SERIOUSLY 🤟❤️
Sliate - Hndm - Kandy
The SLIATE is one of the leading educational institutions in Sri lanka. The SLIATE | Kandy - HNDM Why SLIATE ?
Only government institute in Sri Lanka functioning under the Ministry of Higher Education and offering Higher National Diplomas in multi-disciplinary areas in English medium for the G.C.E. (A/L) qualified students
Mahapola Scholarships
Language cm IT laboratories with multimedia facilities and workshop facilities etc. Limited number of hostel facilities are available for girls in ATI Naiwala/Dehi
11/01/2026
Start your higher education journey today.🎓💫
Join with SLIATE HNDM
Entrance Free 💯
EduFirst Expo Kandy 2026 at KCC
01/01/2026
2026 නව වසරට සෙත්පතා, කළමනාකරණ අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කරනු ලැබූ ආශිර්වාදාත්මක බෝධී පූජාමය පිංකම ශ්‍රී දළදා මාලිගාවේ විශ්ණු දේවාලය පරිශ්‍රයේදී පැවැත්වුණි. 🙏💫
ඔබ සැමට 2026 නව වසර සියලු බලාපොරොත්තු සපිරෙන සුබම සුබ නව වසරක් වේවා...!✨❣️
- උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, මහනුවර -
"අවසානයේ සියල්ලෝම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරීමට පටන් ගත්හ "🤍😔
❤️❤️
25/12/2025
Merry Christmas! 🎄✨
Wishing you joy, peace, and lots of love this season 🎁🎅
14/12/2025
අපි ජීවත් වෙන කාලෙ ආර්ථික සැකැස්ම තේරුම් ගන්න ඉවහල් වෙන සංකල්ප කීපයක් තියෙනව.
1. ටෙක්නො-වැඩවසම්වාදය (technofeudalism) - වරුෆාකිස් ඉදිරිපත් කරන සංකල්පයක් මේක. අපි බැලුවොත් ලෝකෙ ඉහලම ධනපති 10ක ලිස්ට් එක අරගෙන 1990 විතර. ඒකෙ සෑහෙන විවිධත්වයක් තියෙනව සෙක්ටර් විදිහට ගත්තොත්. දැන් ගත්තොත් මේ ලිස්ට් එක සම්පූර්ණයෙන් වගේ ටෙක් සෙක්ටර් එකෙන් පිරිලා. ඊලඟට ටෙක් සෙක්ටර් එකේ මොනොපොලි තියෙන්නෙ. ෆේස්බුක්, ඇමසෝන්, ගූගල්, අරව මේවා. තමන්ගෙ සෙක්ටර් එක ඒකාදිකාරයකට නතු කරගැනීම තරගයට මූණ දීමට වඩා හොඳයි කියන එක තමා දර්ශනය. මේක පීටර් තියෙල් වගෙ අය එලිපිට ප්‍රකාශ කරනව. Subscription මොඩල් එක dominant. ඔබට කිසිවක සදාතනික අයිතිය නැත - ඔබට මාසික කුලියක් ගෙවා ඔබට අවශ්‍ය සියළු චිත්‍රපට වලට ඇක්සස් ලබාගත හැකිය. මීට සාපේක්ෂව ඉස්සර අපි කරේ DVD හෝ හාඩ් ඩිස්ක් වල අපට අවශ්‍ය චිත්‍රපට / ගේම්ස් තබා ගැනීමයි. මේ එක හෝ අනෙක ගැන විනිශ්චයක් නොව තත්වය ගැන විස්තරයකි. ඇමසෝන් වල ඩිජිටල් මාකට් එකක් ඇති අතර ඒ මාකට් එකේ අයිතිකරු ජෙෆ් බේසොස් ය. මාකට් මෙකනිස්ම් එකම ප්‍රයිවටයිස් වී ඇති අතර ඉන් එහාට එහි බඩු විකුණන අය මාකට් එකේ බඩු විකිණීම වෙනුවෙන්ම කුලී ගෙවිය යුතුය. මේ කුලිය බොහෝ විට විකුණන භාණ්ඩයේ වටිනාකමෙන් 20-40% ක් අතර වෙයි. ඊලඟට ඇමසෝන් එකේ ඔබට අවශ්‍ය භාණ්ඩය සර්ච් කරන විට පෙන්වන ලිස්ට් එකේ උඩට එන්න වෙනම කුලියක් ගෙවිය යුතුය. මෙය විකුණන්නාට සහ මිලදී ගන්නාට දෙකටම වඩා නරක තත්වයක් ඇති කරයි. මේ ගැන තව කියන්නට බොහෝ දේ ඇත.
2. Surveillance capitalism - Shozanna Zuboff විසින් එනමින් ලියූ පොතේ ඉදිරිපත් කල අදහසකි. මේක පැහැදිලි කරන්න ගියොත් වෙනම රචනාවක් ලියන්න වෙනව. මූලික අදහස තමා ධනවාදය ඇතුලෙ ටෙක් සමාගම් බලවත් වීම සමග අපේ (යූසර්) හැසිරීම මයික්‍රො ලෙවල් එකෙන් ඩේටා ලෙස සම්පතක් බවට පත්කරනව කියන එක. මේ සම්පත ඊලඟට විවිධ විදිහට ප්‍රොසෙස් කරනව. AI ට්‍රේන් කරන්න යොදාගන්නව. ඊලඟට මේ හරහා රාජ්‍යයම ප්රජාතන්ත්ර විරෝධී තැනකට යනව. අඩු ගානෙ මේ වෙනතෙක් ඇමරිකාව නමට හෝ ප්රජාතන්ත්රවාදය ඇගයුවා. නික් ෆුඑන්ටෙස් වගෙ එලිපිට ප්රජාතන්ත්රවාදයට පිටුපාන අය එකපාර මාර ඉන්ෆ්ලුවන්ෂල් වීම වටහා ගන්න එක විදිහක් තමා ඔවුන් දැන හෝ නොදැන ඉෂ්ට කරන්නෙ මේ ප්රජාතන්ත විරෝදී මතවාදය පැතිරවීම බව. Peter Thiel 2010 වගෙ කතාවක කියනව ප්රජාතන්ත්රවාදයට ඔහු එරෙහි බව. කර්ටිස් යාවින් වගේ අය මේකට න්‍යායික දවටන දානව.
3. මොනොපොලි ධනවාදය - ලෝකෙ ඕනෙම සෙක්ටර් එකක් අරගෙන බැලුවොත් සමාගම් පහකට අඩු ගානක් පාලනය කරන්නෙ. සමහර ක්ෂේත්රවල (උදා - ගෝලීය eyewear මාකට් එකෙන් 80% ක් පාලනය කරන්නෙ EssilorLuxottica කියන සමාගම).
4. දේශපාලනික ධනවාදය - ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවෙනිවර දිවුරුම් දෙන්නෙ ටෙක් බිලියනපතියන් සෙට් එකක් පිටිපස්සෙ තියාගෙන. මේක මතුපිට අර්තයෙන්ම ගත යුතුයි. ඇමරිකාවෙ 70න් පස්සෙ ප්‍රාග්ධන ඉන්වෙස්ට්මන්ට් වෙන්නෙ නෑ රට තුල. ලාභ රේට් කඩාවැටෙනව. මේකට දෙන විසඳුම තමා මූල්‍ය සමපේක්ෂණය. නමුත් ඒකත් 2008 දි දෙදරනව. ඔබ අෂ්රොෆ් ඕමාර් නම් ඔබ නිෂ්පාදනය හරහා සල්ලි උපයන්න ඕන. ඔබ ඉෂාර නානායක්කාර නම් ඔබට අවශ්‍ය ඔබේ ජනතාව මිරිකා ඉස්ම කිරීමේ බිස්නස් මොඩල් එක නවත්වන්නෙ නැති බවට සහතිකයක් විතරයි. ඒ වෙනුවෙන් ඔබ බලයේ සිටින දේශපාලකයන් එක්ක ඩීල් එකක් ගහන්න ඕන. මේ මොඩල් එක මෙහෙ එකක් නෙමේ Elon Musk ඇමරිකාවෙ ට්‍රම්ප් එක්ක කරේ මේක. Doge එකෙන් DEI කපනව කියන එක මෝඩයන්ට කියූ කතාවක්. ඇත්තටම කලේ බයිඩන් කාලෙ විවිධ ආකාරයෙන් සමාගම්වල බලයට එරෙහිව කල විවිධාකාර investigations, interventions, regulatory actions, lawsuits විසි කර දැමීම. තමන්ගෙ සහෝදර ධනපතීන් වෙනුවෙන් ඒ ටික කරලා ඉවර වුනාට පසු මිනිහා ප්ලෑන් කල පරිදිම ටටා බායි කියල 2024 මැද වෙනකං පොර හිටි ආස්ථානයට ගියා. ලෝකෙට පේන්න පොඩි රණ්ඩුවක් වුනා ට්‍රම්ප් එක්ක. දෙන්නම හැපි. මේ තමා දේශපාලන ධනවාදය - සෙල්ලම් කරල දිනනවට වඩා සෙල්ලම් පිටිය වෙනස් කරගැනීම.
ඔය ගැන තව කියන්න තියෙනව. ඒ වුනාට ලෝකෙ (විශේෂයෙන් ටෙක් සෙක්ටර් එකේ) එන නිවුස් කියවද්දි මම නම් ඔය ෆ්රේම්වර්ක් ඇතුලෙන් බලන්නෙ. ඇමරිකාවෙ සංචාරය කරන ඔස්ට්‍රේලියාවෙ ටුවරිස්ට්ලට අවුරුදු පහක සමාජ මාද්‍ය disclosure එකක් කිරීම ඔස්ට්‍රේලියාව 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට එකට එකක් කිරීමක්ද කියල සම්බන්ධයක් හදාගන්න පුළුවන් ඔය ෆ්රේම්වර්ක් ඔලුවෙ තියාගෙන බැලුවම.
©දුමින්ද රත්නායක
09/12/2025
"දිරි පවුර" 🤝🫂
සියල්ල නැවතුනත්, අධ්‍යාපනය නතර නොවිය යුතුයි...
අපගේ විපතට පත්වූ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔබගේ දායකත්වයන් ලබා දීම උදෙසා මෙම මහගු කටයුත්තට ඔබත් හැකි අයුරින් දායක වන්න...❤️
ගංවතුරට හසු වූ සිහින යළි ගොඩනඟමු📚
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට අත්වැලක් වෙමු. ✊💪
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ උසස් තාක්ෂණ ආයතන සිසුන් ඇතුලු ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන සිහිනය සවිමත් කිරීමට මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමය මගින් ශිෂ්‍ය සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ගංවතුරින් සියල්ල අහිමි වී, අධ්‍යාපනය අතරමග නැවතුණු ඒ දරු පැටවුන්ගේ ලෝකය යළිත් ආලෝකමත් කිරීමට අප සමඟ එක් වන්න. ඔබේ සුළු උපකාරය පවා, දරුවෙකුගේ හෙට දවස වෙනුවෙන් මහත් ශක්තියකි!
පොත්පත්, පෑන්, පැන්සල්, සපත්තු, මේස්, කෑම පෙට්ටි, පාසල් බෑග්, වතුර බෝතල් හා සෙසු පාසල් උපකරණ
දෙසැම්බර් මස 14 වනදා දක්වා, පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා මහනුවර උසස් තාක්ෂණ ආයතනය වෙත ගෙනවිත් භාර දෙන්න.
📞 වැඩි දුර තොරතුරු සඳහා විමසීම්
075 5740513 සචින්ත
075 4215889 කසුන්ත
~ සිප් සයුරේ හිනිපෙත් සොයායන්නට අපේම සොයුර සොයුරියන් වෙනුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍ය ප්‍රජාව ලෙස අත්වැල බැඳගමු.
06/12/2025
මහල්ලෙක් ලෙඩෙක් ඔයාට මැජික් ද සිද්ධාර්ථ ?
පාරවල් ගානෙ
ඇවිදල බලන්න !
මාලිගා වලින් බැහැල බලන්න..
මහල්ලු ලෙඩ්ඩු බේත් ගන්න
සල්ලි නැතිව ජීවිතේ අතෑරපු මළමිනී
එමටයි සිද්ධාර්ථ...........!
ඒවා නොදුටුවා සේ ඉන්න..
පැවිදි රුවවල් හැමතැනම
සිද්ධාර්ථ !
යමාමහ පෙළහර
ඕන නෑ සිද්ධාර්ථ !
බුදු බවතියා උන්ට උන්වත්
ෂුවර් නෑ සිද්ධාර්ථ !
උඹට සැප අප්පිරිය වෙලා..
අපිට දුක අප්පිරිය වෙලා...
සිද්ධාර්ථ !!
"මම හුස්ම උඩට ගනිමි"
කුණු කඳු පාමුල්ලෙ මීතොටමුල්ලෙ උන්ට....
ආනා පාන සතිය වඩන්න වත්
බෑ සිද්ධාර්ථ !!
මීතේන් වායුවට පපු තැම්බිල සිද්ධාර්ථ !
සූ සැට ශිල්ප ඔක්කොම මාකට් එකේ විකුණනව සිද්ධාර්ථ...!
"අග්ගො හමස්මි ලෝකස්ස"
ඉපදෙද්දී නෙලුම් මල් තියා..
සෙරෙප්පු දෙකක් නැති
සිරිපතුල් හීරිලා සිද්ධාර්ථ !
"කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති "
පෙර පින් කරපු උන් සතුටු වෙති..
අපි පෙර කරපු පව් ගෙවෙන්නෙම නැද්ද සිද්ධාර්ථ !
දන් දෙන්න තියා කන්න වත් නැති අපට
නිවන ඕනමද සිද්ධාර්ථ ?
සතර පෙර නිමති දැකල ඇතිවෙලා සිද්ධාර්ථ...!
මහල්ලෙක් ලෙඩෙක් ඔයාට මැජික් ද සිද්ධාර්ථ ?
-දෙවරක් පෙරන ලද පිරිත් පැන්
- තැන්නේ ඤාණානන්ද හිමි
ඔයාලා මේ වෙලාවෙ අසරන වෙලා ඉන්නවනම් හරි ඔයාලට ඒ අයට උදවු කරන්න පුලුවන්නම් හරි පහල කියලා තියෙන විදි වලට ඔයාලගේ විස්තර දෙන්න. මේක crowdsourcing web platform එකක්. ඒ කියන්නේ අපි වෙනුවෙන් අපිම වැඩ කරන එකට.
ඔයාලට උදවු ඕන නම්
👉 floodsupport.org/
ඔයාලට උදවු කරන්න හැකි නම්
👉 aid.floodsupport.org/
ඔයාලට පාරට බැහැලා උදවු කරන්න විදියක් නැත්නම් මේ වෙලාවේ කට්ටියට මේ ගැන awareness එක දෙමු. දන්න අයට මේ ගැන කියන්න.
Emergency Response - Sri Lanka Flood Relief Flood Rescue Sri Lanka - Emergency SOS & Coordination Platform
04/12/2025
😔
වැදගත් වේවි!
©Gruharaa architecture
Click here to claim your Sponsored Listing.
Our Story
Higher National Diploma in Management -HNDM
(under the purview of the Ministry of Higher Education )
උසස් ජාතික කළමණාකරණ ඩිප්ලෝමාව!
(Higher National Diploma in Management -HNDM )
උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ..
මහපොල ශිෂ්‍යත්වය සහ තවත් විශ්ව විද්‍යාල හා සමාන වරප්‍රසාද රාශියක්!
(HRM / Marketing ඔස්සේ ඉදිරියට අධ්‍යයන කටයුතු කල හැක)
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy