24/05/2026
මහ බෝසත් අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මතු බුදුවන ප්‍රාර්ථනය!!!
ස්වාමීන් වහන්සේගේම අත් අකුරින් එක්තරා දායක පින්වතෙකුගේ ඉල්ලීමක් මත තම ජීවිතය හා සබැදි තොරතුරු සටහන් කර තැබූහ. තම ශිෂ්‍යවරයන් වහන්සේලාටද පවසා සිටියේ “මගේ ජීවිතයේ විශේෂ කරුණු සටහන් කර තබන බවත් ජීවත් වන කාලයෙහි ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසත්ය.”
“බුද්ධත්ත කාරකෙ ධම්මේ
සම්පූරෙත්වා අසෙසතො
අහම්පි සම්මා සම්බුද්ධෝ
භවිස්සාමී අනාගතේ”
“බුද්ධකාරක ධර්ම සියල්ල සම්පුර්ණ කොට අනාගතයෙහි මම ද සම්මා සම්බුද්ධත්වයට
පත් වෙමි.”
අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
නා උයන අරිය මඟ - Unofficial
23/05/2026
පින් කරන්න ප්‍රමාද වෙන්නෙපා..🙏🏻🙇♀️💙
නුවණ තියෙන කෙනා කල්පනා කරන්නේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. මොකක්ද ධර්මයේ හැසිරෙනවා කියන්නෙ.. තමන්ගේ සරණ ශීලය නොකිලිටි කොට ආරක්ෂා කරගනිමින් භාවනා කිරීම් වශයෙන් පින්කරමින් නිතර නිතර බහුලකොට කරමින් අකුසල් සිත් බැහැරකරමින්.. කුසලයේ සිත පිහිටුවාගනිමින් වාසය කරන එක.......🌹
හැකි හැම විටම අෂ්ඨාංග උපෝසථය සමාදන්වෙන්නට ඕන. හැකි වෙලාවකට ඊටත් වඩා උසස් සීලයක හික්මෙන්නට ඕන.. හැමදාම භාවනා කරන්නටත් ඕන.. මේ හැමදේම කරන අතරේ තමන් දැහැමිව හම්බකරගත්ත දෙයින් දන් දෙන්නටත් ඕන.
දන් දෙනවා කියන්නේ තමන් ගේ ධනය කාටහරි දුන්න නොවේ.. දන් දෙනවා කියන්නේ තමන්ගේ අනාගතය ... මතු ජීවිතය.. මතු සැප පිණිස.. නිවන පිණිස යම් ආරක්ෂිත වැඩපිලිවෙලකට ආයෝජනයක් කරා කියන එක..
අපි බුද්ධ ශාසනයක් තිබෙන කාලයක ඉපදිලා නිසා අපට තේරෙන්නෑ මේ බුද්ධශාසනයක ඇති දුර්ලභ බව... කි.මී 17ක් දිග.. එපමණම පළල .. එපමණ උස.. භාජනයක් තිබෙනවා කියා සිතින් මවාගන්න ට හැකිද? දැන් එයට පිරෙන්නට අබ ඇට පුරවා ඇතැයි සිතන්න. එක් පුරුෂයෙක් වසර සියයකට වරක් ඇවිත් ඔය බඳුනෙන් අබ ඇටයක් ඉවත් කරනවා කියා හිතලා බලන්න අර සියළු අබ ඇට අවසන් වෙන්න කොපමණ කාලයක් යයිද කියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අබ ඇට එසේ අවසන් වෙයි. කල්පය ඊටත් වඩා දීර්ඝයි කියා. මේ වගේ කල්ප සියයකටත් බුදුරජාණණ් වහන්සේලා නැති කාල පහුවුණා. වාසනාවකට ඔබටත් මටත් බුදු සසුනක් ඇති කාලයක බෞද්ධ පවුලක ඉපදෙන්නට ලැබුනා.. වාසනාවක්.. භාග්‍යක්.. ඒවන් වාසනාවක් ලැබෙන්නෑ ඇත්තටම පිනක් නැත්නම්..🌹
දැන් පෙර කරගත්ත පිනෙන් ලැබුණු මිනිස් ජීවිතය නිකරුණේ විනාස වෙන්නට නොදී තව තව පින් රැස්කරගන්නට ඕන.. දන් දෙන්න තමන් ගේ ධනය වියදම් කරනවා කියන්නේ ඒ ධනය කාටවත් දෙන එක නොවේ. පන්සලකට අසපුවකට සල්ලි දුන්නා නොවේ... ඒ සියල්ල අපට... දුන්න කෙනාට... එයාටම තමයි තමන් දුන්න දේ විපාක ලැබෙන්නේ. එයා පස්සෙන් සෙවනැල්ලක් වගෙන් ඇවිත් වෙලාව ලැබුණ ගමන් පින විපාක දෙන්නේ...🌹
ඉතින් ඔබ ඉතාම දුකසේ ජීවත් වෙන කෙනෙක්නම්.. ඔබ කරන්නටත් ඕන පුලුවන් හැටියට දන් දෙන එක.. වේලක් නොකා හරි දෙන එක.. මොකද අද දුක් විඳින්නේ පෙර ජීවිතවල ලෝභවුන නිසා.. අදත් නුදුන්නොත්.. අනාගතය තවත් දුකකට තමයි ඇදගෙන යන්නේ. අද ඔබ සැපසේ ජීවත් වෙන කෙනක්නම්.. ඔබත් දන් දෙන්නට ඕන. මොක ද පිනකියන්නේ ගෙවෙන එකක්... 🌹
කොයිතරම් අමාරුවෙන් නමුත් පින් රැස්කරගන්නට ඕන.. තමන්ට ආදරේ තියෙන නුවණ තියෙන කෙනෙක් අප්‍රමාදීව පින් කරන්නට ඕන. නොයෙක් ආකාරයේ පින් කරන්නට ඕන.. රජයකටවත් ගන්න ට බැරි.. සොරෙකුටවත් ගන්නට බැරි... ගින්නකට පුලුස්සා දමන්නට බැරි.. ජලයට විනාස කරන්නට බැරි.. භුමිකම්පාවකට සොවලා පොලවට පතිත කරන්නට බැරි .. පුණ්‍ය නිධානයක් රැස් කරගන්නට ඕන..🌹
සෑයක් හදන්න මුදල් නෑ කියලා ඔහේ ඉන්නේ නැතිව.. ශ්‍රමයෙන් හරි දායකත්වය දෙන්නට ඕන.. අනේ අපිත් සල්ලි තිබ්බානම් පින් කරනවා කියා ඔහේ කියව කියවා දුකට පත් නොවී තමන්ට හැකි විදිහට දන් දෙන්නට පමා නොවෙන්නට ඕන. මට මතක් වුනේ එක්තරා දුප්පත් මනුස්සයෙක්.. දානයට දෙන්නට කිසිවක් නැතිව.. තමන්ට කන්නට තිබුණ එකම සුණු සහල් අහුර වතුරේ පොඟවා කොටා... කොළයක දමා තම්බා .. මම අද දානයක් දෙනවා කියා මහත් සතුටින් අනෙක් පිරිසට එකතුවුනා.. අනෙක් අය බොහෝ රසවත් ආහාර පිදුවා. ''දැන් අතුරුපස කැවිලි ආදිය පුදන වේලාවැයි" කියන විටම ඔහු තල්ලුවෙලා පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට.. අපගේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ දුගියාගේ නීරස කැවිල්ල වැලඳුවා.. හරිම අසිරිමත් ... හරිම පුදුම සහගතයි ... ඒ මනුෂ්‍යා ඒ පිනෙන එදිනම මහා සිටුවරයෙක් බවට පත්වුනා. ඒ කතාව දීර්ඝ වශයෙන් කියන්න ටනොවේ මම අදහස් කලේ.. තමන් ලඟ තිබෙන්නේ හුණු සහල් ටිකක් විතරයි.. මේවා මොනව කරන්නද කියා දානයට කිසිවක් නුදුන්නානම් ඔහුට අර මහා විසාල පුණ්‍ය නිධානය ලැබෙන්නේ කොහොමද?
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශාංසා කළේ දානය... උන්වහන්සේ දේශනා කළා.. ලස්සන රූපයක් ලැබෙන්නේ. මිහිරි ස්වරයක් ලැබෙන්නේ.. ලස්සන ශරීරයක් ලැබෙන්නේ.. ඉහල සමාජ තත්තවයක් ලැබෙන්නේ.. පිනෙන්ම කියා.. එපමණක්ද.. රාජ්‍යපාලන තන්ත්‍රයට පැමිණෙන්නේ.. සොඳුරු වු සක්විති රජ සැපත් දිව්‍ය සැපත් ලැබන්නෙ පිනෙන් කියා. ඒවගේම මිනිස් ලොව යම් සැපක් වේ නම් ඒ සියල්ලත්. දිවයලෝකයන්හි සැපත්.. අමා නිවන් සුවයත් පිනෙන්මයි ලැබෙන්නේ කියා. ඒවගේම කල්‍යාණමිත්‍රයන් ඇසුරට ලැබෙන්නේ. ශ්‍රී සද්ධර්මය අහන්නට ලැබනේනේ.. නුවණින් විමසා ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ.. චිත්ත දියුණුවක් කරා යන්නට හිකවෙන්නේ .. ගුණධර්මයන් වසඟයේ පවත්වමින් ධර්මමාර්ගයේ ඉන්නට ලැබෙන්නේ... අවසානයේ අරහත් පදවි ලැබෙන්නේත් පිනෙන් කියායි.
ඒනිසා පින්වත් මිතුරනි.. නුවණැතියනි.. තමන්ට ආදරේ නම් ඇත්තටම බොහෝ කොට පින් කරන කෙනෙක් වෙන්න.. සුවසේ මෙලොවත් පරලොවත් වාසය කරන්න.. අවසානයේ දුක් නැති නිවනට යන්න.....🙏🏻🙇♀️💙
භාග්‍යවත් වූ අරහත් වූ විශාරද ගුණ පිරි මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙇♀️💙🙏🏻
සාධු සාධු සාධු සාධු...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sandu Adhikari
16/05/2026
උදවු අවශ්‍යයි........
අපි කෑගල්ලේ අරනායක. මේ පොටෝ එකේ ඉන්නේ අපේ බද්ද නිවුන් දරුවෝ දෙන්න. මම මේ දරුවන්ගේ පියා ( Saman Karunarathne ). මම රබර් කිරි කපනව. බබාලාගේ අම්මා ඇදුම් මහනව. ඒත් මේ දවස්වල වැස්ස නිසා අදායමක් නෑ. මේ දරුවන්ට ලොකු වියදමක් යනවා. ඉතිං අපට මේ අවස්ථාවේ උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්.
මේක බොරු කියලා හිතනවා නම් WhatsApp video call එකක් අරන් බලන්න පුළුවන්.
whats - 0775503662.
AVSK karunarathna boc bank,
88799023 aranayaka branch.
වැ ඩි විස්තර කතා කරලා අහන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි.
Original Post Link - https://www.facebook.com/photo/?fbid=1292358122986254&set=gm.1275194437669004&idorvanity=579566770565111
15/05/2026
සත්‍යක්මයි අප්ප්‍රමාදි වෙන්න දහමෙහි සරනක් හැර වෙනත් ලොවක් අපිට නැ මෙ හැමදෙම මවගතු දෙයක් මායාවක් මිරිගුවක්🙏🙏🙏🙏🙏🙏