18/08/2026
තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම !
මල්වතු මහා විහාරාධිවාසී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය ධුරන්දර, විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී, මාකෙහෙල්වල පුරාණ තොටපොල විහාරය, කහටංග ශ්‍රී බෝධිරුක්ඛාරාමය ඇතුළු විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ,
අතිපූජ්‍ය හේනේපොල ධර්මකීර්ති ශ්‍රී දේවරක්‍ෂිත නන්දසිරි අභිධාන අප ගුරුදේව නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම සිදු කිරීමට කටයුතු යොදා ඇත.
🪷 2026 අගෝස්තු 29 වන දින
ප.ව. වරු පිරිත් දේශනය පැවැත්වේ.
🪷 2026 අගෝස්තු 30 වන දින
මහා සංඝරත්නය උදෙසා දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාව මල්වතු මාහා විහාරයේදි පිරිනමනු ලැබේ.
මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා සහභාගී වී,
අප ගුරුදේවයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් පින් රැස්කර ගන්නා ලෙස සියලුම සැදැහැවත් පින්වතුන්ගෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 🙏
මෙම උතුම් පින්කම සඳහා පැමිණ සහභාගී වන මෙන් පින්වත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා..! 🌸🙏
🪷 අප ගුරුදේව නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 🪷
තෙරුවන් සරණයි!🙏
Ven Pusseela Ananda
Ven Wagala Ghanawimala
Sri Dharmaloka Maha Pirivena