21/05/2026
ආටිකල් : 159
"මගේ තියන භයානකම කොටස මම ඔයා එක්ක තරහවෙන එක නෙවෙයි, මම ඔයා එක්ක නිහඬ වෙන එක"
මේක මම ටික්ටොක් එකේ දැක්කේ..ඉතින් මට හිතුණා මේ ගැන ලියන්න..මොකද මාත් මම හිතන්නේ මේ වගේ හිතන කෙනෙක්..😅❤️
මම සාමාන්යෙන් රංඩු වෙන, තරහ වෙන කෙනෙක් නෙවෙයි..හැබැයි ඉතින් අර ක්ලෝස් සර්කල් එකේ ඉන්න අය එක්ක සමහර වෙලාවට තරහ යනවා..ඒත් ඉතින් වචන වලින් සැරෙන් කතා කරලා හර්ට් කරන්නේ හරිම අඩුවෙන්..මම රිකවර් වෙනකන් මම සයිලන්ට් වෙනවා.
මම කැමති නෑ මට තරහගිය වෙලාවට තරහෙන් බැනලා පස්සේ ඇයි එහෙම කිව්වේ කියලා වොරිවෙන්න..🙂↕️
මොකද මම ළඟින් ඇසෝසියේට් කරන්නේ හරිම පොඩි පිරිසක් නිසා මම ඒ අයව හර්ට් කරන්න කැමති නෑ.
ඉතින් මේ ළගදි මගේ ඔය සර්කල් එකේ ඉන්න යාලුවෙක් මගෙන් ඇහුවා,
"ඔයා රිලේශන්ශිප් එකක ඉන්න දවසක, ඔයාගේ පාට්නර් ඔයාට පොඩිම හරි බොරුවක් කරොත් මොකද කරන්නේ" කියලා 🫢
මම කීවා අත හරිනවා කියලා.🙃 තරහවෙනවයි අතැරලා සයිලන්ට් වෙනවා කියන්නෙයි දෙකක්. මොකද මන් තරහවෙනවා නම් මම යාලුවෙනවා. හැබැයි මම අතැරියොත් අතැරියම තමයි. ඒ යාලුවෙක්ද, පාට්නර්ද කවුද කියන එක වැඩක් නැ මට.🤨
ඉතින් මම ඒ වෙලාවේ හිතපු දෙයක් තමයි ඇයි අපි මිනිස්සුන්ට බොරු කියන්නේ..අනික ළඟම ඉන්න අයට බොරු කියන්න කොහොමත් හේතුවක් නෑනේ..මම කියන්නේ නැහැ මම කවදාවත් බොරු කියලා නෑ කියලා..මට කියන්න පුලුවන් කාටවත් හර්ට් වෙන බොරු මම කියලා නෑ..
මං කියන්නේ මෙච්චරයි..ඇත්ත කොයිතරම් අහගෙන ඉන්න අමාරු වුනත් මට ඒක අහගෙන ඉන්න පුලුවන්..මට තේරුම්ගන්න පුලුවන්..හැබැයි කවුරුහරි බොරුවක් කියනවා කියන්නෙම මම ඒක දකින්නේ රැවටීමක් විදිහට..ඒ කෙනා ලෝයල් නැති කෙනෙක් විදිහට.
ඉතින් එහෙම අය මොකටද අපේ ජීවිත වලට?
ඒක යාලුවෙක් වුනත්, පාට්නර් වුනත් එච්චරයි..කොන්ටිට් එක වැඩක් නෑ..අනේ මට යාළුවෝ ගොඩක් ඉන්නවා කියන එකෙන් වැඩක් නෑ මට නම්..ඉන්නේ එක යාලුවයිද ඒ යාළුවා කොලිටි යාලුවෙක් වෙන්න ඕනි..
එහෙම කවුරුත්ම ඇත්තේ නැත්තන් තනියම ඉන්න එක ඊටවඩා හොදයි..
මම මේ කියන්නේ තරහවෙන්න කියලා නෙවෙයි..ඒ වගේ අය අතේ දුරින් ඇසෝසියේට් කරන්න ඕනි.
මොකද මනුස්සයෙක් කියන දේකට රිදෙන ප්‍රමාණයක් තියනවා.
අදුරන කෙනෙක් හරි අදුරන්නේ නැති කෙනෙක් ඔයාගේ ඊගෝ එකට පහර දෙනවා නම් ඔයාට වැඩියෙන් රිදෙන්න පුලුවන්.
ඒ වගේම අදුරන ළඟම ඉන්න කෙනෙක්ගේ වචන වලටත් ඔයාට ලොකුවට රිදෙන්න පුලුවන්.
ඉතින් හිතන්නකෝ ඔයා මිනිස්සු එක්ක හැමවෙලේම ප්‍රොපර් ඩිස්ටන්ස් එකක් මේයින්ටේයින් කරනවා නම් අර ඔයාට රිදෙන ප්‍රමාණය සෑහෙන්න අඩුවෙන්න පුලුවන්.
ඔයාට බෑ අනිත් අයව කන්ට්‍රෝල් කරන්න.. හැබැයි ඔයාට පුලුවන් වෙන්න ඕනි ඔයාව කන්ට්‍රෝල් කරගන්න.
ගුඩ්ලක්!
- මැන්ඩි සිල්වා
11/05/2026
ඔයා දැනගන්නම ඕනි දේවල් 👇🧐
10/05/2026
ආටිකල් : 157
මගේ ජීවීතේ මට ආදරේ කියන එක මට තේරෙන දවසේ ඉඳලා නොසෑහෙන්න ලැබෙනවා..ඒ නිසාමද මන්දා මම ලොකුවට ලව් අෆෙයාස් වලට ඉන්ටරස්ට් නැත්තේ..😅
මගේ පවුලේ අය ඉදලා, මගේ යාලුවෝ, යාලුවොන්ගේ අම්මිලා තාත්තිලා ඉඳලා හැමෝගෙන්ම ආදරේ මට අඩුවක් නැතුව හම්බෙනවා.
කෝමහරි අද අම්මලාගේ දවසනේ..ඉතින් මට හිතුණා මේක ලියන්න. අපේ අම්මි ගැනයි, අක්කි ගැනයි. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන දෙන්නා..❤️ හැබැයි තව වෙනකන් මන් ආදරෙයි කියලා මම එයාලට කියලා නෑ..😅
කිව්වේ නැතිවුණාට මොකෝ මං එයාලට ආදරෙයි කියලා එයාලා දන්නවා..ඒවගේම එයාලත් මට ආදරෙයි කියලා දන්නවා..😁❤️
මට දැන් අවුරුදු 29ක්..ඔය විසි නවයටම මට මතක විදිහට මම එකම එක පාරයි අක්කි එක්ක රංඩු වෙලා තියෙන්නේ..ඒකත් ලොකුවට නෙවෙයි, පොඩිවට..මොකද අක්කිගෙයි මගෙයි ඒජ් ගැප් එක අවුරුදු නවයක්..ඉතින් අක්කිටත් වඩා එයා මට අපේ අම්මි වගේ..අදටත් ගෙදර ගියාම තේ එකේ ඉඳලා හැමදේම බලලා හදලා කරලා දෙනවා..කෝමහරි අර ඒජ් ගැප් එක නිසාමද මන්දා අපි දෙන්නා රංඩු වෙන්නේ නෑ, බැනගන්නේ නෑ..🤗❤️
ආහ් එතකොට අපේ අම්මි එක්කත් මට මතක ඇති කාලෙක මම රණ්ඩුවෙලා බැනගෙන කියවගෙන ගිහින් නෑ..ඒ දෙන්නා මොනාටහරි බැන්නත් මම අහගෙන ඉන්නවා..මට තරහ යන්නෙත් නෑ..😂❤️
ඒ දෙන්නා මට හැමදාම සපෝර්ට් කරා..මම මොනා කරත් සපෝට් කරා..අරක කරන්න මේක කරන්න කියලා මට කවදාවත් ෆෝස් කරේ නෑ..පොඩි කාලේ ඉඳලම මට මාර නිදහසක් දීලා තිබ්බා..එහෙම හම්බෙලා තිබ්බත් මම ඒවා අවභාවිතා කරේ නෑ ආ..😁❤️
කෝමහරි ලබන අවුරුද්දට මට අවුරුදු 30යි..ඒත් මට 30ක් කියලා මට දැනෙන්නෙත් නෑ..අපේ ගෙදර අයට දැනෙන්නෙත් නෑ..තාම මම අපේ ගෙදර අයට බබා..😆❤️ඒ නිසාම වෙන්න ඇති මටත් මම දැන් හරි ලොකුයි කියන ෆීලින්ග් එක එන්නේ නැත්තේ..
ඉතින් කෝමහරි අම්මි, අක්කි ඒ වගේම මට ආදරේ කරන, මම ගැන හොයලා බලන හැම අම්මි කෙනෙක්ටමත්, මේ ලෝකේ ඉන්න හැම අම්මි කෙනෙක්ටමත්, අම්මි කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයාටත් ශුභම ශුභ මව්වරුන්ගේ දිනයක් වෙන්න ඕනි.❤️
- මැන්ඩි සිල්වා
01/05/2026
ආටිකල් : 156
දුන්නොත් ලැබෙන කතාවල් ගැන මම දෙනකොට කවදාවත් හිතන්නේ නෑ..
ඒත් මම දන්නවා ලැබෙන එක ගැන හිතන්නේ නැතුව දුන්නම අපි හිතුවටත් වඩා දේවල් ලැබෙනවා කියලා..හරියට මේ වගේ ආදරයක්..
අපේ නංගි කෙනෙක්ගේ ගෙදර මම ගියා අද..කාලෙක ඉඳලා නංගිගේ අම්මි එන්න එන්න කියනවා ඇවිල්ලා යන්න..ඒත් මට යන්න වෙලාවක් හදාගන්න අමාරු වුනා..ඒත් ඔන්න මේ සතියේ මම හිතාගත්තා මොනා වුනත් කෝමහරි අද නිවාඩු දවසේ ගිහින් බලලා එන්න ඕනි කියලා..
ඇත්තටම මට ඕනි වුනේ නංගිලාගේ අප්පච්චිවයි අම්මිවයි බලලා එන්න..වැඩියෙන්ම අප්පච්චිව..මොකද එයාලගේ අප්පච්චි අපේ තාත්ති වගේ ටිකක්..🤍🥺
ආහ් මම අද එනවා කියලා සතියකට කලින් වගේ නංගිට කීවා..එදා ඉඳන් අක්කි ඔයා එනවද, මොනාද උයන්නේ, මොනාද ආස අරකද මේකද අද උදේ එනකන්ම එච්චර එක්සයිටඩ් එයා..😂😂❤️
හා හා පුරා කියලා ගෙදර ගියාම ඒ සලකපු විදිහ..🥺❤️ මම ඔයාලට හැමදාමත් ග්‍රේට්ෆුල්..❤️
මේක කන්න අරක කන්න..ආ තව ටිකක් කන්න, අයියෝ ඔය මදි..කන්න කන්න..හරියට මම අපේ ගෙදර ගියා වගේ.. ❤️
අන්තිමට කාලා කාලා මට ස්මුරුත්තාවකුත් හැදුනා..🤣😂
මම දන්නේ මෙච්චරයි මට කොහේ ගියත් අම්මලාගේ ආදරේ හරි ඉක්මනට ලැබෙනවා..ඒ ආදරේ හැමතැනින්ම ලැබෙන්න මම පින් කරන්න ඇති..❤️
ඒ වගේම මම ඒ හැම කෙනාටම මාර ග්‍රේට්ෆුල්..මට ඒ අය වෙනුවෙන් මොනා කරත් තව මදියි කියලමයි හිතෙන්නේ...🥺❤️
ඉතින් විශ්වාස කරන්න ඔයා ලෝකෙට ආදරේ විතරක්ම දෙනකොට ඔයාට ලෝකේනුත් ඒකට දෙවෙනි නැතිවෙන්න පිරිලා ඉතිරිලා යන්න ආදරේ ලැබෙනවා හැම පැත්තෙන්ම.
ඉතින් මම දන්නේ මෙච්චර්යි ආදරේ ඕනි නම් ආදරේ දීලා ඉන්න ඕනි..ආදරේ දෙන්නේ නැතුව ආදරේ බලාපොරොත්තු වෙන්න එපා..
එහෙනම් වැඩි වැඩියෙන් ඔයාටත් ආදරේ ලැබෙන්න ඕනි. ගුඩ් ලක්..❤️
(අහ් රසට උයන්න පුලුවන් අය ළගම මිතුරන් කරගන්නත් අමතක කරන්න එපා😌❤️)
- මැන්ඩි සිල්වා
29/04/2026
ආටිකල් : 155
මං හිතන්නේ අපි හැමෝටම හම්බෙන්න ඕනි තමන්ගේ ජීවීතේ ඇචීව්මන්ට්ස් ශෙයා කරගන්නකොට හදවතින්ම සතුටු වෙන අය.. ඒ හිනාවල් ඒ කතාවල් අස්සේ තියෙන්නේ හදවතින්ම තමන් වෙනුවෙන් අවංකවම සතුටු වීමක් නේද කියන දේ දැනෙනකොට මට ඒක හරිම වාව් ෆීලින්ග් එකක්.❤️🌟
මේ ඉන්නෙත් ඒම එක්කෙනෙක්..මම මොනාහරි ඇචීව් කරොත් ඒක ශෙයා කරගන්න මගේ ඉනර් සර්කල් එක ඇතුළේ ඉන්න එක්කෙනෙක් තමයි මේ..
"ශා අක්කී..නියමයී..මට සතුටුයී..ඔයාට කෝමත් පුලුවන්නේ.."
ඔන්න ඕම තමා කතාව මම මොනාහරි ශෙයා කරාම..සමහර වෙලාවට මටත් වඩා මෙයා එක්සයිට් වෙනවා..😅❤️
මම දැකලා තියනවා මිනිස්සු දේවල් මවාපානවා. දුක සතුට පුදුමය ඔය හැම එකක්ම මවලා පෙන්නන්න පුලුවන් අය ඉන්නවා..ඒත් අර හදවතින්ම එන දේවලුයි මවාපෑමුයි ඔයාට ක්ලික් කරගන්න පුලුවන් නන් ඔයාගේ සර්කල් එක ඔයාට කොලිටි මිනිස්සුන්ගෙන් ෆිල් කරගන්න පුලුවන්.
කෝමහරි මම හරි වාසනාවන්තයි මේ වගේ රෙයා මිනිස්සු මගේ ජීවිතේ හැම චැප්ටර් එකකම වගේ හම්බෙන එකට. ඔය හැම චැප්ටර් එකේදිම ඒ හම්බෙන ස්පෙශල් අය තාමත් මාත් එක්ක ඉන්නවා..අවුරුදු ගනන් ඒ අය මාත් එක්ක තාමත් එදා විදිහටම ඉන්නවා..ඒ හැම කෙනෙක් එක්කම ඉන්න හැම මොහොතකම මගේ හිත මාර රිලැක්ස්..මම සතුටෙන්, හිනාවෙලා ඉන්නේ..සමහරක් වෙලාවට පොඩි ළමයෙක් වගේ..මොකද මම දන්නවා ඒ ස්පේසස් තමයි මගේ සේෆ් ස්පේසස් කියලා, මම කොයි විදිහට හිටියත් මාව ජජ් කරන්නේ නැති ස්පේසස්..❤️
ඉතින් මගේ වර්ස්ට්ම සයිඩ් එක දකින්නෙත් ගොඩක් වෙලාවට ඒ අය..
ඔයාටත් ඉන්නම ඕනි ඔයා වෙනුවෙන් හදවතින්ම සතුටු වෙන මිනිස්සු..ඔයා මම යන මේ කම්පෙටටිව් ජීවිත අස්සේ ටිකක් නැවතිලා කතා කරලා හිනාවෙලා නිදහසේ ඉන්න පුලුවන් මිනිස්සු ඔයාටයි මටයි ඉන්න ඕනි.❤️
ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයා ඔයාගේ අනාගතේ ගැන සීරියස් හිතෙන කෙනෙක් නම් ඔයාගේ ඉනර් සර්කල් එක ගැනත් ඒ හා සමානව සීරියස් හිතන්න ඕනි. මොකද ඔයා ආස තැනට,ආස දේවල් ඇචීව් කරගන්න ඒ අයට ඔයාව පුශ් කරන්න පුලුවන්.
ඒ වගේම ඔයාව පාගලා නැත්තටම නැති කරලා දාන්නත් ඒ අයට පුලුවන්.
ඉතින් ඒ නිසා හරියට කල්පනා කරලා තීරණය කරන්න මම මේ කෙනාව මගේ සර්කල් එක ඇතුළේ තියාගන්නවද නැද්ද කියලා.
ගුඩ්ලක්. 🐞❤️
(අහ්හ් අපේ මේ අනාගත එයා හෝස්ටස් ට මට ග්‍රේට්ෆුල් වෙන්න ඕනි වුනා..තැන්ක් යු ඔයාට..❤️)
28/04/2026
ආටිකල් : 154
මොකක් ගැනද අද ලියන්නේ කල්පනා කර කර ඉන්නකොට මෙන්න බොලේ දාර්ශනික ටෝක් එකක් එනවා..👉🏻👈🏻🥹
මායි හිරුයි අපි දෙන්නට අදාළම නැති ඒත් කතා කරන්න වුනු කන්වසේශන් එකක් ඇතුලෙදි මෙන්න මේක එයා මට කියනවා.
"ඕනේ නැති මිනිස්සු අමාරුවෙන් තියාගන්න ඕනේ නෑ. මම නම් දැන් ඉක්මනට අයින් වෙනවා. ඒක ගොඩක් ලේසි."🫨🧐
අපි දෙන්නගේ කන්වසේශන්ස් ඇතුළේ අපි දෙන්නා සීරීයස් ඉන්නේ නැති තරම්..😂😂❤️මම සීරීයස් වුනාම එයා ජෝක් එකකින් ඉවරකරනවා..එයා සීරියස් වුනාම මම ජෝක් එකකින් ඉවරකරනවා..හරියට මම දැන් මේ කන්වසේශන් එක ඇතුළේ පූසෙක් දාලා අර සීරියස් මූඩ් එක එහෙම් පිටින්ම නැති කරනවා වගේ..😂❤️
කෝම වුනත් ඔය කතාව සෑහෙන ඇත්ත. මම ගොඩක් වෙලාවට දැකලා තියන දෙයක් තමයි මිනිස්සු හරි අමාරුවෙන් මිනිස්සුන්ව අල්ලගෙන ඉන්නවා අතරින්නේ නැතුව.
ඇයි ඒ?
සමහර වෙලාවට ආදරේ නිසා, සමහර වෙලාවට මුදල් නිසා, සමහර වෙලාවට බලය නිසා, ඔය ඔකී මෙකී නොකී හේතු ගණනාවක් තියෙන්න පුලුවන්.
හැබැයි දවස අවසානෙදි සෙල්ෆ් රිෆ්ලෙක්ශන් එකකට ගියොත් එහෙම ඔයා ඇත්තටම සතුටෙන් , නිදහසෙන් නෙවෙයි නම් ඉන්නේ ඒ අදාළ කෙනා එක්ක, එයා නිසා ඔයාගේ ඔළුව සැහැල්ලු නැත්තන්, බොන්ඩ් එකක් කන්ටිනියු කරගෙන යන්න තරම් වටිනාකමක් ඒ කෙනා ඔයාගේ ජිවීතේට ගෙන්නේ නැත්තන්, ඒ බොන්ඩ් එක ඇතුළේ ඔයා ඔප්ශන් එකක් නම්, ඒ ඔන්ඩ් එක ඇතුළේ ඔයාට ගෞරවය ලැබෙන්නේ නැත්තන්, ඒ බොන්ඩ් එක ඇතුලේ ලොයල්ටි නැත්තන් ඇත්තටම ඔයාට කරන්න පුලුවන් හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක. ඔව් පුලුවන් තරම් ඉක්මනට ඒක කරන්න ඕනි.
නැත්තන් වේස්ට් වෙන්නේ ඔයාගේ ටයිම් එක..ඔයාගේ එනර්ජි එක. ඔයාගේ කැපෑසිටි එක. ඒක මිල කරන්න බැරි පාඩුවක්. මම මේ ලෝකේ වටිනම දෙයකට දකින්නේ ටයිම් එක. ඉතින් ඒ වගේ කෙනෙක් වෙනුවෙන්, ඒ වගේ අය වෙනුවෙන් ඔයා ඉන්වෙස්ට් කරන ටයිම් එක ඔයාට ආය කොහෙන්වත් ගන්න වෙන්නේ නෑ..
මම මේ කියන්නේ ලව් රිලේශන්ශිප්ස් ගැන විතරක්ම නෙවෙයි, මේක ඔයාගේ ජිවිතේ තියන ඕනිම් සම්බන්ධයකට ඇප්ලයි කරන්න පුලුවන්.
ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ මෙච්චරයි දවස අවසානේ ඔයාට සතුටක් නිදහසක් ලැබෙන්නේ ඔයාගේ ඉනර් සර්කල් එකේ ඉන්න පිරිසගෙන්...අන්න ඒ සර්කල් එකේ ඉන්න පිරිස ඒ නිදහස ගේන්නේ නැත්තන් ඔයාගේ සර්කල් එක පුලුවන් තරම් ඉක්මනට අප්ග්‍රේඩ් කරගන්න. මොකද ටිකක් වයසට යනකොට තේරෙනවා ඔළුවේ නිදහස තමයි ඔය මොන දේටත් වැඩිය වටින්නේ කියලා..❤️🌟 මේවා තේරුම්ගන්න ඉතින් වයසට යනකම්ම ඉන්නත් එපා..දැන්ම තේරුම්ගන්න පුලුවන් නම් ඔයාට ඉස්සරහට රිග්‍රෙට් වෙන්න තියන තැන් අඩු කරගන්න පුලුවන්.
ගුඩ් ලක්.❤️🐞
-මැන්ඩි සිල්වා
26/04/2026
ආටිකල් : 153
මට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි මම හරි වාසනාවන්ත කෙල්ලෙක් කියලා..මම ආස දේවල් ආස විදිහට අළුත් විදිහට මගේ වටේට වෙනවා කියලා දැනෙනකොට මට මාර සතුටුයි..❤️🌟
ස්මූත් නැති තැන් තියනවා..ඒත් ඒ රෆ් තැන් වලින් ලැබෙන එක්ස්පිරියන්සස් එහෙමත් මට හරි අමුතු අත්දැකීම්..හරියට... අප්පේ මේක මෙහෙම වෙලා නැවතුන එක හොදයි වගේ.. තැනුත් ඔය අතරින් පතරේ තියනවා..🫨
ඔයාගෙවත් මගෙවත් ජීවීත ස්මූත් විදිහට හැමදාම ගලාගෙන යන්නේ නෑ..එහෙම ගලාගෙන යනවා නම් එතන ග්රෝව්ත් එකක් නැහැ කියලා තමා මට හිතෙන්නේ..🧐
හැබැයි මම විශ්වාස කරනවා ඔයාගේ ජීවීතේ රෆ් වෙන තැන් වලදි ඔයාව චුට්ටක් තදට අල්ලගන්න මිනිස්සු ඔයා වටේ ඉන්නම ඕනි කියලා.
ඉතින් එහෙම අය ඉන්නකොට ඔයාට ට්‍රැක් එකෙන් පිට පනින්න දෙන්නේ නෑ..ඩුක් ගාලා ඒ අය ඔයාව ට්‍රැක් එකට යන්න සපෝට් කරනවා. හරියට
" මේ බන් ඔහොම ඉදලා හරියන්නේ නෑ, යමන්කෝ අර වැඩේ කරන්න පටන්ගමු"
"අපි කෝමහරි මේ වැඩේ කරලා ඉවරකරමූ..අනිත් ඒවාගෙන් අපිට වැඩක් නෑනේ..ඔයාට මං ඉන්නවනේ"
"ඔවා ගැන හිතන්න එපා පුතේ..ඔයාට අපි ඉන්නවනේ..අපි අර යමුද අළුත් බඩු ටිකක් ගන්න මේ වැඩේට"
ඔන්න ඔය වගේ කියන, සපෝට් කරන එකී නොකී ගොඩක් අය පිරිසක් ඔයාගේ වටේ ඉන්නවනම් ඔයා සත පහකට බයවෙන්න එපා මොන දේ වුනත්.
ඉතින් කියන්න සතුටුයි මට ඉන්නවා මාව එහෙම තදට අල්ලගෙන ඉන්න අය ටිකක්. ඉතින් මම හිතනවා ඕනිම කෙනෙක්ට ඉන්න ඕනි ඒ වගේ අය. එක්කෝ ෆැමිලි එකේ අය, යාලුවෝ, පාට්නර්ස්ලා, කෝ වරකර්ස් ලා..ඔය කවුරුම හරි ඔයාට ඉන්න ඕනි.
අන්න ඒ සපෝට් සිස්ටම් එක නැති මනුස්සයෙක් හරි දුර්වලයි..ඒ නිසා ඔයාගේ ඉනර් සර්කල් එක ගැන හැමවෙලේම හිතන්න. ඒ අය ඔයාට කොච්චර ලෝයල්ද කියලා හැමවෙලේම හිතන්න. ඔයාගේ එනර්ජි එක බැහැලා තියෙද්දි ඔයාට ඒ අය දෙන සපෝර්ට් එක කෝමද කියලා බලන්න.
ඉතින් ඒම අය ඔයා වටේ නැත්තන් ඒම අයව හොයාගන්න ට්‍රයි අරන්න. ඉන්න අයට ග්‍රේට්ෆුල් වෙන්න.
මොකද ඔයාට තියන ලොකුම සපෝර්ට් සිස්ටම් එක නැතිවුණ දවසට ඔයා දුර්වල වෙනවා..ඔයාගේ ස්පාක් එක නැතිවෙනවා.
ඉතින් හැමවෙලේම ඔයා ළඟින් ඉන්න මිනිස්සුන්ට ග්‍රේට්ෆුල් වෙන්න. එතකොට තමයි දේවල් ලැබෙන්නේ..❤️
- මැන්ඩි සිල්වා