20/08/2026
💎 මැණික් ලෝකයේ ප්‍රායෝගික අත්දැකීමක් සොයා රත්නපුරයට ගිය අපූරු අධ්‍යාපනික චාරිකාව! 🇱🇰✨
පොතපතේ දැනුමට පමණක් සීමා නොවී, මැණික් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් අපගේ මැණික් පන්තියේ සිසුන්ට ලබා දීමේ අරමුණින් අපි පසුගියදා මැණික් නගරය වන රත්නපුරයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.
දිනය පුරා අප ලැබූ ප්‍රධාන අත්දැකීම්:
රත්නපුර ජෙම් මාර්කට් (Gem Market) අත්දැකීම: සැබෑ වෙළඳපොළ තුළ මැණික් ගනුදෙනු සිදුවන ආකාරය සජීවීව දැකබලා ගැනීම.
මැණික් කෞතුකාගාර (Gem Museum) චාරිකාව: ශ්‍රී ලංකාවේ දුර්ලභ හා විවිධ වර්ගයේ මැණික් පාෂාණ පිළිබඳ ඓතිහාසික හා තාක්ෂණික දැනුම ලබා ගැනීම.
ප්‍රායෝගික පාඩම (Gem Buying & Valuation): මැණිකක් නිවැරදිව හඳුනාගන්නේ කෙසේද? එහි ගුණාත්මකභාවය පරීක්ෂා කර නිවැරදි මිලකට මිලදී ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිසුන්ට ක්ෂේත්‍රයේදීම ප්‍රායෝගික මඟපෙන්වීම.
නව ව්‍යවසායකයින් හා මැණික් ක්ෂේත්‍රයට එක්වන අනාගත වෘත්තිකයින් බිහිකිරීමේ අපගේ ගමනේ තවත් සාර්ථක පියවරක් මෙලෙස සනිටුහන් විය! 🚀
#මැණික් #මැණික්_පන්ති #රත්නපුර