23/05/2026
🌿✨අපි ගොඩක් වෙලාවට අතීතය හෝ අනාගතය ගැන තැවෙමින් ජීවත් වෙනවා. ඒ අතරේ මේ ලස්සන වර්තමානය අපිට මගහැරෙනවා...💭
ජීවිතේ කියන්නේ කෙටි නවාතැන්පලක්🕊️
හැබැයි අපි ගොඩක් වෙලාවට,
"මගේ අනාගතය කොහොම වෙයිද?"
"මම මේ ගන්න තීරණේ නිසා මට මොනවා වෙයිද?"
කියන බියත් සැකත් එක්ක හැමවෙලේම ජීවත් වෙනවා 😔 දන්නේම නැතිව ඔයා ඒ දේවල් ආකර්ෂණය කරගන්නවා.
අනාගතය ගැන හිතන්න ඕනේ ❤️
සැලසුම් තියෙන්නත් ඕනේ 📖✨
හැබැයි ඒ අතරේ අද දවස අමතක කරගන්න එපා 🌸
🌼මුලින්ම මේ මොහොතේ ජීවත් වෙන්න.
🌼ඔයාට මේ මොහොතේ ලැබිලා තියෙන දේට ස්තූතිවන්ත වෙන්න.
🌼 සුළු මොහොතකින් වුණත් නිම වෙන්න පුලුවන් මේ ජීවිතේ විදවන්නේ නැතිව විදින්න.🌈
අතීතයේ අදුරු මතක🖤
හෝ අනාගතය ගැන තියෙන බිය 🌨️
ටික මොහොතකට හරි හිතින් අත්හැරලා අද දවස ඔයා ඔයාවෙනුවෙන් ගත කරන්න🤍
💫ඔයාට ආදරේ කරන්න.
💫ඔයාගේ හිත නිදහස් කර ගන්න
💫ලැබිලා තියෙන දේට ස්තූතිවන්ත වෙන්න
🌿"Don't stress too much for a life that can end at any time. Make sure to live"🌿
✨ඕනෙම අවස්තාවක අවසන් වෙන්න පුලුවන් ජීවිතයක් වෙනුවෙන් අධික stress එකක් ගන්න එපා.
මුලින්ම ජීවත් වෙලා ඉන්න ❤️🕊️
ඉශානි ලක්ෂිකා