Little Friends Early Childhood Development Center

Little Friends Early Childhood Development Center 25 years of excellence by serving with profound understanding of child development

Thaipongal Celebrations with our little friends 🎉️
18/01/2026

Thaipongal Celebrations with our little friends 🎉️

25/12/2025

Playgroup activities

Our little friends getting ready for christmas 🎄🌼🎉️

25/12/2025
ඔබේ දරුවාගේ සමස්ථ සංවර්ධනය සඳහා කලාව සහ ශිල්පය ඉතා වැදගත් වේ. නිර්මාණශීලිත්වය, අවධානය, සියුම් මෝටර් කුසලතා සහ ස්වයං ප්‍ර...
17/12/2025

ඔබේ දරුවාගේ සමස්ථ සංවර්ධනය සඳහා කලාව සහ ශිල්පය ඉතා වැදගත් වේ.

නිර්මාණශීලිත්වය, අවධානය, සියුම් මෝටර් කුසලතා සහ ස්වයං ප්‍රකාශනය පෝෂණය කිරීම සඳහා, අවධානය, දෑස් සම්බන්ධීකරණය සහ අවකාශීය දැනුවත්භාවය ගොඩනඟන ප්‍රායෝගික ගවේෂණයට ඉඩ දීමෙන්, සෞන්දර්යාත්මක අගය කිරීම සහ ස්වයං-මෙහෙයවූ ඉගෙනීම තුළින් ස්වාධීනත්වය සහ චිත්තවේගීය වර්ධනය පෝෂණය කරයි.

එය ජීවිතයේ මූලික අංගයක් ලෙස සලකනු ලැබේ, විෂයයක් පමණක් නොව, ප්‍රායෝගික කුසලතා සහ අභ්‍යන්තර සාමය සමඟ බුද්ධිය සම්බන්ධ කරයි.

2025

Two events merged together 1. Nirmana is the Year end celebrations to appreciate the amazing art and craft work of our l...
16/12/2025

Two events merged together
1. Nirmana is the Year end celebrations to appreciate the amazing art and craft work of our little friends
2. Christmas get together to celebrate the season with our little friends their loving parents along with the dedicated teachers🎄

15/12/2025

Annual Concert 2024 "Pearls of the Ocean" which was held on August 10th 2025 at Negombo Town Hall. Anjena Little Friends Pre-School is an early childhood dev...

27/11/2025
17/11/2025

පෙර පාසල් ගුරුතුමිය හෑල්ලුවට ලක් විය යුතුද?

හැම අයෙකුගෙ ම,මුල් ගුරුවරිය තමයි මේ කියන,nursry teacher....කවුරුත් ම එකපාරින් පාසලේ එක වසරට ඇතුළත් වෙන්නෙ නැ.....මුල් අධ්‍යාපනය පෙර පාසල තුළින් ලබාගෙනයි,පසුව පාසලට යොමු වෙන්නෙ..එතැනදී ,පොඩි කාල සීමාවක් ඇතුළත,පෙර පාසල් ගුරුවරියක් කරන කැපකිරීම ඇයි කාගෙවත් කතාබහකට,ඇගයීමට ලක් නොවන්නෙ?.....

බොහොමයක් දෙනා හිතන්නේ,පෙර පාසලක් තුළින් කෙරෙන්නේ ළමයි බලාගැනීමයි,චිත්‍ර ඇඳීමයි,නැටීමයි,සෙල්ලම් කිරිමයි විතරයි කියලා......ඒ දේවල් ඉතින් ගෙදරදී වුනත් කරන්න පුළුවන් නේද?...බොහෝ දෙනාගේ මේ මතයට ඇත්තට ම මටත් හරි කළකිරීමයි....

දරුවෙක්,මුල් සමාජානුයෝජනය ලබන්නේ පෙර පාසලෙන්....ඒක ඒ දරුවගේ පෞරුෂත්වයට මහ ඉහළින් බලපානවා...මේ කර්තව්‍යයන් හරිහැටි නොකෙරෙනවානම්,නොවෙනවානම් ඒ දරුවාගේ අනාගතය ගැන යම් යම් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.... දරුවෙකුගේ සංවර්ධනය විය යුතු අංශ ගණනාවක් තියෙනවා...මනෝ චාලක සංවර්ධනය ,මානසික සංවර්ධනය ,චිත්තවේගික සංවර්ධනය එයින් කිහිපයක්.....ඔය හැම සංවර්ධන ඉසව්වක් ම පෙර පාසල් ගුරුවරිය විසින් දරුවන් තුළ ස්ථාපනය කරන්නට උත්සහා කරනවා....ක්ලේ අරගෙන බෝලයක් හැදුවත් ඒ තුළින් සංවර්ධනය වෙන අංශ තියෙනවා.....පුංචි පුංචි දෙයින් පවා,දරුවෙක් තුළ ඇති කරන්න පුළුවන් දේවල් තියෙනවා...මේ හැමදේම ගැන පුළුල් දැනුමක් තියෙන්නේ,පෙර පාසල් ගුරුතුමියට......

කුරුටුබලි තුළින් අනාගතයේදී දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්න පුළුවන්...ආදේශක සංගීත භාණ්ඩයක් වාදනය තුළින් අනාගතයේදී, ,. දක්ෂ වාදක ශිල්පියෙක් බිහි වෙන්න පුළුවන්...අඩි තිය තියා,හැඩට නැටීම තුළින් දක්ෂ නර්තන ශිල්පිනියක් බිහි වෙන්න පුළුවන්...දරුවෝ ඔය පෙන්නන්නේ,ඔවුන් සතු දක්ෂතාවල මූලික පියවර.....ඒවා හරියට ම අදුනගන්නේ පෙර පාසල් ගුරුතුමිය....අදුනගෙන විතරක් නෙවේ,දරුවෝ ඒ මාවත් ඔස්සේ යවන්න දෙමාපියෝ දැනුවත් කරන්නේ මේ ගුරුවරිය......

දරුවෙක්ට ලෙඩක් වුනා ම,අම්මා වගේ බලන්නේ මේ ගුරුවරිය....දරුවන්ගේ වෙනස්කම් පවා හොදින් දැන අදුනාගෙන,රෝගී තත්වයක් හෝ ඇත්නම් දැනුවත් කරන්නේ මේ ගුරුවරිය...පුංචි දරුවන්ට පුංචි වෛද්‍යවරියක් පවා වෙන්නේ,පෙර පාසල් ගුරුවරිය..මේ ගුරුවරිය අතින් වෙන සමාජ මෙහෙවර මෙතැකැයි කියලා නිම කරන්න බැ....

මුල් ලමාවිය හරිහැටි සංවර්ධනය නොවුනොත් , ඒ දරුවගේ අනාගතය ම අඳුරේ...ඒක කවුරුත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු දෙයක්...ඉතින්,මේ කර්තව්‍යය වෙනුවෙන් කැප වෙන ගුරුවරිය ගැන අඩු ප්‍රමාණයෙන් හිතන්නෙ ඇයි?..

පිටරටවල්වල වැඩි අවධානයක් දෙන්නේ ,මුල් ලමා විය නිසියාකාර අධ්‍යාපන ක්‍රමයට....ඒ දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඩොලර් එකක් වියදම් කරනවානම්,අනාගතයේ දවසක ඔහු ඩොලර් නවයක් රටට ලබා දේවි කියන විශ්වාසය ඒ ඒ රටවල්වල පාලකයෝ දන්න කාරණාවක්.....උගත්තු දන්න කතාවක්....එතකොට අපේ රටේ පාලකයෝ එහෙම සාර්ගර්භ කතාවක් දන්නෙ නැද්ද .....දැන් ,නොදන්නව වාගේ ඉන්නවද?...

පෙර පාසල් ගුරුවරියන්ගේ අධ්‍යාපන රටාව
-------------------------------------------------------------------------

මෑතකදී,ගරු අග්‍රාමාත්‍යතුමිය මහනුවර තැපැල් ග්‍රවණාගාරයේදී,යම් සංවාදයක් පැවැත්වූවා,මේ මුල් ළමාවිය සංවර්ධනය ගැන...එහිදී ,ඇය බොහෝ ක්‍රියාමාර්ග ගන්නා බව සදහන් කළා....නමුත් ,ඒවා තවමත් සිදු නොවීම ගැන ඇත්තෙන් ම කණගාටුයි....

මං පුංචි කතාවක් කියන්නම්...මාත් මේ අධ්‍යාපනය බොහෝ දුරට හැදෑරූ කෙනෙක්...දැන් අවුරුද්දකට විතර කලින්,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු කෙරුණු පාඨමාලාවකට මමත් සහභාගී වුනා..ඊට කලින් මං ඩිප්ලෝමාව අහවර කරපු කෙනෙක්...මේ ,පාඨමාලාවේදී මං ඉගෙන ගත්තු දේවල් අනන්තයි,අප්‍රමාණයි....මේ තරම් දේවල් තියෙනවාද කියලත් මට හිතුනා... දේශන වාර කිහිපයක් ම තිබුණා.....ඒ හැම දේශනයක් ම කරේ,ලංකාවේ ප්‍රවීණයෝ....සමහර තැන් අදටත් මට තේරෙන්නෙ නැ...ඒ තරමට ගැඹුරුයි..ඒ ප්‍රවීණයෝ තුළත් තිබුනේ,මේ අධ්‍යාපන රටාවේ මීට වඩා ප්‍රගතියක්.....නමුත්,පත් වෙන ආණ්ඩු තුළින් බොහෝ projects ,reject වෙලා තිබුනා...කිසිම ආණ්ඩුවකින් ,මුල් ලමා විය අධ්‍යාපනය හරිහැටි ප්‍රගතියක් වෙලා නැ.....

ඒ වගේ ම,කියන්න ඕනී කාරණාවක් තමයි,අද එක නගරයක පෙර පාසල් එක පොදියට තියෙනවා...පෞද්ගලික මට්ටමින් පවා,....

Sinhala & English medium කියයි...ප්‍රාදේශීය සභා ලියාපදිංචියෙන්,පළාත් සභා ලියාපදිංචියෙන් පවත්වන පෙර පාසල් අනන්තයි...ඔය මොන ලියාපදිංචිය නැති ඒවත්,නැතුව ම නෙවේ නේ...ඇයි මේ ගැන අවදානයක් නොදෙන්නෙ ?

අනිත් කාරණය,ගුරුවරු සුදුසුකම් ලත් අයවලුන් වෙන්න ඕනී....NVQ මට්ටමක්,diploma එකක්,HND එකක් ,degree එකක් කරාට පළපුරුද්ද හදාගන්න බැ...අනිත් ඒ මට්ටම් අනිවාර්‍ය විය යුතු නැද්ද?...ඒ අය සතුව තියෙන දැනුම විශාලයි..ඒ දැනුම එක්ක සන්නද්ධ ව හොද පුහුණුවක් අවශ්‍යයි...දැන් සම+හරක් කියාවී,ඔය පොඩි ළමයින්ට උගන්වන්න මොන පුහුණුවක්ද කියලා....ඉතින්,ගොන්නුන්ට කියලා වැඩක් නැ.....

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වාගේ පීඨයක් තුළින් හෝ අවම දෙවසරකවත් පුහුණුවක් මේ පෙර පාසල් ගුරුවරුන්ටත් ලබා දෙනවනම් බෙහෙවින් වටිනවා කියලා මං හිතනවා....පාළුවට ,කාන්සියට ,කරන්න දෙයක් නැති කමට එන අයට මේ ක්ෂේත්‍රය සුදුසු නැ....එනවනම් ඉගෙන ගෙන එන්න කියලයි කියන්න තියෙන්නේ...

පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප.....

ඊළග කාරණය ගුරු වැටුප්...මේ පෙර පාසල් ගුරුවරු ඉල්ලීම් දිනාගන්න ,පාසල් ගුරුවරු වගේ සටන් කරේ නැ....ප්‍රාදේශීය සභාවලින් අනුමත පුංචි වැටුප අරගෙන හිටියා..පෙර පාසලේ මාසික ගාස්තුවෙන් තමන්ට ලැබෙන ගාන අරගෙන නිහඩ වුනා....අවමය රුපියල් පහළොස් දාහයි...එතැනට සීමා වුනා....මේ අහස අල්ලන්න නෙවේ කතාව...

සමහරක් පෙර පාසල්වල ගුරු වැටුප 55000 වගේ ඉහළට යද්දී,ප්‍රවීණ ,දක්ශ සමහර ගුරුවරුන්ගේ වැටුප දහදාහකට ,පහලොස්දාහකට සීමා වුනා....ඒත් දරුවෝ වෙනුවෙන් කැප වුනා.....

සුදුසුකම් ලත් ගුරුවරුන් තෝරාගෙන,නියමිත පාඨමාලා ඔස්සේ දැනුම සකසමින් උපාධිය දක්වා ඉහළට ඉගෙන ගන්නටත්,වැටුප් විෂමතාවය ගැනත් මේ රජය පවා අමතක කරන්නෙ ඇයි?...මේ සදහා සුදුසු ක්‍රමෝපායන් අනන්තවත් ඇති.....

පැය හතරක් හෝ පහක් පෙර පාසලක් විවෘත ව තිබුණාට,ඒ තුළින් සමාජයට වෙන බලපෑම සහ මෙහෙවර අමුතුවෙන් කිව යුතු නැ....නමුත්,හැම අංශයක් ම සාධාරණ වුනානම් හරි වටිනවා කියලා මට හිතෙනවා.....

Anura Kumara Dissanayake ,
ජනාධිපති තුමනි,වෙන රජයක් යටතේ නැතත් ,මේ රජය යටතේ පෙර පාසල් ගුරුවරුන් සදහාත් විශේෂම ය අවස්ථාවන් සකසා දිය යුතුයි...සියළු ම අංශ කෙරෙහි වගේ ම මේ ගැනත් තොරතුරු සොයා බලා,සාධාරණ විනිශ්චයක් දිය යුතුයි.....ඔවුන් මේ,ගොඩ නගන්නට වෙහෙසෙන්නේ,රටේ අනාගතයේ මුල් පියවරයි.

ආවර්ජනා

12/11/2025
Highlights of the Annual Concert 2025 💃🏻👯‍♀️🪩👯
01/11/2025

Highlights of the Annual Concert 2025 💃🏻👯‍♀️🪩👯

Address

Kimbulapitiya
11522

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94312221053

Website

Alerts

Be the first to know and let us send you an email when Little Friends Early Childhood Development Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Little Friends Early Childhood Development Center:

Shortcuts

Share

Category