19/05/2026
හොඳ වචන දරුවෙකුගේ ජීවිතය වෙනස් කරයි..
සෑම දෙමාපියෙකුම තම දරුවා වයසට සරිලන ලෙස ඉගෙන ගැනීමට සහ තමන් ගැන විශ්වාසයක් ඇති කර ගැනීමට උනන්දු කිරවීම අවශ්‍ය වේ. එහිදී දරුවන්ට සහාය වීමට ඇති ඉතාමත් හොද ක්‍රමයක් ලෙස ධනාත්මක ප්‍රතිචාර (Positive Reinforcement) ලබා දීම පෙන්වාදිය හැකිය. මෙයින් අදහස් කරන්නේ දරුවාගේ හොඳ හැසිරීම්, උත්සාහයන් සහ සාර්ථක වීම් අගය කරමින් ප්‍රශංසා කිරීම සහ දරුවා තව තවත් උනන්දු කිරවීමයි. එලෙස සිදු කිරීම තුළින් දරුවන් තමන් වටිනා අය බව හැඟීමට සහ හොඳ ක්‍රියාකාරකම් නැවතත් කිරීමට උද්යෝගයක් ඇති කරයි.
දෙමාපියන්, ගුරුවරුන් හෝ තෙරපිවරුන් දරුවන් සමඟ වැඩ කරන විට උනන්දු කරන වචන භාවිතා කිරීම තුළින් දරුවන්ට තමන් ගැන විශ්වාසක් අති වීම ආරම්භ වේ. එහිදී වැඩිහිටියන් ලෙස අප සෑම විටම “ඒක හොඳ වැඩක්”, “ඔයා හොඳට උත්සාහ කළා”, “මට ඔයා ගැන ආඩම්බරයි” වැනි සරල වචන බාවිතා කිරීම දරුවාගේ මානසික වර්ධනයට විශාල බලපෑමක් ඇති කරයි. මෙලෙස ධනාත්මක ප්‍රතිචාර ලබාදීම තුළින් දරුවන්ගේ විශ්වාසය, හැසිරීම් සහ සමාජ කුසලතා වර්ධනය වේ.
දරුවන් හොඳින් ඉගෙන ගැනීමට ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් තිබීම වැදගත්ය. වැරදි පමණක් පෙන්වා දීම වෙනුවට, දරුවන්ගේ උත්සාහයන් අගය කිරීම ඉතා වැදගත් ය. උදාහරණයක් ලෙස, දරුවා වැඩක් සම්පූර්ණ කළ විට, අන් අය සමඟ තමා සතු දේ බෙදාගත් විට හෝ දෙන උපදෙස් අනුගමනය කළ විට දරුවා පැසසුමට ලක් කිරීම, එම හැසිරීම් නැවත නැවතත් කිරීමට දරුවන් උනන්දු කරවයි.
දරුවාට ධනාත්මක ප්‍රතිචාර ලබා දීමට සෑම විටම තෑගි අවශ්‍ය නොවේ. අව්‍යාජ සිනහවක්, අත්පොළසන් දීමක්, ආදරණීය වැළඳ ගැනීමක්, ස්ටිකර් එකක් හෝ දරුවා සමඟ ගත කරන කාලය වැඩි කිරීමක් මඟින් අපට දරුවා තුළ විශාල උනන්දුවක් ඇති කළ හැකිය.
BTC අපි විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම තමාට අනන්‍ය වූ හැකියාවන් සහ ශක්තීන් ඇති බවයි. උනන්දු කිරීම, ඉවසීම සහ ධනාත්මක සහයෝගය තුළින් දරුවාට විශ්වාසයෙන් යුතුව ඉගෙනීමට සහ සතුටින් සිටීමට හැකියාව ලැබේනු ඇති බවයි.
17/05/2026
දරුවන්ගේ අවධානය වැඩි කරන්නේ කෙසේද?
බොහෝ දෙමාපියන්, තම දරුවා අවධානය යොමු කිරීමට, ඇහුම්කන් දීමට හෝ නිවැරදිව වැඩ කිරීමට අපහසු වන විට කනස්සල්ලට පත්වේ. අවධානය ලෙස දරුවන්ට ඉගෙනීමට, සන්නිවේදනය කිරීමට සහ එදිනෙදා කටයුතු සාර්ථකව කිරීමට උපකාර වන වැදගත් කුසලතාවයකි. දෙමාපියන් ලෙස වැදගත් වන්නේ සරල සහ විනෝදජනක ක්‍රියාකාරකම් මඟින් දරුවාගේ අවධානය වැඩි දියුණු කිරීමට උත්සහ කිරීමයි.
දරුවන්ගේ අවධානය වර්ධනය කළ හැකි සරල ක්‍රියාකාරකම් ලෙස, ක්‍රීඩා කිරීම. පින්තූර කාඩ් ගැළපීම, බිල්ඩින් බ්ලොක් සෑදීම සහ මතක වර්ධන ක්‍රීඩා පෙන්වා දිය හැකිය. මෙම ක්‍රියාකාරකම් වැඩි වේලාවක් කිරීම තුළින් දරුවා වැඩි වේලාවක් අවධානයෙන් සිටීමට හුරුවේ. පාට වෙන් කිරීම, හැඩ හෝ වස්තු වෙන් කිරීමේ ක්‍රියාකාරකම් මගින් ද දරුවන්ගේ අවධානය සහ එක් වැඩක් වැඩි වේලාවක් කිරීමේ හැකියාව වර්ධනය කළ හැකිය.
ඉහත ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නිස්කලංක සහ සංවිධානාත්මක පරිසරයක් සකස් කිරීම ද ඉතා වැදගත්ය. අධික ශබ්ද, වැඩි කාලයක් ජංගම දුරකථන හෝ විඩියෝපඨ නැරඹීම තුළින් දරුවන්ට අවධානය යොමු කිරීමට බාධා ඇති කරයි. ඉගෙනීම සහ ක්‍රීඩා කිරීම සඳහා සන්සුන් ස්ථානයක් ලබා දීම, කෙටි සහ පැහැදිලි උපදෙස් ලබා දීම. එකවර එක් කාර්යයක් පමණක් කිරීමට දරුවා දිරිමත් කිරීම ඉතා වැදගත්ය.
දරුවා සමඟ කතා පොත් එකට කියවීම ද ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමකි. කතාව ඇසුරින් සරල ප්‍රශ්න ඇසීමෙන් ඇහුම්කන් දීමේ සහ සිතීමේ හැකියාව ද වර්ධනය කළ හැකිය. දරුවා සමඟ ගීත ගායනා කිරීම සහ එළිමහන් ක්‍රීඩාවළ නිරත වීම ද අවධානය සහ ස්වයං පාලන හැකියාවන් වර්ධනය කරයි.
දෙමාපියන් මතක තබා ගත යුතු වැදගත් කරුන වන්නේ, දරුවාට දෙයක් නිවැරදිව කිරීමට බල කිරීමට වඩා දරුවා ගන්නා සෑම උත්සහයක්ම අගය කිරීමයි. ධනාත්මකව දරුවා අගය කිරීම මගින් දරුවන්ගේ විශ්වාසය වර්ධනය කළ හැකිය. අප දෙමාපියන් ලෙස දරුවාගේ කුඩා ජයග්‍රහණ පවා අගය කළ යුතුය.
සෑම දරුවෙකුම තමාට ආවේනික වේගයෙන් වර්ධනය වේ. ඉවසීම, දෙමාපියන් ලෙස නිරන්තර පුහුණුව සහ නිවැරදි සහාය මඟින් දරුවන්ගේ අවධානය, ඉගෙනීමේ හැකියාව සහ විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය කළ හැකිය.
10/05/2026
📞 Contact us to begin your child’s journey.......
08/05/2026
අකුරු සහ ශබ්ද ගැළපීම (Letter–Sound Matching)
දරුවන් කියවීම ඉගෙන ගැනීම ආරම්භ වන්නේ අකුරු සහ ඒවායේ ශබ්ද අතර සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමත් සමගය. මෙම වැදගත් කුසලතාවය Letter–Sound Matching ලෙස හඳුන්වයි. දරුවා අකුරක් යම් ශබ්දයක් නියෝජනය කරන බව ඉගෙන ගත් විට, වචනය දුටු විට ශබ්ද හඳුනාගැනීම සහ කියවීමේ හැකියාව වර්ධනය කිරගැනීමට දරුවාට හැකියාව ලැබේ.
උදාහරණයක් ලෙස “A” අකුර /a/-/ඇ/ ශබ්දය ලබා දෙයි, එය apple වචනයේ ආරම්භයේ ආරම්භක ශබ්දය /a/-/ඇ/ බව දරුවා හදුනා ගනී. එසේම “අ” අකුර /අ/ ශබ්දය ලබා දෙයි, එය අම්මා වචනයේ ආරම්භයේ ශබ්දය /අ/ බව දරුවා හදුනා ගනී. දරුවන් මෙම ශබ්ද හඳුනාගැනීමට ඉගෙන ගන්නා විට, ඔවුන්ට cat, dog, ගස, මල වැනි සරල වචන කියවීමටද හැකි වේ. මෙය phonics සහ මුල් කියවීමේ කුසලතා වර්ධනය සඳහා වැදගත් පදනමකි.
දෙමාපියන්ට දරුවන්ට අකුරු සහ ශබ්ද ගැළපීම ඉගැන්වීමට සරල සහ රසවත් ක්‍රියාකාරකම් කළ හැකිය. උදාහරණයක් ලෙස අකුරු සහ පින්තූර flashcards භාවිතා කිරීම. අකුර පෙන්වා දරුවාගෙන් එහි ශබ්දය කුමක්ද යන්න විමසීම. ඉන්පසුව එම ශබ්දයෙන් ආරම්භ වන පින්තූර ගෙන අකුරු සමඟ ගැළපීමට උත්සාහ කිරීම සිදුකළ හැකිය. උදාහරණයක් ලෙස S අකුර sun හෝ snake සමඟ ගැළපිය හැක.
තවත් සරල ක්‍රියාකාරකමක් ලෙස ශබ්ද ක්‍රීඩා පෙන්වා දිය හැකිය. දෙමාපියන් /m/ වැනි ශබ්දයක් කියා, එම ශබ්දයෙන් ආරම්භ වන නිවසේ ඇති දේවල් සොයාගැනීමට දරුවා දිරිගැන්වීම සිදුකළ හැකිය. උදාහරණයක් ලෙස milk, mat, mug වැනි දේවල්.
එසේම පින්තූර පොත් කියවීම දරුවන්ගේ කියවීමේ හැකියාව වැඩි කිරීමට ඉතා වැදගත් ක්‍රියාකාරකමකි. පොත් කියවීමේදී අකුරු සහ ශබ්ද පෙන්වා දරුවාගෙන් ඒවා නැවත නැවත කියවීමට උනන්දු කරවන්න. දරුවා ශබ්ද හඳුනාගත් විට ඔහුට හෝ ඇයට ප්‍රශංසා කිරීම තුළින් ඔවුන්ගේ විශ්වාසය සහ උනන්දුව දෙමාපියන් වන ඔබට වැඩි කළ හැකිය.
Beyond Therapy Center හි අප දරුවන්ට phonics සහ කියවීමේ කුසලතා වර්ධනය කිරීමට රසවත් සහ ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කරන්නෙමු. නිවැරදි මඟපෙන්වීම, පුහුණුව සහ උනන්දුව ඇතිව, දරුවන්ට කියවීම සඳහා ශක්තිමත් පදනමක් එතුළින් ගොඩනඟා ගත හැකිය. අවසන එය දරුවන්ට අකුරු සහ ශබ්ද ඉගෙනීම සතුටක් සහ උනන්දුවක් ඇති අත්දැකීමක් විය යුතුය.
--------------------------------------------------------------------------
Letter–Sound Matching
Children begin learning to read by understanding the connection between letters and their sounds. This important skill is called Letter–Sound Matching. When a child learns that a letter represents a sound, they can start recognizing sounds in words and develop reading skills.
For example, the letter “A” makes the /a/ sound, which is the beginning sound in the word apple. In Sinhala, the letter “අ” makes the /අ/ sound, which is the beginning sound in the word අම්මා. When children learn these sounds, they can start reading simple words such as cat, dog, ගස, and මල. This is an important foundation for phonics and early reading skills.
Parents can use simple and fun activities to teach letter–sound matching. One activity is using letter and picture flashcards. Show a letter and ask the child what sound it makes. Then ask the child to match pictures that begin with the same sound. For example, the letter S can be matched with sun or snake.
Another easy activity is sound games. Parents can say a sound like /m/ and encourage the child to find things at home that start with that sound, such as milk, mat, or mug.
Reading picture books is also very important for developing reading skills. While reading, point to letters and sounds and encourage the child to repeat them. When the child identifies sounds correctly, praise them to build confidence and interest.
At Beyond Therapy Center (BTC), we use fun and interactive learning activities to help children develop phonics and reading skills. With the right guidance, practice, and encouragement, children can build a strong foundation for reading. Most importantly, learning letters and sounds should be a happy and enjoyable experience for every child.
07/05/2026
දරුවාගේ හඬ සොයා ගනිමු. දරුවන්ගේ කථන සංවර්ධනය අවබෝධ කර ගනිමු.
කථන සංවර්ධනය යනු දරුවෙකුගේ මුල් වර්ධන අවධියේ ඉතා වැදගත් සහ ආකර්ෂණීය කොටසකි. බිලිඳා මුල් වරට ශබ්ද නිකුත් කරන මොහොතෙන්ම ඔහුගේ හෝ ඇයගේ සන්නිවේදන ගමන ආරම්භ වේ. කථන සංවර්ධනය යනු දරුවන්ට භාෂාව අවබෝධ කරගැනීම, ශබ්ද නිකුත් කිරීම, වචන සෑදීම සහ අවසානයේ තම සිතුවිලි හා හැඟීම් ප්‍රකාශ කිරීම ඉගෙනගන්නා ක්‍රියාවලියයි.
ජීවිතයේ පළමු වසර කිහිපය තුළ දරුවන්ගේ කථන හා භාෂා හැකියාවන් ඉතා වේගයෙන් වර්ධනය වේ. බිලිඳුන් මුලින් “බා”, “මා” වැනි සරල ශබ්ද නිකුත් කරමින් කථනය ආරම්භ කරති. සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ වන විට දරුවන් පළමු අර්ථවත් වචන කීම ආරම්භ කරති. වයස වැඩි වීමත් සමඟ ඔවුන්ගේ වචන සම්භාරය වැඩි වන අතර කෙටි වාක්‍ය සෑදීමටද ඔවුන් ඉගෙනගනී.
සෑම දරුවෙකුම තමන්ගේම වේගයකින් සංවර්ධනය වන අතර, ඇතැම් සංවර්ධන මට්ටම් දෙමාපියන්ට සාමාන්‍ය කථන සංවර්ධනය අවබෝධ කරගැනීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස අවුරුදු දෙක වන විට බොහෝ දරුවන් වචන 50 ක් පමණ භාවිතා කරමින් “තව කිරි”, “මෙහෙට එන්න” වැනි සරල වචන දෙකක වාක්‍ය කතා කරති. අවුරුදු තුන වන විට දරුවන් කෙටි වාක්‍ය භාවිතා කරමින් තම අවශ්‍යතා පැහැදිලිව ප්‍රකාශ කරති.
කෙසේ වෙතත්, සමහර දරුවන්ට කථන සංවර්ධනයේ ප්‍රමාද ඇතිවිය හැකිය. වචන නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වීම, උපදෙස් තේරුම් ගැනීමට අපහසු වීම හෝ තම අදහස් ප්‍රකාශ කිරීමට අපහසු වීම වැනි ලක්ෂණ දැකිය හැකිය. කථන ප්‍රමාදයට හේතු වන්නේ ශ්‍රවණ ගැටළු, සංවර්ධන වෙනස්කම් හෝ සන්නිවේදන අවස්ථා අඩුවීම වැනි කරුණු විය හැකිය.
මුල් අවධියේ ලබාදෙන සහයෝගය දරුවන්ගේ කථන සංවර්ධනය සඳහා ඉතා වැදගත්ය. දෙමාපියන් දරුවා සමඟ වැඩි වශයෙන් කතා කිරීම, කතාන්දර කීම, ගීත ගායනා කිරීම සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීම මඟින් දරුවාගේ කථන හැකියාව වර්ධනය කළ හැකය.
දරුවාගේ කථන සංවර්ධනය පිළිබඳ සැකයක් ඇති නම් වෘත්තීය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මුල් අවධියේදී කරන ඇගයීම් සහ චිකිත්සක ක්‍රියාකාරකම් (therapy) මඟින් දරුවන්ට සන්නිවේදන හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ තම සම්පූර්ණ හැකියාවන්ට ළඟා වීමට උපකාරී වේ.
Beyond Therapy Center හි අප විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම තමන්ගේ හඬ සොයාගෙන විශ්වාසයෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිය යුතුය යන්නයි.
--------------------------------------------------------------------------
Finding Child's Voice Understanding Speech Development in Children
Speech development is one of the most exciting parts of a child’s early growth. From the moment babies begin to make sounds, they are starting their journey toward communication. Speech development refers to the process through which children learn to understand language, make sounds, form words, and eventually communicate their thoughts and feelings.
During the first few years of life, children rapidly develop their speech and language skills. Babies usually begin by making simple sounds such as “ba” or “ma.” By around one year of age, many children start saying their first meaningful words. As they grow, their vocabulary expands, and they gradually learn to combine words into short sentences.
Every child develops at their own pace, but certain milestones help parents understand typical speech development. For example, by the age of two, many children can say around 50 words and begin to form simple two-word phrases such as “more milk” or “come here.” By the age of three, children often speak in short sentences and can express their needs more clearly.
However, some children may experience delays in speech development. A child might have difficulty pronouncing words, understanding instructions, or expressing themselves. Speech delays can happen for many reasons, including hearing issues, developmental differences, or limited opportunities for interaction and communication.
Early support plays a very important role in helping children overcome these challenges. Parents can encourage speech development by talking to their child frequently, reading storybooks together, singing songs, and engaging in interactive play. These activities help children learn new words and build confidence in communication.
If parents are concerned about their child’s speech development, seeking guidance from professionals can make a significant difference. Early assessment and therapy can support children in building strong communication skills and reaching their full potential.
At Beyond Therapy Center, we believe that every child deserves the opportunity to find their voice and express themselves confidently.
04/06/2025
දරුවාගේ ඉගෙනුම් හැකියාවන් වර්ධණයට අපෙන් අත්වැලක්.
ඉගෙනුම යන්න සරලව පැහැදිලි කිරීමේදී අප අවට පරිසරයෙන් ලබාගන්නා තොරතුරු සහ උත්තේජනයන් නිවැරදිව ලබා ගැනීම, ලබාගත් තොරතුරු සැකසීම, එම තොරතුරු රදවා තබාගැනීම සහ අවශ්‍ය වූ විට නැවත සිහි කැදවීමට ඇති හැකියාවයි. එය දරුවාගේ සමස්ත වර්ධනයට සහ සංවර්ධනයට තීරණාත්මක සාදකයක්වේ. ඒ සඳහා දරුවා ඉගෙනගන්නා ආකාරය පිළිබඳව පුළුල් අධ්‍යනයක් කිරීම තුළින් දරුවාගේ අධ්‍යාපන අත්දැකීම් නැත්තම් පරිසරය සකස් කිරීමට එය ඔබට පිටිවහලක් වනු ඇත.
යම් දරුවන් දෘශ්‍ය ආදාරක මඟින් ඉගෙනගන්නා අතර ඇතැමුන් ශ්‍රවණ ආදාරක හෝ චාලක ක්‍රියා උපයෝගී කරගනිමින් ( අංග චලනයන් සහ අත් හැසිරීවීම්, යම් යම් දේ ස්පර්ෂය තුළින්) ඉගෙනගනු ලබයි. මෙහිදී වැදගත් වන්නේ දරුවා කුම ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ඉගෙනගන්නේ ද යන්නයි. වැදගත් දේ වන්නේ ඉහත සඳහන් ක්‍රමවේද තුන අඩු හෝ වැඩි වශයෙන් උපයෝගී කරගනිමින් දරුවන් ඉගෙගෙනගනු ලැබීමයි. දරුවාගේ නිවැරදි ඉගෙනුම් විලාසය හඳුනා ගැනීම දෙමාපියන්ට වැදගත් වන්නේ, දරුවන්ට අවශ්‍ය ඉගෙනුම් පරිසරය (අත්දැකීම්) වැඩැ දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සැකිසීමට ඒ තුළින් දෙමාපියන්ට හැකි වීමයි.
මෙහිදී වැදගත් සාධකය වන්නේ දෙමාපියන් ලෙස කොයිතාක් දුරට දරුවාගේ හැසිරීම් සහ මනාපයන් පිළිබඳ දැනුවත් භාවයක් පවතින්නේද? යන්නයි. දරුවා පොත් බලනවාද? අවට පරිසරය නිරීක්ෂණය කරනවාද? අවට ශබ්දවලට කොයිතාක් දුරට ඇහුන්කන් දෙනවාද? වීඩියෝ නැරඹීම පුරුද්දක් වශයෙන් කරනවාද? ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වනවාද? මෙලෙස දරුවා අධ්‍යනය කිරීම තුළින් දරුවාට වඩාත් ගැලපෙන ඉගෙනුම් ක්‍රමවේදය කුමක්ද යන්න ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගනු හැකිවනු ඇතැයි අප හැඟීමයි. ඊට අමතරව දරුවා මේ වන විටත් පෙර පාසලකට හෝ පාසලකට යනවානම් දරුවාගේ ගුරුවරු මුනගැසී දරුවා පිළිබඳ වීමසීම තුළින් පුළුල් අවබෝධයක් දෙමාපිය ඔබට ලබාගත හැකිය.
18/02/2025
"A Bright Future for Your Child"
Speech Therapy & Educational Therapy