15/07/2023
ලොව හොඳම විශ්ව විද්‍යාල 1000 පහතින් දැක්වෙන අතර ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් 1000 ඇතුලත් වි නැත. නමුත් අපේ ආසන්න රටවල් වන ඉන්දියාවේ විශ්වවිද්‍යාල 38 ක් ද, පකිස්තානයේ 14 ක් මීට ඇතුලත් වි ඇත.
විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් සිදුකරන ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධානම තුන තමයි
QS world university rankings,
Times higher education world university rankings
Academic rankings of world universities
QS ranking සිස්ටම් එක ගත්තොත් ප්‍රධාන නිර්ණායක 6ක් ඒ සදහා සලකා බලනවා
1. Academic reputation - අධ්‍යාපනික කීර්තිය
2. Employer reputation - සේවායෝජක කීර්තිය
3. Faculty/student ratio- ආචාර්ය/ සිසු අනුපාතය
4. International faculty ratio- ජාත්‍යන්තර ආචාර්ය වරුන් ගණන
5. International student ratio- ජාත්‍යන්තර සිසුන් අනුපාතය
6. Citations per faculty - එක් ආචාර්‍ය වරයෙකුට ඇති පර්‍යේශන පත්‍රිකා උපුටා දැක්වීම් ගණන.
නෝර්වේ ජර්මන් ස්වීඩන් පින්ලන් වගේ දියුණු රටවල් කීපයක් ඇරුනම අනික් බොහෝ රටවල් මුදලට උපාධි ලබාදෙන රටවල් විදිහට සැලකෙනවා. ඒ universities වල profit margins ඉහලයි.
නමුත් ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගැන්වෙන උපාධි විශාල ප්‍රමාණයක් internationally accredited degree විදිහට සැලකෙනවා. ඒ කියන්නේ උපාධියේ ගුණාත්මකභාවය හොද අතර හොද රස්සාවකට උසස් අධ්‍යාපනයට හෝ පිටරට විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කරන්න ලේසී යි. නමුත් ජාත්‍යන්තර වශයෙන් රෑන්කින්ග් වලට මේවා විතරක් නෙමේ බලන්නේ.විශේෂයෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලවල රිසර්ච් ග්‍රාන්ට් නොමැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වි තිබෙනවා. මීට අමතරව ලංකාවෙ විශ්ව විද්‍යාලවල මානව සම්පත් දැඩි හිගයක් පැවතිම, ආචාර්යවරුන් ආර්ථික අර්බුදය නිසා විශේශගතවිම, නව බඳවාගගැනීම්ද සීමා කිරිම නිසා ද මේ පසුබෑම්වලට හේතු වි ඇත.
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000
🇺🇸US: 154
🇬🇧UK: 94 🇪🇺
🇨🇳China: 59
🇮🇹Italy: 49 🇪🇺
🇩🇪Germany: 49 🇪🇺
🇦🇺Australia: 44
🇮🇳India: 38
🇪🇸Spain: 36 🇪🇺
🇫🇷France: 36 🇪🇺
🇯🇵Japan: 33
🇨🇦Canada: 32
🇮🇷Iran: 29
🇸🇦Saudi Arabia: 18
🇰🇷South Korea: 18
🇹🇼Taiwan: 16
🇷🇺Russia: 15
🇨🇭Switzerland: 15 🇪🇺
🇵🇰Pakistan: 14
🇳🇱Netherlands: 13 🇪🇺
🇪🇬Egypt: 13
🇫🇮Finland: 12 🇪🇺
🇧🇪Belgium: 12 🇪🇺
🇸🇪Sweden: 11 🇪🇺
🇹🇷Turkey: 10
🇵🇹Portugal: 10 🇪🇺
🇿🇦South Africa: 9
🇦🇪UAE: 8
🇮🇪Ireland: 8 🇪🇺
🇦🇹Austria: 7 🇪🇺
🇭🇰Hong Kong: 7
🇧🇷Brazil: 7
🇳🇴Norway: 7 🇪🇺
🇲🇾Malaysia: 6
🇩🇰Denmark: 6 🇪🇺
🇬🇷Greece: 6 🇪🇺
🇹🇭Thailand: 5
🇳🇿New Zealand: 5
🇷🇴Romania: 4 🇪🇺
🇬🇭Ghana: 4
🇮🇱Israel: 4
🇮🇸Iceland: 4 🇪🇺
🇵🇱Poland: 4 🇪🇺
🇱🇧Lebanon: 4
🇷🇸Serbia: 3
🇯🇴Jordan: 3
🇨🇿Czechia: 3 🇪🇺
🇨🇱Chile: 3
Resource - World of Statistics
තාරු පරණවිතාන