Muruthana K.V. Kochchikade

Muruthana K.V. Kochchikade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muruthana K.V. Kochchikade, School, Muruthana, Kochchikade.

2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය….
23/04/2026

2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය….

අවුරැද්දට නෑගම් යාම………‘දිට්වා සුළි කුණාටුවෙන් ‘ පීඩාවට පත් අප පාසල නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට ආරම්භ කළ,‘සෙනෙහසින් නැ...
21/04/2026

අවුරැද්දට නෑගම් යාම………

‘දිට්වා සුළි කුණාටුවෙන් ‘ පීඩාවට පත් අප පාසල නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට ආරම්භ කළ,
‘සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්’…
ව්‍යාපෘතියෙන් අපි අපේක්ෂා කළේ පාසල පෙර තිබු අකාරයට පත් කර ගැනිම හා සිසු දරැවන්ට සුරක්ෂිත පරිසරයක නැවත අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් ගොඩ නගා ගැනීමයි.
දසතින් ගලා ආ ආධාර අතරේ….
අපේම සනුහරේ(කලාපයේ පාසල් අතරින්) අපිව තනි නොකර ‘සෙනෙහසින් දෑත් දිගු කර’ …..
අපිව ඔසවා තැබු නෑදෑයින් සොයා කළගුණ සැළකීමට ,
අවුරැද්දට නෑගම් යාම අද දින සිදු කරන ලදි….
ඒ මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසල,
මීගමුව අසිරිමත් දේව මාතා ජාතික පාසල හා
මීගමුව සෙලින්කෝ සසෙක්ස් පාසල වෙත ගොස් අපේ ආදරය ගෞරවය ඔවුන් වෙත පුද කරන ලදී….
නැවත වතාවක්….
විමුක්ති දේශප්‍රිය මහතා(හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති)
දර්ශා ඉරෝමි මහත්මිය(අසිරිමත් විද්‍යාලයේ විදුහල්පති)
ඇන්ටනි ප්‍රනාන්දු මහතා(සසෙක්ස් විද්‍යාලයේ විදුහල්පති)
ඔබ සැම අප වෙනුවෙන් ‘සෙනෙහසින් දිගු කළ දෑත් වෙනුවෙන් අනේක වාරයක් ස්තුතියි….. 🙏💐💐💐

බක් මහේ අසිරිය…..නැකත් චාරිත්‍ර හා ජන ක්‍රීඩා යන සංස්කෘතික අංග…. ඉදිරි පරම්පරාවට පවරා දීම වස්,මුරැතාන කනිෂ්ඨ විද්‍යාලීය…...
13/04/2026

බක් මහේ අසිරිය…..
නැකත් චාරිත්‍ර හා ජන ක්‍රීඩා යන සංස්කෘතික අංග….
ඉදිරි පරම්පරාවට පවරා දීම වස්,
මුරැතාන කනිෂ්ඨ විද්‍යාලීය….
2026 සිංහල හා හින්දු අලුත් අවුරැදු උළෙල….
2026.04.10

'සෙනෙහසින් - නැවතත් විදුබිමට ප්‍රාණයක්' ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරෙහි (කටුනායක) වෙඩි තැබීමේ එකකයේ නිල...
01/02/2026

'සෙනෙහසින් - නැවතත් විදුබිමට ප්‍රාණයක්' ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරෙහි (කටුනායක) වෙඩි තැබීමේ එකකයේ නිලධාරින් විසින් , පාසලට අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලබාදීමේ අවස්ථාව...ඒ සදහා උපකාර කළ සියලු දෙනාටම අපගේ උත්තමාචාරය...🙏

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' ව්‍යාපෘතිය යටතේ,අපේ පාසලේ දූදරුවන් වෙනුවෙන්, බප/මිග /අසිරිමත් දේවමාතා (ජාතික පාස...
01/02/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' ව්‍යාපෘතිය යටතේ,
අපේ පාසලේ දූදරුවන් වෙනුවෙන්, බප/මිග /අසිරිමත් දේවමාතා (ජාතික පාසල)විදුහලේ දූදරුවන් හා ගුරු භවතුන් විසින් පොත්පත් හා ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදුකරන ලදී.ඒ සදහා මගපෙන්වීම සිදුකළ විදුහල්පතිනි දර්ශා ඉරෝමි ප්‍රනාන්දු මහත්මියට අපගේ ප්‍රණාමය...

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ දෙවන වරටත් මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසල, ඔවුන්ගේ 'හරිහද සෙනෙහස' ව...
06/01/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ දෙවන වරටත් මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසල, ඔවුන්ගේ 'හරිහද සෙනෙහස' ව්‍යාපෘතිය යටතේ අපේ පාසල වෙත සෙනෙහසේ දෑත් දිගුකරන ලදි.ඒ පාසල් දූදරුවන් වෙනුවෙන් පොත්පත් හා අවශ්‍ය අනෙකුත් උපකරණ පරිත්‍යාග කිරිමෙනි.ඒ සදහා මුලිකත්වය ගත් මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ විදුහල්පති 'විමුක්ති දේශප්‍රිය මහතා'ට හා ඒ වෙනුවෙන් කැපවු වෙහෙස මහන්සිවු පාසලේ ගුරුභවතුන් , දූදරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වන අතර අද දින එම උපකරණ අපවෙත භාරදීමට පැමිණි එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන D.M.සංජය මහතා හා මානෙල් අසන්ති මහත්මියටත්,නවින් භූපති ගුරු මහතාටත් පාසල නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නායකයිටත් අපගේ හදපිරි ස්තුතිය හා ගෞරවය...🙏💐

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක් ' වැඩසටහන යටතේ ගංවතුරින් විපතට  පත් පවුල් සදහා අවශ්‍ය උපකරණ බෙදාදීමක් සිදුකරන ලදි...
06/01/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක් ' වැඩසටහන යටතේ ගංවතුරින් විපතට පත් පවුල් සදහා අවශ්‍ය උපකරණ බෙදාදීමක් සිදුකරන ලදි.ඒ සදහා දායකත්වය ලබා දෙන ලද්දේ මීට පෙරද පාසලට උපකාර කළ නෙදර්ලන්ත ජාතික Mrs:Marie Louise van Den Boer සහ Mr:Bart Damen යුවල විසිනි.ඔවුන්ට පාසලේ ප්‍රණාමය.Thank you Very much....

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රණයක්' වැඩසටහන යටතේ පාසලේ දරුවන් සදහා පොත් බෙදා දීමක් සිදුකරන ලදි.ඒ සදහා හිරුණි දුලක්ෂික...
06/01/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රණයක්' වැඩසටහන යටතේ පාසලේ දරුවන් සදහා පොත් බෙදා දීමක් සිදුකරන ලදි.ඒ සදහා හිරුණි දුලක්ෂිකා,රොමේෂා ශලෝමි,සැන්ඩ්‍රා සුභෂිණි,ජුඩ් ප්‍රනාන්දුපුල්ලේ සහ කලිදු කල්හාර යන මහත්ම මහත්මීන් විසින් දායකත්වය ලබා දෙමින් සෙනෙහසේ දෑත් පාසල වෙත දිගු කරන ලදි.එම සත්කාර්‍ය සිදුකළ සියලුම දෙනාට පාසලේ ගෞරවය හා ප්‍රණාමය.

'සෙනෙහසින් නැවතත් -  විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ,පාසලේ දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට මෙන්ම මුරුතාන  ග්‍රාම වාසින්ට ...
03/01/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ,පාසලේ දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට මෙන්ම මුරුතාන ග්‍රාම වාසින්ට ගං වතුරින් පසු , දෛනික ජිවිතයට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව 'පාසලෙන් ප්‍රජාවට' ලබාදුන් සත්කාර්‍යක් ලෙස , උපදේශන වැඩසටහනක් සංවිධානය කරන ලදී.එසේම අ.පො.ස.(සා/පෙළ) දරුවන්ට විභාගයට ශක්තිමත්ව මුහුණදීම සදහා අවශ්‍ය උපදෙස් ලබාදීමක්ද සිදුවිය.ඒ සදහා පූර්ණ දායකත්වය ලබාදුන්නේ මීගමුව අධ්‍යාපන කලාපයේ උපදේශන කටයුතු සිදුකරන මහත්ම මහත්මීන් පිරිසක් විසිනි.එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ දුමංගි චානිකා මහත්මියට බෙහෙවින් ස්තූති වන්ත වන අතර,
ජූඩ් ප්‍රේමන් මහතා,ප්‍රසන්න ප්‍රේමරත්න මහතා, ශිරෝමි ප්‍රනාන්දු මහත්මිය, නිශානි පෙරේරා මහත්මිය,ලක්තින්දා පීරිස් මහත්මිය,පී.කේ.ආර්.නිමේශා මහත්මිය යන මහත්ම මහත්මීන්ටද ලබාදුන් දායකත්වය වෙනුවෙන් පාසලේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු.

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ පාසල් සිසුන් සදහා පොත් බෙදා දීමක් සිදුකරන ලදි.ඒ සදහා දායකත්වය ලබා ද...
03/01/2026

'සෙනෙහසින් නැවතත් - විදුබිමට ප්‍රාණයක්' වැඩසටහන යටතේ පාසල් සිසුන් සදහා පොත් බෙදා දීමක් සිදුකරන ලදි.ඒ සදහා දායකත්වය ලබා දුන්නේ ඔස්‍ට්‍රේලියාවේ පදිංචි ඔස්කා පෙරේරා මහතා විසිනි.එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දෙ මුරුතාන ග්‍රාමයේ පදිංචි සමන් ප්‍රනාන්දු මහතා විසිනි.'සෙනෙහසේ දෑත් දිගු කළ ' ඔබ දෙපළට පාසලේ ප්‍රණාමය..

ගංවතුරින් පීඩාවට පත් අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හා දරුවන්ගේ ධනාත්මක සිතුවිලි වැඩිදියුණු කිරීමේ අරමුණින් පැව...
29/12/2025

ගංවතුරින් පීඩාවට පත් අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හා දරුවන්ගේ ධනාත්මක සිතුවිලි වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වු යෝග අභ්‍යාස වැඩමුලුව......
ඒ සදහා දායකත්වය දැක්වු යෝග අභ්‍යාස උපදේශිකා මනෝජා දිනාලි ප්‍රනාන්දු මහත්මියට හදපිරි තුති...

Address

Muruthana
Kochchikade
11540

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 03:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94312272867

Website

Alerts

Be the first to know and let us send you an email when Muruthana K.V. Kochchikade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Muruthana K.V. Kochchikade:

Shortcuts

Share

Category