World Environment Day ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර චාරිකාවක් ගිය MECD පෙර පාසලේ දරුවන්.....
MECD Centre Central Province
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MECD Centre Central Province, School, 2A, New Town, Kundasale, Kandy.
MECD පෙර පාසලේ දරුවන්ගේ බැති ගී.
දරුවන් භක්ති ගී සදහා සුදානම් කරමින් දිනයේ ලස්සන වැඩසටහනක් පවත්වන්න වෙහෙසුනු MECD පෙර පාසලේ ගුරුවරුන් වන Nilnika Jayasundera , Lakmali Dahanayake , සහ Lakmali යන ගුරුතුමියන්ලාට බෙහෙවින්ම ස්තුතියි. මෙම කටයුතු සදහා සංවිධාන කටයුතු වෙනුවෙන් වෙහෙසුනු මධ්‍යස්ථානයේ කළමනාකාර Tharindu Karunanayake මහතාට ද බෙහෙවින් ස්තුතියි.
දවසේ කටයුතු සාර්ථක වුනේ ඔබගේ සහභාගිත්වයෙන් සහ නිරතුරු උපදේශනයෙන් නිවරදි දිශානතියට පෙර පාසලේ කටයුතු මෙහෙයවන පළාත් ඒකකයේ අධ්‍යක්ෂතුමන් සහ සහභාගි වු දරුවන්ගේ දෙමාපියන් ඇතුළු සියළුම දෙනාටම බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏🙏
Mothers Day with MECD pre school Children
MECD Pre school
Fruits Salad Day
Happy moment, life skills,
MECD Centre Central Province Tharindu Karunanayake Nilnika Jayasundera Lakmali Dahanayake Indika Kulasekara
27/04/2024
MECD Aluth Awrudu
පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අලුත් අවුරුදු උත්සවයේ විශේෂ අවස්ථාවන්.....
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
හෙට දිනට පිපෙන එරබදු මල් කැකුළු...
පිබිදුනු MECD පෙර පාසලේ සිගිති අවුරුදු උත්සවය....
Nilnika Jayasundera , Lakmali Dahanayake , Tharindu Karunanayake , Indika Kulasekara MECD Centre Central Province
03/04/2024
මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති බක් මහා උළෙල 2024 කුණ්ඩසාලේ පිහිටි පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකක පරිශ්‍රයේ ක්‍රිඩාංගනයේදි පවත්වන ලදී. දරුවන් තුළ මුල් ළමාවිය අවධියේ සිටම තමන්ගේ සංස්කෘතිය, සිරිත්විරිත් රැක ගනිමින් ජාතියක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය කුසලතාවයන් ලබා දීමේ තවත් එක් අවස්ථාවක් ලෙස සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සැමරීම පෙන්වා දිය හැකිවේ.
අපේ සිරිත් විරිත් සංස්කෘතිකාංග දරුවන්ට නිරූපණය කරමින් පවත්වන ලද මෙම සිගිති බක්මහ උලෙළ දි
අවුරුදු චාරිත්‍ර වශයෙන්.
පුන්‍ය කාළය සදහා පන්සල් යාම
නැකතට ලිප ගිනි මෙලවීම
ආහාර අනුභවය හා ගනු දෙනු
දෙමාපිය වන්දනා
ලිද සමග ගනුදෙනු කිරීම
නෑ ගම් යාම
හිස තෙල් ගෑම
රැකී රක්ෂා සදහා පිටව යාම
සිදු කරමින් දරුවන්ට මෙම සිරිත්විරිත්වල වටිනාකම් කියලා දෙන ලදි.
එසේම අවුරුදු උත්සවයේදි දරුවන් ජය පැරදුම සම සිතින් විද දරා ගනිමින් සතුටින් විනෝදජනක ක්‍රිඩාවල ද නිරත විය.
කනා මුට්ටි බිදීම
තරගයට යෝගට් කෑම
අලියාට ඇස තැබීම
සංගීත පුටු තරගය
මෙම උත්සව අවස්ථාව පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර මේ සදහා විශේෂඥ සම්පත්දායක නිශානි අතුකෝරාළ මහත්මිය ද සහභාගි වෙමින් මෙම සංස්කෘතිකාංගවල වටිනාකම සහ මුල් ළමාවිය අවධියේ දි ඒවායේ වටිනාකම් පිළිබදවත් අවබෝධයක් ලබා දෙන ලදි.
මෙම දරුවන්ගේ මුල් ළමවිය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සංවිධානය කරමින් කටයුතු කරන මධ්‍යස්ථානයේ උපදේශිකාතුමියන් තිදෙනාට ද මේ අවස්ථාවේදි ස්තුතිය ප්‍රකාශ කර සිටිමු.
අද තමයි දවස
එරබදු වසන්තය පුංචි අපේ - සිගිති අවුරුදු උළෙල 2024
MECD pre School.
02/04/2024
අත්තම්මත් එක්ක අලුත් අවුරුද්දට කැවුම් කොකිස් හදපු අපේ MECD පෙර පාසලේ දරුවෝ.
අලුත් අවුරුද්දක් ලබද්දි ගෙදර අම්මලා තාත්තලා කඩිමුඩියේ සුදානම් වෙනවානේ. එ වගේ අද MECD පෙර පාසලේ පුංචි දරුවොත් කොස් කොළ ඔටුනු දාගෙන කුමාරයෝ කුමාරියෝ වගේ පිටි හැලුවා , පිටි ඇනුවා, අත්තම්මයි, අම්මලා එක්කයි ලිප් බැදලා කැවුම්, කොකිසුත් හැදුවා. රසත් බැලුවා.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
2A, New Town, Kundasale
Kandy
Opening Hours
| Monday | 07:30 - 12:30 |
| Tuesday | 07:30 - 12:30 |
| Wednesday | 07:30 - 12:30 |
| Thursday | 07:30 - 12:30 |
| Friday | 07:30 - 12:30 |