28/07/2026
අපේ පුංචි ලොවට එන්න...
පුංචි සිනා මල් පිපෙන,
සෙනෙහස පිරුණු අපේ කැදැල්ලට එන්න.
සෙල්ලමෙන් ඉගෙන ගන්න,
සිහින දකින්න ඔබේ පුංචි මැණිකට ඉඩ දෙන්න.
අකුරු ලෝකයේ පළමු පියවර,
සතුටින් තබන සුන්දර තැන මෙන්න.
ගුණ දහම්, ආදරය, මිත්‍රත්වය සමඟ,
හෙට දිනට ශක්තිමත් අඩිතාලමක් තනන්න.
සිනාසෙමින්, ගී ගයමින්,
නටමින්, රසවිඳිමින් වැඩෙන පුංචි හදවත්,
අනාගතයේ දිදුලන තරු බවට
අපි එක්ව සෙනෙහසින් හැඩගස්වමු.
එන්න...
ඔබේ ආදරණීය දරුවාත්
අපේ පෙර පාසල් පවුලේ සාමාජිකයෙකු කරන්න.
අදම ලියාපදිංචි වන්න...