Anthropology Circle In NIIBS

Anthropology Circle In NIIBS

Share

The student association of Anthropology , NIIBS

16/12/2025

🎓 මානව විද්‍යාව ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා...

මානව විද්‍යාව සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පිරිනැමෙන එක ම ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ක්ෂේත්‍ර චාරිකා සහ විද්‍යාගාර අධ්‍යයන සමඟින් මානව සංහතියේ විවිධාකාරයේ ඉසව් විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට කැමැති ඔබත් අද ම ලියාපදිංචි වන්න.

🔹 නව කණ්ඩායම් ආරම්භය: 2026 මාර්තු
🔹 දේශන පැවැත්වෙන දින: සෙනසුරාදා, ඉරිදා
🔹 මාධ්‍ය: සිංහල / ඉංග්‍රීසි

🔸 රැකියා අවස්ථා: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය, ගුරු, පර්යේෂණ සහකාර, මානව වංශ විද්‍යාඥ, කථිකාචාර්ය, රතු කුරුස සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල රැකියා සඳහා මානව විද්‍යා ගෞරව උපාධිධාරීන්ට අයැදුම් කළ හැකි ය.

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31

📄 අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1slPv4qUm-QOBBC7_P3OyL3hQFSTjHxei/view?usp=sharing

සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය සමඟ සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍යය සඳහන් කරන්න. උදා: මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව - සිංහල මාධ්‍ය).

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

■ ආචාර්ය කනිෂ්ක විජයරත්න (077 047 0328)
■ ආචාර්ය අමිල නුවන් ශ්‍රීශාන් (074 289 0469)
■ චතුරංගනී නිෂාමලී මිය (071 933 2497)

10/12/2025

We extend our warmest congratulations to Professor P.B. Mandawala, Dean of the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute of Buddhist Studies, who has been appointed to the Archaeology Advisory Committee of Sri Lanka.

Professor Mandawala has rendered an outstanding service to the restoration, preservation and management of the archaeological heritage of Sri Lanka.

ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා උපදේශක කමිටුවට පත් කර ඇති, මෙරට පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීමෙහිලා විසල් සේවාවක් සිදුකළ, අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.බී. මණ්ඩාවල මැතිතුමන්ට සුභාසිංසන කරමු.

09/12/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා මහත්මිය විසින් රචිත "සිරිලක වැදි කත" ග්‍රන්ථය The National Trust Sri Lanka වෙතින් රිදී සම්මානයට පාත්‍ර වීම නිමිත්තෙන් ,

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යනය ආයතනයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ උණුසුම් ශුභාශිංසන එක් කරන්නෙමු !

ශුභාශිංසන!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා මහත්මිය විසින් රචිත "සිරිලක වැදි කත" ග්‍රන්ථය The National Trust Sri Lanka වෙතින් රිදී සම්මානයට පාත්‍ර වූ වගයි.

මානව විද්‍යා අධ්‍යයනාංශයේ උණුසුම් සුබ පැතුම්!

Photos from Anthropology Circle In NIIBS 's post 24/11/2025

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර සහ අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරී යන තනතුරු සඳහා ඔබටත් අයදුම් කළ හැකියි.

වැඩි විස්තර සඳහා..

2025-11-21(I-IIA)S.pdf https://share.google/tNVAVlfryPhVYWYlj

20/11/2025

𝟐𝐧𝐝 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐂𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐨𝐧 𝐈𝐧𝐭𝐞𝐫𝐝𝐢𝐬𝐜𝐢𝐩𝐥𝐢𝐧𝐚𝐫𝐲 𝐀𝐩𝐩𝐫𝐨𝐚𝐜𝐡𝐞𝐬 (𝐈𝐑𝐂𝐈𝐀 𝟐𝟎𝟐𝟓) - 𝐏𝐫𝐨𝐜𝐞𝐞𝐝𝐢𝐧𝐠 𝐁𝐨𝐨𝐤

We are excited to announce the 2nd International Research Conference on Interdisciplinary Approaches (IRCIA 2025), happening on the 16th of November 2025 at the NIIBS Campus. This landmark event will bring together scholars, researchers, and professionals from around the world to explore the theme “Innovative Crossroads: Integrating Knowledge across Disciplines for Sustainable Futures”

Download the conference proceeding eBook using the below link.

https://fhss.niibs.lk/2nd-international-research-conference-on-interdisciplinary-approaches-ircia-2025-proceeding-book/

10/11/2025

ඔබත් ඔබේ ප්‍රථම උපාධිය වෙනුවෙන් සිහින දකින්නෙක් ද ?
ආයතනයේ උසස්වීම් සඳහා උපාධියක අවශ්‍යතාවෙන් පසුවන්නෙක් ද ?

එසේ නම් මේ ඔබ සෙවූ උපාධි පාඨමලාව යි.

බාහිර උපාධියක් වෙනුවට පන්ති සාමර්ථ්‍යයක් සමඟ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත ගෞරව උපාධියක් ලබා ගන්න පැමිණෙන්න අප වෙතට!!!

ශාස්ත්‍රවේදී ගෞරව මානව විද්‍යාව උපාධි පාඨමාලාව - කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයනය ආයතනයේ දී

නව බඳවා ගැනීම් තවමත් විවෘත යි!

මෙම පාඨමාලාව ඔබ හැදැරීය යුත්තෙ ඇයි?

• සතිඅන්ත පාඨමාලාවක් නිසා ඔබේ රැකියාවේ කාර්යයන්ට බාධාවක් නොවන බැවින්.

• මෙය අවුරුදු හතරක උපාධියක් වන බැවින්.

• අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යයන කටයුතු සිදු කීරිමට හැකි වීම.

• නිසි ශාස්ත්‍රීය සුදුසුකම්වලින් යුත් මහාචාර්යයවරුන්, ආචාර්යයවරුන් සහ කථිකාචාර්යවරුන් ඔබට අධ්‍යාපනය ලබා දීම.

• වර්තමානයේ දී වඩාත් පිළිගත් විෂයයක් වන මානව විද්‍යාව සම්බන්ධ ගෞරව උපාධියක් ලබා ගැනීමට ලංකාව තුළ ඇත්තෙ විශ්වවිද්‍යාල දෙකක් පමණක් වීම සහ ඉන් එකක් අප ආයතනය වීම.

• භෞතික සහ සමාජ යනුවෙන් මෙම විෂයයේ කොටස් ද්විත්වයක් වීම මඟින් ඕනෑ ම වෘත්තිකයෙකුට මෙය හැදෑරිමට හැකි වීම.

• ඕනෑ ම විෂයය ධාරාවක් යටතේ උසස් පෙළ පෙනී සිටි අයෙකුට සාමාන්‍ය සාමර්ථ්‍ය 3ක් ඇත්නම් මෙම උපාධි පාඨමලාව හැදෑරිමට හැකි වීම.

• ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන් හැදෑරීමට හැකි වීම.

• පාඨමාලා විෂයය අන්තර්ගතය තුළ පරිගණක තාක්ෂණික දැනුම සහ වෘත්තීය ඉංග්‍රීසි භාෂා වර්ධනයට සුවිශේෂී ඉඩක් හිමි ව තිබීම.

පාඨමාලාවේ අධ්‍යයන ක්ෂේත්‍ර කිහිපයක්:

මානව දන්ත විද්‍යාව
අධිකරණ මානව විද්‍යාව ,
මානව අස්ථි විද්‍යාව
මානව ජීව විද්‍යාව
ප්‍රිමාටා විද්‍යාව
අණුක මානව විද්‍යාව
සංස්කෘතිය
ජනශ්‍රැති විද්‍යාව
ඩිජිටල් මානව විද්‍යාව
මානව පුරාවිද්‍යාව
වාග් විද්‍යාව
ආහාර හා පෝෂණය පිළිබඳ මානව විද්‍යාව
මනෝ විද්‍යාත්මක මානව විද්‍යාව
තොරතුරු තාක්ෂණය ,
වෘත්තීය ඉංග්‍රීසි භාෂාව

මෙවැනි සුවිශේෂී තත්කාලීන වෘත්තීය අවශ්‍යතාවන්ගෙන් අනූන විෂයය පථයකින් මෙම උපාධි පාඨමලාව සමන්විත වේ.

පාඨමාලා ගාස්තු: එක් අධ්‍යයන වර්ෂයක් සඳහා රු.80,000/- ක් පමණි. ( මෙය වාරික දෙකකින් ගෙවිය හැක )

විශ්වවිද්‍යාලය මඟින් ඔබට ,

විද්‍යාගාර පහසුකම් ,
සුව පහසු දේශන ශාලා ,
සුදුසුකම් සපිරි දේශක මඬුල්ල ,
නවීන පුස්තකාල පහසුකම් ,
නවීන නේවාසිකාගාර පහසුකම් ,
LMS පද්ධති පහසුකම් ,
නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් ආදිය හිමි වේ.

ඉතින් ඔබත් එන්න

මේ දක්ෂයන්ගෙ සියවසයි !!

සියවසට ගැළපෙන පුද්ගලයෙකු වෙන්න නවීන දැනුමකින් සමන්විත වන්න. පැමිණෙන්න මේ ඔබේ උපාධි පාඨමාලාව යි.

BA (Hons) Anthropology | ශාස්ත්‍රවේදී ගෞරව මානව විද්‍යාව

වැඩි විස්තර සඳහා ,

077 047 0328 - ආචාර්ය කනිෂ්ක විජයරත්න

071 384 0469 - ආචාර්ය අමිල නුවන් ශ්‍රීශාන්

08/11/2025

'සාහිත්‍යයෙන් නිරූපිත මානව දේහය'
විශේෂ ආරාධිත දේශනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවවිද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් මූලික කරගනිමින් පවත්වනු ලබන විශේෂ ආරාධිත දේශනය

📅 2025.11.09 වන දින
🕟 ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා
📍NIIBS විශ්වවිද්‍යාලයේ C1 ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පළමු දේශන ශාලාවේ දී පැවැත්වේ.

සම්පත් දායකත්වය : විශ්‍රාමික මහාචාර්ය කලාසූරී ප්‍රණීත් අභයසුන්දර සුධීමතුන්

ඔබ සැමට ආරාධනා!

07/11/2025

Field study in Anthropology ,
𝗞𝗼𝗴𝗴𝗮𝗹𝗮 𝗠𝗮𝗿𝘁𝗶𝗻 𝗪𝗶𝗰𝗸𝗿𝗮𝗺𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 𝗳𝗼𝗹𝗸 𝗺𝘂𝘀𝗲𝘂𝗺 | 2025.11.01

Department of Anthropology,
Faculty of Humanities and Social sciences,
Nāgānanda International Institute for Buddhist Studies.

Photos from Anthropology Circle In NIIBS 's post 06/11/2025

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය : දෙවන දිනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පළමු, දෙවන සහ තෙවන වසරවල විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාවට අදාළ,

🔸 පරිණාමය හා මානව චර්යාව
🔸 අස්පර්ශනීය සංස්කෘතික උරුමය
🔸 ප්‍රිමාටා විද්‍යාව
🔸 මානව සත්භාවවේදය

යන විෂය ඒකකයන්ට අදාළ පැවරුම් අවශ්‍යතා සඳහා 2025.11.01 සහ 02 යන දෙදින තුළ ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශ ආශ්‍රිත ව ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කරන ලදි.

එහි දී දෙවන දිනය,

🔹 අම්බලන්ගොඩ වෙස්මුහුණු සහ රූකඩ
🔹 සීනිගම දේවාලය
🔹 තොටගමුව රන්පත් විහාරය

යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Field Study in Anthropology: Day Second

As part of the Bachelor of Arts Honours Degree Programme in Anthropology conducted by the Department of Humanities under the Faculty of Humanities and Social Sciences at the Nagananda International Institute for Buddhist Studies, field study activities were carried out on the 1st and 2nd of November 2025 in the areas around Galle and Ambalangoda.

These field studies were organized to fulfill the practical requirements of the following course units:

🔸 Evolution and Human Behaviour
🔸 Intangible Cultural Heritage
🔸 Primate Behavior, Ecology and Conservation
🔸 Human Ontology

On the Second day, academic field activities were conducted focusing on the following locations:

🔹 Ambalangoda masks and puppets
🔹 Seenigama devalaya
🔹 Thotagamuwa Ranpath vehera

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Kelaniya