24/02/2014
"නොකියා කියන අපේ අභියෝගය ! "
කරන්නට ඇත්නම් අපි ඒ දේ කරන්නෙමු. එය සුපිරි ලෙසම කරන්නෙමු. ඒ අපේ හැකියාවයි. කෑගලු විදුහල් මෑණියන් අපට දුන් එක් දායාදයක් එයයි.
රන් සටන නැතැයි කියා අප මෙවර නැවතුනේ නැත. සිංහයන් කොතරම් කන්න නැති උනත් තණකොළ කන්නේ නැති ජාතියකි.
22 වෙනිදා කවුරුත් නොහිතූ අකාරයට කෑගලු නගරය සැණකෙළියක් කල ආකාරය ඔබ දැන් දැක ඇත. එය හුදෙක් ආරම්බයක් පමණකි. ඔබ එය හොඳින් මතකයේ රඳවා ගන්න.
කෑගලු විදුහල් පුතුන් කවදත් අළුත් දේ කරන පුත්‍රයෝ වන්නෝය. එය ප්‍රසිද්ධ රහසකි.
කවුරුන් කෙසේ කිවුවද , අපට 22 වෙනිදාද බාදා රැසක් ඇති විය. මෙයා දරාගන්නට බැරි පිරිසක් සිටින බව අපි දනිමු. ඔවුන් මේ බාදා ඇති කලා විය හැකිය.
අපි පවසන්නේ එක් දෙයයි.
"පුළුවන් නම් කරන්න !"
අභියෝග කරන්නේ කාටද යන්න ඔබ දන්නවා ! අපි එය දනිමු. අපි අභියෝග බාරගැනීමටත් ජය ගැනීමටත් සෑමවිටම දක්ශයෝය. මේ ඒ දක්ශයන්ගෙන් ඔබට ලැබෙන අභියෝගයයි.
කරන්නට ඇත්තේ, ඊරිසියා කිරීම නොව කරන හොඳ දේ අගය කිරීමයි. එයට ඔබේ සහයෝගය ලබා දීමයි. කෑගලු විදුහල් මාතාව අපට කියා දී තිබෙන්නේ එලෙසයි. ඔබට එලෙස කිය ඇත්දැයි අප අසන්නේ නැත.
අභියෝගය විවෘතයි !