31/07/2026
දහතුන් වසරක පාසල් ගමනක අවසානය 🥹
දහතුන් වසරක් සේනාධිකාරි පාසල් මව් තුරුලේ සිප් කිරෙන් පෝෂණය ලබා උසස් පෙළ කඩයිම පසු කරන්නට තව නොබෝ දිනකින් සුදානම් වන දරුවන් පාසලෙන් සමුගත් රූපාවලිය
උඹලා පාසලේ හැම වැඩකටම දරදිය ඇදපු එවුන්,
කිසිම කාර්‍යක් බෑ නොකියා කරපු උන්,
ගුරුවරු ඇතුලු හැමෝගෙම ආදරය දිනපු උන්,
අමතක නොවන මතක රැසක් එකතු කරගත්ත උන්
ඔබ නැති අඩුව පාසලට ඉහළින් දැනේවි
ඔබ පාසල වෙනුවෙන් කළ කී දෑ මතකයේ තිබේවී
පාසල් කාලයේ සුන්දර මතක ආශීර්වාදයක් වී හිදිවී
ඔබ ඇවිත් ගුරුවරුන් දෙපා වදින විට හිතට මහ දුකක් දැනුනි
කෙසේ නමුත්
විභාගයට හොඳින් මුහුණ දෙන්නට
විශිෂ්ඨ ප්‍රතිඵල ලබන්නට
සරසවි වරම් ලබන්නට
අනාගය සාර්ථක වන්නට
විදුල්පති තුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යන කාර්‍යා මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් හදවතින්ම සුභ පතමි. 🙏🙏❤