Test Page

Test Page Education Test Page

මේ පින්තුරේ ඉන්න සුදු නෝනාගෙන් ඔයාලාටත් සමහර විට මිතුරැ ඇරයුමක් ලැබිලා ඇති. මේයා කියන විදිහට මේයා ඇමරිකාවේ තනි වුන පවුලක...
09/01/2024

මේ පින්තුරේ ඉන්න සුදු නෝනාගෙන් ඔයාලාටත් සමහර විට මිතුරැ ඇරයුමක් ලැබිලා ඇති. මේයා කියන විදිහට මේයා ඇමරිකාවේ තනි වුන පවුලක අවුරැදු 26 කාත් කවුරැවත් නැති ගෑනු ළමයෙක්. හදාගෙන තියෙන්නේ ඇමරිකානු රජය. ඉතිං ඒක නිසි හමුදාවට බැදිලා දැන් ඉන්නේ සිරියාවේලු. ඒයාලා යුද්දේට ගිහින් ඉදිද්දි ඒයාලට ලොකු සල්ලි ප්‍රමාණයක් ලැබිලා (ඩොලර් මිලියන 4.1) ඉතිං ඒයාට ඒක තමුන්ගේ රටට ගෙනයනන බැරි නිසා අපිට එවලා ඒයා ලංකාව ආවම ගන්නන් කියලා කතා කරනවා. ඒ වෙනුවෙන් අපිට එවන මුදලන් 3‍‍‍‍‍/4 විතර දෙන්නම් කියලාත් ඒ සුදු නෝනා බොහොම ආදරණිය විදිහට කියනවා. (ඉතිං අපිට තියෙන්නේ හොදට ඇද ගන්න.) එහෙම කියලා අපේ විස්තර ටික ඉල්ලගෙන් දවස් දෙකකට විතර පස්සේ shipping company එකෙන් කියලා මිනිහෙක් අපිට කතා කරනවා. මේ පාර්සල් එක ගන්න රේගුවට මුදලක් බදින්න අවශ්‍ය නිසා ඒ මුදල අපිට ගෙවන්න කියනවා. (මට කිවුවේ රැ 85,000.00) ලංකාවේ බැංකු ගිනුම් අංකේකුත් දෙනවා. ඉතිං අපිට තියෙන්නේ ඔය කියන ගාන බැංකුවට දාලා සල්ලි පෙට්ටිය ගෙදර පාමුලටම ගෙනල්ලා දෙනකම් බලාගෙන ඉන්න.
හැබැයි ඉතිං සල්ලී ලැබෙනවද පිංවත ?
බම්බුව තමයි උන් සල්ලි ටිකත් බැංකුවෙන් අරන් ෆෝනුත් ඔ්ෆ් කරලා. FB Account එකත් වහලා යන්නම යනවා.
අහන්න යන්න එපා මම අහුවුනාද කියලා ?
අපිත් සමහර දෙවල් වලට අහුවෙනවා තමයි, ඒත් මේ වගේ දේකට අහුවෙන්න තරම් ම මෝඩවෙන්න මෝඩ නැහැ. අනික් ‌මට මේ වගේ ආපු පලවෙනි වැඩේත් නෙමෙයි. මම නම් මට කතාකරපු ඒකාව හොදට අන්දලා දවස් ගානක් ඇදලා. ඉංග්‍රිසි බාසාවේ තියෙන ඉහලම සංස්කෘත වචන වලින් ඇමතුවා. ඊට පස්සේ මිනිහාගේ නෝ කතා නෝ සිනා !!!
මම මේ විස්තරය බොහෝම කෙටියෙන් දැම්මේ. හැබැයි මෙහෙම දෙයක් කියන්න අවශ්‍ය්‍යි. මම මීට කලිනුත් මේ වගේ වුන වෙලාවක මේ ගැන පැමිණිලි කරන්න ලංකාවේ මේකට අදාල සියලුම රාජ්‍ය ආයතන වලට කතා කලා. ඔවුන් සිල්ලම නිහඩයි. පෝලිසියට කතා කලාම කිවුවේ සල්ලි දාපු රිස්ට් එක අරන් ඇවිත් පැමිණිලි කරන්න කියලා (මරැනේ)
මම මේකට අදාල බැංකු ගිනුම් තියෙන බැංකුවලට කතා කලා. ඒයාලා ඊට හපන් බැංකුවල තොරතුරැ පීටට දෙන්න බෑ කියලා කර ඇරිනවා. ඒත් මම කිව්වා මේක හොරකමක් මේක අල්ලමු මම උදව් කරන්නම් කියලා ඒත් ඒයාලා ඒකට කිසිම කැමක්තක් දැක්වුවේ නැහැ.
ඉතිං කලින් වර වලත් මම කලේ මේ සැරේ වගේම කතා කරපු එකාට හොදට ජාතිය අමතලා නිකං හිටපු එක. ඒත් මම මගේ බැංකුවල වැඩ කරන හිතවත් මිතුරන්ට කතා කලා කියන්නේ ඔවුන්ට දවසකට මේවගේ පැමිණිලි විශාල සංඛයාවත් ලැබුනත් ඔවුන්ටත් කරන්නට දෙයක් නැති බවයි.
මම හිතන්‌නේ හුගක් දෙනා මේක අහුවුනම කියන්න යන්නේ නැහැ. මොකද ලැජ්ජාව නිසා. හැබැයි මමනම් මේක කලේ පටන්ගත්ත තැන ඉදලාම මුන් කරන්නේ බොරෑව බව දැනගෙනමයි. මගේ ලග මෙයට අදාල Screen shots, call records හැම දෙයක්ම තියෙනවා. ඔ්න වෙලාවක ඒවා අදාල ආයතනයකට දෙන්න මම සුදානම්.
ඒත් රජයකට මේ දේ කරන්න බැරිනම් අපිට කරන්න තියෙන්නේ අපි දන්න විදිහට මිනිස්සුන්ව දැනුවත් කරලා ආයේ මේ වගේ හොරැන්ට හසු නොවිමට පාර කියන එකයි.
මම සාමාන්‍යයෙන් මගේ පෝස්ට් share කරන්න ඉල්ලන කෙනෙක් නෙමෙයි, ඒත් මේක ටිකක් වෙනස් මම මේක කියවන හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ මේක හැකි තරම් share කරන්න කියලා. රටේ ලොකු තැනක් ඇහැ ගැහෙනකම්. ඒහෙම උනොත් මේ හොරැ නිතීයේ රැහැනට අල්ලන් පුලුවන්. මුංව අල්ලන එක මහ දෙයක් නෙමෙයි. (කවුරැ හරි බැහැ කියනවානම් මට පුලුවන් අල්ලන විදිහත් කියලා දෙන්න)
මිතුරැ ඇරයුමට පෙර වතගොත සොයා ලං කරගන්න !!

Address

66-24 Rajapihilla Mw
Kandy
20000

Telephone

+94779112492

Website

Alerts

Be the first to know and let us send you an email when Test Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Test Page:

Shortcuts

Share

Category