Study with Ishi

Study with Ishi ඉගෙනගන්න , හීන පසුපස හඹා යන්න කැමති හැ?

𝙲𝚘𝚖𝚒𝚗𝚐 𝚂𝚘𝚘𝚗 𝙼𝚢 𝚂𝚑𝚘𝚛𝚝 𝙽𝚘𝚝𝚎 𝚅𝚒𝚍𝚎𝚘.. 𝚁𝚎𝚊𝚍𝚢 𝚏𝚘𝚛 𝚒𝚝 🤫🤗🌸
29/07/2022

𝙲𝚘𝚖𝚒𝚗𝚐 𝚂𝚘𝚘𝚗 𝙼𝚢 𝚂𝚑𝚘𝚛𝚝 𝙽𝚘𝚝𝚎 𝚅𝚒𝚍𝚎𝚘.. 𝚁𝚎𝚊𝚍𝚢 𝚏𝚘𝚛 𝚒𝚝 🤫🤗🌸

𝙴𝚏𝚏𝚎𝚌𝚝𝚒𝚟𝚎 𝚂𝚝𝚞𝚍𝚢 🌸 මං අද ඔයාලට ගෙන ගොඩක් වැදගත් post එකක්. මේක කියවලා ඔයාලගෙ studies පිළිවෙලට, ලස්සනට, ලේසියෙන් කරගන්න පු...
29/07/2022

𝙴𝚏𝚏𝚎𝚌𝚝𝚒𝚟𝚎 𝚂𝚝𝚞𝚍𝚢 🌸
මං අද ඔයාලට ගෙන ගොඩක් වැදගත් post එකක්. මේක කියවලා ඔයාලගෙ studies පිළිවෙලට, ලස්සනට, ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා.😊

📌️Tip 01 - Revise the things you have learnt...

ඉතින් ඔයාලට පුලුවන් ඔයාල අද දවසෙ school එකෙන් හෝ class එකෙන් හෝ ඉගෙන ගත්තෙ මොනාද කියලා නැවත කියවලා බලන්න.. ඒකෙන් ඔයාලට පුලුවන් exam ලං වෙද්දි ඔක්කොම වැඩ ගොඩගහගෙන දගලන්නෙ නැතුව ලේසියෙන්ම exam එකට face කරන්න. මොකද එතකොට ඔයාල ඒ වෙද්දි පාඩම් කරන්න තියෙන හැමදේම වගේ දවසගානෙ එදිනෙදා වැඩ ටික පාඩම් කරල ඉවරයිනෙ, එතකොට ඔයාලට තියෙන්නෙ exam එකට කලින් දවසෙ හෝ ඒ exam එක තියෙන සතිය වගේ ඇතුලත ඒ පාඩම් වලින් නැවත බලාගන්න ඕනෙ තැන් ,අමතකයි වගේ තියෙන තැන් තවත් හොදින් බලාගන්න එක විතරයි. එතකොට ඔයාලට කිසිම බයක්, stress එකක් නැතුව exam එකට වාඩිවෙන්න පුලුවන් . 😀👍

📌️ Tip 02 - Summarize the Chapters from your own words..

උදාහරණයක් විදිහට ගත්තොත්, ඉතිහාසය වගේ subject එකක එක unit එකක් අරන් ඔයාලට පුලුවන් ඔයාලගෙම වචන වලින් පොඩියට වැදගත්ම points ටික බලලා ඒ පාඩම සාරාංශ ගත කරන්න. මොකද ඒකෙන් ඔයාලට හොදටම තෙරුම් ගන්න පුලුවන් ඒ unit එකේ මොනවද අපිට කියලා තියෙන්නෙ කියලා. ඉස්කෝලෙ මිස් දෙන note එක ඔහේ ලියාගෙන exam ලංවෙද්දි ඒක පාඩම් කරනවට වඩා තමන්ම පාඩම කියවලා තමන්ගෙම වචනවලින් summary එකක් note down කරන එක ගොඩක්ම effective වෙනවා. 😘

📌️ Tip 03 - Draw Diagrams and try to label

ඉතින් Science වගේ subject එකක් ගත්තොත්, අපි හිතමු ඇසේ කොටස් ටික අපිට පාඩම් කරන්න ඕනෙ කියලා, ඉතින් ඔයාලට පුලුවන් කොල අරගෙන ඔයාගෙම අතින් ඒ රූප සටහන් ඇදලා මතක විදිහට ඒකෙ කොටස් නම් කරන්න, නැවත් පොත බලලා අඩුපාඩ හදාගන්න, ඔය විදිහට නිතර නිතර diagrams ඇදලා ඒව නම් කරන එකෙන් ඔයාලට ලේසියෙන්ම ඒ දේවල් මතක තියාගන්න පුලුවන් වෙනවා😁

📌️ Tpi 04 - Try to teach for someone else

ඔයාල පාඩම් කරද්දි එක දිගට පාඩම කියවනවට වඩා තවත් කෙනෙක්ට උගන්නන ගමන් පාඩම් කරන එක තවත් හොදයි, මොකද එතකොට ඔයාලට හොදටම තේරෙනවා ඒ පාඩමේ මොනාද වැදගත් point කියන එක. ඔයාල පාඩම් කරන වෙලාවට තවත් කෙනෙක්ට ඔයා උගන්නනවා කියලා හිතාගෙන වැඩ කරගෙන යන්න. .... ඉතින් මං අද කිවුවෙ හරිම පොඩි දේවල් ටිකක්, තවත් tips ටිකක් තියෙනවා ඔයාලට කියන්න. ඒක මම අලුත් post එකකින් ඔයාලට දෙන්නම්❤

ඔයාලා වෙනුවෙන් share කරන්න ඕනෙ මොන වගේ postද කියලා ඔයාලම comment එකක් දෙන්න. (Post Topics) 😍😘❤
13/07/2022

ඔයාලා වෙනුවෙන් share කරන්න ඕනෙ මොන වගේ postද කියලා ඔයාලම comment එකක් දෙන්න. (Post Topics) 😍😘❤

Address

Polhena
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Study with Ishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Study with Ishi:

Shortcuts

Share