Search & learn

Search & learn If you want to know, what is the real hidden world. Come with us to WE WILL TRY SHOW YOU THAT

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති.  ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැති...
08/06/2023

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

05/06/2022

දැනුමට යමක්-52

05/06/2022

දැනුමට යමක් -51

05/06/2022

දැනුමට යමක්-50

04/06/2022

දැනුමට යමක්-46

04/06/2022

දැනුමට යමක්-47

Address

Kegalla

Website

Alerts

Be the first to know and let us send you an email when Search & learn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category