16/08/2026
ආටිකල් : 183
සල්ලි ඉතුරුකරලා අමාරුවේ වැටෙන්න එපා‼️
ඔව් මම අද ඔයාට ප්‍රැක්ටිකලි මේ සල්ලි වලට කරන්න පුලුවන් මම දන්න, මම ෆලෝව් කරන වැඩ ටිකක් කියලා දෙන්නම්.
අපිට චූටී කාලේ ඉදලම ඇහෙන දෙයක් තමයි, සල්ලි වියදම් කරන්න එපා..සල්ලි ඉතුරු කරන්න කියලා..😑
ඇත්තටම අපි සල්ලි ඉතුරු කරා කියලා වැඩක් තියනවද නැද්ද කියලා මම ඔයාට කියලා දෙන්නම්.
හිතන්නකෝ ඔයාගේ මාසික ආදායම විසිදාහයි. ඔයාගේ එක්ස්පෙන්සස් වලට අයින් කරාම ඔයාට රුපියල් දෙදාහක් තමා ඉතුරු කරන්න පුලුවන්..ඔයා දෙදාහ ඔයා දානවා ඔයාගේ සේවින්ග්ස් අකවුන්ට් එකට.
ඔයා හිතනවද ඇත්තටම ඕක ඉතුරුවක් කියලා???
ඔයාට අද රුපියල් දෙදහෙන් ගන්න පුලුවන් දේ තව අවුරුද්දකින් ගන්න බෑ..එතන මොකද්ද වෙන්නේ??
මුදලේ අගය අඩුවෙනවා එන්න එන්න.
ඉස්සර අපි රුපියල් සීයට පැටිස් එකක් කාලා, මයිලෝ එකකුත් බීලා තව ඉතුරු දහයට ටොෆිත් ගන්නවා..දැන් මයිලෝ එකක්ම එකසිය තිහයි..දැන් තේරෙනවද ඔයාට මෙතන මොකද්ද වෙන්නේ කියලා?
හරි දැන් ඔයා අහයි මගෙන් බැංකු පොත්වල දාලා ඉතිරි කරන්න එපා නම් මොනාද ඒ සල්ලි වලට කරන්න පුලුවන් කියලා.
හරි මම කියලා දෙන්නම් මම දන්න මෙතඩ්ස් තුනක්.
මෙතඩ්ස් ටිකට යන්න කලින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයාගේ ඩේයිලි එක්ස්පෙන්සස්, ඉන්කම් තියනවා නම් ඒවා ට්‍රැක් කරන එක. මොකද ඔයාගේ අතට එන සල්ලි වලට මොකද වෙන්නේ කියලා ඔයා දන්නේ නැත්තන් එතන ලොකු අවුලක් තියනවා..🤨
ඔයාට මාසෙකට මම මේ කියන්න යන ඒවට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කීයද කියලා හොයාගන්නත් ඔයා අඩුම මාස තුන හතරක් එක දිගට ඉන්කම්, එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න ඕනි.
හරි දැන් අපි යමු මෙතඩ්ස් ටිකට.
1. මියුචුවල් ෆන්ඩ්ස්
ඔයා සමහරවිට මේ ගැන අහලා ඇති..මේ මියුචුවල් ෆන්ඩ්ස් කියන්නෙත් සේවින්ග්ස් අකවුන්ට් එකක් වගේම එකක්. හැබැයි මේකේ රිටර්න් රේට් එක වැඩියි..මෙ දවස්වල නම් 7.8% යන්නේ..ඔයාට මේකට රුපියල් 5000 ඉදලා ඉන්වෙස්ට් කරන්න පටන්ගන්න පුලුවන්. මම මේකට යූස් කරන්නේ ඩයලොග් පේ ඇප් එක..ඉතින් ටච් එකෙන් දෙකෙන් බැංකු ගානේ රස්තියාදු වෙන්නේ නැතුව මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. හරිම ලේසියි.
2. අනිත් එක තමා ගෝල් බේස්ඩ් ෆික්ස්ඩ් ඩිපොසිට්. මේකත් මම අර ඇප් එකේම තමයි දාලා තියෙන්නේ..මිනිමම් අවුරුද්දක් අපිට එෆ්.ඩී එක දාන්න පුලුවන්. හිතන්නකෝ ඔයාට මාසෙට රුපියල් දාහක් මේකට දාන්න පුලුවන් කියලා..ඉතින් අවුරුද්දකට පස්සේ ඔයාට කීයක් ලැබෙනවද කියලා ඇප් එකෙන්ම බලාගන්න පුලුවන්..අවුරුදු පහ දහයට යනවට වඩා අවුරුද්දකට යන එක හොඳයි කියලා මට හිතුනා..(මොකද මම අර උඩ කීව මුදලේ වටිනාකම අඩුවෙන සිනාරියෝ එක නිසා)
3. අනිත් එක ගෝල්ඩ්..මේක ඇත්තටම මාරම හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්..හැබැයි ඔයාට එක රැයින් සල්ලි ගොඩක් හම්බකරන්න ඕනි කියලා ෆීලින්ග් එකක් තියනවා නම් මේක හරියන්නේ නෑ..මීට අවුරුදු පහකට කලින් කැරට් 24 හරි 22 හරි පවුමක මිලයි, දැන් පවුමක මිලයි චුට්ටක් කම්පෙයා කරලා බලන්නකෝ..ඔයාට තේරෙයි මං මේ මොකද්ද කියන්න හදන්නේ කියලා..
ඔය මම ඇත්තටම ඉන්වෙස්ට් කරගෙන යන ඔප්ශන්ස් තුනක්..ඔය ඔක්කොම ගැන මම සෙල්ෆ් ස්ටඩී කරනවා තාමත්..කොහොමද ඉන්වෙස්ට් කරන්නේ..කීයකින්ද පටන්ගන්න පුලුවන්..වීඩීයෝස් බලන්න ඇති බර ගණන්..ඒ වගේම මේ දවස්වල මම සටඩී කරනවා ට්‍රෙශරි බිල්ස්, ඇන්ඩ් බොන්ඩ්ස් ගැන..ඒකත් හිතට අල්ලලා ගියා..
ඉතින් කෝමහරි මම ෆයිනෑන්ශියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි..හැබැයි ඔය උඩ කියපු තුන මට මරුවට වැඩ කරනවා..ඉතින් ඔයත් සෙල්ෆ් ස්ටඩී කරලා ඔයාට ඒක සෙට් වෙනවද කියාලා බලලා පටන්ගන්න.
හැමදේම සීයට සීයක් ඉගෙන්ගන්නකන් ඉන්න එපා..බේසික්ස් ටික දන්නවනම් වැඩේට බහින්න. බැස්සම තමා ඔයා වැඩේ අල්ලගන්නේ..
ඉතින් ෆයිනෑන්ශියල් ෆ්‍රීඩම් හොයන කෙනෙක් නම් ඔයා ලැබෙන සල්ලි වලට ග්‍රේට්ෆුල් වෙන්න ඕනි..සල්ලි වියදම් කරන්න එපා, ලෝභ වෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ..වියදම් වෙන්නේ මොනාටද කියලා ඔයා දැනගන්න ඕනි.
දැන් ඉතින් කියන්න එපා..කොච්චර ගොඩ ගහගත්තත් හෙට මැරුණොත් වැඩක් නෑනේ කියලා..එහෙම හිතෙනවනම් ඔයාට කිසි ග්‍රෝව්ත් එකක් නම් නෑ..
ඉතින් ඒ නිසා ඉපදුන නිසා ජීවත්වෙන්නේ නැතුව චුට්ටක් ජීවීතේ එක්ස්ප්ලෝ කරන්න ට්‍රයි කරන්න. 👑️❤️
ගුඩ්ලක්!
- මැන්ඩි සිල්වා