21/06/2026
කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ පිළිබඳ සෑම දෙමාපියෙකුම දැනගත යුතු වැදගත් කරුණූ.
සෑම දරුවෙකුම තමන්ගේම වේගයෙන් වර්ධනය වේ. එහෙත්, කථන හා භාෂා කුසලතා ප්‍රමාද වීම දරුවාට අමතර සහායක් ලබා දිය යුතු බවට ලකුණක් විය හැකිය. කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ ලෙස බා බා තා තා වැති ශබ්ධ පිට කිරීම අඩුවීම, නමට ප්‍රතිචාර නොදැක්වීම, වචන ඉතා සුළු ප්‍රමාණයක් භාවිත කිරීම, සරල උපදෙස් තේරුම් ගැනීමට අපහසු වීම, වචන භාවිතය වෙනුවට සංඥා මත වැඩිපුර රඳා සිටීම සහ වයස අවුරුදු දෙකක් වන විට වචන දෙකක් එකට යොදා කථා නොකිරීම පෙන්වා දිය හැකිය.
මෙවැනි තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. මන්ද සන්නිවේදන කුසලතා දරුවාගේ ඉගෙනීම, සමාජ සබඳතා සහ ආත්ම විශ්වාසය කෙරෙහි සෘජුවම බලපාන බැවිනි. දෙමාපියන්ට දරුවා සමඟ නිතර කතා කිරීම, පොත් කියවීම, ගීත ගායනා කිරීම සහ දෛනික සංවාදවල නිරත වීම මඟින් ඔවුන්ගේ භාෂා සංවර්ධනයට සහාය විය හැකිය. ගැටලු දිගටම පවතින්නේ නම්, වෘත්තීය උපදෙස් ලබා ගැනීම දරුවාගේ සන්නිවේදන හැකියාවන් ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් වර්ධනය කිරීමට රුකුලක් විය හැකිය.
සෑම දරුවෙකුම වෙනස් ආකාරයකින් වර්ධනය වුවද, කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ හඳුනා ගැනීම දෙමාපියන්ට නිසි වේලාවේ ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වේ. කල්තියා ලබාදෙන සහාය දරුවාට සන්නිවේදනය කිරීමට, ඉගෙනීමට සහ ලෝකය සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව වර්ධනය කිරීමට සහයක් විය හැකිය.
Beyond Therapy Center (BTC) හි අපගේ විශ්වාසය වන්නේ සෑම දරුවෙකුටම තම හඬ සොයා ගැනීමට, ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ “Art of Therapy” තුළින් සාර්ථකව වර්ධනය වීමට අවස්ථාව හිමි විය යුතු බවයි. මෙවැනි අවස්ථා වලදී නිසි සහය ලබාදීමට අමතන්ත අපව - 077 93 92 402