09/06/2020
⚙️👇👇👇👇👇👇
ට‍්‍රාන්සිස්ටරයක් කි‍්‍රයාකාරී කරගැනීමට පහත සඳහන් ලෙස අභ්‍යන්තර සන්ධි නැඹුරු කළ යුතු ය.
පාදම විමෝචක සන්ධිය ඉදිරි නැඹුරු කළ යුතු අතර පාදම සංග‍්‍රාහක සන්ධිය පසු නැඹුරු කළ යුතු වේ. මෙසේ නැඹුරු කිරීමට අවශ්‍ය සැපයුම ලබාදෙන ආකෘතිය රූපයේ දැක්වේ.
ට‍්‍රාන්සිස්ටරයක් කි‍්‍රයාකාරී වීම යනු NPN සහ PNP ට‍්‍රාන්සිිස්ටර්වල පිළිවෙළින් සංග‍්‍රාහකයේ සිට විමෝචකයට සහ විමෝචකයේ සිට සංග‍්‍රාහකය දක්වා ධාරාවක් ගැලීමට සැලැස්වීම ය. ට‍්‍රාන්සිස්ටරයක් කි‍්‍රයාකාරීවීමට නම්, පාදම විමෝචක සන්ධිය ඉදිරි නැඹුරු කළ යුතු අතර, එහි විභව ඛාධකය (සිලිකන් ට‍්‍රාන්සිස්ටරයක නම් 0.6v විභවයක් ද ජර්මේනියම් ට‍්‍රාන්සිස්ටරයක් නම් 0.2v විභවයක් ද* මැඩලිය හැකි විභවයක් විමෝචකයට සාපේක්ෂ ව පාදම වෙතට බාහිරින් ලබා දිය යුතු වේ.