St Sylvester's College - Kandy - SSCK: Class of 90/93

St  Sylvester's College - Kandy - SSCK: Class of 90/93 Maintain the St. Sylvester's Spirit

21/08/2026
තවත් දයාබර ගුරු මෑණියකගේ නික්මයාම🙏ශාන්ත සිල්වෙස්තරයේ 80/90 දශකවල උසස්පෙල භූගෝල විද්‍යාව ඉගැන්වූ, කලක් උසස්පෙල කලා අංශප්‍...
13/08/2026

තවත් දයාබර ගුරු මෑණියකගේ නික්මයාම🙏
ශාන්ත සිල්වෙස්තරයේ 80/90 දශකවල උසස්පෙල භූගෝල විද්‍යාව ඉගැන්වූ, කලක් උසස්පෙල කලා අංශප්‍රධාන ලෙසද කටයුතු කල.
මාලිනී පතිරාජ ගුරු මෑණියනි ඔබට නිවන් සුව.
අවසන් කටයුතු 2016.08.13 බ්‍රහස්පතින්දා සවස 6.30 ට මහයියාව ආදහනාගාරයේදී

සුබපැතුම් ! Congratulations Sylvestrians proud of your achievement
12/08/2026

සුබපැතුම් ! Congratulations Sylvestrians proud of your achievement

Congratulations to our Junior Defence Cadet Platoon on becoming Overall Champions at the Junior Defence Cadet Provincial...
08/08/2026

Congratulations to our Junior Defence Cadet Platoon on becoming Overall Champions at the Junior Defence Cadet Provincial Assessment Camp – 2026.

🏆 Overall Champions – 1st Place
🥇 PT – 1st Place
🏅 PT Best Commander – Sergeant Perera S.A.A.S.
🥈 Billet Inspection – 2nd Place
🥈 Director Test – 2nd Place

This outstanding performance has secured our place at the John B. Cull Challenge Trophy – 2026.

Congratulations to Platoon Commander Captain Dharshana Gunarathna, Sergeant Perera S.A.A.S., and the entire platoon. Wishing you every success as you take on the next challenge.

සුබපැතුම් යුද්ධ හමුදාවේ 70 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස නවතමයෙන් පත් කරන ලද  මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP n...
05/08/2026

සුබපැතුම් යුද්ධ හමුදාවේ 70 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස නවතමයෙන් පත් කරන ලද මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc

යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 අගෝස්තු මස 04 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න RSP USP nps psc විසින් නව මාණ්ඩලික ප්‍රධාන පත්වීම්මේ ලිපිය භාරදෙන ලදී.

05/08/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳුනාරටිය ලෙස සැලකෙන්නේ පාසල් ක්‍රිකට් තරගාවලියයි. නමුත් වර්තමානය වන විට මෙම පදනම දැඩි ලෙස දෙදරා යමින් පවතින්නේ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ අසාධාරණ තේරීම් ක්‍රමවේදයන් සහ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙනි. මෑතකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සිදුවීම් පෙළ දෙස බලන විට පෙනී යන්නේ පාසල් ක්‍රීඩකයන්ගේ කුසලතාවයට වඩා තේරීම් නිලධාරීන්ගේ සහ පුහුණුකරුවන්ගේ පෞද්ගලික හිතවත්කම් සහ පාසල් පක්ෂපාතීත්වය (Conflict of Interest) ක්‍රීඩක තේරීමේ ප්‍රධාන නිර්නායකය බවට පත්ව ඇති බවයි.

මුලික වටයේ තරග 8 අවසානයේ ක්‍රීඩකයන් දක්වා ඇති දක්ෂතා සහ සංඛ්‍යාත්මක දත්ත (Player Statistics) පැහැදිලිවම පෙනෙන්නට තිබියදී, ඒ සියල්ල තඹදොයිතුවකට මායිම් නොකර තමන්ගේ පැරණි පාසලේ (Old Boys Network) ක්‍රීඩකයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම දැඩි ලෙස පිළිකුල් සහගතය.
මේ සඳහා ආසන්නතම සහ හොඳම උදාහරණ කිහිපයක් පහත සංසන්දනයන්ගෙන් පැහැදිලි වේ.

පිතිකරණය සහ පන්දු යැවීම: මහනුවර එක් පාසලක ක්‍රීඩකයෙකු තරග 8 කදී ලකුණු 249 ක් සහ කඩුලු 8 ක් ලබාගෙන කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබියදී, ලකුණු 173 ක් සහ කඩුලු 8 ක් පමණක් ලබාගත් තේරීම් නිලධාරීන්ගේ පැරණි පාසලේ ක්‍රීඩකයෙකු පළාත් කණ්ඩායමට තෝරාගෙන ඇත.
වමතින් පන්දු යැවීම (Left-arm Bowling): සමස්ත ලංකා තරගාවලියේම වැඩිම නිලකුණු පන්දුවාර (Maiden Overs) සංඛ්‍යාවක් යොමු කරමින් තරග 8 කදී කඩුලු 19 ක් සහ ලකුණු 83 ක් ලබාගත් ක්‍රීඩකයා කපා දමමින් කඩුලු 15 ක් සහ ලකුණු 62 ක් ලබාගත් තවත් පාසලක ක්‍රීඩකයා තෝරාගැනීමට කටයුතු කර තිබේ.
වඩාත්ම කනගාටුදායක සහ හාස්‍යජනක කරුණ වන්නේ, අදාළ තරගාවලිය සඳහා ක්‍රීඩා පවා නොකළ, අවම වශයෙන් පාසල් සංචිතයේ නාමලේඛනයේවත් නොසිටි දරුවෙකු පවා මෙම තේරීම් අතරට ඇතුළත් කර තිබීමයි. තරගාවලියට ක්‍රීඩා නොකළ දරුවෙකු තේරීම් තරග සඳහා සුදුසුකම් ලැබූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුය.එවැනි දරුවෙකු තේරීම් වටය සදහා ඇතුලත් කරන ඇද්දේ කාගේ බලපාමටද කුමන අවශ්‍යතාවයක් මතද යන්න ක්‍රිකට් බලධාරීන් පැහැදිලි කල යුතුව තිබේ.
මෙම අසාධාරණ තීරණ පිටුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ පළාත් පුහුණුකරු (Provincial Coach) සහ තේරීම් නිලධාරීන් (Selection Panel) එකම පාසලක ආදී ශිෂ්‍යයන් වීම සහ ඔවුන් විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීමයි. දිස්ත්‍රික් සහ පළාත් සංගම්වල සභාපතිවරුන්ගේ හා ලේකම්වරුන්ගේ අභිමතය පරිදි, කිසිදු ස්වාධීන සම්මුඛ පරීක්ෂණයකින් තොරව පත්කර ඇති මෙම තේරීම් කමිටු සාමාජිකයන්ට ඍජු හා ස්වාධීන තීරණ ගැනීමේ කිසිදු කොඳුනාරටියක් නොමැත. ඔවුන් ක්‍රියාත්මක වන්නේ පුහුණුකරුවන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන්ට (Personal Agendas) අනුවය.
මෙවැනි අසාධාරණයන් නිසා අධෛර්යයට පත්වන්නේ අහිංසක සහ දක්ෂ ක්‍රීඩකයන් පමණක් නොවේ; මුළු මහත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයමය. තරගාවලි නියෝජනය නොකර, දක්ෂතා නොදක්වා, හිතවත්කම් සහ බලපෑම් මත පමණක් ඉදිරියට එන ක්‍රීඩකයන්ගෙන් ජාතික කණ්ඩායමක් පෝෂණය කරන්නේ කෙසේද? වර්තමාන ක්‍රිකට් පාලකයන් සහ අදාළ බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මෙම පක්ෂපාතී දිස්ත්‍රික් සහ පළාත් තේරීම් කමිටු වහාම විසුරුවා හැරිය යුතුය. ඒ වෙනුවට ක්‍රිකට් පිළිබඳ නිසි අවබෝධයක් ඇති, අපක්ෂපාතී සහ ඍජු තීරණ ගත හැකි සුදුසු නිලධාරීන් පත්කරමින් Meritocracy (දක්ෂතාවයට මුල්තැන දීමේ ක්‍රමය) නැවත ස්ථාපිත නොකළහොත්, පාසල් ක්‍රිකට් පමණක් නොව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයද පතුලටම ගිලී යාම වැළැක්විය නොහැක.

Black Cat

කපිල කුමාර කාලිංගයන්ගේ රචනයෙන් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන "බ්‍රිස්බෙන් මනාලයා" වේදිකා නාට්‍ය  සෙංකඩගල පළමු සම්ප්‍ර...
04/08/2026

කපිල කුමාර කාලිංගයන්ගේ රචනයෙන් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන "බ්‍රිස්බෙන් මනාලයා" වේදිකා නාට්‍ය සෙංකඩගල පළමු සම්ප්‍රාප්තිය.

අගෝස්තු 15 දින සවස 3.30 හා 6.30 ට මහනුවර කරළිය රංග ශාලාවේදී.

29/07/2026

පාසල් බොක්සිං සම්බන්ධ වටිනා කතාබහක් . Mr.අසේල රණසිංහ . සභාපති පාසල් බොක්සිං සංගමය

පළාත් සංගීත තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම සහ නියමුවා
29/07/2026

පළාත් සංගීත තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම සහ නියමුවා

Address

Yatinuwara Veediya
Kandy

Alerts

Be the first to know and let us send you an email when St Sylvester's College - Kandy - SSCK: Class of 90/93 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category