06/01/2019
ජිවිතේ අනිත්‍යයි කියල අහල තිබ්බට අපි හැමෝම කරන්නේ හිත රවට්ට ගන්න එක. අපි හැමෝටම මේ දැනට තියෙන තත්ව ලැබුනේ පෙර කර්මයන් සහ ඒවායේ ඵලයන් අනුව. බුදු බණට දේශනා කරලා තියෙන්නේ එහෙම.
සරලව කීවොත් උඹල අපි යාලුවෝ සහෝදරයෝ සහෝදරියෝ වගේ අදුනගෙන දැනගෙන දුක සැප බෙදාගන්නේ කර්මානු රූපිව. උඹල අපි යහළුවෝ වෙලා තියෙන්නේ ගිය ආත්මවල කරලා තියෙන කර්මයන්ට අනුව. අපි සංසාරේ එකට එන්න ඇති. උඹත් මමත් අපි හැමෝමත් අකාල මරණ වලින් මැරිච්ච වාර ගණන හිතාගන්නවත් බෑ. අද දවසේ මේ අපි ලබන දුක අපිට ලැබෙන්නේ අපි සංසාරේ කරලා තියෙන යම්කිසි අකුසල කර්මයක ඵලයක්ම තමා. අපිට වඩා දුකක් ඒ බ්රිඳ දරුවෝ විඳිනවා, මෙහම තමයි සංසාරේ ගමන.......
මේක අපේ ලඟින්ම ආදරෙන් හිටි දෙවෙනි යාළුවගේ සමුගැනීම... සහ ඒක වෙන්නෙත් අකාලයේ... හෙට මේක අපිට වෙන්න පුළුවන් නේද..... උඹලට එහෙම හිතන්න හිතට ශක්තියක් තියෙනවද.... මේක ලියන මට එහෙම හිතන්න ශක්තියක් තියෙනවද...... ජීවිතය අනිත්‍යයි කියල අපි තෙරුම්ගමු. චන්දනයි අමිතයි අපිට කියල දෙන්නේ ලොකුම ලොකු පාඩමක්.... ඒ දෙන්නගේ ජිවිත ගමන නතර උනා. උඹටයි මටයි අපි හැමෝටත් හෙටක් තියෙනවද කියල හිතාගන්නවත් බැරිවෙන්න තරම් ලොකු බයක් හිතට එන්නේ නැද්ද.... ජිවිතයට ඉතුරුවෙන්නේ අපි මේ දැන් මේ මොහොතේ කරන දේවලට අදාල පල විපාකයන් විතරයි.... මේ මරණය වෙනුවෙන් සතියක් වැලපිලා උඹයි මමයි අයෙත් ජිවිතේ තරගයට වැටෙයි... එහෙම වෙන්න දෙන්න බෑ කියල හිතන්න ශකිතියක් හැමෝට ලැබේවා! අපිට ජිවිතේ අනිත්‍යය වටහල දීල අමිතය සමුගෙන ගිය පිනෙන්, මේ මොහොතේ පින් අනුමෝදන් කරගන්න තැනක උප්පතිය ලබා සිටිනවා නම්, මේ ආත්මයේ අමිතය කරගත්තවූ සියලු කුසල් සංස්කාර සහ අනන්ත සංසාරයේ කරන ලද්දා වූ කුසල් බලයෙන් සුගතියෙන් සුගතියට යන්නටත් මතු ආත්මයක උපදිනවා නම් උපදින ආත්මයක් පාසා අකල් මරණ වලින් තොර වු කුසල් පාරමී පුරන මිනිස් ආත්මයක් ලබා ගැනීමට සියලුම පින් හේතුවේවා!