NCP/A/KK/IP/Mahailuppallama Maha Vidyalaya

NCP/A/KK/IP/Mahailuppallama Maha Vidyalaya අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය

ගුරුභවතුන් හා පාසල් ප්‍රජාව වෙත .අද දින අප පාසල රනින් සැරසූ ජයග්‍රාහි  දිනයක් මෙන්ම පාසල් ඉතිහාසයයේ සුවිශේෂී හැරවුම් ලක්...
22/12/2023

ගුරුභවතුන් හා පාසල් ප්‍රජාව වෙත .

අද දින අප පාසල රනින් සැරසූ ජයග්‍රාහි දිනයක් මෙන්ම පාසල් ඉතිහාසයයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සටහන් කළ දිනයක් බව පාසලේ විදුහල්පති ලෙස ගෞරව අභිමානයෙන් දැනුම් දෙමි.

අද දින කැකිරාව කලාප අධ්‍යාපන කාර්‍යාලය විසින් විශිෂ්ට විභාග ප්‍රතිඵල ලබාදුන් පාසල් ඇගයීම සදහා විශිෂ්ට ප්‍රණාම උළෙලක් පවත්වන ලදි .
එහිදී ප්‍රාථමික හා ද්විතීයික යන අංශ දෙකෙන්ම විශිෂ්ට පාසලක් ලෙස අප පාසල ඇගයීමට ලක් වූ බව සතුටින් දැනුම් දෙමි .

2023 ශිෂ්‍යත්ව විභාගය මෙන්ම 2022 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් අප පාසල ලබාගත් ප්‍රතිඵල සුවිශේෂිව ඇගයීමට ලක් විය.

මෙය මා තනිව ලබාගත් ජයග්‍රහණයක් නොව පාසල කෙරෙහි හැගීමකින් කටයුතු කළ සියලුම දෙනාගේ ජයග්‍රහණයක් බව සංවේදීව ප්‍රකාශ කරමි.

ප්‍රාථමික අංශයේ සියලුම ගුරුභවතුන්ට හා එම දරුවන්ට මෙන්ම
ද්විතීයික අංශයේ සියලුම ගුරුභවතුන් හා එම දරුවන්ට,
ඒ සදහා සහය දුන් දෙමාපියන්ට මෙන්ම ආදි සිසුන් හා සුබපතන්නන්ට පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ඇතුළු විධායක කමිටුවට,
මාගේ පාසලේ නියෝජ්‍ය හා සහකාර විදුහල්පති ඇතුළු කළමනාකරණ කමිටුවට , අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ නිහඩ සේවය මෙන්ම සහය දුන් නිලධාරින් වෙත මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි .

රටේ ජීවනාලිය මෙන්ම සමාජයේ ප්‍රගමනය සදහා අධ්‍යාපනය ඉතා වැදගත් වනු ඇත . මෙම ජයග්‍රහණය සදහා කැප වූ සියලුම දෙනා පරාර්ථකාමි සොදුරු මිනිසුන් ලෙස අවසන් වශයෙන් කෘතවේදීව සිහිපත් කරමි .

තෙරුවන් සරණයි .
ආර්.ඩබ්.එම්.කේ.එස්.එල්. රාජපක්ෂ
විදුහල්පති

අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය

26/02/2023

Address

Kekirawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when NCP/A/KK/IP/Mahailuppallama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category