2009/2012 ආදි සේනානි සහෝදරත්වයේ දෑගිලි

  • Home
  • Sri Lanka
  • Kegalle
  • 2009/2012 ආදි සේනානි සහෝදරත්වයේ දෑගිලි

2009/2012 ආදි සේනානි සහෝදරත්වයේ දෑගිලි Dudley senanayake central college 2012 A/L & 2009 O/L batch Blue and gold harmony 2016

මතකයිද,අපි ගිය පුංචි ස්කෝලෙ,ඒ පුංචි පන්තිය,ඒ කෙළිදෙලෙන් සෙල්ලම් කල පුංචිම පුංචි පැටව්ඒ අපේ ලෝකය.........හ්ම්ම...... ම්ම්...
16/02/2018

මතකයිද,
අපි ගිය පුංචි ස්කෝලෙ,
ඒ පුංචි පන්තිය,
ඒ කෙළිදෙලෙන් සෙල්ලම් කල පුංචිම පුංචි පැටව්
ඒ අපේ ලෝකය.........
හ්ම්ම...... ම්ම්ම්ම්...... ම්ම්ම්ම්ම්.......
දැන් ලොකුයිලු අපි
ඒ පුංචි පුටුවෙ ඉදගන්නත් අමාරුයිලු
ඒ මිදුලෙ සෙල්ලම් කරන්නත් අමාරුයිලු
දැන්...........
අපි රුවින් වෙනස් වෙලා
කතාවෙන් වෙනස් වෙලා
අපි දැන් ලොකු නැන්දල මාමල........... වෙලාද
කාලය මැව් වෙනසක අරුමේ
අපේ පුංචි කාලයට අරුතක් දුන්නෙ
දෙවනි මව වන් ඔබයි මෑණියනි............. පාඨශාලා
අප අද මිනිසුන් වූයේ ඔබ නිසයි,
ගුරු මව් වරුණි පිය වරුණි
අප කොතනද අද...... නෑ කිසිදු වරදක් ඔබගේ සික්ශණයේ
සදා කල් ඔබ තුරුලේ, ඔබගේ රුකුල් ලබනා

මේ පුංචි පැටවුන්ගේ එකම වචනයකට එක තිතකට,
එකම තෙලි තුඩකට
පුංචිම පුංචි සහයතාවයක් අපිටත් කල හැකිද ????
මේ පුංචි පැටවුන්ටත්, අපිට වඩා දුරක් දකින්නට,
දුරක් යන්නට, ඒ මූනේ සිනහවක් ගෙනෙන්නට
අපිට පින් බිදක් කර ගන්නට
මගේ ආදරණීය මිතුරු මිතුරියන්ට දෑතට දෑත
එන්න පැටවුන්ගේ ලෝකයට.........
ආරාධනා

නැන්දේ, මාමේ........
අයියේ, අක්කේ කියැයි උන් අපිට,
අනේ මට තව එකක් දෙන්න......
කියයි ආසාවෙන්
සිනා වෙයි ගොඩක් ආදරෙන්
දෙන්න දෑතට දෑත
ඒ සතුට බලන්නට
😊😊😊

කට්ටියම ආයෙත් මේ වගේ වැඩකට එකතු වෙමු නේද....✌️
16/02/2018

කට්ටියම ආයෙත් මේ වගේ වැඩකට එකතු වෙමු නේද....✌️

සිප් සතර නිම කරල ඉස්කෝලෙන් අයින් වෙලා යාලුවන්ගෙන් ඈත් වෙලා ඉන්න උබත් මමත් ආසයි රැල්ලට යන get together එකක් තියල ජැන්ඩියට...
16/02/2018

සිප් සතර නිම කරල ඉස්කෝලෙන් අයින් වෙලා යාලුවන්ගෙන් ඈත් වෙලා ඉන්න උබත් මමත් ආසයි රැල්ලට යන get together එකක් තියල ජැන්ඩියට ඇඳගෙන පරණ මතක අලුත් කරගන්න. අනිවාර්යයෙන් ඔවු !!

නිකමට හිතන්න ඒ වියදම් කරන සල්ලි එකතු කරල ආයෙත් ඉස්කෝලෙටම ගියොත්???? පුදුමයක් නෑ මචං.කැමතිද පුංචිම පුංචි වෙනසකට?

ඔවු අපි යමු ඉස්කෝලෙ.නිකන් නෙමෙයි චූටි බට්ටො බට්ටියන්ට තෑගිත් අරගෙනම අවුරුද්දටත් ඉස්සෙල්ලාම නෑගම්...

තුඩ ගාවටම ගෙවුන පැන්සල වෙනුවට අලුත් එකක් අරන්..
පිටු ඉවර වෙන්න එන රූල් පොත වෙනුවට අලුත් පොත් අරන්..
නූල් ලෙහිල අඩිය ගෙවිල තියන සපත්තු ජෝඩුව වෙනුවට අලුත් සපත්තු අරන්...

නෑ මචං බල කරන්නෙ නෑ..

එදාට අහිංසක මූණකට හිනාවක් එකතු කරන්න උබටත් පුලුවන් වෙයි....

වැඩි විස්තර ඕනි නම්,

කලන- 071-9733523
ලසිනි- 071-3078329
ශාමින්ග - 071-4244237 (Viber)

-සේනානියෙ 09" - 12" අපි-

06/04/2017

අවුරුදු 5කින් කට්ටිය සෙට් උනේ නෑ නේද?
මොකෝ කියන්නෙ.
ආයෙ කට්ටිය සෙට් වෙමුද?
කොහොමද සෙට් වෙන්නෙ?
අපි ගමු get එකක්.
get එකක්??????
ඔව් ඔව් බන් get එකක්.
කට්ටිය සෙට් වෙලා සින්දුවක් කියල කාල බීල එහෙම පොඩි shot එකක් දාල ගමු බන් අපිත් get එකක්.
සෙට් වෙන්න. බොන්න. අවුලක් නැද්ද බන්.
ඇයි බන් එහෙමනෙ අනිත් උන් get ගන්නෙ.
ඒ උනාට කරමු බන් අපි වෙනසක්.
ඒ කොහොමද බන් ඒ,,,
කට්ටිය සෙට් වෙලා කර ගමු බන් පිනක්. බල්ලපානෙ තියෙනවලු බන් වැඩිහිටි නිවාසයක්. ඕලන්ද වත්තෙලු. යමු බන් බක් මහේ 9 වෙනිද උදේ පාන්දරම අපේ සෙට් එක. ගමු පොඩි ආතල් එකක් ලොකු පිනක් එක්ක. හිනා වෙමු බන් ඒ අම්මල තාත්තල එක්ක දවසක්. කියමු සින්දුවක් දෙකක්. ගහමු තාලෙට අත්පුඩියක්. කමු ඒ මනුස්සයො එක්ක බත් කටක්. බොමු ඒ මනුස්සයො එක්ක ප්ලේන්ටියක්. අපි කරමු බන් අපේ තාලෙ GET එකක්.
2009/2012 ආදි සේනානියන් හට කෙරෙන සුහද ආරාදනාවයි.:-) :-) :-) :-)

පුලුවන් ඔක්කොම උන් මේ ඉරිදා උදේ  9 ට අපේ ඉස්කෝලෙ ඉස්සරහට වරෙල්ලා, මචන්ලා වැඩේට හිතුවට වඩා බර ගානක් ‍යනව. ඒ හින්ද උබලගෙ ස...
16/03/2017

පුලුවන් ඔක්කොම උන් මේ ඉරිදා උදේ 9 ට අපේ ඉස්කෝලෙ ඉස්සරහට වරෙල්ලා, මචන්ලා වැඩේට හිතුවට වඩා බර ගානක් ‍යනව. ඒ හින්ද උබලගෙ සහයෝගෙ ගොඩක් වටිනව...

93 උන් වෙනස්... තෝංගමුවේ අපි කොහොමත් වෙනස්... අපේ ලොකුයි තමයි, හදවත. ලොකු හදවත් තියෙන 2012 batch එකේ උන් සෙට්වෙයව්... තා...
05/03/2017

93 උන් වෙනස්... තෝංගමුවේ අපි කොහොමත් වෙනස්... අපේ ලොකුයි තමයි, හදවත. ලොකු හදවත් තියෙන 2012 batch එකේ උන් සෙට්වෙයව්... තාමත් අපේ හදවත් එදා වගේමයි කියලා පෙන්නන්න.

Address

A1
Kegalle

Alerts

Be the first to know and let us send you an email when 2009/2012 ආදි සේනානි සහෝදරත්වයේ දෑගිලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category