20/03/2026
ඔන්ලයින් හරහා ගණිතය මුල සිට සරලව free ඉගෙනගන්න
6 සිට 11 වසර දක්වා
මාස 3 ක කාලයකින් ලොකු දැනුමක් ගන්න ඔයත් එන්න .
මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සරලව
ප්‍රශ්න පත්‍ර මගින් විභාගයට හුරු කරවීම
සෑම පාඩමකටම අදාලව ප්‍රශ්න පත්‍ර
ෂෙහාන් සර්
072 3781001 whatsap හරහා විමසන්න
✅ගණිතයට A එකක් සිහිනයක් නොවේ.
ආරම්භය අප්‍රේල් 2,3,4,5 දිනයන් වලදී
කිසිම මුදලක් අය කිරීමක් නැත .
Free
17/03/2026
Math Land කියන cartoon ලෝකයක් තිබුණා 🌈
ඒ ලෝකයේ අංක යාලුවෝ හිටියා: 1, 2, 3, 4, 5…
ඒත් ඔවුන් අතරට එක අමුතු කෙනෙක් ආවා…
එයාගේ නම 👉 X 😎
X කියන්නේ “රහස් අංකයක්”
කවුරුත් දන්නේ නෑ එයා කොච්චරද කියලා!
⸻
ඉතින් අපි x කීයද කවුද හොයාගන්න ඕන ..
සරලව හෙමින් හිතුවොත් පුලුවන් 😇
මුල සිට සරලව ගණිතය ඉගෙනගන්න ඔයත් ෂෙහාන් සර්ගෙ ගනන් පන්තියට join වෙන්න
17/03/2026
ගමේ school එකක “සඳුනි” කියන ගැහැණු ළමයෙක් හිටියා.
ඇයට ගුණ කිරීම (multiplication) කියන්නේ හරි අමාරුයි.
එක දවසක් ගුරුතුමිය පන්තියට ඇවිත් අහනවා:
“සඳුනි, 3 × 4 කොච්චරද?”
සඳුනි ටිකක් බය වෙලා හිටියා…
ඒත් ගුරුතුමිය කිව්වා:
“බය වෙන්න එපා. මේක game එකක් වගේ හිතන්න.”
ඇය table එක උඩට ඇපල් 3ක් තියාගෙන, ඒ වගේම group 4ක් හදලා පෙන්නුවා 🍎🍎🍎
“මෙන්න group 1… group 2… group 3… group 4…”
“දැන් ඔක්කොම ඇපල් ගණන් කරලා කියන්නකෝ?”
සඳුනි හිතලා ගණන් කරා:
3 + 3 + 3 + 3 = 12
“Miss! 12!” කියලා ඇය සතුටින් කිව්වා.
ගුරුතුමිය හිනා වෙලා කිව්වා:
“ඒක තමයි 3 × 4 = 12 කියන්නේ!”
එදා ඉඳන් සඳුනිට වැටහුණා—
👉 multiplication කියන්නේ නැවත නැවත එකතු කිරීමක් කියලා
ඊට පස්සේ ඇය ගණිතයට ආදරේ කරන්න පටන් ගත්තා ❤️
⸻
✨ කතාවේ අදහස:
“අමාරුයි කියලා හිතෙන ගණිතයත් සරල විදිහට බැලුවොත් ලේසි වෙනවා.”
17/03/2026
භාග (Fractions) කියන්නේ සරලවම කිවහොත් යම් සම්පූර්ණ දෙයක් සමාන කොටස් වලට බෙදූ විට ලැබෙන කොටස් ප්‍රමාණයටයි.
අපි මෙය උදාහරණයකින් තේරුම් ගනිමු.
1. භාගයක මූලික හැඩය
භාගයක් ලියන විට ඉලක්කම් දෙකක් භාවිතා වේ:
• උඩ ඉලක්කම (අංශය / Numerator): අප ලබාගෙන ඇති කොටස් ගණන.
• යට ඉලක්කම (හරය / Denominator): සම්පූර්ණ දෙය බෙදා ඇති මුළු සමාන කොටස් ගණන.
💙💙💙💙එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක්
සිතන්න ඔබ ළඟ එක සමාන පීසා (Pizza) එකක් තිබෙනවා කියා.
• ඔබ එය සමාන කොටස් 2කට කැපුවොත්, එක කොටසක් මුළු පීසා එකෙන් දෙකෙන් එකකි .
මෙය අපි "බාගයක්" ලෙස හඳුන්වනවා.
• ඔබ එය සමාන කොටස් 4කට කැපුවොත්, එක කොටසක් හතරෙන් එකකි .මෙය අපි "කාලක්" ලෙස හඳුන්වනවා.
භාග වර්ග කිහිපයක්
1. සභාග (Proper Fractions): උඩ ඉලක්කම යට ඉලක්කමට වඩා කුඩා වේ
2. විෂම භාග (Improper Fractions): උඩ ඉලක්කම යට ඉලක්කමට වඩා විශාල වේ
3. මිශ්‍ර සංඛ්‍යා (Mixed Numbers): පූර්ණ සංඛ්‍යාවක් සහ භාගයක් එකතු වී ඇත
උදාහරණයක් – කේක් භාග:
• මොකක්ද තියෙන්නේ: 🍰 කේක් එකක්
• අපිට 4 කොටස් වෙන් කරන්න ඕන
• අපි 1 කොටස කපා ගත්තොත් → ඒක කියන්නේ 1/4 (එක් කොටස හතරෙන් එක)
• 2 කොටස් කපා ගත්තොත් → 2/4 = 1/2
• 3 කොටස් → 3/4
• සම්පූර්ණ කේක් එක → 4/4 = 1
17/03/2026
වර්ගඵලය (Area) යනු යම් පැතලි පෘෂ්ඨයක් හෝ හැඩයක් විසින් වසා ගනු ලබන ඉඩ ප්‍රමාණයයි. මෙය මැනීම සඳහා අපි සමචතුරස්‍ර ඒකක භාවිතා කරමු.
ප්‍රධාන ජ්‍යාමිතික හැඩතල කිහිපයක වර්ගඵලය සෙවීමේ ක්‍රම පහත දැක්වේ:
1. සෘජුකෝණාස්‍රයක වර්ගඵලය
සෘජුකෝණාස්‍රයක වර්ගඵලය සෙවීම සඳහා එහි දිග සහ පළල එකිනෙක ගුණ කළ යුතුය.
• සූත්‍රය: වර්ගඵලය = දිග ගුණ කිරීම පළල
2. සමචතුරස්‍රයක වර්ගඵලය
සමචතුරස්‍රයක සියලු පැති සමාන බැවින්, එක් පැත්තක දිග එම අගයෙන්ම ගුණ කළ යුතුය.
• සූත්‍රය: වර්ගඵලය = පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග
3. ත්‍රිකෝණයක වර්ගඵලය
ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමට එහි ආධාරකයේ දිග සහ ලම්බ උස ගුණ කර එය දෙකෙන් බෙදිය යුතුය.
මුල සිට සරලව කියා දෙන්න අපේ class එකට ඔයත් එන්න .ගණිතයේ විශිෂ්ටයෙකු වන්න ✅
17/03/2026
👉Quadratic Equations – x² තියෙන සමීකරණ
👉 සාධක ( Factorization) – expression බිඳලා ලියන එක
👉 Trigonometry (ත්‍රිකෝණමිතිය) – sin, cos, tan 📐
👉 Probability (සම්භාවිතාව) – chance එක 🎲
👉 Statistics (සංඛ්‍යානය) – mean, median, mode
👉 Sequences & Series – pattern අනුව යන සංඛ්‍යා
මේ ටික හරියට ඉගෙනගත්තොත් ඔයාට ගණිතය A එකක් sure ✅
10/11 දුවල පුතාල class එකට සම්බන්ද වෙන්න whatsap number එකට පණිවිඩය ක් එවන්න
17/03/2026
පරිමිතිය (Perimeter)
පරිමිතිය යනු ඕනෑම ජ්‍යාමිතික හැඩයක පිටත මායිම හරහා යන දිගයි.
• පරිමිතිය ගණනය කිරීම සඳහා, අපි එම හැඩයේ එක් එක් මායිමේ දිග එකතු කරන්නෙමු.
• සෘජුකෝණාස්‍රයක පරිමිතිය = දිග + පළල + දිග + පළල
17/03/2026
🌟 “ගණිතය කියන්නේ මතක තියාගන්න දෙයක් නෙවෙයි…
තේරුම් ගන්න දෙයක්.”