07/03/2026
අපි ශ්‍රීපාලි අධ්‍යාපන ආයතනයේ ස්මාර්ට් කාඩ් එකක් හඳුන්වලා දුන්නා මේ මාර්තු මාසේ ඉඳලා
මේකටනම් හෑල්ලක් ලියන්නම හිතුනා
මොකද වෙන අයට මේක ලොකු දෙයක් නොවුනට මට ඒක මගේ target එකක්.
මීට අවුරුදු 5 කට කලින් අක්කා කෙනෙක් ඇවිත් මල්ලි මෙහෙ ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා අහපු තැන ඉඳලා මේ අවුරුදු පහට අපි ආව දුර ගැන මාර සතුටුයි..
පලවෙනි අවුරුද්දෙම ඇහුවේ ඕක හරියන්නේ නැ... ඔතන්ට කවුද එන්නේ කියලා අහපු ඒවා ඕනතරම්....
ඒත් එයාලත් අන්තිමට ආවා හොඳ ගුරුවරුත් ආවා.. අපේ ඩෙස් මදි වෙද්දි පොඩි එවුන් හිර වෙලා ඉගෙන ගත්තා..ටීචලා සර්ලා දාඩිය පෙරාගෙන කොහොම හරි පොඩි එවුන් ගොඩ දාන්න ට්‍රයි කරා. අපි ගොඩනැගුව ඒ විශ්වාසය ඵල දරන්න වැඩි කාලයක් ගියෙනැ.. මේ වනවිට ළමයින් 30කට වඩා ශිෂ්‍යත්වය සමත් කරලා තියෙනවා.. අපි ගෘෘප් හදලා පේපර් ශෙයා කරලා හැමෝටම දැනුම බෙදලා දුන්නා..
මාමේ මම පාස්... මල්ලි පුතා පාස්... අයියේ දුව පාස්... මල්ලි පුතාගේ ඉස්කෝලේ මාරු කරගත්තා ..දුව අහවල් ඉස්කෝලෙට දාගත්තා අයියේ.. මේ පාර පන්තියේ පලවෙනියා... මේවා තමා මේ අවුරුදු පහට අහපු අහන්න ආසම කතා... අපිත් එක්ක නොසැලි හිටිය ගුරුවරු මතක් නොකොලොත් හරි මදි..ෆෑන් එකක්වත් නැතුව දාඩිය පෙරි පෙරි පොඩි වයිට් බෝඩ් එකක ඔක්කොම බැලන්ස් කරලා මල්ලි අපි මෙහෙම කරමු අයියේ මේ ක්ලාස් එක මෙහෙම කරමු කියලා අපිටත් මෝටිවේෂෙන් දිලා ගෙදර තිබ්බ ඩෙස් බංකුත් නිකම්ම මට දිලා මේ ආයතනය එයාලගේ තැනක්වගේ බලාගත්ත, බලාගන්න එකටත් අනේක වාරයක් ස්තුතියි කියන්නම ඕනේ. ප්‍රශ්න එද්දි කට කොනින් හිනාවෙලා ඒවා බැහැර කරපු සුන්දර ගුරුමණ්ඩලයක් අපසතුයි.. ඒ ගුරු මණ්ඩලයත් ආයතනයත් පිලිබඳ විශ්වාස කරලා දරුවන් අප වෙත යොමුකරපු ආදරණීය දෙමාපියන්ටත් අපගේ අඩුපාඩු දරාගෙන මෙතෙන්ටම ආපු එකටත් ස්තුති කරන්නම ඕනේ.. ශ්‍රීපාලි කියන නම ගොඩනගන්න මේ අඹන්පිටිය ගමේ වගේම කෑගල්ල පුරා සිටින සුන්දර මිනිස්සු ගොඩක් එකතු වුනා.. ඉතිං ඒ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි.. තව ඉදිරියට තව දේවල් ගොඩක් දෙන්න හිතාගෙන ඉන්නවා... අපිත් එක්ක ඉන්න.. අපි යන්නේ හෙමින් තමයි... හැබැයි ගමන දුරයි... ස්තුතියි..
ශ්‍රිපාලි අධ්‍යාපන ආයතනය