Animal Experimental Farm

Animal Experimental Farm ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය තුළ හදුන්වාදෙන නව තෘණ විශේෂ සහ සත්ත්ව අත්හදාබැලීම් කටයුතු සිදුකර ගොවීන්ට එම ප්‍රතිඵලයන් ලබාදීම...

26/11/2025
.......Red.......
19/11/2025

.......Red.......

09/11/2025

Article No - 89
~ CO-6 තණකොළ වගාව ~
Hybrid Napier | CO-6

CO6 පෝෂ තෘණ ගැන ඔබ මීට පෙර අහලා තියනවද? අපේ ගොවිපළෙත් CO 3, CO 4 වෙනුවට CO 6 වගා කරන්න පුළුවන්ද?? මීට පෙර ලිපියෙන් අපි CO 5 පෝෂ තෘණ වගාව ගැන කතා කරා වගේම එහෙනම්, අපි අද ලිපියෙන් ඉතා මෑතක දී හඳුන්වාදෙන ලද CO6 පෝෂ තෘණ වගාව ගැන අවධානය යොමු කරමු.

⚛️CO6 පෝෂ තෘණ යනු,👇🏻

🔴 CO6 යනු, පෝෂ කුම්බු (CO 7) සහ නේපියර් තණකොළ (FD 459) (fodder Cumbu (CO 7) and Napier grass (FD 459) )වල දෙමුහුන් වර්ගයකි.

⚛️CO6 නේපියර් තෘණවල ලක්ෂණ👇🏻

🌀සාපේක්ෂව ඉහළ අස්වැන්නක් ලබා ගත ගැක. ( වසරකට හා හෙක්ටයාරයකට ටොන් 385 ක්)

🌀ඉහළ පෝෂණ අගයක් එනම්, දළ ප්‍රෝටීන් අන්තර්ගතය 12% ක් පමණ වේ. අන්තර්ගත වියළි පදාර්ථ ප්‍රමාණය 22% ක් වේ.

🌀ප්‍රෝටීන්, ඛනිජ ලවණ සහ විටමින් වලින් පොහොසත් බහු වාර්ෂික ධාන්‍ය බෝගයකි.

🌀ඉහළ ජීර්ණකතාවයක් ඇත.

🌀නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහ විවිධ පස් වර්ග වලට අනුවර්තනය වීමේ හැකියාව අනෙකුත් තෘණ හා සැසදීමේදී ඉතා ඉහළ වේ.

🌀 දිගු, පළල් සහ මෘදු පත්‍ර හා දම් පැහැයට හුරු කඳන් සහිත නිසා සතුන්ගේ රුචිකත්වය (Palatability) වැඩි ය. උස මීටර් 2.5 සිට 3 ක් දක්වා වර්ධනය වේ.

🌀ශීත කාලගුණික තත්ත්වයන්ට පවා ඔරොත්තු දීමේ හැකියාව ඇති අතර, වසර පුරා ඒකාකාරී අස්වැන්නක් ලබා දේ.

🌀සයිලේජ් නිෂ්පාදනය: උසස් තත්ත්වයේ සයිලේජ් නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක.

⚛️වගා කරන ආකාරය 👇🏻

🌀ප්‍රචාරණය : මධ්‍ය ප්‍රමාණයට මේරූ පුරුක් 02 ක් සහිත දඬු කැබලි (stem cuttings) හෝ මුල් සහිත දඬු කැබලි (rooted cuttings ) මගින්
🔺 මෙහිදී, එක් පුරුකක් පස තුලට සිටින සේ හා අනෙක් ගැටය පස සමග ස්පර්ශ වන ලෙස සිටවීම කළ යුතුය.

🌀බිම් සැකසීම;-

01) වළවල්වල සිටුවීම 👇🏻

🔺පැළ දෙකක් අතර පරතරය : අඩි 03 හෝ මීටර් 01
🔺පේළි අතර පරතරය: අඩි 03 හෝ මීටර් 01
🔺සිටුවන වළේ දිග * පළල * උස : අඩි 01* අඩි 01 * අඩි 01
🔺එක් වළකට අවශ්‍ය දඩු කැබලි ගණන - 02
🔺අක්කර එකකට අවශ්‍ය දඩු ගණන - 8000

02) කාණුවල සිටුවීම 👇🏻

🔺කාණු දෙකක් අතර පරතරය - මීටර් 01
🔺කාණුවක පැළ 02 ක් අතර පරතරය - අඩි 02
🔺 එක් ස්ථානයක සිටුවන දඩු කැබලි ගණන - 01
🔺අක්කර එකකට අවශ්‍ය දඩු ගණන - 6000

🌀පොහොර යෙදීම 👇🏻

▪️භාවිත කල හැකි කාබනික පොහොර වර්ග 👇🏻

🔹හොඳින් දිරූ ගොම පොහොර
🔹කුකුල් අතුරණුව
🔹දිරූ එළු පොහොර
🔹සකස් කළ කොම්පෝස්ට් පොහොර

⚫️පොහොර අවශ්‍යතාවය හා පොහොර යෙදීම 👇🏻

🔹බිම් සැකසීමේදී - අක්කරයකට 6000kg - 8000Kg / පැළයකට 1 1/2Kg - 2Kg
🔹දඩු කැබලි සිටුවා මාසයකට පසු - අක්කරයකට 8000Kg / පැළයකට 2Kg
🔹සෑම කැපුමකට පසු - අක්කරයකට 8000kg / පැළයකට 2Kg

▪️භාවිතා කළ හැකි රසායනික පොහොර වර්ග👇🏻

🔹යුරියා
🔹 ට්‍රිපල් සුපර් පොස්පේට් / TSP
🔹 මියුරේට් ඔෆ් පොටෑෂ් / MOP

⚫️පොහොර අවශ්‍යතාවය හා පොහොර යෙදීම 👇🏻

🔹 සිටුවීමට පෙර කාබනික පොහොර - 15000Kg

🔹 ඳඩු සිටුවා දින 7-10 ට පසු,

🔺යුරියා 100Kg / පැළයකට 20g
🔺 ට්‍රිපල් සුපර් පොස්පේට් / TSP 200Kg / පැළයකට 40g
🔺 මියුරේට් ඔෆ් පොටෑෂ් / MOP 150Kg / පැළයකට 30g

🔹 සෑම කැපුමකට පසුව,
🔺යුරියා 100Kg / පැළයකට 20g

🌀 ජල සම්පාදනය: මෝසම් වර්ෂාව ආරම්භයත් සමග දඩු සිටුවීම සිදු කරන්න. දඩු කැබලි හොඳින් පැල වු පසු වර්ෂාව නොමැති කාල වලදී දින 8-10 ට වරක් ජලය සැපයීම සිදු කරන්න.

🌀පළමු අස්වැන්න: සිටුවා දින 75-80 කට පසු

🌀පසු අස්වැන්න: ඉන් පසු සෑම දින 45 කට වරක්.

🌀අස්වනු නෙලීම: පොළව මට්ටමට ආසන්නයෙන් එනම් 1.5” – 2’’ උසින් තෘණ කැපීම සිදු කළ යුතුයි.

🔴තෘණ දඩු ලබාගත හැකි ස්ථාන 👇🏻

▪️සත්ත්ව අත්හදා බැලීමේ ගොවිපළ, ගන්නෝරුව (Animal experimental farm, Gannoruwa)- 0701083054 👇🏻
https://www.facebook.com/share/19v6MR3xka/?mibextid=wwXIfr

✍🏻 Upcountry Dairy Farming

~ ලිපියෙහි අන්තර්ගතය වැදගත් කියලා හිතෙනවනම් ඔයා කැමතිනම් විතරක් තව කෙනෙක්ට දැනුම ගන්න ලිපිය share කරන්න, ඒ වගේම upcountry dairy farming page එකේ ලිපි දිගටම කියවන්න ඕනේ කියලා හිතෙනවනම් page එක like කරලා fallow කරලා තියාගන්න.
Thank you very much !

29/10/2025

Article No - 88
~ CO-5 තණකොළ වගාව ~
Hybrid Napier | CO-5

ඔබත් තවම දෙනුන් පෝෂණය සඳහා CO3, CO4 නේපියර් තෘණ වගා කරන ගොවිමහතෙක්ද?? තාක්ෂණය සමග ඉදිරියට යන කෘෂිකර්මාන්තය CO3, CO4 වලට වඩා සාර්ථක දෙමුහුම් නේපියර් තෘණ හඳුන්වා දී ඇති බව ඔබ දන්නවාද? එහෙනම් ඔබත් අද ඉදන් CO3, CO4 වෙනුවට ඊට වඩා සාර්ථක දෙමුහුම් ප්‍රභේද වගා කිරීමට වග බලා ගන්න.

⚛️නව දෙමුහුම් ප්‍රභේද ?

🅿️CO5
🅿️CO6

එහෙනම්, අපි අද ලිපියෙන් CO5 නේපියර් තෘණ ගැන කතා කරමු.

⚛️CO5 යනු,👇🏻

🔴ඉහළ අස්වැන්නක් ලබා දෙන දෙමුහුන් නේපියර් තෘණ ප්‍රභේදයක් වන අතර ඉහළ පෝෂණ අගයක් අන්තර්ගත නිසා එය පශු සම්පත් සඳහා ආහාරයක් ලෙස බහුලව වගා කෙරේ.

🔴මෙය, පැචෝන් වැනි අනෙකුත් නවීන දෙමුහුන් නේපියර් වලට සමාන, පෙන්සිටම් ග්ලූකුම් සහ පෙන්සිටම් පර්පියුරියම් වල දෙමුහුන් වර්ගයකි.

⚛️CO5 නේපියර් තෘණවල ලක්ෂණ👇🏻

🌀ඉහළ අස්වැන්න: අනෙකුත් නේපියර් දෙමුහුන් තෘණ හා සසඳන CO5 වල අස්වැන්න ඉතා ඉහළ වේ. වසරකට අස්වනු වාර 7ක් පමණ ( වසරකට ටොන් 360-400) ලබා ගත හැක.

🌀ඉහළ පෝෂණ අගය: එහි ඉහළ පෝෂණ අගයක් අන්තර් ගත වන අතර විශේෂයෙන් එහි දළ ප්‍රෝටීන / CP අන්තර්ගතය 14% ක්, එනම් ඉතා ඉහළ වේ. මෙය සතුන්ගේ වර්ධනයට හා කිරි නිෂ්පාදනයට ඉතා වැදගත් වේ.

🌀ගුණාත්මකභාවය: පළල් පත්‍ර සහ යුෂ සහිත කඳන් නිසා සතුන්ගේ රුචිකත්වය (Palatability) වැඩි ය.

🌀කල් පැවැත්ම: ශීත කාලගුණික තත්ත්වයන්ට පවා ඔරොත්තු දීමේ හැකියාව ඇති අතර, වසර පුරා ඒකාකාරී අස්වැන්නක් ලබා දේ.

🌀සයිලේජ් නිෂ්පාදනය: උසස් තත්ත්වයේ සයිලේජ් නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක.

⚛️වගා කරන ආකාරය 👇🏻

🌀ප්‍රචාරණය : මධ්‍ය ප්‍රමාණයට මේරූ පුරුක් 02 ක් සහිත දඬු කැබලි (stem cuttings) හෝ මුල් සහිත දඬු කැබලි (rooted cuttings ) මගින්
🔺 මෙහිදී, එක් පුරුකක් පස තුලට සිටින සේ හා අනෙක් ගැටය පස සමග ස්පර්ශ වන ලෙස සිටවීම කළ යුතුය.

🌀බිම් සැකසීම;-

01) වළවල්වල සිටුවීම 👇🏻

🔺පැළ දෙකක් අතර පරතරය : අඩි 03 හෝ මීටර් 01
🔺පේළි අතර පරතරය: අඩි 03 හෝ මීටර් 01
🔺සිටුවන වළේ දිග * පළල * උස : අඩි 01* අඩි 01 * අඩි 01
🔺එක් වළකට අවශ්‍ය දඩු කැබලි ගණන - 02
🔺අක්කර එකකට අවශ්‍ය දඩු ගණන - 8000

02) කාණුවල සිටුවීම 👇🏻

🔺කාණු දෙකක් අතර පරතරය - මීටර් 01
🔺කාණුවක පැළ 02 ක් අතර පරතරය - අඩි 02
🔺 එක් ස්ථානයක සිටුවන දඩු කැබලි ගණන - 01
🔺අක්කර එකකට අවශ්‍ය දඩු ගණන - 6000

🌀පොහොර යෙදීම 👇🏻

▪️භාවිත කල හැකි කාබනික පොහොර වර්ග 👇🏻

🔹හොඳින් දිරූ ගොම පොහොර
🔹කුකුල් අතුරණුව
🔹දිරූ එළු පොහොර
🔹සකස් කළ කොම්පෝස්ට් පොහොර

⚫️පොහොර අවශ්‍යතාවය හා පොහොර යෙදීම 👇🏻

🔹බිම් සැකසීමේදී - අක්කරයකට 6000kg - 8000Kg / පැළයකට 1 1/2Kg - 2Kg
🔹දඩු කැබලි සිටුවා මාසයකට පසු - අක්කරයකට 8000Kg / පැළයකට 2Kg
🔹සෑම කැපුමකට පසු - අක්කරයකට 8000kg / පැළයකට 2Kg

▪️භාවිතා කළ හැකි රසායනික පොහොර වර්ග👇🏻

🔹යුරියා
🔹 ට්‍රිපල් සුපර් පොස්පේට් / TSP
🔹 මියුරේට් ඔෆ් පොටෑෂ් / MOP

⚫️පොහොර අවශ්‍යතාවය හා පොහොර යෙදීම 👇🏻

🔹 සිටුවීමට පෙර කාබනික පොහොර - 15000Kg

🔹 ඳඩු සිටුවා දින 7-10 ට පසු,

🔺යුරියා 100Kg / පැළයකට 20g
🔺 ට්‍රිපල් සුපර් පොස්පේට් / TSP 200Kg / පැළයකට 40g
🔺 මියුරේට් ඔෆ් පොටෑෂ් / MOP 150Kg / පැළයකට 30g

🔹 සෑම කැපුමකට පසුව,
🔺යුරියා 100Kg / පැළයකට 20g

🌀 ජල සම්පාදනය: මෝසම් වර්ෂාව ආරම්භයත් සමග දඩු සිටුවීම සිදු කරන්න. දඩු කැබලි හොඳින් පැල වු පසු වර්ෂාව නොමැති කාල වලදී දින 8-10 ට වරක් ජලය සැපයීම සිදු කරන්න.

🌀පළමු අස්වැන්න: සිටුවා දින 75-80 කට පසු

🌀පසු අස්වැන්න: ඉන් පසු සෑම දින 45 කට වරක්.

🌀අස්වනු නෙලීම: පොළව මට්ටමට ආසන්නයෙන් එනම් 1.5” – 2’’ උසින් තෘණ කැපීම සිදු කළ යුතුයි.

🔴තෘණ දඩු ලබාගත හැකි ස්ථාන 👇🏻

▪️සත්ත්ව අත්හදා බැලීමේ ගොවිපළ, ගන්නෝරුව (Animal experimental farm, Gannoruwa)- 0701083054 👇🏻
https://www.facebook.com/share/19v6MR3xka/?mibextid=wwXIfr

✍🏻 Upcountry Dairy Farming

~ ලිපියෙහි අන්තර්ගතය වැදගත් කියලා හිතෙනවනම් ඔයා කැමතිනම් විතරක් තව කෙනෙක්ට දැනුම ගන්න ලිපිය share කරන්න, ඒ වගේම upcountry dairy farming page එකේ ලිපි දිගටම කියවන්න ඕනේ කියලා හිතෙනවනම් page එක like කරලා fallow කරලා තියාගන්න.
Thank you very much !

14/10/2025

Calling Applications for Admission to Animal Husbandry Schools 2025 - HND in Livestock Production Technology Course (NVQ 5,6)

🌱 උසස් තත්ත්වයේ තෘණ දඩු විකිණීමට ඇත! 🌱සතුන්ගේ ආහාර සඳහා මෙන්ම නැවත වගා කිරීම සඳහා සුදුසු, සරුසාරව වගා කරන ලද තෘණ දඩු දැන...
09/10/2025

🌱 උසස් තත්ත්වයේ තෘණ දඩු විකිණීමට ඇත! 🌱

සතුන්ගේ ආහාර සඳහා මෙන්ම නැවත වගා කිරීම සඳහා සුදුසු, සරුසාරව වගා කරන ලද තෘණ දඩු දැන් ඔබට ලබාගත හැක.

✅ සත්ව ආහාර සඳහා වඩාත් සුදුසුයි. ✅ නැවත වගා කිරීම සඳහා මුල් සහිත දඩු ද ලබාගත හැක. ✅ නිරෝගී සහ ගුණාත්මක බවින් ඉහළයි.

මිල ගණන් සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

CO 3 - රු.3.00
CO 4 - රු.3.00
CO 5 - රු.4.00
CO 6 - රු.4.00
Red napire රු.4.00
Pachong රු.4.00

📞 0701083054 📍 ගන්නෝරුව

07/10/2025

Azolla

07/10/2025

Stylosanthus

07/10/2025

Alfa Alfa

Address

Gannoruwa, Peradeniya
Kandy

Opening Hours

Monday 08:00 - 04:00
Tuesday 08:00 - 04:00
Wednesday 08:00 - 04:00
Thursday 08:00 - 04:00
Friday 08:00 - 04:00

Telephone

+94812058227

Website

Alerts

Be the first to know and let us send you an email when Animal Experimental Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category