07/05/2026
දරුවාගේ හඬ සොයා ගනිමු. දරුවන්ගේ කථන සංවර්ධනය අවබෝධ කර ගනිමු.
කථන සංවර්ධනය යනු දරුවෙකුගේ මුල් වර්ධන අවධියේ ඉතා වැදගත් සහ ආකර්ෂණීය කොටසකි. බිලිඳා මුල් වරට ශබ්ද නිකුත් කරන මොහොතෙන්ම ඔහුගේ හෝ ඇයගේ සන්නිවේදන ගමන ආරම්භ වේ. කථන සංවර්ධනය යනු දරුවන්ට භාෂාව අවබෝධ කරගැනීම, ශබ්ද නිකුත් කිරීම, වචන සෑදීම සහ අවසානයේ තම සිතුවිලි හා හැඟීම් ප්‍රකාශ කිරීම ඉගෙනගන්නා ක්‍රියාවලියයි.
ජීවිතයේ පළමු වසර කිහිපය තුළ දරුවන්ගේ කථන හා භාෂා හැකියාවන් ඉතා වේගයෙන් වර්ධනය වේ. බිලිඳුන් මුලින් “බා”, “මා” වැනි සරල ශබ්ද නිකුත් කරමින් කථනය ආරම්භ කරති. සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ වන විට දරුවන් පළමු අර්ථවත් වචන කීම ආරම්භ කරති. වයස වැඩි වීමත් සමඟ ඔවුන්ගේ වචන සම්භාරය වැඩි වන අතර කෙටි වාක්‍ය සෑදීමටද ඔවුන් ඉගෙනගනී.
සෑම දරුවෙකුම තමන්ගේම වේගයකින් සංවර්ධනය වන අතර, ඇතැම් සංවර්ධන මට්ටම් දෙමාපියන්ට සාමාන්‍ය කථන සංවර්ධනය අවබෝධ කරගැනීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස අවුරුදු දෙක වන විට බොහෝ දරුවන් වචන 50 ක් පමණ භාවිතා කරමින් “තව කිරි”, “මෙහෙට එන්න” වැනි සරල වචන දෙකක වාක්‍ය කතා කරති. අවුරුදු තුන වන විට දරුවන් කෙටි වාක්‍ය භාවිතා කරමින් තම අවශ්‍යතා පැහැදිලිව ප්‍රකාශ කරති.
කෙසේ වෙතත්, සමහර දරුවන්ට කථන සංවර්ධනයේ ප්‍රමාද ඇතිවිය හැකිය. වචන නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වීම, උපදෙස් තේරුම් ගැනීමට අපහසු වීම හෝ තම අදහස් ප්‍රකාශ කිරීමට අපහසු වීම වැනි ලක්ෂණ දැකිය හැකිය. කථන ප්‍රමාදයට හේතු වන්නේ ශ්‍රවණ ගැටළු, සංවර්ධන වෙනස්කම් හෝ සන්නිවේදන අවස්ථා අඩුවීම වැනි කරුණු විය හැකිය.
මුල් අවධියේ ලබාදෙන සහයෝගය දරුවන්ගේ කථන සංවර්ධනය සඳහා ඉතා වැදගත්ය. දෙමාපියන් දරුවා සමඟ වැඩි වශයෙන් කතා කිරීම, කතාන්දර කීම, ගීත ගායනා කිරීම සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීම මඟින් දරුවාගේ කථන හැකියාව වර්ධනය කළ හැකය.
දරුවාගේ කථන සංවර්ධනය පිළිබඳ සැකයක් ඇති නම් වෘත්තීය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මුල් අවධියේදී කරන ඇගයීම් සහ චිකිත්සක ක්‍රියාකාරකම් (therapy) මඟින් දරුවන්ට සන්නිවේදන හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ තම සම්පූර්ණ හැකියාවන්ට ළඟා වීමට උපකාරී වේ.
Beyond Therapy Center හි අප විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම තමන්ගේ හඬ සොයාගෙන විශ්වාසයෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිය යුතුය යන්නයි.
--------------------------------------------------------------------------
Finding Child's Voice Understanding Speech Development in Children
Speech development is one of the most exciting parts of a child’s early growth. From the moment babies begin to make sounds, they are starting their journey toward communication. Speech development refers to the process through which children learn to understand language, make sounds, form words, and eventually communicate their thoughts and feelings.
During the first few years of life, children rapidly develop their speech and language skills. Babies usually begin by making simple sounds such as “ba” or “ma.” By around one year of age, many children start saying their first meaningful words. As they grow, their vocabulary expands, and they gradually learn to combine words into short sentences.
Every child develops at their own pace, but certain milestones help parents understand typical speech development. For example, by the age of two, many children can say around 50 words and begin to form simple two-word phrases such as “more milk” or “come here.” By the age of three, children often speak in short sentences and can express their needs more clearly.
However, some children may experience delays in speech development. A child might have difficulty pronouncing words, understanding instructions, or expressing themselves. Speech delays can happen for many reasons, including hearing issues, developmental differences, or limited opportunities for interaction and communication.
Early support plays a very important role in helping children overcome these challenges. Parents can encourage speech development by talking to their child frequently, reading storybooks together, singing songs, and engaging in interactive play. These activities help children learn new words and build confidence in communication.
If parents are concerned about their child’s speech development, seeking guidance from professionals can make a significant difference. Early assessment and therapy can support children in building strong communication skills and reaching their full potential.
At Beyond Therapy Center, we believe that every child deserves the opportunity to find their voice and express themselves confidently.