11/01/2022
1985 වසරේදී අද වැනි දිනක ආරම්භ කෙරුණු ස්වර්ණජයන්ති මහා විද්‍යාලය, අද වන විට ජාතික පාසැලක් බවට පත් වී ඇත. පුරා වසර 37ක කාලයක් විදුමව ලොවට නැණ ගුණ සපිරි පුරවැසියන් දායාද කර ඇත. අප අද සමාජයේ යම් තැනක කොන්ද කෙළින් තබාගෙන ජිවත් වන්නේද, ඒ ඇගෙන් ලැබූ පන්නරයෙන්මය.
දිවංගත ටී. ගුණරත්න මැතිඳුන්, විශ්‍රාමික විදුහල්ති, කපිතාන්, ඒ. ජේ. එම්. සුගතදාස මැතිඳුන්, විශ්‍රාමික විදුහල්පති ඒ. ඩී. වසන්ත කුමාර මැතිඳුන් සහ එකල පාසලේ ජීවනාලිය බඳු වූ ගුරුවරුන් විසින් මෙම වසර 37ක කාලය තුළ පාසලෙහි උන්නතිය වෙනුවෙන් අප්‍රමාණ සේවයන් ඉටු කරන ලදි. එහි අග්‍ර ඵලය වර්තමානයේ දූදරුවන් නෙළා ගන්නේ බොහෝ විට ඉතිහාසය නොදැන විය හැකියි. නමුදු, වර්තමානයේ විදුහල්පති ධුරය හොබවන මේනකා වෙත්තසිංහ මැතිණියගේ සහ ආදරණීය ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ පාසලට තවත් ඉදිරියට යෑමට අවස්ථාවක් ලැබුණු බව විදුමවගේ පරිසරයෙන් පවා ඉඟි කරයි.
ආදරණීය නංගියේ මල්ලියේ, ස්වර්ණජයන්ති විද්‍යාලය යනු ලොවක් අභිමානයෙන් කැළැඹූ, ආඩම්බරකාර විදු මවකි. එහි අනාගතය භාරගන්නා ඔබ, දිවි හිමියෙන් එය රකින්න අදිටන් කරගන්න. එවිට ඔබට ඈ, මග පෙන්වාවි.
සුබ උපන්දිනයක් විදුමව්ණි!
චිරාත් කාලය වැජඹේවා!
Long Live Alma Mater! 🙏🏻✨❤️
_පමල්ක_