03/03/2026
ひな祭り(ひなまつり)🪆🪆🎎🎎
ひな祭り(ひなまつり) කියන්නේ ජපානයේ මාර්තු 3 වෙනිදා සමරන ගැහැණු ළමුන් වෙනුවෙන් වූ විශේෂ උත්සවයක්.
එය “桃の節句(もものせっく)” (Peach Festival) කියලාත් හඳුන්වනවා.
🪇මෙම සාම්ප්‍රදායික උත්සවයේ ආරම්භය ⤵️
🌸 平安時代 (Heian Period – 794–1185)
- ひな祭り ආරම්භ වුණේ 平安時代 (Heian යුගය ) කාලයේ.
🔺එදා:
• කඩදාසි හෝ පිදුරු වලින් කුඩා මිනිස් රූප (人形 – にんぎょう) සාදනවා.🌾🎎
• ඒ රූප වලට තමන්ගේ දුෂ්ට බල, රෝග, අවාසනාව මාරු කරනවා කියලා විශ්වාස කළා.👺
• පසුව ඒවා නදියකට දමලා පා කරලා(流す – ながす) යවනවා.🏞️🦦
මේ චාරිත්‍රය අදත් සමහර ප්‍රදේශවල ひな流し(ひなながし) ලෙස පවතිනවා.
🌸 室町時代 → 江戸時代 (Muromachi period → Edo period)
🔺室町時代 සහ විශේෂයෙන්江戸時代 කාලයේදී:
• Doll සාදන කලාව වර්ධනය වුණා.
• රජපවුල නිරූපණය කරන ලස්සන ひな人形 ජනප්‍රිය වුණා.
• ගෙවල්වල තට්ටු තට්ටුවල doll display එකක් ලෙස සකස් කිරීම ආරම්භ වුණා.
මෙය පසුව ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය සහ සුභ අනාගතය සඳහා කරන උත්සවයක් බවට පත්වුණා.
🌸 ひな祭りගේ අරමුණ
• ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය, සතුට, සහ සාර්ථක අනාගතය සඳහා ප්‍රාර්ථනා කිරීම.
• පවුලේ අය එකට එකතු වෙලා උත්සවයක් වගේ සමරනවා.
🌸 ひな人形(ひなにんぎょう)
🏯මෙම දිනට ගෙවල්වල ひな人形 කියන රූප බෝනික්කන්(dolls) තබනවා.
• ඉහළම තට්ටුවේ සිටින්නේ 天皇(てんのう) සහ 皇后(こうごう) නිරූපණය කරන රූප.
• ඒවට පහළින් රාජකීය අය, සංගීතකරුවන්, සේවකයන් වගේ රූප තට්ටු තට්ටුවල සකස් කරනවා.
• රතු පැහැති රදවන (red carpet) මත සකස් කරන එක සම්ප්‍රදායිකයි.
🥢💍විශ්වාසයක් තියෙනවා:
ひな人形 ඉක්මනින්ම (මාර්තු 3ට පස්සේ) ඉවත් නොකරලා තැබුවොත්, දුවගේ විවාහය ප්‍රමාද වෙනවා කියලා 🤓
🍡 විශේෂ ආහාර 🍣🍱
ひな祭り දිනට විශේෂ ආහාර කීපයක් තියෙනවා:
• ひなあられ (Hinaarare) – වර්ණවත්, කුඩා rice crackers🍘
• ちらし寿司(ちらしずしchirashizushi) – උඩින් විවිධ දේ දමා සකස් කරන sushi🍣
• はまぐりの吸い物(はまぐりのすいもの) – clam soup🥣
🌸 桃の花 (Peach Blossoms)
Peach මල් පිපෙන කාලය නිසා, peach මල් වලින් සැරසීම් සිදු කරනවා. 🌸🌸
Peach මල් = කුඩා ගැහැණු ළමුන්ගේ ලස්සන සහ මෘදුභාවය නිරූපණය කරනවා.
🌸 අද කාලයේ ひな祭り
• සෑම වසරකම මාර්තු 3 දින සමරනවා.
• Doll display කිරීම.
• ちらし寿司, ひなあられ වැනි ආහාර කෑම.
• Peach මල් වලින් සැරසීම.
ひな祭り (Hinamatsuri) කියන්නේ අද අපි දකින්නේ ලස්සන doll display එකක් වගේ උත්සවයක්.
හැබැයි එය ආරම්භ වුනේ අපදා වලින් ආරක්ෂා වීම සඳහා කළ පූජා විධි වලින්. අද එය ආගමික චාරිත්‍රයකට වඩා සංස්කෘතික පවුල් උත්සවයක් ලෙස පවතිනවා 🎎✨
සටහන : අංජුලා කැල්ලෑගොඩ ✍️
Maeko japanese language academy
Kandy
27/02/2025
21/10/2024
28/09/2024
06/09/2024