30/04/2026
💐💐💐🙏🙏🙏 2026 මැයි මස 05 වැනි දිනට යෙදෙන නැණමල් අධ්‍යාපන ජාලයේ 21 වැනි සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලයීය අධ්‍යෂක මණ්ඩලයට,විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්‍ය මණ්ඩලයට,අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට,ආදරණීය දරුවන් හට සෙත් පතා විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් අද දින කැලණිය පට්ටිය හන්දියේ ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් ජාතික හිමිකම් සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ විද්‍යාලයීය පැවිදි අනුශාසක පූජ්‍ය කොටපොල මංගල හිමියන්ගේ ගෞරවණීය වැඩමවීමෙන් කැලණිය නැණමල් විද්‍යාලයේ දී පැවැත්විණි 🙏🙏🙏💐💐💐
25/04/2026
💐💐ආදරණීය දරුවනි,
📍ඔබ 2026 O/L විභාගය ලියනවාද?
📍O/L වලට කලින් මුහුණ දී අඩු සාමාර්ථ ගත් අයෙක් ද?
📍මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී හොඳ ප්‍රතිඵලයක් අවිශ්වාස දරුවෙක් ද?
⭕එසේ නම් ඔබට ඇති අවසාන අවස්ථාව,
👨🎓වසර 21ක අඛණ්ඩ විශ්වාසය සමඟින්🏆️
🏆️🏆️නැණමල් උදේවරු පාසල - කැලණිය
👇👇සම්බන්ධ වීමට අමතන්න,
☎️0112 910256
📱0778 322325
📱0767 211061
14/04/2026
::: * ::: * ::: * ::: * ::: * :::: * :::: * :::::: * :::::::: *
:: 💐 :: සතුට සැනසුම නිතැතින්ම ළඟා වන ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච සම්පත් තියෙන අනූන අසිරිමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා..!!! :: 💐 ::
දීඝායු වේවා!!!
ඔබ සැමට.. 🙏
සොඳුරු පැතුමන් ඉටු වෙනා තිර අදිටනින් යන මඟ දිළෙන්නයි
ගුණ දහම් දිවි එළිය කර දී නව ඉරෙන් ලොව
එකලු වෙන්නයි
සද් සුවේ මනු ලොවේ සිත් හා සාර කෙත අස්වනු ගෙනෙන්නයි
තුන් රුවනේ සුවිසි බලෙන් මේ අසිරි මල් සුව ගෙනෙන්නයි 🌼
ආයු බෝ වේවා!!!
සිතිවිලි සාර වේවා!!!
සැමට සෙත් වේවා!!!
තුටු මලින් හැම
සිත් පිරේවා!!!🌼
අසිරි පද ගෙතුම✍️ - කැලණිය නැණමල් විද්‍යලයේ බෞද්ධ ශිෂ්ඨාචාරය සහ බුද්ධ ධර්මය විෂය ආචාර්‍ය චාමික සුපිපි පෙරේරා මහතා
::: * ::: * ::: * ::: * ::: * :::: * :::: * :::::: * :::::::: *
14/04/2026
🙏🙏🙏❤❤❤ උදා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද විද්‍යාලයීය අධ්‍යක්ෂකතුමා,විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමා, සහකාර විදුහල්පතිවරු ඇතුලු ආදරණීය ගුරුභවතුන්හටත් අනධ්‍යන කාර්‍ය මණ්ඩලයටත් ආදරණීය දරු දැරියන්හටත් දෙමාපියන්හටත් තෙරුවන් සරණින් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නිදුක් නීරෝගීමත් සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏💐💐💐
01/04/2026
::: * ::: භාග්‍යවත් මාසයේ ආරම්භය🌼 ::: * ::::
සිත් සතන් මෙත් කරුණා ගුණ දහමින් නිවී සැනහෙන උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!!!! ::: * ::::
දෙවැනි වර සිරි ලක්‌ඹරේ මෙත් සිසිල පැතිරී ගිය වගයි
සමඟියම වෙයි ලොවේ අසිරිය කියා දුන් මුණි මඟම වෙයි
පමාවෙන් මුදවා දහම් දිය සිසිල එක් කළ දින මෙයයි
ලොවක් සනහා දම් පදෙන් මේ දෙරණ සුපසන් වූ වගයි...
පද ගෙතුම - ✍️ කැලණිය නැණමල් විද්‍යාලයීය බෞද්ධ ශිෂ්ඨාචාරය සහ බුද්ධ ධර්මය විෂය ආචාර්‍ය චාමික සුපිපි පෙරේරා මහතා
31/03/2026
💐💐💐🏆️🏆️🏆️2025 උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් නැණමල් අපේ ආදරණීය දරුවන් ඇතුලු සියලුම දරුවන් හට අපගේ උණුසුම් සුබ පැතුම්🏆️🏆️🏆️💐💐💐
🏆️🏆️🏆️එවන් ප්‍රතිඵලයක් ලබා ගැනීම පිණිස දිවා රෑ වෙහෙස වී කටයුතු කල අපගේ ආදරණීය ආචාර්‍ය මණ්ඩලයට ගෞරවණීය ප්‍රණාමය පුද කර සිටිමු🙏🙏🙏
🏆️🏆️🏆️ආදරණීය දරුවන් සියලුම දෙනා ලබාගත් ප්‍රතිඵලය ඔබගේ අනාගත අහිවෘද්ධිය පිණිසම වේවා🏆️🏆️🏆️
26/03/2026
🏆️🏆️2026 O/L🏆️🏆️
⌛මාස 09න්
👨🎓👨🎓10/11 දරුවනි,
🏆️ඔබට,
👉විෂය කරුණු අමතකද?
👉විෂයන්ගේ අපහැදිලි තේරුම් ගැනීමට අපහසු තැන් පවතී ද?
👉සිලබස් එක Cover වෙලා නැතිද?
👉මේ හේතු හින්දා O/L විභාගෙට ලියන්න බය හිතෙනවද?
👉ලියපු O/L විභාගෙට හොඳ ප්‍රතිඵලයක් ශුවර් නැද්ද?
⌛එසේ නම් ඔබට ඇති අවසාන අවස්ථාව,
👉පළමු වාර විභාගයට මුහුණ දෙන දරුවෙකු වූවත්,
👉10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන දරුවෙකු වූවත්,
👉සාමාන්‍ය පෙළ ලියා හොඳ සාමාර්ථයක් අවිශ්වාස, අසමත් හෝ අඩු සාමාර්ථ සහිත දරුවෙකු වූවත්,
🏆️සාමාන්‍ය පෙළ සඳහා නොවරදින එකම මඟ🏆️
👨🎓නැණමල් උදේවරු පාසල - කැලණිය
👉සම්බන්ධ වීමට අමතන්න👇👇👇
☎️0112 910256
☎️076 7211061
☎️0778 322 325
02/03/2026
::* 🙏🙏🙏💐💐💐සිත් සතන් මෙත් කරුණා ගුණ දහමින් නිවී සැනැහෙන උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!!! ::* 🙏🙏🙏💐💐💐
සදහම් සෙවණ සෙවණකි මුතු පළස එලු
සිත් සේ පියුම් සුපිපෙයි නිල දියෙහි තිබූ
ඇරඹි අසිරියම සැනසුම් සුවය සැදු
ලොව්තුරු සුවය හැම හදවත් අසිරි කෙරූ
::: * ::: ✍️ පද ගෙතුම - කැලණිය නැණමල් විද්‍යාලයේ බුද්ධ ධර්මය සහ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂය ආචාර්‍ය චාමික සුපිපි පෙරේරා මහතා ::: * :::
27/02/2026
💐💐💐 *කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශය විසින් පවත්වනු ලබන "සංජනනී -2026" සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උළෙලට සමගාමීව,👇👇👇
👨🎓👨🎓 2026/02/26 දින පැවති පාසල් මාධ්‍ය වැඩමුළුව සඳහා සම්බන්ධවීමට අප පාසලේ උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරන දරුවන් හට අවස්ථාව සලසා දුන් විෂය භාර ආචාර්‍ය ධම්මික මුණසිංහ ගුරුතුමන්හටත් එම අවස්ථාවට සම්බන්ධ වී අපහට දායක්තවය දැක්වූ දෙමාපියන්හටත් දරුවන් හට එවන් වටිනා අවස්ථාවක් උදාකරදීමට දායක වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී ජේෂ්‍යඨ කථිකාචාර්ය ආචාර්‍ය මනෝජ් ජිනදාස මැතිතුමන් ඇතුලු සියලුම සම්පත්දායකයින් හටත් පාසලේ විශේෂ ස්තූතිය මෙසේ පුදකර සිටිමි* 🙏🙏🙏💐💐💐❤