Physio By Hirushan

Physio By Hirushan

Share

Physiotherapist
Pain Relief & Rehabilitation
Helping you move better & stay active every day
DM for guidance, exercises & consultations

26/05/2026

බෙල්ලෙන් පටන් අරන් අත දිගේ යන කැක්කුම සහ හිරිවැටීම ගැන ඔබ දැනුවත්ද? 🤔

​බොහෝ දෙනෙක් අතේ කැක්කුමක් හෝ හිරිවැටීමක් ආපු සැනින් හිතන්නේ ඒක අතේ මස්පිඩු හෝ නහර ගැටලුවක් කියලා. හැබැයි ඇත්තටම ගැටලුව තියෙන්නේ ඔබේ බෙල්ලේ (Cervical Spine) වෙන්න පුළුවන්!

​වෛද්‍ය විද්‍යාවේදී මෙයට Cervical Radiculopathy කියලා හඳුන්වනවා.

​🔍 මොකක්ද මේ Cervical Radiculopathy කියන්නේ?

​අපේ බෙල්ල ප්‍රදේශයේ තියෙන කොඳු ඇට පෙළේ කශේරුකා අතරින් පිටතට විහිදෙන ස්නායු මූලයන් (Nerve Roots) කිසියම් හේතුවක් නිසා තෙරපීමකට හෝ ප්‍රදාහයකට (Inflammation) ලක්වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ සමූහයකි.

​🛑 ප්‍රධාන රෝග ලක්ෂණ:

​විහිදී යන වේදනාව (Radiating Pain): බෙල්ලේ සිට උරහිස, බාහුව සහ අත දිගේ ඇඟිලි තුඩු දක්වාම විහිදෙන තද කැක්කුම

​හිරිවැටීම සහ කටු අනින්නාක් වැනි දැනීම (Numbness & Tingling): අත හෝ ඇඟිලි හිරිවැටීම, හිරිවැටීම නිසා ස්පර්ශය නොදැනීම

​මස්පිඬු ශක්තිය අඩු වීම (Muscle Weakness): අතේ පේෂිවල ශක්තිය අඩු වීම නිසා බඩු බාහිරාදිය අතහැරීම, දොර අගුල් හැරීමේ අපහසුව

​ඉරියව් නිසා වේදනාව වැඩිවීම (Postural Aggravation): බෙල්ල ඇතැම් පැතිවලට හරවන විට හෝ පහත් කරන විට වේදනාව උත්සන්න වීම

​⚠️ මේ තත්ත්වයට හේතු මොනවාද?

​Cervical Disc Herniation: කශේරුකා අතර ඇති ජෙල් වැනි පෑඩ් එක සිංහලෙන් හඳුන්වනව අන්තර් කශේරුක මඩල (Disc) පිටතට නෙරා විත් ස්නායුව තද කිරීම

​Bone Spurs (අස්ථි නෙරීම්): වයසත් සමඟ කශේරුකාවල අතිරේක අස්ථි කොටස් වැවීම නිසා ස්නායු මාර්ගය අවහිර වීම

​Foraminal Stenosis: ස්නායු පිටතට විහිදෙන කුඩා සිදුරු (මාර්ගය) පටු වීම

​Whiplash Injury: වාහන අනතුරු හෝ ක්‍රීඩා අනතුරුවලදී බෙල්ල හදිසියේ ගැස්සීමකට ලක්වීම

​💡 සලකා බැලිය යුතු අමතර වැදගත් කරුණු

​ඔබට පහත ලක්ෂණ ඇත්නම් ප්‍රමාද නොවී වහාම ප්‍රතිකාර ලබාගත යුතුය

​දෑතේම එකවර ශක්තිය නැතිවීම සහ ඇවිදීමේ සමබරතාවය ගිලිහී යාම

​මුත්‍රා හෝ මළපහ පිටවීම පාලනය කර ගැනීමට අපහසු වීම (මෙය හදිසි තත්ත්වයකි)

​👨‍⚕️ භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy Management)

​ඖෂධ ප්‍රතිකාරවලින් තොරව මේ සඳහා සාර්ථකම සහ ස්ථිරසාර විසඳුම භෞතචිකිත්සක ප්‍රතිකාරයි. ඒ යටතේ

​Cervical Traction: බෙල්ල මදක් ඇදීම මඟින් කශේරුකා අතර පරතරය වැඩි කර ස්නායුවේ තෙරපීම අඩු කිරීම

​Nerve Gliding Exercises: තෙරපී ඇති ස්නායුව මුදාහැරීමට සහ එහි ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට කරන විශේෂිත චලන ව්‍යායාම

​Chin Tucks: බෙල්ලේ ගැඹුරු පේෂි ශක්තිමත් කර නිවැරදි ඉරියව් පවත්වා ගැනීම

​Scapular Stabilization: උරහිස් සහ පිටුපස පේෂි ශක්තිමත් කර බෙල්ලට වැටෙන පීඩනය අඩු කිරීම

​Manual Therapy: සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙකු (Physiotherapist) විසින් සිදුකරන සන්ධි සහ මෘදු පටක ලිහිල් කිරීමේ විශේෂිත ප්‍රතිකාර

​🛑 එදිනෙදා ජීවිතයේදී මේවායින් වැළකෙන්න

​ජංගම දුරකථන සහ පරිගණක දෙස දිගුවේලාවක් බෙල්ල පහත් කර බලා සිටීමෙන් වළකින්න

​නිදාගැනීමේදී ඉතා උස් හෝ ඉතා පහත් නොවන, බෙල්ලේ ස්වාභාවික වක්‍රතාවය ආරක්ෂා වන කොට්ටයක් පාවිච්චි කරන්න

​බර බඩු එසවීමේදී සහ වාඩි වී සිටීමේදී නිවැරදි ඉරියව් (Posture) පවත්වා ගන්න

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්
(Share button එක භාවිතා කරන්න)

©️ [ Physio by Hirushan ] - All Rights Reserved.

​📞 වැඩිදුර උපදෙස් සහ භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා අප අමතන්න:
📱 076 630 62 61
📍 (Colombo & Gampaha Area)

25/05/2026

දෙවැනි හෘදය වැදගත් ඇයි?

23/05/2026

කොන්දෙන් පටන් අරන් කකුල දිගේ පල්ලෙහාට විහිදෙන තද කැක්කුමක්, හිරිවැටීමක් තියෙනවාද? ඒක "සයටිකා" (Sciatica) වෙන්න පුළුවන්!

සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින, නමුත් නිසි අවබෝධයක් නැති පොදු සෞඛ්‍ය ගැටලුවක් තමයි "සයටිකා" කියන්නේ. අද අපි කතා කරමු විද්‍යාත්මක සාක්ෂි (Evidence-Based) මත පදනම්ව සයටිකා කියන්නේ මොකක්ද, ඒක ඇතිවෙන්න හේතු සහ ශල්‍යකර්ම රහිතව මේක සුව කරගන්නේ කොහොමද කියලා. 👇

සයටිකා (Sciatica) කියන්නේ මොකක්ද?
සයටිකා කියන්නේ තනි රෝගයක් නෙවෙයි. අපේ ශරීරයේ තියෙන දිගම සහ මහත්ම ස්නායුවක් වෙන සයටික් ස්නායුව (Sciatic Nerve) කොඳු ඇට පෙළ ආශ්‍රිතව තෙරපීමකට හෝ ප්‍රදාහයකට (Inflammation) ලක්වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ සමූහයකටයි අපි සයටිකා කියන්නේ

ප්‍රධාන රෝග ලක්ෂණ:
විහිදී යන වේදනාව: පහළ කොන්දෙන් පටන්ගෙන තට්ටම් ප්‍රදේශය හරහා කකුලේ පිටුපසින් කෙණ්ඩ සහ විලුඹ දක්වාම "විදුලියක් වැදීමක් වැනි" (Electric shock-like) හෝ "පිච්චෙනවා වැනි" දැඩි වේදනාවක් දැනීම
හිරිවැටීම සහ පණ නැති ගතිය: ස්නායුව අවහිර වීම නිසා කකුලේ ඇතැම් ස්ථාන හිරිවැටීම හෝ මාංශ පේශි පණ නැති වීම
ඉරියව් සමඟ වේදනාව වෙනස් වීම: දිගු වේලාවක් වාඩි වී සිටින විට, කැස්සක් හෝ කිවිසුමක් යන විට හෝ ඉදිරියට නැමෙන විට වේදනාව දැඩි ලෙස වැඩි වීම

සයටිකා වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතු (Causes)

Intervertebral Disc Herniation (අන්තර් කශේරුක මඩල පිටතට පැනීම): සයටිකා තත්ත්වයන්ගෙන් 90% කටම හේතුව මෙයයි. කොන්දේ කශේරුකා දෙකක් අතර තියෙන ජෙලි වැනි තැටියක් (Disc) පිටතට නෙරා ඇවිත් ස්නායු මුල තද කිරීම මෙහිදී සිදුවේ

Lumbar Spinal Stenosis (කොඳු ඇට පෙළේ ස්නායු මාර්ගය පටු වීම): වයස්ගත වීමත් සමඟ කොඳු ඇට පෙළේ ස්නායු ගමන් කරන නාලය පටු වීම නිසා ස්නායුව මත පීඩනයක් ඇතිවීම

Spondylolisthesis (කශේරුකාවක් ඉදිරියට ලිස්සා යාම): එක කශේරුකාවක් ඊට පහළින් ඇති කශේරුකාව මතින් ඉදිරියට ලිස්සා යාම නිසා ඒ අතරින් විහිදෙන ස්නායුව තදවීම

Piriformis Syndrome (පිරිෆෝමිස් සින්ඩ්‍රෝමය): තට්ටම් ප්‍රදේශයේ පිහිටි 'Piriformis' පේශිය දැඩි වීම නිසා ඒ අසලින් යන සයටිකා ස්නායුව තෙරපීමට ලක්වීම

සයටිකා සුව කරන්න අනිවාර්යයෙන්ම Surgery (සැත්කම්) ඕනෙද?
නැත! වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු කර ඇති පරිදි සයටිකා රෝගීන්ගෙන් 90% කටම ශල්‍යකර්ම රහිතව, නිවැරදි භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) මඟින් පූර්ණ සුවය ලබාගත හැකියි

සාර්ථකම භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම

Nerve Gliding Exercises: තෙරපී ඇති සයටිකා ස්නායුව නිදහස් කර එහි නම්‍යශීලීභාවය වැඩි කරන විශේෂ ව්‍යායාම
Core Stability Exercises: කොඳු ඇට පෙළට ආධාරක වන පේශි ශක්තිමත් කර කශේරුකා මත ඇති බර/පීඩනය අඩු කිරීම
McKenzie Method (MDT): පිටතට නෙරා ඇති අන්තර් කශේරුක මඩල (Disc) නැවත තිබූ තැනට පත් කරමින්, කකුලේ වේදනාව අඩු කර කොන්ද දෙසට කේන්ද්‍රගත කරන විශේෂිත ඉරියව් සහ ව්‍යායාම ක්‍රමවේදයකි
Manual Therapy: භෞතචිකිත්සකවරයා විසින් සිදුකරන සන්ධි චලන (Joint mobilization) සහ මෘදු පටක ලිහිල් කිරීමේ (Soft tissue release) ප්‍රතිකාර ක්‍රම

🚫 විශේෂ උපදෙස: සයටිකා වේදනාවට හිතුමතේ එක එක ව්‍යායාම කරන්න යන්න එපා. මොකද එක එක්කෙනාට වේදනාව ඇති වෙන්න බලපාපු හේතුව අනුව කරන්න ඕන ව්‍යායාම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වැරදි ව්‍යායාම නිසා රෝගය තවත් දරුණු වෙන්න පුළුවන්

ඔබත් සයටිකා හෝ දරුණු කොන්දේ කැක්කුමකින් පීඩා විඳිනවා නම්, සුදුසුකම් ලත් ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි භෞතචිකිත්සකවරයකුගේ (Physiotherapist) පරීක්ෂාවකට ලක්වී ඔබටම ගැළපෙන ප්‍රතිකාර ක්‍රමවේදය ලබාගන්න

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්
(Share button එක භාවිතා කරන්න).
©️ [ Physio by Hirushan ] - All Rights Reserved.

📞 වැඩි විස්තර සහ ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට: 076 630 62 61 හෝ
ගම්පහ සෙත්මා රෝහල අමතා Appointments ලබා ගන්න

📍Colombo & Gampaha Area

22/05/2026

අත්ල හිරි වැටීම් ගැන හරියටම දැනගන්න

Professional Home-Visit Physiotherapy 🏥
📍 Colombo & Gampaha Areas

📞 Contact / WhatsApp: 076 630 6261

21/05/2026

Professional Home-Visit Physiotherapy 🏥
📍 Colombo & Gampaha Areas
📞 Contact / WhatsApp: 076 630 6261

11/05/2026

බෙල්ලේ වේදනාවට විසදුම්

06/05/2026

Sport කරද්දි Knee එකට injury එකක් ආවද? 🦵

ACL & MCL injury ගැන කෙටියෙන් + early physiotherapy වලින් recovery එකක්! 💪

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy
11870