ET Gamlath - ET ගම්ලත්

ET Gamlath - ET ගම්ලත් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ET Gamlath - ET ගම්ලත්, Education, Kandy.

2028 උසස් පෙළ ඉංජිනේරු තාක්ශණවේදය (ET) විෂය හදාරනු ලබන දරුවන් සදහාමැයි මස 03 ඉරිදා පෙ.ව 10.30ට නව පන්ති ආරම්භවේ.    Gaml...
28/04/2026

2028 උසස් පෙළ ඉංජිනේරු තාක්ශණවේදය (ET) විෂය හදාරනු ලබන දරුවන් සදහා
මැයි මස 03 ඉරිදා පෙ.ව 10.30ට නව පන්ති ආරම්භවේ.



Gamlath

14/04/2026
🚙එන්ජිම🚙මෝටර් රථ සදහා ජවය ලබා ගන්නා එක් ආකරයක ඒකකයක් ලෙස එන්ජිම හැදින්විය හැකිය.එන්ජිමක් තුලදී ඉන්ධන දහනයෙන් නිපදවෙන තාප...
23/03/2026

🚙එන්ජිම🚙

මෝටර් රථ සදහා ජවය ලබා ගන්නා එක් ආකරයක ඒකකයක් ලෙස එන්ජිම හැදින්විය හැකිය.
එන්ජිමක් තුලදී ඉන්ධන දහනයෙන් නිපදවෙන තාප ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කෙරේ.එන්ජින් වර්ගීකරනය පිලිබද සාකච්ඡා කිරීමට පෙර අනුවැටුම් චලිතය සහිත පිස්ටන් එන්ජිමක මූලික කොටස් පිලිබද සාකච්ඡා කරමු.
එන්ජිමක මූලිකව කොටස් තුනකි.
01.එන්ජින් බද
02.එන්ජින් හිස
03.තෙල් දෙන

එන්ජින් බද(Engine block)

එන්ජින් බද(Engine block) වාත්තු කිරීමෙන් නිපදවන අතර ඒ සදහා චීනචට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ භාවිතා කරයි.එන්ජින් බදෙහි සිලින්ඩරාකාර කුහර සකස්කර ඇත.පිස්ටන වල සිදුවන අනුවැටුම් චලිතය ඒම සිලින්ඩර තුල සිදුවේ.
එන්ජින් බද තුල සිසිලන පද්ධතියේ සිසිලන ද්‍රවය ගලා යාමට හා ස්නේහන තෙල් ගමන් කිරීමට කුහර හා මාර්ග සකස්කර ඇත.
පිස්ටන වල අනුවැටුම් චලිතය භ්‍රමණ චලිතයක් බවට පරිවර්තනය කිරීම හා එන්ජිමෙන් නිපදවෙන බලය පිටතට ලබා දෙන්නේ දගර කද(Crank shaft) මගිනි.දගර කද එන්ජින් බදේ පහල කොටසට සවිවේ.එම සවිවන ස්ථාන මව්බෝරය(Perent bore) ලෙස හැදින්වේ.

සිලින්ඩර හිස(Cylinder head)

එන්ජින් හිස චීනචට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කිරීමෙන් නිපදවනු ලබයි.එන්ජින් හිස එන්ජින් බදේ ඉහලින් සවිවීම සිදුවේ.
එන්ජින් ක්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය කපාට(Valve),කපාට ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රන(Valve mechanism) හා කැමිදන්ඩ(Camshaft) බොහෝ විට එන්ජින් හිසෙහි සවිකර ඇත.
තවද චූෂණ හා පිටාර නල හමු (Inlet &Exhaust manifold) එන්ජින් හිසෙහි සවිවේ.

තෙල් දෙන(Oil sump)

තෙල් දෙනෙහි මූලික අවශ්‍යතාව වනුයේ ස්නේහන තෙල් ගබඩා කිරීමයි.තෙල් දෙන එන්ජින් බදේ පහල කොටසට සවිවන අතර එන්ජිමේ පහල වැස්මද වේ.
වානේ තහඩු මගින්,ඇලුමිනියම් වාත්තු කිරීමෙන් හෝ වර්ථමානයේ වැරගැන්වූ ප්ලාස්ටික් මගින් තෙල් දෙන නිපදවයි.

ධනුෂ්ක ගම්ලත්
දේශක ඉංජිනේරු තාක්ශණවේදය

ET Practical Kandy
16/03/2026

ET Practical Kandy

ඉංජිනේරු තාක්ෂණවේදය පාඩම් අංක 01🚙මෝටර් වාහන මූලික පද්ධති🚙මෝටර් වාහනයක් යනු කොටස් ගනනාවක් හා පද්ධති කීපයකින් සාදන ලද ඒකකය...
13/03/2026

ඉංජිනේරු තාක්ෂණවේදය පාඩම් අංක 01

🚙මෝටර් වාහන මූලික පද්ධති🚙

මෝටර් වාහනයක් යනු කොටස් ගනනාවක් හා පද්ධති කීපයකින් සාදන ලද ඒකකයකි.අතීතයේ සිට වර්ථමානය තෙක් තාක්ෂණය,ආරක්ෂාව පදනම්ව යම් යම් පද්ධති කොතරම් දුරට දියුනුවූවත් වාහයක අඩංගු මූලික පද්ධති හා ඒවායේ කාර්යයන් නොවෙනස්ව පවතී.තවද එම පද්ධති මෝටර් රථයක් ධාවනය සදහා ඉතා වැදගත් හා අත්‍යාවශ්‍ය වේ.මෝටර් රථයක අන්තර්ගත මූලික පද්ධති පහත ආකාරයට වේ.⚙️⚙️⚙️

01.ජව ඒකකය.🔥
මෝටර් රථයට බලය ලබාදීමට යොදාගන්නා වූ ඒකකය මෙලෙස හැදින්වේ.බොහෝ විට මෙම ජව ඒකකය ඉන්ධන දහනය මගින් ක්‍රියා කරවිය හැකි එන්ජිමක් හෝ විදුලියෙන් ක්‍රියා කරන මෝටරයක් විය හැක.මෝටරය සදහා බලය ලබාදීමට අධි ධාරිතා බැටරියක් යොදා ගනී..තවද වර්ථමානයේ මෙම එන්ජිම හා මෝටරය යන ඒකක දෙකම එක් කල දෙමුහුම් පද්ධති (Hybrid system)මෝටර් වාහන සදහා යොදා ගනී.

02.ජව සම්ප්‍රේශණ පද්ධතිය.🧑‍🔧
මෝටර්රථ ජව ඒකකය මගින් නිපදවන ලද ජවය පදවන රෝද කරා සම්ප්‍රේශණයට ජව සම්ප්‍රේශණ පද්ධතිය යොදාගනී.කොටස් කීපයකි.එම එක් එක් කොටස මගින් සුවිශේෂී වූ කාර්යයන් මෝටර් රථය ධාවනය සදහා ඉටු කරනු ලබයි.මූලික කොටස් ලෙස,
ක්ලචය,ගියර පෙට්ටිය,අවරපෙති කද,නිමි එලවුම,ආන්තර කට්ටලය,අක්ෂ දඩු,පදවන රෝද සැලකිය හැක.

03.රෝධක පද්ධතිය.🧑‍🔧
ධාවනය වන මෝටර් රථයක් නවත්වා ගැනීම,ධාවනය වන මෝටර් රථයක වේගය අඩු කිරීම හා නවත්වන ලද මෝටර් රථයක් ස්ථීරව නවත්වා ගැනීම ‍රෝධක පද්ධතියේ මූලික කාර්යය වේ.

04.සුක්කානම් පද්ධතිය.🧑‍🔧
මෝටර් රථයක් ධාවනයේදී යම් යම් දිශාවන් වලට හැරවීමට සිදුවේ.ඒ සදහා සුක්කානම් පද්ධතිය යොදා ගනී.මූලිකව සුක්කානම් යාන්ත්‍රන දෙකක් ඇත.ඒවා නම් දැතිතලව්ව හා දව රෝදය වර්ගය (rack and pinion system)හා සුක්කානම් පෙට්ටි (steering box type)වර්ගය වේ.

05.අවලම්බන පද්ධතිය.🧑‍🔧
මාර්ග විශමතා හා රථය ධාවනයේදී ඇතිවන අසමතුලිත තත්වයන් නිසා රථයේ සිදුවන ගැස්සීම් අවම කිරීම අවලම්බන පද්ධතියේ කාර්ය වේ.

06.විදුලි පද්ධතිය.🧑‍🔧
මෝටර් රථයේ විදුලියෙන් ක්‍රියා කරන පද්ධති සදහා විදුලිය සැපයීම කාර්යය වේ.

07.සැකිල්ල.🧑‍🔧
ඉහත සදහන් කරනු ලැබූ පද්ධති වලට අයත් කොටස් සවිවන්නේ මෙම සැකිල්ල වෙතටය.තවද රථයේ හැඩය හා ශක්තිමත් බව මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවද සැකිල්ලේ සැකැස්ම අනුව තීරනයවේ.

සැකැස්ම
ඉංජිනේරු තාක්ශණවේදය දේශක
ධනුෂ්ක ගම්ලත්



#ඉංජිනේරු තාක්ෂණවේදය

system

මාව දන්නෙ මෙහෙම ලූ.
08/02/2026

මාව දන්නෙ මෙහෙම ලූ.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ET Gamlath - ET ගම්ලත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category