Al Panthiya

Al Panthiya

Share

This is a free service for A/L students to download any document assisting your studies in A/Ls. Als

12/07/2025

තාප්පෙක පෝස්ටර් අලවන්න පාප්ප එක හදනකොට, තමන්ගේ අත පාප්ප බාල්දියේ ඔබලා එලියට ගනිද්දි හීනි නූලක් වගේ වැක්කෙරෙන්න ඕන. ඒකයි පදම..!

‍පෝස්ටරේ තාප්පේ උඩ තියලා පොල් අත්තක් හැඩේට අත් දෙකෙන් අතගාලා අලවන්න ඕන. එතකොටයි ගලවන්න බැරි..!

‍පෝස්ටරේ අලවලා ඒක උඩත් පාප්ප ගාන්න ඕන. එතකොටයි වැස්සත් පෝස්ටරේ හේදෙන්නැත්තේ..!

නාරම්මල ඉදන් කිලෝමීටර් ගණනාවක් දුර යනකම් හැම තාප්පෙකම පෝස්ටර් ගහලා තියෙනවා මම. මේ අත් දෙකෙන්. බයිසිකලේ ගිහින්.

රෑ වළවල් වල වැටිලා තියෙනවා. කකුල් අතපය ලෙලි ගිහින් තියෙනවා..!

අද සමහර වෙලාවට පාරෙදි මුණගැහුනාම “සර්..“ කියලා ගෞරවයෙන් මට කතාකරන සමහර පොලිස් නිළධාරි මහත්තුරුන්ගෙන් ඒ කාළේ මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා. එක එක තැන් වල පෝස්ටර් ගහනවා දකිද්දි. ඒ මහත්තුරු තාම දන්නෙ නැහැ ඒ එදා බැනුම් අහපු කොල්ලා කියලා මම..!

අවුරුදු ගාණක්. අතේ සතයක් නැතිව යනකම් වියදම් කරලා තියෙනවා. බයිසිකලේට තෙල් ගහලා තියෙනවා සපත්තු දෙකක් ගන්න තියෙන සල්ලි වලින්. අප්පච්චිලාගෙන් ඉල්ලන්න තිබුණු ලැජ්ජාවට..!

පස්සේ කැම්පස් යන අතර ගලගෙදර හරියෙදි ඒ කට ඇරිච්චි සපත්තු දෙක, Super Glue එකක් ගාලා අලවාගෙන කැම්පස් ගිහින් තියෙනවා. දවල්ට කෑවේ දුලාගෙ සල්ලි වලින්.

‍ටියුට් ගහලා, පෝස්ටර් ගහලා අතේ සල්ලි ඉවර උනාම කන්න සල්ලි දෙන්නේ දුලා. දිලුවා. එක්කෝ ලසන්තයා. එක්කෝ කවුරුහරි යාළුවෙක්. උන්ගෙන් රුපියල් සීය ඉල්ලන් බයිසිකලේට තෙල් ගහගෙන නාරම්මල ඇවිත් තියෙනවා..!

දවසම ලෙක්චර්ස් ඉදලා, පහුවදා උදේ පන්තියට එදා රෑම පේරාදෙණියෙන් එනවා. ඒ කාළේ එරන්ද මල්ලි නැති කාළේ. මම රෑ ඇවිත් කොට කලිසමක් ඇදන් ADM එක තනියම අතුගානවා. රෑ 1, 2 වෙනකම්.

මහන්සි වෙනකොට මම කරන්නේ ස්ටේජ් එකට නැගලා, ඉස්සරහා ළමයි ගොඩාක් ඉන්නවා කියලා හිතාගෙන උගන්නනවා වගේ කතා කරන එක..!

ඒ සමහර වෙලාවල් වලට, ඒ ගෙවපු කටුක කාළේ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ කියලා හිතෙනවා. එතකොට ඇස් වළින් එන කදුළු පිහ පිහ මම තනියම ඉගැන්නුවා ඒ රැයවල් වල..!

ක්ලාස් එකේ මකුළුදැල් ටික කඩනවා. දාඩිය පිහ පිහ ඩෙස් වල දූවිලි පිහිනවා. පහුවදාට පන්ති නිසා, ටොයිලට් ඔක්කෝම හෝදනවා. මගෙ අතින්ම..!

පන්තියට උදේ එනවා. ඇවිත් ළමයින්ව පෝලිමේ තියලා මම ම කාඩ් ටික මාක් කරලා ඇතුළට ගන්නවා..!

උගන්නනවා හැර අනිත් හැම එකම මම කරලා තියෙනවා මේකේ. දරුවො මට අසීමිතව ආදරේ කළා. ඒ නිසා ලැජ්ජාවක් ආවේ නැහැ හිතට.

පස්සේ එරන්ද මල්ලි ADM එකට සම්බන්ධ උනා පන්තියට. යෝධ හයියක් උනා එරන්ද මට. හිතන්නෙවත් නැති විදියට එරන්ද මල්ලි ජීවන ගමනෙන් සමුගත්තා. එදා දැනිච්ච දුක තාම මගේ පපුව සූරනවා..!

පහුවදා පන්ති කරලා ආයෙම රෑම බයිසිකලේ පේරාදෙණි යනවා. ගලගෙදර දිහායින් යද්දි සීතලයි වෙව්ලන්නම. වැලි ලොරි පස්සෙන් යනවා මම එතකොට. ඒවයේ දුම් බටෙන් එන රස්නෙට ටිකක් ඇගට සනීප නිසා..!

ඔහොම යද්දි වහිනවා සමහර දවස් වල. එතකොට මම කරන්නේ සපත්තු දෙක ගලවලා බෑග් එකට දාගෙන තෙමීගෙනම යන එක. පරක්කු වෙන්න බයයි. ඇක්සිඩන්ට්වත් උනොත් බලු බල්ලෙක් නෑ පාරෙ. ඒ නිසා..!

මට වැඩිපුරම ඇහිලා තියෙන්නේ “මේ රස්සාව උඹට හරියන්නෑ“ කියන කතාව..! “උඹට බැරුව යනවා..!“ කියන කතාව.

එක දවසක් එක ලෙක්චරර් කෙනෙක් මාව ගෙන්නාගෙනම කීවා.. “මුතුගල, තමුසේ ‍ඔය කෙල්ලව අතාරිනවා. තමුසේ වගේ නිකමෙක් මේ වගේ කෙල්ලෙක්ට මේ කරන්නේ ලොකු කාළකන්නිකමක්..“ කියලා..!

ඒ කීවේ දුලාව අතාරින්න කියලා..!

හැබැයි ඒ විදියට මගෙ වටේට අකුණු ගගහා වැස්සට, ඉලක්ක වෙනුවෙන් මගෙ හිතේ පත්තුඋනු පන්දම නිවුණේ නැහැ. ඉලක්ක මතක් වෙන ගාණේ මගේ ඇඟ වෙව්ලුවා. නින්ද ගියේ නැහැ මට.

“නින්ද නොයන Bio පන්තිය“ බිහිඋනේ එදා ඒ විදියට මගේ නින්ද මට නැතිව ගිය නිසා..!

19/06/2024

මගේ දියණිය ඇතුළු සියලුම දියණිවරුන්ගෙ නෙත ගැටේවා මේ පෝසට් එක නැණ නුවන ලැබේවා නරකින් හොඳ තෝරාගන්න...

(😔)උඹ ඔය සම්බන්දෙ
නවත්වනවද..නැද්ද..
කොන්ද හරහා වැදුනු පාරට
අම්මා දිහා මන් බැලුවෙ තරහින්..

නෑ පුළුවන් දෙයක් කරන්න..

වචනෙ පිට වෙන්නත් කලින්
තාත්තගෙන් ලැබුන කම්බුල් පාරට
මන් විසිවෙලා වැටුනෙ..

අපි හුරතල් කරා වැඩියි
තාත්තා මොන මොනවා කිව්වත්
මට මේ ගේ අපායක් උනා...

මාව එක්ක යන්න
මන් දිලුම් ට මැසේජ් එකක් දැම්මා..

අතට අහුවුන රෙදි ටිකත්
ස්කූල් බෑක් එකට දාන්
පංති පීස් ගෙවන්න දුන්න සල්ලිත් අරන්
මන් ජනෙල්ලෙන් පැන්නෙ
මගෙ සතුට හොයන්...

දිලුම් ලගෙ ගෙදර ලඟදි
බය නොහිතුනාම නෙමෙයි..

මේ කවුද
දැන් උඹට ගෑණු විතරද අඩු
එක්කන් ආපු දිහාට ගිහින් දාපන්..

ඒ ගෙදරත් දොරවල් වැහෙන කොට
අපි එක එක යාලුවන්ගෙ ගෙවල් වල හිටියා
වැඩි දවසක් යන්න කලින්
හැම ගෙදරකින්ම යන්න උනේ
මූණට නොකිව්වත් අකමැති හැසිරීම නිසයි..

අම්මලා ලොකු ළමෙක් වෙනකොට
කරට දාපු මාලේ උගස් කරලා
කුලියට ගෙයක් ගත්තෙ..

දින සති ගෙවුනේ
අගහිඟකම් හිසටත් උඩින් එනකොට..

මට දැන් ඇතිවෙලා
අතට අහුවෙන මොකක් හරි කරලා
ගෙට ගොඩ උනේ දිලුම් ඔය වචනෙ කියන්...

දිලුම් හාල් නෑ
ඉතිං මට මොකද...

හිත් පිං නැති වචන
හතර ගාතෙන් එන හැසිරීම්
අතපයේ හිරි ඇර ගන්න ගිහින්
ඇඟ පුරා තියන තැලුම් පාරවල්..

ජීවිතේ වැරදුන බව
මට හොදාකාරවම සිහිවුනා...

ගාමට් යන්න ගත්තෙ
කරන්නම දෙයක් නැති කමට..

තෝ එන්න පරක්කු මොකද
මොකා එක්කද ගියේ
රෑ වැඩ තිබුන හැම දවසකම
දැන දැනත් දිලුම්ගෙන් ලැබුනෙ
කම්බුල් පාරවල්...

නිදාගෙන ඉන්නකොට
සුදු මැනික මේ පිටි එක බොන්න
අම්මා උදේට ඇහැරපු හැටි
සිහි නොවුනාම නොවෙයි..

මොනවද මගෙ කෙල්ලට ගෙනත් ඕන
තාත්තා ගේන කඩයප්පන්
ඒ ආදරය සිහි නොවුනා නොවෙයි..

හදාගන්න ගැහුව එක
දරා ගන්න බැරිව
හිතුවක්කාර උන වරදට
ජීවිතේ පුරාම දඩුවම් විදින කෙල්ලෙක් මම...

B.M.N.සඳූ බස්නායක.✍️

දුවෙක්, සහෝදරියක් ඉන්නවනම් හෝ ඔබ තරුණ වියේ ගැහැණු ලමයෙක්නම් අනිවාර්යයෙන්ම මෙය කියවා, අනිත් අයට බලල ආදර්ශයක් ගැනීමට share කරන්න..

හිතුවක්කාර ජීවිතේම මුලාවක්..
තේරුම් යද්දි ගොඩක් පරක්කුයි...
සුරංගනා ලෝක මිහිපිට නෑ, වැදූ අම්ම තාත්ත කවදාවත්ම ලමයෙකුට වරදක් කරන්නෙ නෑ, හදාගන්න, තේරුම් කරන්න දඬුවම් කරනව මිසක තරහකට ලමයින්ට දෙමව්පියන් අත උස්සන්නෙ නෑ, ඒ වගේම දෙමව්පියන් ලමයින් එක්ක යාලුවො වගේ ඉන්න ඕන, එතකොට දෙයක් තේරුම් කරන්න තරවටු කරන්න ඕන නෑ, ලඟට අරන් හොඳින් තේරුම් කරාම එයාල තේරුම් ගන්නව..👍❤️
දෙමව්පියන්ට වගේම දරුවන්ටත් ඉතා වටිනා ඔවදනක්..
මේ ගොඩ දෙනෙක්ගෙ ජීවිත කතාව වෙන්න පුළුවන්, වැරදුන තැන ගැනම නොහිත අනාගතේ ජීවිතේ දිනන්න උස්සාහ කරමු, ඉතින් බලල ආදර්ශයක් ගන්න වගේම like, comments, share කරන හැමෝටම ගොඩක් ස්තුතියි...❤️🙏

ඉතා වැදගත් කියල හිතුන නිසා උපුටා ගෙන පළ කලේ,...

05/04/2024

මහාචාර්ය ලක්ෂමන් අල්විස්

එතුමාට තිබුනේ ගාමිණී ෆොන්සේකාට වගේ නළු පෞරුෂයක්. හිටගන්නේ ඉද්ද ගැහුවා වගේ. හරි කෙලින් , තනි ඉරට. එතුමාගේ වැඩත් එහෙමයි. තනි කෙලින්. එහෙම අය හරි අඩුයි.

කොළඹ කෙරෙන එක්තරා හෝටල් ව්‍යාපෘතියක සාකච්චාවකදී ලංකාවේ වෘත්තිකයින්ගේ වෘත්තික භාවය සහ අයකිරීම් ගැන ප්‍රශ්න කළ සිංගප්පූරු නියෝජිතයෙක්ට ලබා දුන් පිළිතුර ගැන මට කීවෙත් ඒ මේසෙම හිටපු තව අයෙක්.
"If you have any doubts that we are selling rotten fish here, the door is there,,, you may pack up & leave please ..."

වතාවක් එතුමා ලඟට සුළු සේවක කාර්ය මණ්ඩලයේ අයෙක් ප්‍රශ්නයක් අරන් ආවා. ඒ සුළු සේවකයින්ගේ ඉහට උඩින් කාක්කෙක්වත් පියාඹන්නේ නැති කාලෙක. ඒ නිසාම ඒ ප්‍රශ්නේ මහාචාර්යතුමා ලඟට ආවේ බොහොම සද්දෙට... අත පය විසිකරගෙන.
"සර් ,, මේ ,,, මෙව්වට ඉඩ දෙන්න බෑ ,, හරිද ,,??" Tone එකෙන් ...
සුළුයි කීවාට මේ මිනිහා අඩි හයකුත් අඟල් ගානක් උස යෝධ කුරුල්ලෙක් වගේ එකෙක්. ඒ වුනාට මොකෝ ,, ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්න කලින් පීඨාධිපති කාර්යාලයෙන් ඇහුනයි කියලා ආරංචි මෙහෙම සද්දයක් ..
"ගහනවා කරෝලයා බිත්තියේ ගැහුවා වගේ ,,, සද්දේ වහලා කියපං තමුන්ගේ ප්‍රශ්නේ ... එන්නෙපා එක එකාට දාන සද්දේ මෙතන දාන්න .."
ඊට ටික මොහොතකට පස්සේ අලෙස්සන්ඩර් සලන්ඩර් උනේ යම් සේද , එසේම අපේ සුළු සේවකයා කාමරෙන් එලියට එනවා දුටු බවයි ආරංචි උනේ. ඒ තමයි ලක්ෂ්මන් අල්විස්.

ඒ වෙනකොට මහාචාර්ය පටුවතවිතාන විශ්ව විද්‍යාල භූමිය තුලම ඝාතනය කරලයි තිබුනේ. ඒ වගේම ශිෂ්‍යයෝ හිටි ගමන් අතුරු දහන් වෙන කාලයක්. ඒ වගේ කාලෙක සමහර ශිෂ්‍යයෝ උකුස්සන්ගෙන් බේරා ගන්න තමන්ගේ වාහනයේ හංගාගෙන ගිහින් පරිස්සම් කරපු කෙනෙක් තමයි ලක්ෂ්මන් අල්විස් කියන්නේ. දැනට ජීවත්වෙලා ඉන්න කීප දෙනෙක්ම ඒ ගැන සාක්කි.

ඒ වගේම තෙවතාවක් විභාගේ අසමත් ශිෂ්‍යයෙක්ව ගෙන්වලා අම්මා මෝ නැතිව බැනලා "තමුසේ අහුවෙන්න එපා ආයේ එහෙම ෆේල් වෙලා ඇවිත් ,,, අම්මා තාත්තගේ සල්ලියි , අපේ වෙලාවයි කන්න ද මෙතනට ආවේ" කියලා බැනපු මනුස්සයා , මිනිහා ගියාට පස්සේ ටෙලිෆෝන් එක අරන් රෙජිස්ට්‍රා ට බැනපු විදිහ කීවෙත් එතනම හිටපු කෙනෙක්.
"තමුන් දන්නවාද අපි කොච්චර මහන්සි වෙනවද , ආණ්ඩුවෙන් කීයක් වියදම් කරනවද විශ්ව විද්‍යාලයක අන්තිම අවුරුද්ද වෙනකල් ළමයෙක් හදන්න. මේක සෙල්ලමක් කියලා හිතුවද ඕන ඕන විදිහට ළමයි එලියට දාන්න. මමයි තීරණය කරන්නේ ඒ ළමයි විභාගේට ගන්නවාද නැති එක. මම පේපර් එකක් දානවා , වහාම ඒක සෙනෙට් එකට යවන්න ලෑස්ති කරන්න. ළමයි එලවන එකට නෙවෙයි , පාස් කරන එකට උදව් කරන්න පුරුදු වෙන්න "

මටත් තියෙනවා එතුමා ගැන පෞද්ගලික අත්දැකීම්. ඒ උනාට ඒවා කීවොත් මට හොඳ නැති නිසා නොකියා ඉන්න තීරණය කළා.

අපේ විශ්ව විද්‍යාල කාලය සුන්දර එකක් වුනේම අපිට වඩා හුඟක් ඉහළින් හිටපු , ඒ වගේම අපිත් එක්කම ගැටුණු සහ අපිව අපාය මාර්ගයෙන් කණෙන් ඇදලා බේරගත්ත පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් අල්විස් වගේම මහාචාර්ය GTF උපකුලපතිතුමා වගේ මහත්තුරු හින්දා.

ඒ වගේ ගුරුවරුන්ට නිවන් මාර්ගය කෙටියි !

උපුරාගැනීමකි

Traveling through Historic Tapestry of Graz 23/12/2023

Traveling through Historic Tapestry of Graz

Traveling through Historic Tapestry of Graz Graz, Austria, reveals as a historical treasure trove, with a complex tapestry that intertwines with the city's fundamental roots. Each cobblestone and aged stone gives evidence to centuries of cultural history, from the medieval splendor of the ...

Exploring the Historical Landmarks in Salzburg 23/12/2023

Exploring the Historical Landmarks in Salzburg

Exploring the Historical Landmarks in Salzburg Salzburg, located in the heart of Austria, features a historic city that has fascinated travelers for centuries. Salzburg, founded in the seventh century, prospered as an ecclesiastical city-state controlled by prince-archbishops. This one-of-a-kind governmental system left an ...

Historical Landmarks To Visit During Your Trip To Innsbruck 23/12/2023

Historical Landmarks To Visit During Your Trip To Innsbruck

Historical Landmarks To Visit During Your Trip To Innsbruck Innsbruck, Austria, is steeped in history. This city, nestled in the heart of the Alps, has a rich tapestry of medieval and Renaissance landmarks. The Imperial Palace and the Golden Roof, a symbol of richness, are examples ...

Unveiling Timeless Historical Landmarks in Vienna 20/12/2023

Unveiling Timeless Historical Landmarks in Vienna

Unveiling Timeless Historical Landmarks in Vienna Vienna in Austria a city where the echoes of ages past can still be heard via majestic architecture, is a living tribute to its rich historical background. Vienna's historic sites create a tapestry of cultural richness and ...

Top Destinations in Austria for History and Arts Enthusiasts 02/12/2023

Top Destinations in Austria for History and Arts Enthusiasts

Top Destinations in Austria for History and Arts Enthusiasts Discover the enthralling tapestry of culture and history that is Austria. Each place tells a different narrative, from stately castles to mountain getaways. Discover baroque splendor, stroll cobblestone streets, and relish gastronomic pleasures. Explore beautiful symphonies and ...

Exploring the Rich Culinary Heritage Of Austria 02/12/2023

Exploring the Rich Culinary Heritage Of Austria

Exploring the Rich Culinary Heritage Of Austria The culinary fabric of Austria is a lively mosaic of tastes, with each dish expressing a tale of history and innovation. Austrian food captivates with its rich history and numerous influences, from the center of Vienna to ...

01/12/2023

ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
ඒ අපූරු පරපුර මිය යමින් සිටී...... මහා යාන වාහන... ස්මාට් දුර කථන නොව .. රූපවාහිනී හා විදුලියද නොමැතිව උන් ජීවත් වූහ.. වේදිකාවේ මහා නිර්මාණ කලහ,.. හරි ආදරෙන් ඒව වැලදගෙන නැරඹූහ,...
අපේ පරපුර මෙන් .. මහ ඉහලට ඉගෙන ගැනීමට, ලස්සනම කෙනා වීමට.. ලොකුම කතාව කිරීමට... උන්ට අවශ්‍යතාවයක් තිබුනේ නැත.
තාප්ප වලින් වටකොට මහා මාලිගා තැනීමට.... නවීනතම වාහනය ගැනීමට.. ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට.. උන්ට ඇවැසි වූයේ නැත. රෑ වෙනතුරු වත්තේ..පිටියේ.. තැන්නේ .. කුඹුරේ.. තිරිඟු යායේ.. ඔට්ටු වූ උන් .. මැදියම වෙනතුරු... ඇඳුම් මැසූහ.. වට්ටි පෙට්ටි විවීය.. ඒ මැසූ ඇඳුමෙන් සරලව සැරසුනු උන්ට.. මහා නිර්මාන කරුවන්ගේ ලාංඡන ඇති.. අමුතු ඇඳුම් ඇවැසි නොවීය.
ලෙඩට දුකට චැනල් කරන්නට.. උන්ට විශේෂ දොස්තරවරු නොසිටියහ. ගහට කොලට.. සතා සීපාවාට.. ඇලට දොලට සැබැවින්ම ආදරේ කල ඔවුන්ට පරිසරයෙන්ම බෙහෙත් අඩුම කුඩුම සපයා දී තිබින,..

කුරුල්ලන් ලේනුන් හාවුන් උන්ගේ අත් උඩට එන්නට කිසි විට බය නොවූහ. එබැවින් උන්ට .. ඔක්සිජන් සඳහා මරා ගන්නට .. මූණු ආවරණ දා හැංගෙන්නට .. ඇවැසි නොවීය.. ගේ ඇතුලට නල ජලය නොලැබූ උන්.. ඇලට දොලට, ලිඳට වැවට.. පාරේ පයිප්පයට ගොස් වතුර ගෙන ආහ..
ඇලේ දොලේ ඇති වෙනකල් බල්ටි ගගහ නාගන්න ඔවුන්ට කාලය හරස් උනේ නැත.

මැක් ඩොනල්ඩ්.. කෙන්ටකි නොදත් උන් අල ගෙඩියකින්.. සහල් මිටකින්... තිරිඟු කරලින් සෑහීමකට පත් වූහ.. උන් අපේ පරපුරට ඇල දොල බාර දෙද්දී.. ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය.. වැව් මුහුදු බාර දෙද්දී , කුණු වතුරෙන් පිරී නොතිබීය.. වත්ත පිටියේ .. කුරුල්ලො ගී ගැයූහ.. හාවො, ලේන්නු පැන පැන දිවූහ.

අද අපි ඊලඟ පරපුරට බාර දෙන කුණු ගොඩ දැක උන් කඳුළු පෙරූහ.. යුද්ධ.. සාගිනි වලට මූණ උන්නද ඔවුන් පරිසරය අපිට හරි ලස්සනට බාරදුන්හ.. මේ පරපුර දැන් එකිනෙකා මිය යමින් පවතී..
මට ඔවුන්ගේ පරපුර ගැන ඇත්තේ ආදරයකි. ලියන්නට තව බොහෝ දේ තිබුනත් හිතේ තියන සියලුම හැගීම් ලියන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නැත.
නමුත් සිතට දැනෙන බයක් ඇත. අපේ පරපුර මේ ලෙසටම ලෝකය හැරදා යන යුගය වෙනවිට අපෙන් පසු පරපුරත් අපි ගැන මේ ලෙසටම කියයිද ????

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00