12/12/2023
ගිටාර් එකේ Strings මාරු කරන්නේ කොහොමද?
බොහෝ ගිටාර් වාදන නවකයින්ට ඇතිවන ගැටලුවක් තමයි කොහොමද හරියටම ගිටාර් එකේ Strings මාරු කරන්නේ කොහොමද කියලා..
බොහෝ ගිටාර් වාදකයින් විවිධ ක්‍රම භාවිතා කර ගිටාරයේ Strings (තත්) මාරු කරනු ලබයි. නමුත් සමහර අවස්ථා වලදී මේවායේ විවිධ ගැටලු ඇති වේ. සමහර විට ගිටාරයේ Tune එක ඉතා ඉක්මනින් වෙනස් වේ. සමහර අවස්ථා වලදී ගිටාරයේ තත් ගැලවී යාමට වුවද හැකිය.
මෙහි සඳහන් වන රූප සටහන් වලින් පැහැදිලි කර ඇත්තේ Acoustic Guitar නැතිනම් Steel Guitar එකක Strings මාරු කරන සම්මත ආකාරයයි.
ඔබ ගිටාර් වාදනයේ නවකයෙකු නම් මෙය යම්කිසි සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස පෙනෙනු ඇත. නමුත්, එය ඉතා සරල කාර්යයක් වන අතර ගිටාරය වාදනය කිරීම මෙන්, එක නිතර නිතර කරන විට එය ඔබට ඉතා පහසු කාර්යයක් වේ.
සටහන : (Nimesh Thejan)
06/12/2023
ගිටාරයේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක්..
ගිටාරයේ ඉතිහාසය සියවස් ගණනාවක් පුරා දිවෙන විවිධ සංස්කෘතීන් ඇතුළත් ගමනකට හිමිකම් කියයි. නවීන ගිටාරය පැරණි තත් වාද්‍ය භාණ්ඩ වලින් පරිණාමය වී ඇති අතර එහි වර්ධනය විවිධ රටවල් ප්‍රදේශ සහ ඓතිහාසික කාල පරිච්ඡේදයන් තුලින් සොයාගත හැක. මෙහි අන්තර්ගත වන්නේ ගිටාරයේ ඉතිහාසය පිලිබඳ කෙටි හැඳින්වීමකි.
පුරාණ යුගය Ancient Origins (ක්‍රි.පූ. 2000 - ක්‍රි.ව. 1400)
ගිටාරයේ මූලාරම්භය පුරාණ ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ගිටාරයට පූර්වගාමින් ලෙස සැලකෙන Lute සහ Oud වැනි සංගීත භාණ්ඩ මෙසපොතේමියාව, ඊජිප්තුව සහ පර්සියාවේ දක්නට ලැබිණි. වටකුරු බදක් සහ පිටුපසට නැමුණු ගෙලක් සහිත මෙම වාද්‍ය භාණ්ඩය මධ්‍යතන යුගයේදි යුරෝපයේ ජනප්‍රිය විය.
මධ්‍යකලීන හා පුනරුද යුගය Medieval & Renaissance Period (500 - 1600)
ගිටාරය මධ්‍යතන හා පුනරුද යුගයේ නිර්මාණය වීමට පටන් ගත් හ. මුල් යුගයේ ගිටාර් වල තත් (Strings) හතරක් සහ ලූට් (lute) එකට සමාන වටකුරු බඳක් තිබී ඇත. European troubadours සහ minstrels සහය වාදන සහ ඒකල ප්‍රසංග සඳහා ගිටාරය භාවිතා කළහ.
බැරොක් යුගය Baroque Era (1600 - 1750)
බැරොක් යුගයේදී ස්පාඤ්ඤයේ ප්‍රචලිත වූයේ තත් යුගල පහක් සහිත ගිටාරය(Five String Guitar) යි. එය විවිද සුසර කිරීම් (Tune) වලින් වාදනය විය. Gasper Sanz වැනි නිර්මාණකරුවන් ගිටාර් සංගීතය වර්ධනයට දායක වූ අතර, ගිටාරයට ජන සංගීතය හා සම්භාව්‍ය සංගීතය තුල මේ කාලයේ දී ඉහල පිලිගැනීමක්ද ලබා ඇත.
සම්භාව්‍ය ගිටාරය Classical Guitar (18වැනි හා 19වැනි සියවස් අග භාගය )
ස්පාඤ්ඤය ජාතික ලූතර් ඇන්ටෝනියෝ ටොරෙස් (Luthier Antonio Torres ) ගේ නවෝත්පාදනයන්ට ස්තූතිවන්ත වන්නට 18වැනි සියවසේ අගභාගයේදී තත් හයකින් සමන්විත වූ ගිටාරය ප්‍රසිද්ධියට පත් විය. ඔහු තාක්ෂණික වශයෙන් යම් යම් වෙනස්කම් කර හඳුන්වාදුන් අතර එමඟින් ගිටාරයේ හඬ සහ ස්වර වැඩිදියුනු විය. Fernando Soar සහ Mauro Giuliani වැනි නිර්මාපකයින් මෙම කාලය තුලදී, ගිටාරය සඳහා සැලකිය යුතු කෘති නිර්මාණය කල හ.
රෝමාන්තික යුගය Romantic Era (19වැනි සියවස)
සම්භාව්‍ය සංගීතයේ සහ ජන සංගීතයේ යන දෙකෙහිම ජනප්‍රියත්වය වැඩිවීමත් සමඟ රෝමාන්තික යුගයේදී ගිටාරය අඛණ්ඩව විකාශය විය. C.F. මර්ටින් (C.F. Martin) වැනි ගිටාර් නිශ්පාදකයින් වානේ තත් යොදා ගිටාරය සංවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යයක් ඉටු කලේය.
20වැනි සියවස 20th Century
20වන ශතවර්ෂයේදී ඉලෙක්ට්‍රික් ගිටාරය සංවර්ධනය ඇතුළු තවත් නවෝත්පාදනයන් දක්නට ලැබේ. Adolph Rickenbacker සහ Les Paul වැනි නව නිශ්පාදකයින් විස්තාරණය කරන ලද (Amplified) සහ විද්‍යුත්කරණය කරන ලද ගිටාර් (Electrified Guitars) වල වර්ධනයට දායක විය. Jazz, Blues, rock, වැනි ජනප්‍රිය සංගීත වල ගිටාරය ප්‍රධාන භූමිකාවක් බවට පත් කල අතර Fender Stratocaster සහ Gibson Les Paul වැනි සංඛේතාත්මක ගිටාර් විවිධ ප්‍රබේද වලට වෙනස් විය.
සමකාලීන යුගය Contemporary Era
අද ගිටාරය ලොව ජනප්‍රිය සංගීත භාණ්ඩයකි. එය Classical, Jazz, Rock, Pop සහ තවත් ඇතුලුව පුළුල් පරාසයක භාවිතා වේ.
තාක්ෂණයේ දියුනුව නව්‍ය ගිටාර් හැඩ, ප්‍රයෝග (Effects) සහ විස්තාරන පද්ධති (Amplification systems) නව ගිටාර් නිර්මාණයට හේතු වී ඇත.
ගිටාරයේ ඉතිහාසය ගතික හා අඛණ්ඩ කතාවකි. නව නාදරටා, නව හැඩයන්, ශිල්පීය ක්‍රම හා තාක්ෂණයන් සමඟ ගිටාරය දිගටම වෙනස් වෙමින් පවතියී.
සටහන:( Nimesh Thejan)
04/12/2023
මොනවද මේ Accidental සහ Enharmonic equivalent කියන්නේ..
මුලින්ම අපි Semitone හා Tone ගැන විමසා බලමු.
Semitone එකක් යනු,
බටහිර සංගීතයේ භාවිතා වන ස්වර අතර ඇති කුඩාම දුර වේ.
Tone එකක් ලෙස හඳුන්වන්නේ, Semitone දෙකක එකතුවක් වේ. එනම්, ඉහත සඳහන් කල Semitone දෙකක් යනු Tone එකකි.
Accidental කියන්නේ මොනවද..
Accidental එකකින් ඕනෑම ස්වරයක හඬ අඩු හෝ වැඩි ලෙස වෙනස් කල හැක.
1. Sharp : ඕනෑම ස්වරයක හඬ Semitone එකකින් වැඩි කල හැක.
2. Flat : ඕනෑම ස්වරයක හඬ Semitone එකකින් අඩු කල හැක.
3. Double Sharp : ඕනෑම ස්වරයක හඬ Semitone දෙකකින් වැඩි වේ.
4. Double Flat : ඕනෑම ස්වරයක හඬ Semitone දෙකකින් අඩු වේ.
5. Natural : ඕනෑම ස්වරයක් නැවත පෙර තිබූ තත්වයට ගැනීමට හා ඉහතින් සඳහන් කල ඕනෑම Accidental එකක් ඉවත් කිරීමට, අවලංගු කිරීමට ද හැකියාව ඇත්තේ Natural එකකට පමණි.
Enharmonic equivalent ලෙස හඳුන්වන්නේ, එක හඬකට (sound) ඇති විවිද නම් (names) ය.
පහත රූප සටහනේ සඳහන් වන පරිදි මෙහි එක් ස්වරයකට හැරුනු විට අනෙක් සියළුම ස්වර වලට නාම තුනක් ඇත.
උදාහරණ : C ස්වරයට ඇති නාම තුන වන්නේ, C, Dbb, B # යන නාම වේ.
(සටහන : Nimesh Thejan)
02/12/2023
"𝐆𝐮𝐢𝐭𝐚𝐫 𝐏𝐨𝐰𝐞𝐫 𝐂𝐡𝐨𝐫𝐝𝐬" ගැන සිංහලෙන්..
Power Chords යනු, ගිටාර් වාදනයේ ජනප්‍රිය වාදන අංගයකි. බොහෝවිට rock, punk, සහ metal වැනි සංගීත ප්‍රභේද වලදී මේවා භාවිතා වේ. ස්වර දෙකකින් හෝ තුනකින් සමන්විත වන මෙම Chords ඉතා සරලව වාදනය කල හැක. Power Chords ඉතා ප්‍රබල ශබ්දයක් නිර්මාණය කරන අතර, ඒවා සංගීත නිර්මාණ වලට ද ප්‍රබල බලපෑමක් කිරීමටද සමත් වේ. මෙහිදී අප Power Chords ගොඩනැගෙන ආකාරය හා ඒවා වාදනය කරන විවිද ක්‍රම පිලිබදව කතා කරමු..
Power Chords තේරුම් ගැනීමට අප මුලින්ම ඒවායේ මූලික ව්‍යුහය තේරුම් ගත යුතුය. මෙම Chords ප්‍රධාන ස්වර දෙකකින් සමන්විත වන අතර, Root Note එක ලෙස හදුන්වන ස්වරය සහ Fifth Note (5th) යන ස්වරය හා සමහර අවස්තා වලදී Octave Note එකද එකතු වීමෙන් නිර්මාණය වේ. මෙහි Root Note එක (පලමු ස්වරය) මගින් Chord එකේ නම සහ Key එක තීරණය වේ. Fifth (5th) Note එක එකතු වීමෙන් හඩ ප්‍රබල වන අතර Octave Note එක එකතුවීමෙන් ඉහල ගුණාත්මක හා ප්‍රබල හඩක් ලබාදෙයි.
මෙම Chords වාදනය කිරීමට බහුලව භාවිතා කරන්නේ ගිටාරයේ E,A සහ D යන තත්(Strings) ය. මේවා වාදනය කිරීමට වම් අතෙහි පලමු ඇගිල්ල සාමාන්‍යයෙන් E,A යන තත්(Strings) වල ඇති Root Note එකට භාවිතා කරයි. පසුව වම් අතෙහි පලමු ඇගිල්ලෙන් අනෙක් තත්(Strings) නිශ්ශබ්ද කර (Muting Effect) තබා ගැනීමට යොදාගනී. තුන්වන හා හතරවන ඇගිලි ඊට පසුව යෙදෙන ස්වර වලට භාවිතා කරයි. Muting Effect එක මගින් Chord එකට අදාල ස්වර පමණක් වාදනය කල හැකි අතර ඉතා ගුණාත්මක හඩක් ලබාගැනීමට හැකි වේ.
උදාහරණයක් ලෙස: G power chord එකක් වාදනය කිරීමට අව්‍යශ නම්, පලමු ස්වරය ලෙස G ස්වරය ගෙන එය ගිටාරයේ ඉහලම පිහිටන (Low E Note) තතෙහි(String) තුන්වන ෆ්‍රෙට් (3rd fret) එකේ වම් අතෙහි පලමු ඇගිල්ල (index finger) තබා ගිටාරයේ A 5th ලෙස හදුන්වන තතෙහි (string) පස්වන ෆ්‍රෙට් (fret) එකෙහි වම් අතේ තුන්වන ඇගිල්ල තබා එම ස්වර දෙක පමණක් වාදනය කල යුතුය.
තවද, මීට අමතරව Octave Note එකක් එකතු කිරීමට අව්‍යශය නම් වම් අතෙහි හතරවෙනි ඇගිල්ල D 4th string (තහෙහි) පස්වන ෆ්‍රෙට් (5th fret) එකේ තබාගෙන ස්වර තුනක් වන ලෙස වාදනය කල හැක.
විවිධ අත්හදා බැලීම් මගින් ඉතා පහසු ඉරියව්වක් නිර්මාණය කරගත හැක.
පහත සදහන් වන්නේ මූලික Power Chords සටහනකි.
( සටහන: Nimesh Thejan)
Everyone
30/11/2023
Western Music වල එන, Grand Staff or Stave එකක තියෙන "Middle C" එක
ගිටාර් එකේ කොතනින්ද play කරන්නේ...
බටහිර සංගීත ස්වර ප්‍රස්තාරකරණයේදී අපට හමුවන ස්වරයක් තමයි මේ "Middle C" කියන ස්වරය.එමෙන්ම, "Grand Staff or Stave" එකක මැද පිහිටන එක් ස්වරයක් ලෙසද මෙය හඳුන්වන්න පුලුවන්.
නමුත් ගිටාරයට නිර්මාණය වන බටහිර සංගීත ස්වර ප්‍රස්තාර වලදී අපට අවශ්‍ය වන්නේ ට්‍රෙබල් ක්ලෙෆ් (Treble Clef) එක පමනි.
මෙහිදී අප කතා කරන්නේ ග්‍රෑන්ඩ් ස්ටාෆ් (Grand Staff or Stave) එකකදී හමුවන "Middle C" ස්වරය ගිටාරයෙන් වාදනය කරන්නේ කෙසේද යන්න පිලිබඳවයි.
බටහිර සංගීතයේ එන "Middle C" ස්වරය ගිටාරයෙන් වාදනය කරනු ලබන්නේ,
'පහළ සිට ගනන් කිරීමේදී "නි" ස්වරය යෙදෙන දෙවන තතෙහි පළමුවන Fret එකට පළමුවන ඇඟිල්ල තැබීමෙනි.'
'B 2nd String - 1st fret - 1st finger'
වැදගත්: මෙහි සඳහන් කර ඇත්තේ Grand Staff or Stave එකකදී අපට හමුවන "Middle C" ස්වරය වන අතර, මෙය ගිටාරය සඳහා නිර්මාණය වූ බටහිර සංගීත ස්වර ප්‍රස්තාර වල එන සාමාන්‍යයෙන් අප වාදනය කරන 'ස' ස්වරය(C note) නොවේ.
27/11/2023
"𝓓𝔂𝓷𝓪𝓶𝓲𝓬𝓼"
🍬🎄 𝐔Ŝ𝔢𝔻 𝕀ᑎ ⓖ𝐔iᵗᵃ𝕣 ♨🔥
24/11/2023
🎃🌜 Treble Clef, Time Signatures, Bar lines & Measures 😰⏫
Everyone
21/11/2023
(っ◔◡◔)っ ♥ Types of Rests ♥
Music is made up of sound and silence. The notes tell you when to play and the rests tell you when not to play.
20/11/2023
【Types of Notes】
Everyone