13/01/2026
අකුරට යන්න සැරසෙන
නව පරපුරට...
එළියක් වෙන්න දරනා
ඒ සෙනෙහසට...
යුතුකම් මහිමෙ බලයෙන්
ජය තනවන්ට...
මනුදම් මෙහෙය හෙට
දිනනා උනුන්හට...
යුතුකම 2026 | Day 02 Album
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
#කැලණියවිශ්වවිද් #කැලණිය #යුතුකම
13/01/2026
බොඳව ගිය හීන වලට
නැවත වර්ණයක් දෙන්න...
දැනුමේ අත්තටු සලමින්
විශ්වයටම පියාඹන්න...
නොදුටු නව ලෝකයකට
හෙට දින අරුණලු වන්න...
ලත් දැනුමෙන් සන්නද්ධව
තාරකාවක් සේ දිලෙන්න...
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද "යුතුකම" සමාජ සත්කාරක ව්‍යාපෘතියේ 6 වන අදියර ත්‍රි/ත්‍රිඋ/පදවිපලුගහවංගුව මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඉතා සාර්ථකව නිම විය.
දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉගෙනුමට පවතින දැඩි උනන්දුවට ශක්තියක් වෙමින්, දරුවන්ගේ තාක්ෂණික සහ විෂය දැනුම වර්ධනය කිරීමට අප දැරූ උත්සාහය "දිවයින" පුවත්පත මෙලෙස අගය කර තිබුණි.
සරසවියෙන් ලත් දැනුම සරසවියට පමණක් සීමා නොකර, රටේ අනාගතය වෙනුවෙන් බෙදා දීමට ලැබීම අප ලැබූ මහඟු භාග්‍යයකි.
යුතුකම 2026
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
#කැලණියවිශ්වවිද් #කැලණිය #යුතුකම
08/01/2026
හීන දිනනා ලොවක්
තැනුමට...
පවුරු බැඳගෙන හෙටක්
දිනුමට...
එක් කරන් මිතුදමින්
සැමදෙන...
පියනගන් හැම තුටින්
සිප් තෙරට...
ත්‍රි/ත්‍රිඋ/ පදවි ජයන්ති මහා විද්‍යාලය
ත්‍රි/ත්‍රිඋ/ පදවි ධර්මාලෝක පිරිවන
ත්‍රි/ත්‍රිඋ/ පදවි යාය 10 තිස්ස විද්‍යාලය
ත්‍රි/ත්‍රිඋ/ පදවි පලුගහ වංගුව මහා විද්‍යාලය
ත්‍රි/ත්‍රිඋ/ පදවි යාය 13
යන පාසල් සහාභාගී කරගනිමින් යුතුකම 6 වන අදියර අති සාර්ථක අන්දමින් අවසන් කරන ලදී.
යුතුකම 2026 අති සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දුන් සැමට ස්තූතිය.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
#කැලණියවිශ්වවිද් #කැලණිය #යුතුකම
08/01/2026
පවුරු බැදගෙන
අඩිය තබමින්
හෙටක් දිනුමට
පෙළ සදන්...
සැවොම එක් වෙමු
එළිය කරනට
යුතුකමේ බල පෙන්වමින්.....
යුතුකම 2026
English විෂය සාර්ථක ලෙස අවසන් කරන ලදී.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
08/01/2026
අදුරු සෙවණැලි
කදුලු රජයන...
පාළු මාවත්
පසු කරන් යන...
හීන දිනනා
ලොවට යන්නට...
මිතුරු සැම දෙන
එක් කරන් අප...
යුතුකම 2026
English විෂය ආරම්භ වූ වගයි.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
07/01/2026
අඳුරක් පරදවා
නව සිළු දල්වන්ට...
දෙනෙත් පාදවා
උරෙනුර වෙහෙසන්ට...
පූදින පියුම් ගෙන්වා
දිවි මඟ සරසන්ට...
"යුතුකම" වේවා
ජය ඉනිමක් තනවන්ට...
යුතුකම 2026
ICT විෂය සාර්ථක ලෙස අවසන් කරන ලදී.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
07/01/2026
අඳුර නසා මුළු ලොව
එළියෙන් බබළන්න...
නව මිතුදම් සැම සිත්
තුළ දළුලන්න...
බාධක බිඳ දමමින්
ස්නේහය පතුරන්න...
ජය ටැඹ කරා යමු
සැම බල පෙන්වන්න...
යුතුකම 2026
ICT විෂය ආරම්භ වූ වගයි.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
06/01/2026
නිදහසේ තටු දිගැර
පියාසර කරන්නට...
ඇස් මානෙ එහා ගිය
ලෝකයක් දකින්නට...
අඳුරු පැති මකා දා
එළියකින් දිලෙන්නට...
නැවුම් අරුණලු මැදින්
ජීවිතේ දිනන්නට...
යුතුකම 2026
විද්‍යාව විශය සාර්ථක ලෙස අවසන් කරන ලදී.
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
18/02/2025
නැණ ගුණ තුලින්
කිරුලු පලඳින්නට
අකුරු සිහිනය
සිහිනයක් නොවන්නට
පියඹනා සියොතුන් සේ
නිදහසේ සරන්නට
යුතුකමේ සෙනෙහසින්
ජය කරා යන්නට
දැනුම සොයා යන ගමනේ
අව්‍යාජ හිත් වලට දැනුම ගොනු කරන්නට අප දැරූ වෑයම අති සාර්ථක වෙද්දී
ඔවුන් දනුමෙන් සුපෝශනය වෙද්දී...
තවත් අප එක් වගකීමක්...
"යුතුකම" ලෙස පුරා දින 5ක මෙහෙයුමකින් අති සාර්ථක ලෙස අවසන් විය.
යුතුකම පස්වන අදියර අති සාර්ථකව කන්තලේ ජයන්තිපුර විද්‍යාලයේදී අවසන් කළ වගයි!
පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය