20/08/2026
අද මුස්ලිම් කාන්තාවන් සහ ඇයගේ ඇඳුම නින්දාවට ලක් වීම අහන්නත් දෙයක්ද???
ගැහැණු දරුවෙකුගේ ඉපදීමම නින්දාවක් කියලා හිතපු සමාජයකට තමයි දේව දූතයාණන් මුහම්මද් (صلى الله عليه وسلم )තුමාණන් වැජඹෙන්නෙ.
ඉස්ලාමය හරියටම තිතටම පිලිපදින කාන්තාවකට දන්නවා ඇගේ ජීවිතය රැජිනකගේ ජීවිතයක් වගේ කියලා.....
කන්න, බොන්න, අඳින්න, ඉන්න, ඕනි දේවල් සපයලා දෙන්න කාත් කවුරුත් නැති ගැහැණියක් රස්සාවකට යෑම ඉස්ලාමය වළක්වන්නෙ නැහැ...
අධ්‍යාපනය ලබන්න පාසලකට, විශ්ව විද්‍යාලයකට ආගමානුකූල පරිසරයක අධ්‍යාපනය ලබන්න කාත් කවුරුත් නැති ගැහැණියක් තනියම යනවා නම් ඒකත් වෙනම දෙයක්....
(ඉස්ලාමීය පරිසරයක් සම්පූර්ණයෙන්ම ගැටලුවලින් ආරක්ෂිතව තෙබෙනවා නම් හැරෙන්න ඒ වගේ දැනුම සෙවීමකින් වැළකිලා ඉන්න තරමට යහපත්, ඒත් කර කියා ගන්නම දෙයක් නෑ, විවාහයකුත් වෙන්න බැහැ අර්ථිකයත් අවම මට්ටමේ, ජීවත් වෙන්න පුලුවන් එකම ක්‍රමය මේ මගයි යනාදී වශයෙන් උගතෝකොටික තත්ත්වයක නම් අනුමැතිය තියෙනවා)
ඒත් අල්කුර්ආනයේ පිරිමියා ගැහැණියට වියදම් කිරීම අතින් පටන් හැම අතකින්ම වගකීම්කරුවෙක් යන්න අවධාරණය කරනවා...
පෞර්ෂත්වය නැති පිරිමියෙක් (තාත්තෙක්, අයියෙක්, මල්ලියෙක්, ස්වාමි පුරුෂයෙක්, පුතෙක්, මුණුබුරෙක්, බාප්පෙක්, මාමෙක්,) විතරයි තමන්ගේ බිරිඳ, දුව, මව, සහෝදරිය, රැකියාවට යැවීම හෝ අධ්‍යාපනය සඳහා තනියම යැවීම සිදු කරන්නේ...
පුරුෂයන්ට කාන්තාවන්ගේ වගකීම භාර දී තිබෙනවා.
ඒකට හේතුව, අල්ලාහ් ඔවුන්ගෙන් සමහරුන්ට සමහරුන්ට වඩා විශේෂ හැකියාවන් හා වගකීම් ලබා දී තිබීමත්, පුරුෂයන් තම ධනයෙන් පවුල වෙනුවෙන් වියදම් කිරීමත්ය.
ඒ නිසා යහපත් කාන්තාවන් අල්ලාහ්ට අවනතව ජීවත් වෙනවා.
තම ස්වාමිපුරුෂයා නැති අවස්ථාවලදීත්, අල්ලාහ් ආරක්ෂා කරන්න කියලා දීලා තියෙන තම ගෞරවය, පවුලේ දේපළ සහ රහස් ආරක්ෂා කරනවා.
තම බිරිඳ විවාහ ජීවිතයට බරපතළ ලෙස අකීකරු වෙමින් සිටිනවා කියලා පුරුෂයාට බියක් ඇති වුණොත්,
පළමුව ඇයට හොඳින් උපදෙස් දිය යුතුයි.
එයින් ප්‍රයෝජනයක් නොවුණොත්,
යහන්වලදී ඇයගෙන් වෙන්ව සිටිය යුතුයි.
එයින්ද තත්ත්වය විසඳෙන්නේ නැත්නම්, අල්කුර්ආන් වැකියේ සඳහන් අවසාන පියවර "මගේ ස්වාමියා මාව දාලා යන තරමට මම හැසිරෙන එක හොඳ නෑ" කියන දුක දැනෙන තරමට සියුම් ලෙසින් ඇයට දඬුවම් කිරීම අනුගමනය කළ යුතුයි.
නමුත් ඇය නැවත යහපත් ලෙස කටයුතු කළොත්, ඇයට හිංසා කිරීමටවත්,
ඇයව පීඩාවට පත් කිරීමටවත් කිසිම හේතුවක් සොයන්න එපා.
නියත වශයෙන්ම අල්ලාහ් ඉතා උසස්ය, ඉතා ශ්‍රේෂ්ඨය.
අන්න එහෙමයි අල්කුර්ආනය කාන්තාවකට මඟ පෙන්වන්නේ
අපේ මොලේට වැදුනත් නැතත්....
අපේ සමාජයට ගැලපුනත් නැතත්.....
අපිට කැමති උනත් නැතත් .....
රට්ටු පිළිගිත්තත් නැතත්.....
ඕනෑම දහමක් පිළිපදින්න ප්‍රචාරය කරන්න නිදහස තියන රටක් නම්....
ඉස්සෙල්ලා ඉස්ලාම් ගැන ඉගෙනගන්න ඊට පස්සෙ කතා කරන්න හැමෝම හොඳ නරක ගැන
01 කාන්තාවක් සම්පූර්ණයෙන් ඇයව ආවරණය කිරීම,
(අල් කුර්ආනය)
02 විවාහ වීමට නොහැකි කෙනෙක් (පියා, සහෝදරයා, වැඩිවියට පත් පුතා, වැඩිවියට පත් මුණුබුරා, මාමා, බාප්පා, ලොකු තාත්තා, සීයා වැනි ඥාතීන්) හෝ තම ස්වාමි පුරුෂයා එක්ක මිසක් ගමන් බිමන් නොයෑම,
(එහෙව් කෙනෙක් නැතිනම් තනියම යෑමට අනුමැතිය නැතුවත් නෙමෙයි උගතෝකෝටික තත්ත්වයකදී, හැබැයි පුලුවන් තරම් තනියම ගමන් යෑම අවම කරගත යුතුයි)
(අල් කුර්ආනය)
03 විවාහ වීමට හැකි පිරිමියෙක්(පිටස්තර වැඩිවියට පත් පිරිමි) එක්ක යම් තැනක තනිව රැඳී සිටීමෙන් වැළකීම
(අල් කුර්ආනය)
04 ගැහැණු පිරිමි මිශ්‍රව හැසිරෙන තැන්වලින් ඈත්ව සිටීම,
(අල් කුර්ආනය)
05 තම පය ශබ්දය පිට වෙන අයුරින් ඇවිදීමෙන් වැළකීම,
(අල් කුර්ආනය)
06 පිටස්තර පිරිමින් ඉදිරියේ, පොදු ස්ථානවල තම අලංකාරය විදහාපෑමෙන් වැළකීම,
(අල් කුර්ආනය)
07 නිවසින් පිට පිටස්තර අය අතරට යන විට හෝ පොදු ස්ථානවල ගැවසෙන විට සුවඳ විලවුන් භාවිතා කිරීමෙන් වැළකීම,
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
08 පිටස්තර පිරිමින් එක්ක කතා කිරීමට යම් අවස්ථාවකදී සිදු වුවහොත් කාන්තාවන්ට ආවේනික ස්වභාවික සියුම් කටහඬින් කතා නොකර ටිකක් රළුව කතා කිරීම.
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
09 ස්වාමියාගේ අනුමැතියෙන් තොරව උපවාසයෙ නියැලීමෙන් වැළකීම,
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
10 ඔටු මොල්ලිය මෙන් හිස මත කොණ්ඩය ගැට නොගැසීම,
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
11 බොරු නියපොතු, බොරු ඇහි බැමි, බොරු කොණ්ඩ, පච්ච කෙටීම් වලින් වැළකී සිටීම,
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
12 පිටස්තර පිරිමින් ආකර්ශනය වෙන අයුරින් ඇඳීම් පැළඳීම් නොකර සිටීම,
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
13 පාපකාරී දෙයක් හැරෙන්න වෙන මොන දෙයකට ස්වාමියා අණ කළත් ඒකට අවනත වීම(ස්වාමි පුරුෂයාගෙ පැත්තෙන් කෙරෙන අණ කිරීම් කාන්තා ස්වාභවයට දරාගත හැකි සහ විශේෂයෙන්ම ඉස්ලාමය තහනම් කරපු දේවල් වලින් තොරව තිබීම සැලකිය යුත්තකි.)
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
14 කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ නිවස සහ ඔහුගේ දරුවන් පිළිබඳ වගකීම දරන්නියකි.
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
15 ඔබලාගේ කාන්තාවන්ට මස්ජිදයට යාම තහනම් නොකරන්න. නමුත් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ට වඩාත් යහපත්ය.
(පිරිමියෙකුට මෙන් පස්වේල සලාතය කාන්තාවකට පල්ලියකම ගිහින් ඉටු කිරීම අනිවාර්ය නොවේ.)
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
16 ඔබේ නිවෙස් තුළ රැඳී සිටින්න. පළමු (ජාහිලිය්‍යාවේ) අනූන කාලයේ ප්‍රදර්ශනශීලීත්වය මෙන් ඔබව ඔබ ප්‍රදර්ශනය නොකරන්න. සලාතය ස්ථාපිත කරන්න, සකාත් දෙන්න, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්න
(අල් කුර්ආනය)
17 විශ්වාස කරන කාන්තාවන්ට තම බැල්ම පහත හෙළන ලෙසත්, තම ලිංගික පාරිශුද්ධත්වය ආරක්ෂා කරන ලෙසත්, තම අලංකාරය හෙළි නොකරන ලෙසත්, තම හිස් ආවරණ තම පපුව මත දමා ගන්නා ලෙසත් පවසන්න
(අල් කුර්ආනය)
18 ඔවුන් සඟවා ඇති තම අලංකාරය දැනගැනීමට තම පාදවලින් ශබ්ද නොකළ යුතුය.
(අල් කුර්ආනය)
19 නුඹලාගෙන් කෙනෙකු මස්ජිදයට පැමිණෙන්නේ නම් ඇය සුවඳ විලවුන් නොගත යුතුය.
(මුහම්මද් (صلى الله عليه وسلم) තුමණන්ගේ මගපෙන්වීමක්)
20 කථාවේදී මෘදු වී කතා නොකරන්න; එවිට හදවතේ රෝගයක් ඇති තැනැත්තා ආශා කළ හැකිය. ඒ වෙනුවට යහපත් හා සුදුසු වචන කතා කරන්න
(අල් කුර්ආනය)
ආදී මෙවන් නීති රීති සහ තවත් බොහෝ නීති රීති ඉස්ලාමයේ ප්‍රධාන මූලාශ්‍රවල තියන දේවල්
ඒවා ඉස්ලාමය තම දහම කරගත්ත කාන්තාවක් පිලිපැදීම අනිවාර්යයි....
දැහැමි මුස්ලිම් (අවනත) කාන්තාවකගේ ස්ථාවරය ➡️"අපි විශ්වාස කරන අල්ලාහ් සහ අපි පිළිපදින මුහම්මද්(صلى الله عليه وسلم) තුමාණන් අපිට කිව්වා අපි කරනවා එච්චරයි...."
උදාහරණයකට කාන්තාවකගේ ඇඳුම
කාන්තාරයේ දූවිල්ලට වහනවා..
රශ්නයෙන් ආරක්ශා වෙන්න වහනවා...
මෙවැනි හේතුවකට වහන්න කියලා කිසිම තැනක සටහන් වෙලා නැහැ....
ඒක රටේ සමහරක් ඇති කරගත්ත මත පමණයි
මේවා ඉගෙනගෙන
ඊටපස්සේ හිත හදාගන්න
"ඒ අය කරන්නෙ ඒ අයගෙ මූලාශ්‍රවල කියලා තියන දේවල්" කියලා
එතකොට ජාතීන් අතර නිකන්ම සාමය ඇති වෙයි..
වෛර කරලා කරලා සාමය කාබාසිනියා වෙනවා මිසක් කිසිදාක ජාතීන් අතර සාමය සහජීවනය ඇති වෙන්නෙ නෑ
🖋අබූ රුශෙයිදහ් උමර් මීරාන් (තන්වීරි)
0773935030.
2026/08/20
#සිංහල #මුස්ලිම් #ජාතිවාදය #ආගම්වාදය #සහජීවනය #ඉස්ලාම් #අනුර #මහින්ද #හෙදිය #සාමය