07/11/2025
2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයීම සහ විද්‍යාලය තුළ ගුරුභවතුන් ලෙස සේවය කර ගුරු උපදේශිකාවන් ලෙස පත්ව ව්ශ්‍රාම ගිය කුමාරි ගුරු මෑණියන් සහ ලලිතා ගුරු මෑණියන් අගයනු වස් "ගුරු දෙපා නමදිමු පහේ හපනුන් අගයමූ" යන මැයෙන් උත්සවයක් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂක තුමාගේ සහභාගිත්වයෙන් යුතුව අද දින විද්‍යාලය තුළ පැවැත්විණි.
මෙහිදී පහ ශ්‍රේණිය සමත් සිසුන් හට කුසලාන සහ පදක්කම් ලබා දීම සිදු කළ අතර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සිසුන් මෙහෙය වීමට කටයුතු කළ ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් ඇගයීමක්ද සිදු කරමින් සමරු තිළිණයක් ලබා දීමද සිදු කෙරිණි.
එමෙන්ම විද්‍යාලයට මෙන්ම වලස්මුල්ල අධ්‍යාපන කලාපයටම විශිෂ්ට මෙහෙවරක් සිදු කළ ටී.කේ.කුමාරි දීප්තිකා ගුරුමෑණියන් මෙන්ම ඩබ්.ලලිතා ගුරු මෑණියන් ඇගයීමද අද දින සිදු කෙරුණු අතර විද්‍යාලීය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රධානයක් කුමාරි ගුරුතුමිය විසින් සිදු කරන ලදි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය සමත්ව විද්‍යාලයේ අභිමානය ඉහළට ඔසවා තැබූ දූ දරුවනි, ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුබාසිංශන පිරිනමන්නෙමු .
විශ්‍රාම ලැබූ කුමරි ගුරු මෑණියනි,ලලිතා ගුරු මෑණියනි, ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවබර ඉසිඹු දිවියක් සඳහා සුබ පැතුම් එක් කරන්නෙමු.