18/07/2026
Sunshine International Preschool – සිඟිති පොළ 2026
Today, Sunshine International Preschool successfully held its much-awaited සිඟිති පොළ, creating a fun-filled and meaningful learning experience for our little ones.
Our young children enthusiastically transformed into cheerful sellers, proudly dressing the part and managing their own stalls. They sold a variety of items including fresh vegetables, fruits, clothes, dry food items, hair accessories, and many more. It was heartwarming to watch them confidently welcome customers, communicate politely, and participate with great excitement.
One of the most valuable lessons of the day was learning about money handling. The children practised receiving payments, counting money carefully, and giving the correct balance back to customers. Through this hands-on experience, they developed early mathematical skills, communication skills, confidence, responsibility, and an understanding of buying and selling in a real-life setting.
A heartfelt thank you goes to our dedicated parents, teachers, and everyone who supported and participated in making this event a wonderful success. We are proud of our little entrepreneurs for their enthusiasm, confidence, and outstanding teamwork.
Sunshine International Preschool continues to provide meaningful experiences that make learning enjoyable, practical, and memorable.
සන්ෂයින් ජාත්‍යන්තර පෙර පාසලේ “සිඟිති පොළ” – 2026
අද දින සන්ෂයින් ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති පොළ ඉතා සාර්ථකව හා උද්යෝගයෙන් පවත්වන ලදී. අපගේ පුංචි දරුවන්ට සැබෑ ජීවිත අත්දැකීමක් ලබාදීම අරමුණු කරගත් මෙම වැඩසටහන සතුටින් හා උනන්දුවෙන් පිරුණු දිනයක් විය.
අපගේ පුංචි දරුවන් වෙළෙන්දන් ලෙස අලංකාරයෙන් සැරසී තමන්ගේම වෙළඳ කුටි පවත්වාගෙන ගියහ. එහිදී ඔවුන් එළවළු, පලතුරු, ඇඳුම්, වියළි ආහාර, කොණ්ඩා සැරසිලි සහ තවත් විවිධ භාණ්ඩ රැසක් අලෙවි කළහ. පාරිභෝගිකයන් පිළිගෙන ආචාරශීලීව කතා කරමින් ඉතා විශ්වාසයෙන් යුතුව තම කාර්යයන් ඉටු කරන අයුරු දැකීම සැබවින්ම සතුටට කරුණක් විය.
මෙම ක්‍රියාකාරකමේ වැදගත්ම අංගයක් වූයේ මුදල් හුවමාරුව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම ලබාදීමයි. දරුවන් මුදල් ලබාගෙන නිවැරදිව ඉතිරි මුදල් (චේන්ජ්) ආපසු ලබාදීමට පුහුණු වූ අතර, එමඟින් ඔවුන්ගේ ගණිත කුසලතා, සන්නිවේදන හැකියාව, ආත්මවිශ්වාසය, වගකීම් හැඟීම සහ මිලදී ගැනීම හා අලෙවි කිරීම පිළිබඳ මූලික අවබෝධය තවදුරටත් වර්ධනය විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවීමෙන් කටයුතු කළ අපගේ ආදරණීය දෙමාපියන්ට, ගුරු මණ්ඩලයට සහ සහයෝගය ලබාදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.
අපගේ පුංචි ව්‍යවසායකයන්ගේ උනන්දුව, සහයෝගීතාවය සහ දක්ෂතාව පිළිබඳ අපි අතිශයින් ආඩම්බර වෙමු. සන්ෂයින් ජාත්‍යන්තර පෙර පාසල දරුවන්ගේ ජීවිතයට වටිනාකමක් එක් කරන, ඉගෙනීම සතුටින් හා ප්‍රායෝගිකව අත්විඳිය හැකි අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට සැමවිටම කැපවී සිටියි.