Past Pupiles - Kobeigane National School

07/02/2024

අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුන දී අර්ධකාලීන රැකියාවක් කිරීමට බලාපොරෙත්තු වන සිසුන්(පිරිමි - කොබෙයිගනේ අවට) සදහා රැකියා අවස්ථා කීපයක් ඇත. වැඩි විස්තර සදහා 0771449144

18/09/2023

ගුරුවරියක් නම් ගුරුවරයෙක් නම් කියවන්න ❤️

බ්ලුබෙරි..🍇

ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්.
ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි.

ඒ අයිස්ක්‍රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්‍රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ.

හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්‍රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක.

දවසක් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න.
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා.

ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්‍යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්.

හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට.

ඔහු මෙහෙම කිව්වා.

"මම මේ රටේ තියන අධ්‍යාපන ක්‍රමයටනං කොහෙත්ම කැමති නෑ"

"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්‍රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "

"ඒ ක්‍රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "

" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්‍රදායිකයි"

" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"

මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා.
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ.
ඒත් මේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරිය.

ඇය ව්‍යාපාරිකයගෙන් මෙහෙම අහනවා,

"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්‍රශ්ණයක් අහන්න?"

ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා.

ගුරුවරිය මෙහෙම ඇහුව,

" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්‍රසිද්ධම හා විශාලතම අයිස්ක්‍රීම් නිශ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා"

"ඔව් ඔබතුමිය නිවැරදියි"

" ඇමරිකාවේ හොදම අයිස්ක්‍රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.

ගුරුවරිය මෙහෙම කියනවා,

"එක කොච්චර හොඳද"

"ඒ අයිස්ක්‍රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"

ගුරුවරිය ව්‍යාපාරිකයගෙන් තවත් ප්‍රශ්ණයක් අහනවා,

" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්‍රීම් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න යන තැනකට කියලා"

" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්‍රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "

ව්‍යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා.

" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "

" ඒව දාල අයිස්ක්‍රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්‍රතික්ෂේප කරනවා "

ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,

" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "

"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "

" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "

" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."

"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "

" සර් දන්නවද… "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "

" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්‍රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "

" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්‍රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "

මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.

පසු සටහන
*************

අද මට මේ සටහන අකුරු කරන්න "අ" යනු" ආ" යනු ලියන හැටි මුලින්ම කියල දුන්නු ප්‍රාථමික පංතියේ පටන් , උසස් අධ්‍යාපනය දක්වා මට සිප් සතර ඉගැන්වූ සියලු ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ටත්, අනේක දුෂ්කරතා විඳිමින්ද, විටෙක අවලාද අසමින්ද ජාතියේ වර්තමාන සිසු දරු පරම්පරාවේ නැණ නුවණ පාදන්නට අදටත් වෙහෙසෙනා සියලු ගුරුමෑණි වරුන්ටත් පියවරුන්ටත් මේ සටහන ගෞරවයෙන් පිලිගන්වමි. ❤️🧡

Copied ..

ආදි සිසු Tikiri Prabath (whatsapp ගිණුමෙන්)

Everyone
13/09/2023

Everyone

12/09/2023

Celebration of the Centuries

සියවස් අභිමන් 1923-2023

Please Share Video and Like Our Page

Address

Kobeigane

Alerts

Be the first to know and let us send you an email when Past Pupiles - Kobeigane National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category