19/06/2026
වායුගෝලය වසර මිලියන ගණනක් තිස්සේ ක්‍රියාත්මක වන අන්තර් සම්බන්ධිත සංසරණ පද්ධති දෙකක් මත ක්‍රියාත්මක වෙනව. ත්‍රි-සෛල පද්ධතිය (Global Three-Cell System, හැඩ්ලි - Hadley, ෆෙරල් - Ferrel, ධ්‍රැවීය - Polar) උතුරු-දකුණට දිව යන අතර, සමකයේ සිට ධ්‍රැව දක්වා තාපය නැවත බෙදා හරිනව (redistributing heat from equator to poles). වෝකර් සංසරණය (The Walker Circulation) සමකය දිගේ නැගෙනහිර-බටහිරට දිව යන අතර, පැසිෆික් සාගරයේ උෂ්ණත්වය දකුණු ආසියානු වර්ෂාපතනයට සම්බන්ධ කරයි. එල් නිනෝ තත්වයක දී මෙම දෙකම එකවර බිඳ දමයි. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව මෙම පද්ධති දෙකම ඡේදනය වන ස්ථානයේ පිහිටා ඇත. මේ නිසා මෙම පද්ධති දෙකට වන බලපෑමක දී ද එම බලපෑම් වලටද ලක්වීමට ශ්‍රී
එහෙමනම් El Niño තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වියළිය සහ අධික උණුසුම් කාලයක් ඇතිවෙන්නේ කොහොමද? මේ ඒ පිළිබඳව සරල මුත් සැකෙවින් සිදු කරන විද්‍යාත්මක වග්‍රහයකි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
PART 01 🌍 | ගෝලීය වායු හා තාප සංසරණ පද්ධතිය - Global Three-Cell Atmospheric Circulation (The Foundation)
හිරුගේ තාපය සහ පෘතිවි භ්‍රමණය ආධාර කරගෙන වායු ගොලය සහ තාපය පෘතිවිය තුල සංසරණය වන පද්ධති 3ක් එක් එක පෘතිවි අර්ධගෝලයකට තියෙනව. ඒ කියන්නෙ ඔක්කොම තුනක්. මෙම එක් එක් පද්ධතිය පීතිවි තලයෙන් ඉහල නැග්මක් මෙන්ම පෘතිවිය තලය දෙසට කිදාබැසීමක් ලෙස ක්‍රියාත්මක වන සංවෘත සංසරණ පද්ධති.
① Hadley Cell → Latitude 0°–30°, සමකාසන්න ප්‍රදේශ වලට සූර්‍යාලෝකය සෘජුව වැටෙන නිසා ඉක්මනින් වායුගෝලය උණුසුම් වී වායු ඉහල නගිනව. මෙම ඉහල නැගි වාතය ධ්‍රැව දෙසට ගමන් කර ර්කකටක නිවර්තනය (Tropic of Cancer — 23.5° N) ඉහලින් අක්ෂාංශ 30° ප්‍රදේශයෙන් නැවත භූමිය දෙසට පහත් වෙනව. මෙම ප්‍රදේශයට අපි උපනිවර්තන අධිපීඩන කලාපය (Subtropical High) කියල කියනව. මුලින් රත්වූ වාතය සමකාසන්නයෙන් ඉහල නැගීම නිසා මෙම ප්‍රදේශය එනම් Intertropical Convergence Zone (ITCZ) අඩු පීඩන කලාපයක් ලෙසත්, ඉහල නැගි වාතය නැවත පහල බැසීම නිසා අක්ෂාංශ 30° කලාපය උපනිවර්ථන අධිපීඩන කලාපයකුත් (Subtropical High)ලෙසයි ක්‍රියාත්මක වෙන්නෙ. හැම විටම මෙන්නෙ වැඩි පීඩන කලාපයක ඉදල අඩු පීඩන කලාපයක් වන සමකය දෙසට පෘතිවිය මතුපිටින් සුලං හමන්න ගන්නව. මේවට තමයි අපි වෙලද සුලං කියන්නෙ. නමුත් අපි මේ කතා කරන්නෙ භ්‍රමණය පව පෘතිවියක් ගැන. මෙම භ්‍රමණය නිසා ඇති වන Coriolis effect එක නිසා මෙම සුලං ඇලවෙලයි ගමන් කරන්නෙ එනම් උතුරු අර්ධගෝලයේ දී ඊසාන දෙසිනුත් දකුණු අර්ධගෝලයේ දී නිරිත දිග දෙසිනුත් තමයි වෙලද සුලං හමන්නෙ
ලංකාව පිහිටල තියෙන්නෙ උතුරු අක්ෂාංශ 5.9°–9.8°. ඒ කියන්නෙ රත්වූ වාතය ඉහල නැගි අඩු පීඩන කලාපයේ. මේ නිසයි අපිට මෝසම් වැසි ලැබෙන්නෙ. ලෝකේ ගොඩක් කාන්තාර තියෙන්නෙ මුලින් සඳහන් කල Subtropical High වල තමයි තියෙන්නෙ (Sahara, Arabian, Australian).
② Ferrel Cell- අක්ෂාංශ 30°–60°. අක්ෂාංශ 30-35 ආසන්නයෙන පහලට කඩා වදින වාදයෙන් කොටසක් පෘතිවි පෘෂ්ඨය ආසන්නයෙන් සමකයෙන් විරුද්ධ දෙසට එනම් ධ්‍රැව දෙසට තල්ලුවෙනව. මෙම සුලගත් coriolis effect එක නිසා ඇලවෙලයි ගමන් කරන්නෙ. මෙම සුලගට අපි බටහිර සුලං (Westerlies) කියනව. මේ සුලග උණුසුම් ගනත්වය අඩුයි. නමුත් අක්ෂාංශ 60 ආසන්නයේ තියෙන වාතය සිසිල් මේනිසා ගනත්වය වැඩියි. මෙම තත්ව නිසා සමකය දෙස සිට (Hadley Cell සිට) අක්ෂාංශ 60 ආසන්නයට පැමිණෙන සුලං එහි පවතින වාතය සමග මිශ්‍ර නොවී සීතල ඝණත්වයෙන් වැඩ වාතය මතින් ඉහලට ගමන් කරන්ව. මෙම ඉහල නැගි වාතයෙන් කොටසක් නැවත අක්ෂාංශ 30 කලාපයට ගමන් කර මෙම ක්‍රියාවලිය චක්‍රීයව සිදු වෙමින් Ferrel Cell ක්‍රියාත්මක වෙනව. උතුරු ඇමරිකාව, යුරෝපය වගේ ප්‍රදේශ වල දේශගුණයට බලපාන්නෙ මෙම තත්වය
③ Polar Cell අක්ෂාංශ 60°–90°. අක්ෂාංශ 60°–90° අතර පවතින උෂ්නත්ව වෙනස නිසා මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙනව. ධ්‍රැව ප්‍රදේශයට හිරු එලිය ලැබීම ඉතා අවම නිසා එම ප්‍රදේශය ඉතා සීතලයි. එනම් වායු ඝණත්වය ද ඉහලයි. මේ නිසා උතුරු ධ්‍රැවය මෙන්ම දක්ණු ධ්‍රැවයෙහි ද පීඩනය වැඩියා(Polar High). වාතය පීඩනය වැඩි තැන සිට අඩු තැනට ගමන් කරන නිසා ධ්‍රැම ප්‍රදේශයේ සිට අක්ෂාංශ 60° දෙසට පොලව මතුපිටින් සුලං හමන්න ගන්නව. මෙලෙස ගමන් කරන සීතල ඝණ සුලගට අක්ෂාංශ 60° ආසන්නයේ දී Ferrel Cell එකෙහි උණුසුම් හා ජලවාශ්ප සහිත වාතයහමු වී ඉහල නගිනව. වාතය ඉහල නගින නිසා මෙම කලාපයේ උපධ්‍රැවීය අවපීඩන කලාපය (Subpolar Low) ඇති කරනව. පෘතිවි පෘෂ්ඨය ආසන්නයෙන් ක්ෂාංශ 60° දෙසට එන මෙම සීතල සුලං වලට අපි ධ්‍රැවීය නැගෙනහිර සුළං (Polar Easterlies) යැයි හදුන්වනව. වාතය දිගින් දිගටම ඉහළ නැඟී සිසිල් වන බැවින් මෙම උපධ්‍රැවීය අවපීඩන කලාපය නිරන්තරයෙන්ම වලාකුළුවලින් බර වූ, දැඩි කුණාටු, වැසි සහ හිම පතනයන් සහිත අස්ථායී කාලගුණයකින් යුක්ත වේ.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
PART 02 🔄 | Walker Circulation — East-West Equatorial Highway
Hadley, Ferrel සහ Polar යන පද්ධති ක්‍රියාත්මක වුනේ සමකයෙන් ඉහලට ධ්‍රැවීය ප්‍රදේශ දක්වා. නමුත් මෙම Walker Circulation එක ක්‍රියාත්මක වෙන්නෙ සමකයට සමාන්තරව තිරස් අතට. ඒ වගේම මෙම පද්ධති වල ක්‍රියාකාරීත්වයට ප්‍රධාන ලෙසම බලපාන්නෙ සාගරයේ ප්‍රදේශ අතර පවතින උෂ්ණත්ව වෙනස.
Pacific Ocean Cell, Atlantic Ocean Cell, Indian Ocean Cell ලෙස ප්‍රධාන Walker Circulation පද්ධති 3ක් සහ අප්‍රිකාව සහ දකුණු ඇමරිකාවේ භූමිය සහ සාගර අතර තවත් කුඩා Walker Circulation පද්ධති 3ක් ක්‍රියාත්මක වෙනව. නමුත් El Niño තත්වය සමඟ ප්‍රධාන ලෙස සම්බන්ධ වෙන්නෙ Pacific Walker Circulation එක.
සාමාන්‍ය තත්වය යටතේ දී වෙන්නෙ පැසිපික් සාගරයේ දකුණු ඇමරිකාව ආශ්‍රිත කලාපයේ පවතින සූර්‍ය තාපය හමුවේ උණුසුම් වුන සාගර ජලය වෙළද සුලං සමග බටහිර දෙසට එනම් ඉංදුනීසියාව දෙසට තල්ලු වීම. මේ නිසා ඉංදුනීසියාව, ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව මුහුදු ජල මට්ටම දකුණු ඇමරිකාව දෙසට සාපේක්ෂව මීටර 1/2 කින් පමණ ඉහල යනව. ඒ මේ උණුසුම් මුහුදු ජලය තල්ලුවීම නිසා. ඉංදුනීසියාව ආශ්‍රිත මේ ප්‍රදේශයේ මුහුදු ජලයේ උෂ්නත්වය ඉහල නිසා එම ප්‍රදේශයේ සාගරයට ඉහළින් වායුගෝලය උණුසුම් වී උණුසුම් වාතය ඉහළ නගිනව. මේ ප්‍රදේශයේ ජලවාශ්ප සහිත වාතය ඉහළ නැගි ස්තීර අඩු පීඩන කලාපයක් ඇතිකරමින් කුමුලොනිම්බස් වලාකුළු (cumulonimbus clouds) ඇතිකරමින් ගොඩබිම් ප්‍රදේශ වලට වැස්ස ඇතිකරනව. මෙ සඳහන් කල අඩු පීඩන කලාපයට අකුණු ඇමරිකාව දෙසින් මෙන්ම ශ්‍රී ලංකාව ද හරහා අරාබි මුහුද දෙසින්ද මතුපිටින් සුලං හමනව.
වසර කිහිපයකට වරක් අතිවිශාල පැසිපික් සාගර කලාපයේ සිදු වන පීඩන වෙනස් කම් නිසා වෙළද සුලං දුර් වල වීම හෝ සම්පූර් ණයෙන්ම දිශාව වෙනස් වීම නිසා දකුණු ඇමරිකාව ආශ්‍රිත පැසිපික් සාගරයේ මතුපිට උණුසුම් ජල ස්තරය එම ප්‍රදේශයෙම නවතිනව. මේ නිසා පෙර සඳහන් කල වර්ශාව ඇතිවීමේ සිද්ධිය සිදුවන්නෙ දකුණු ඇමරිකාව ආශ්‍රිතවයි. මේ තත්වය යටතේ ඉංදුනීසියාව ආශ්‍රිතව ඇති වන්නෙ සාපේක්ෂ වැඩි පීඩනයක්. එ නිසා ඉංදුනීසියාව පැත්තෙ ඉදල නැවත දකුණු ඇමරිකාව දෙසටයි සුලං හමන්නෙ. මෙන්න මේ මුළු සිද්ධියට El Niño කියල හදුන්වනව. මේ තත්වයේදී ශ්‍රී ලංකාව ද මැදි කරගෙන ක්‍රියාත්මක වන Indian Ocean Walker Circulation cell එක දුර් වල වන අතර හොද නිරිත දිග මෝසමක් සඳහා අවශ්‍ය ජලවාශ්ප නැතිවී යනව. මෙන්න මේ නිසයි ලංකාවෙ අපිට වැස්ස අඩු වෙන්නෙ.
La Niña තත්වයේ දී සිදුවන්නෙ සාමාන්‍ය තත්වයේ දී පැවති තත්වය වඩා වර්ධනය වී එනම් ඉංදුනීසියාව ආශ්‍රිත සාගර ප්‍රදේශයේ මතුපිට ජල උෂ්නත්වය තවත් වැඩි වීම හා දකුණු ඇමරිකාව ආශ්‍රිත පැසිපික් සාගරයේ මතුපිට වඩා සිසිල් වීමයි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
PART 03 ☀️ | Monsoon Engine — Both Systems Combined
මෝසම කියන්නෙ නිකම්ම හුදකලා සිදුවීමක් නොව Hadley Cell නිසා හටගන්නා වෙළද සුලං, Walker Circulation නිසා ලැබෙන ජලවාශප සහ මුහුදට වඩා ඉක්මනට ගොඩබිම උණුසුම් වීම (Water specific heat: ~3,985 J/K/kg · Land: