලොවි සිවිවරමි දෙවිවරැන්, ආදින්ගෙන් මෙම ගැටලුවට පිළිබද විමසා පිළිතුරක් නොලැබු කල, මහා භ්‍රහ්මයා වෙත පැමිණ මෙම ගැටලුව විමසා සිටින ලදි. එහි දී සංවාදය,
"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි" මහාබ්‍රහ්මතෙම කීයේය.
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.
"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය.
මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද?
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.
"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.
එහි විවරණය මෙසේ වෙයි.
"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි".
මෙම කථාවෙන් තතාගතයානන් වහන්සේ දේශනාකර සිටින්නේ කුමක්ද? දෙවියන් බ්‍රහ්මයන් සහිත ලොකයේ සංසාරය නැමති ගැටලුවට පිළිතුරැ දිය හැකි එකම තැනැත්තන් වහන්සේ උන්වහන්සේ වන බවය. උන්වහන්සේ දේශනා කලධර්මය පිළිපැදිමෙන්ම මෙම ගැටලුවට පිළිතුරැ ලැබෙන බවය. භික්ෂුව විසින් උපදවන ලද ප්‍රාතිහාර්‍ය ඥානයෙන් ඔහුට ඵලක් නොවිය. එබැවින් එම විශිෂ්ඨ ඥානයන් යොදාගත යුත්තේ නිර්වාණය අරමුණු කරමින් පමණක් වන බවය. නිවනට මාවත තනාගැනිමට පමණක් වන බවය.
එබැවින් මෙම නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය ආදියට බුදු සසුනේ ලැබෙනුයේ අසුචි පිඩක වටිනා කමක් පමණි. මක්නිසාද යත් ඒවායින් සංසාර දුක්ඛයට පිලිතුරක් නොලැබෙන බැවිනි.