23/12/2025
විශ්වය දකින්නට තාරුකා බලන්නට අහස නිරීක්ෂණය කරන්නට දරුවන් ට අවස්ථාව නිර්මාණය කරමින් ර/මාටුවාගල විද්‍යාලයේ තාරකාවිද්‍යා සංගමය විසින් සංවිධානය කල රාත්‍රි තාරකා නිරීක්ෂණ කඳවුර 2025.12.22 දින උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදුනි. විද්‍යාව හා සෞන්දර්ය එකට එක්වූ ආනන්දජනක අවස්ථාවක ආස්වාදය අත්විදීමට ආදරණීය දුවා දරුවන් කටයුතු කරන ලද අතර රසවත් ආහාර පාන සංග්‍රහයක්ද ඔවුන් භුක්ති විඳින ලදී. මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට දිරිය දුන් අප විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයටත් දෙමාපිය ප්‍රජාවටත් කෘතඥතා පූර්වක ස්තුතිය පුදකර සිටිමි.