MAEKO Language Academy

MAEKO Language Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MAEKO Language Academy, Education, 189’williyamgopallawa mawatha, Kandy.

Welcome to MAEKO language Academy Whether you're a beginner eager to dive into a new language or aiming to refine your skills, our sessions are designed to be engaging and interactive.Join with us and unlock the power of communication!"

Photos from MAEKO Language Academy 's post 03/03/2026

ひな祭り(ひなまつり)🪆🪆🎎🎎

🫟ひな祭り(ひなまつり) කියන්නේ ජපානයේ මාර්තු 3 වෙනිදා සමරන ගැහැණු ළමුන් වෙනුවෙන් වූ විශේෂ උත්සවයක්.

එය “桃の節句(もものせっく)” (Peach Festival) කියලාත් හඳුන්වනවා.

🪇මෙම සාම්ප්‍රදායික උත්සවයේ ආරම්භය ⤵️

🌸 平安時代 (Heian Period – 794–1185)

- ひな祭り ආරම්භ වුණේ 平安時代 (Heian යුගය ) කාලයේ.

🔺එදා:

• කඩදාසි හෝ පිදුරු වලින් කුඩා මිනිස් රූප (人形 – にんぎょう) සාදනවා.🌾🎎
• ඒ රූප වලට තමන්ගේ දුෂ්ට බල, රෝග, අවාසනාව මාරු කරනවා කියලා විශ්වාස කළා.👺
• පසුව ඒවා නදියකට දමලා පා කරලා(流す – ながす) යවනවා.🏞️🦦

මේ චාරිත්‍රය අදත් සමහර ප්‍රදේශවල ひな流し(ひなながし) ලෙස පවතිනවා.

🌸 室町時代 → 江戸時代 (Muromachi period → Edo period)

🔺室町時代 සහ විශේෂයෙන්江戸時代 කාලයේදී:

• Doll සාදන කලාව වර්ධනය වුණා.
• රජපවුල නිරූපණය කරන ලස්සන ひな人形 ජනප්‍රිය වුණා.
• ගෙවල්වල තට්ටු තට්ටුවල doll display එකක් ලෙස සකස් කිරීම ආරම්භ වුණා.

මෙය පසුව ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය සහ සුභ අනාගතය සඳහා කරන උත්සවයක් බවට පත්වුණා.

🌸 ひな祭りගේ අරමුණ

• ගැහැණු ළමුන්ගේ සෞඛ්‍යය, සතුට, සහ සාර්ථක අනාගතය සඳහා ප්‍රාර්ථනා කිරීම.
• පවුලේ අය එකට එකතු වෙලා උත්සවයක් වගේ සමරනවා.

🌸 ひな人形(ひなにんぎょう)

🏯මෙම දිනට ගෙවල්වල ひな人形 කියන රූප බෝනික්කන්(dolls) තබනවා.
• ඉහළම තට්ටුවේ සිටින්නේ 天皇(てんのう) සහ 皇后(こうごう) නිරූපණය කරන රූප.
• ඒවට පහළින් රාජකීය අය, සංගීතකරුවන්, සේවකයන් වගේ රූප තට්ටු තට්ටුවල සකස් කරනවා.
• රතු පැහැති රදවන (red carpet) මත සකස් කරන එක සම්ප්‍රදායිකයි.

🥢💍විශ්වාසයක් තියෙනවා:
ひな人形 ඉක්මනින්ම (මාර්තු 3ට පස්සේ) ඉවත් නොකරලා තැබුවොත්, දුවගේ විවාහය ප්‍රමාද වෙනවා කියලා 🤓

🍡 විශේෂ ආහාර 🍣🍱

ひな祭り දිනට විශේෂ ආහාර කීපයක් තියෙනවා:
• ひなあられ (Hinaarare) – වර්ණවත්, කුඩා rice crackers🍘
• ちらし寿司(ちらしずしchirashizushi) – උඩින් විවිධ දේ දමා සකස් කරන sushi🍣
• はまぐりの吸い物(はまぐりのすいもの) – clam soup🥣

🌸 桃の花 (Peach Blossoms)

Peach මල් පිපෙන කාලය නිසා, peach මල් වලින් සැරසීම් සිදු කරනවා. 🌸🌸
Peach මල් = කුඩා ගැහැණු ළමුන්ගේ ලස්සන සහ මෘදුභාවය නිරූපණය කරනවා.

🌸 අද කාලයේ ひな祭り
• සෑම වසරකම මාර්තු 3 දින සමරනවා.
• Doll display කිරීම.
• ちらし寿司, ひなあられ වැනි ආහාර කෑම.
• Peach මල් වලින් සැරසීම.

ひな祭り (Hinamatsuri) කියන්නේ අද අපි දකින්නේ ලස්සන doll display එකක් වගේ උත්සවයක්.
හැබැයි එය ආරම්භ වුනේ අපදා වලින් ආරක්ෂා වීම සඳහා කළ පූජා විධි වලින්. අද එය ආගමික චාරිත්‍රයකට වඩා සංස්කෘතික පවුල් උත්සවයක් ලෙස පවතිනවා 🎎✨

සටහන : අංජුලා කැල්ලෑගොඩ ✍️
Maeko japanese language academy
Kandy

22/11/2025

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ජපානයට යන්න, ඔබේ ජපන් සිහිනය සැබෑ කර ගන්න, ඒ මායාකාරී භාෂාව ඔබේ ආත්මයේ භාෂාව කර ගන්න, ඔබට මග පෙන්වන්න සහය වන්න මම ඉන්නවා MAEKO ජපන් භාෂා පාසලේ... අපි නිහඩව වැඩ කරමු ලෝකයේ සුන්දරම මායාකාරී රටට ඉක්මනින්ම යන්න
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

🎐JLPT හෝ NAT විභාගය සමත් SSW වීසා මගින් ජපාන් සිහිනය සැබෑ කර ගන්න සිහින මවන ඔබට දැන් මහනුවර නගරයේ දී JFT විභාග ඉලක්ක ජපන් භාෂා පංතිය.....

SSW visa category
JFT physical classes
✅පාඨමාලා කාලය මාස 5

💠JFT class time schedule
Wednesday 9.30 am - 4.00pm
Thursday 9.30 am - 4.00 pm
Friday 1.30 pm - 4.00 pm

🪭Student visa / dependent visa /engineering visa මගින් ජපානයට යාමට සිහින දකින ඔබට JLPT /NAT විභාග ඉලක්ක ජපන් භාෂා පංතිය මුල සිටම සරලව.....

✅පාඨමාලා කාලය මාස 5

💠N5 class time schedule
Tuesday 9.30 am - 4.00 pm

🎎 N5 විභාග සමත් N4 විභාගයට මුහුණ දීමට බලා සිටින ඔබට.....

✅පාඨමාලා කාලය මාස 4

💠N4 class time schedule
Monday 9.30 am - 4.00 pm

🧬ඉහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට කැමති ඔබට වැඩි දුර විමසීම් සදහා 0771166791 whatsapp අංකයෙන් අංජුලා සෙන්සෙයි අමතන්න 📲👩‍🏫🧏‍♀

Location : https://maps.app.goo.gl/SGuGEbMiHtQYn3QH8?g_st=ic


#ගම්පොළ #මහනුවර ්භාෂාව
#ජපන්භාෂාපන්තිමහනුවර


🇯🇵📚
Anjula Kellegoda MAEKO Language Academy

30/03/2025

Attention Moms🔊🎉

We are excited to announce our new Japanese class for kids🐥🇯🇵

If your little one is aged between 6 and 12 years, they can join us every Friday from 2 pm to 4 pm. Our first class commences on April 18th👩🏻‍🏫

For more details, feel free to contact Anjula Sensei on 0771166791. 📞

Sign up today with MAEKO Language Academy🌸






🇯🇵🥰🥰 චූටි පැටවුන්ටත් දැන් ජපන් භාෂාව ඉගෙන ගන්න අවස්ථාවක් 🥰🥰🇯🇵

ඔබේ දරුවාත් වයස අවුරුදු 6 ත් 12 ත් අතර නම්, සෑම සිකුරාදා දිනකම පස්වරු 2 සිට සවස 4 දක්වා අප හා එක්විය හැකිය. අපගේ පළමු පන්තිය අප්‍රේල් 18 වන දින ආරම්භ වේ👩🏻‍🏫

වැඩි විස්තර සඳහා, 0771166791 අංකයෙන් අංජුලා සෙන්සෙයි අමතන්න. 📞

🌸🌸අදම MAEKO භාෂා ඇකඩමිය සමඟ ලියාපදිංචි වන්න🌸🌸

27/02/2025

🎏🎏සති අන්තයේ රැකියාවට යන ඔබටත් ජපන් සිහිනය සැබෑ කර ගන්න🎏🎏
🧡සතියේ දින වල කටුගස්තොට නගරයේදී ජපන් භාෂා පංතිය
💎 පලමු දින නොමිලේ
💎මාර්තු මස 6 වන බ්‍රහස්පතින්දා දින සිට සතියේ දින පංතිය ආරම්භ වේ.📆
💎උදෑසන 9.30 සිට සවස 4.00 වන තෙක් පංති පැවැත්වේ. ⏱
💎JLPT/ NAT/JLCT විභාග සදහා අවශ්‍ය විශය නිර්දේශය ආවරණය කෙරේ. 📕📗📘📙
💎ඉහත විභාග සදහා ලියාපදිංචි වීම් සදහා මග පෙන්වීම සිදු කෙරේ. 🗞📨
💎ඔබට ශිෂ්‍ය වීස යටතේ ජපානයට යෑමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සදහා මග පෙන්වීම් සිදු කෙරේ. 👩‍💻🧑‍💻
💎පාඩම් සදහා අවශ්‍ය පැවරුම් පොත් නිබන්ධන pdf මගින් ද ලබා දේ. 📲📲
💎පංති වේලාවෙන් පසුවද එක් එක් සිසුන් පිලිබදව අවදානය යොමු කෙරේ. 👩‍🏫👩‍🏫👩‍🏫
❤️වැඩි විස්තර දැනගැනීමට 0771166791 අංකය අමතන්න.
🌀පාඨමාලා කාලය මාස 6 කි

01/01/2025

みんなさん、
あけましておめでとうございます🎍🎋🐉

21/10/2024
Photos from MAEKO Language Academy 's post 28/09/2024

අද අපේ අලුත් පන්ති ආරම්භක දේශනය...

14/09/2024

Anjula KellegodaMAEKO Language Academy #

06/09/2024

September brings an average high that is in the 80s (Fahrenheit) and the average lows being in the 70s in Tokyo. September is sometimes referred to as the second rainy season due to a relatively high amount of rainfall due to the typhoon season continuing from August.

9 月の東京の平均最高気温は華氏 80 度、最低気温は 70 度になります。 9月は8月から続く台風シーズンの影響で降水量が比較的多く、第二の梅雨と呼ばれることもあります。 🍻

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


189’williyamgopallawa Mawatha
Kandy
20000