17/08/2026
මං විශ්වාස කරනවා විෂය උගන්වන්න ඕනෙත් ඉගෙන ගන්න ඕනත් විෂය විදිගටම ඒ හරිම බරින්. ඒ නිසාම විභාගයේ දී pattern කැඩෙන්න ඕන. ගිය අවුරුද්දේත් ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නයක් ආපු නිසා මේපාර විද්‍යුත් හරි චුම්බක හරි එයි කියලා හිතෙන එක සාධාරණයි. ඒත් මේ පාරත් ගුරුත්වාකර්ෂණ. ඒ විතරක් නෙවේ, හරියටම "සඳ ගමන" ගැනම තමයි. අන්තිම කාලේ පන්තිවල අඩුම හතර සැරයක්වත් මගේ අතින් කියවෙන්න ඇති ඒ ගැන. ඒ බරින් කිව්ව ඒ නිසාම ඒ පාඩම අවධානෙන් බලපු අය හිටියා.