Galagedara Central College

Galagedara Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galagedara Central College, Middle School, Galagedara, Kandy.

" දම් සටන 2026"  සැප්තැම්බර් 13 දින ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී  උදෑසන 8.30 පැය සිට ,👇(ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය...
14/08/2026

" දම් සටන 2026" සැප්තැම්බර් 13 දින ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී උදෑසන 8.30 පැය සිට ,👇
(ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල ) සහ හතරලියද්ද ජාතික පාසල )

අයහපත් කාළගුණය නිසා කල්දමනු ලැබූ දම් සටන තරගය සැප්තැම්බර් මස 13 දින

01/08/2026

අයහපත් කාලගුණය නිසා හෙට දින( අගෝස්තු 2 ) පැවැත්වීමට නියමිතව තිබූ "දම් සටන " (Big Match) තරගය කල් දමන ලදී.

" දම් සටන 2026" මහා ක්‍රිකට් ගැටුම සදහා ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරනු ලබන කණ්ඩායම සදහා සුභපැතීමේ විශේෂ උත්සවයක...
01/08/2026

" දම් සටන 2026" මහා ක්‍රිකට් ගැටුම සදහා ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරනු ලබන කණ්ඩායම සදහා සුභපැතීමේ විශේෂ උත්සවයක් සූදානම් කර තිබුනා.

එහිදී මෙම තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ඇදුම සදහා අනුග්‍රාහකත්වය ලබා දුන් Active sports ආයතනය මගින් නිළ වශයෙන් එම ඇදුම් ක්‍රීඩකයින් වෙත පිරිනැමීමද මෙහිදී සිදු විය.
තෙවනි වරටත් පැවත්වෙන මෙම දම් සටන තරගයේ මීට පෙර අවස්ථා දෙකෙහි ජයග්‍රහණය ලබා ගත් ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය සදහා මෙම තරගයේදී ද ජයග්‍රහණය වෙනුවෙන් අප සියල්ලන් සුභ පැතුම් එක් කර සිටිනවා.

*🏏🔥 Ready to battle for pride, passion, and glory!*  *🏏🔥 අභිමානය, ආශාව සහ මහිමය වෙනුවෙන් සටන් කරන්න අපි සූදානම්!*We are ...
31/07/2026

*🏏🔥 Ready to battle for pride, passion, and glory!*
*🏏🔥 අභිමානය, ආශාව සහ මහිමය වෙනුවෙන් සටන් කරන්න අපි සූදානම්!*

We are proud to present the official team members representing Galagedara Central College in the legendary Battle of the Purple cricket encounter. 💜️💙🏏
*ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය* නියෝජනය කරන පුරාවෘත්ත *"Battle of the Purple"* ක්‍රිකට් තරගාවලියේ නිල කණ්ඩායම් සාමාජිකයින් අපි ආඩම්බරයෙන් ඉදිරිපත් කරමු. 💜️💙🏏

United as one team, these talented players are prepared to give their all and carry the spirit of Galagedara Central College onto the big stage with strength, determination, and honor.🏆🔥
එක්සත් එකම කණ්ඩායමක් ලෙස, මේ දක්ෂ ක්‍රීඩකයින් ශක්තියෙන්, අධිෂ්ඨානයෙන් සහ ගෞරවයෙන් ගලගෙදර නාමය විශාල වේදිකාවට රැගෙන යාමට සූදානම්. 🏆🔥

💜💙 One Team • One Dream • One Victory 🏏

#ගලගෙදරමධ්‍යමහාවිද්‍යාලය

කන්ද උඩරට මහා දම් සටනට තව දින 2යි. අපි සූදානම්. ඔබ සූදානම් ද...?? 🏏🏆
31/07/2026

කන්ද උඩරට මහා දම් සටනට තව දින 2යි. අපි සූදානම්. ඔබ සූදානම් ද...?? 🏏🏆

" දම සටන " ක්‍රිකට් තරගයට හරියටම තව දින 3 යි , එනවා ද ?
29/07/2026

" දම සටන " ක්‍රිකට් තරගයට හරියටම තව දින 3 යි , එනවා ද ?

" දම් සටන 2026" තරගය අගෝස්තු 2 දා  ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී  උදෑසන 8.30 ට
29/07/2026

" දම් සටන 2026" තරගය අගෝස්තු 2 දා ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී උදෑසන 8.30 ට

"ආශිර්වාදාත්මක පිරිත් දේශනය""2026 කන්ද උඩරට " දම් සටන තරගයට ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ටත් , විද්‍යාල කාර්ය මණ්ඩලයටත්...
26/07/2026

"ආශිර්වාදාත්මක පිරිත් දේශනය"

"2026 කන්ද උඩරට " දම් සටන තරගයට ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ටත් , විද්‍යාල කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල් වල සියලුම දෙනාටත් , 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලුම සිසුන්ට සෙත් පතා ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් , අති පූජනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් විද්‍යාලයේදී පවත්වන ලදී.

ගලගෙදර මධ්‍ය මහා විද්‍යාල වයස අවුරුදු 17 පහළ ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් ස...
25/07/2026

ගලගෙදර මධ්‍ය මහා විද්‍යාල වයස අවුරුදු 17 පහළ ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන තෙවන පෙළ , වයස අවුරුදු 17 පහළ ක්‍රිකට් තරගාවලියට අදාලව ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර ලෙක්ෂිකෝන් ජාත්‍යන්තර පාසල අතර පැවති ක්‍රිකට් තරගයෙන් ලකුණු 102 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් ගලගෙදර මධ්‍ය මහා විද්‍යාල පාසල සියලුම දෙනා පන්දුවාර 26.5 තුලදී දැවී ගොස් ලකුණු 162 ලබා ගන්නට සමත් විය.

එහිදී නෙලාන් අනුරංග පන්දු 58 ක් තුලදී ලකුණු 69 ක් ලබා ලබා ගැනීමට සමත් වූ අතර එහිදී 6 පහර 3 ක් සහ 4 පහර 10 එල්ල කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මහනුවර ලෙක්ෂිකෝන් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට පන්දු වාර 24.2 තුලදී සියලුම දෙනා දැවී ගොස් ලබා ගන්නට හැකි වූයේ ලකුණු 60ක් පමණි.

පන්දු යැවීමේදී ජනිත් තිසර පන්දු වාර 8.2 තුලදී ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 4ක්ද චානුක සංදීප පන්දුවාර 8ක් තුලදී ලකුණු 14ක් පමණක් ලබා දී කඩුලු 3 ක් බිද හෙලන ලදී.

ඒ අනුව ගලගෙදර මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම කඩුලු 102ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගැනීමට සමත් විය.

කණ්ඩායම් පුහුණුකරැ අශාන් දිසානායක ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට සහ පාසල් ක්‍රිකට් භාර අජිත් රණතුංග සහ ක්‍රිෂ්නන් ගුරු තුමන්ලා දෙපල වෙත පාසලේ විදුහල්පතිතුමා මෙන්ම පාසල් ගුරු මණ්ඩලය සුභ පැතුම් එක් කර සිටිනවා .

Media Unit Of Galagedara Central College

Address

Galagedara
Kandy
20100

Opening Hours

Monday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Galagedara Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category